Sunday, April 22, 2012

නිමල් කට කා නසී

අදත් කියන්න යන්නෙ අපෙ එකෙක්ට වෙච්ච චාටර් සීන් එකක්, ඌ නම් කියන්නෙ බඩ හපාගෙන මැරුනත් සැපයි කියල. අපිනම් කිව්වෙ පට්ට ආතල් නෙ ඕයි, හොඳ වැඩේ උඹට වගෙ දේවල් තමා. මම ඉතින් කතාව කියන්නම් එතන හිටියා වගේ, නැත්නම් ඉතින් ආතල් එකක් නෑනේ.

අපි කියමු අපේ එකාගෙ නම නිමල් කියල, මම ඉතින් එකම එකාටත් මේ බ්ලොග් එකේ නම් දෙක තුනක් දාල ඇති, කොහොමත් ඔය නිමල් කමල් සුනිල් වගෙ ඒවනේ ටක් ගාල එන්නේ.

හරි ඔන්න කතාව, අපෙ කමල්ගෙ ලවු එකට ඒ දවස්වල ගෙවල් වලින් කැමත්ත තිබ්බා, මුලින්නම් උන්ට එපා කිව්ව, උන් අහන්නෙ නැති හින්දා, ගෙවලුත් අවුල් නැති හින්දා උන්ට කියල තිබ්බෙ ඉගෙනගෙන ඉවර වෙනකන් වැඩි සෙල්ලම් නැතිව ඉන්න කියල. ඔය හොරෙන් ලවු කරනවා වගෙ නෙවේ, පර්මිශන් හම්බ උනාම මෙලෝ රහක් නෑ, ඇයි ගෙදරට ගිහින් කතා කරන්න ඕනෙ, මුටත් උනේ ඒකමයි, මූත් ඉතින් සෙනසුරාදා හරි ඉරිදා හරි උදේ පාන්දරින්ම දහයට විතර කෙල්ලගෙ ගෙදර යනව, දවල්ට කාල එහෙම තමයි එන්නෙ.

ඌනම් කියන්නෙ හොදි නැතුව පාන් කනව වගෙ කියල, මොකද මූ ගිහින් සාලෙ පුටුවක ඉඳ ගන්නවාලු. කෙල්ලත් ඇවිත් ලඟ පුටුවක වාඩි වෙලා ලවු එක කරගෙන යනවලු, නැන්දම්ම එක්කො සාලෙට වෙල මහනවලු, අතුගානවලු, නැත්නම් මොකක් හරි වැඩක්ලු. ඇත්ත තමයි, හොරෙන් ලවු කරන කාලෙ අඩුම ගානෙ අතින් හරි අල්ල ගෙන යනව, පොඩි කිස් පාරක් දීගන්න පුලුවන්නෙ, මෙහෙ ඒව වානා. ඔය යන්තන් අම්ම එහෙ මෙහෙ වෙනකන් ඉඳල මාරි බිස්කට් කෑල්ලක් වගෙ එකක් කවනවා වගෙ සීන් තමයි උපරිම.
කෙල්ලගෙ ගෙදර අල්ලපු ගෙදර ඉන්නෙ කෙල්ලගෙ නැදෑයො පවුලක්, එහෙ ඉන්නව 3 වසරෙ විතර පොඩි එකෙක්, බුවාත් ඉතින් කොයි වෙලෙත් මෙහෙලු. එහෙම දවසට නැන්දම්මට හෙන හැපිලු, මොකට පොඩි එකාට පොතක් පැන්සලක් දීල ඌව සාලෙන් තියනවලු, තියල කියනවලු අක්කගෙනුයි අය්යගෙනුයි අහගෙන අකුරු ලියන්න, චිත්‍ර අඳින්න. එහෙම කරලලු දෙයියනේ කියල නැන්දම්ම වැඩක් පලක් කරගන්න කුස්සියටවත් යන්නෙ.

ඔන්න ඔහොම ඉතින් සාමකාමිව ජීවිතෙ ගෙවෙනකොට, ඔය පොඩි එකාට චිත්‍රයක් එහෙම අඳින්න දුන්නාම ඌ මෙලො සිහියක් නැතිව ඔලුව පොතේ ඔබාගෙන අඳිනවලු. දන්නවනෙ කාටද වාසිය කියල.
ඉතින් ඔහොම දැහෙමින් සෙමින් කරගෙන යනකොට, පොඩීකාටත් එපා වෙනවනෙ, ඇයි ඉතින් මුන් හැමදාම උට කියන්නෙ, හාවො අඳින්න, පූසො, බල්ලො, කාර්, බස් නෙ. මූ ස්ට්‍රයික්, බුවා කියල මට අද වෙන එකක් අඳින්න ඕනේ කියල, නිමලයත් දහ අතෙ කල්පනා කරල කරල බැරිම තැන කිව්වලු,

එහෙනම් බබෝ ඔය අක්කවයි මාවයි අඳින්නකෝ කියල.

පොඩ්ඩ සට පට ගාල අඳින්න පටන් ගත්තලු, දැන් බුවා ෆුල් ට්‍රයි දාල සෑහෙන වෙලාවකට පස්සෙ ඔන්න පොතත් අරන් ගියාලු නිමලයගෙ නැන්දම්ම ලඟට, ගිහින් ඔන්න චිත්‍රෙ විස්තරෙ කියනවලු,

නැන්දෙ නැන්දෙ මේ මම චිත්‍රයක් ඇන්දා

(පොඩි උන්ගෙ බලි කුරුටු ආයි කාට තේරෙනවද )
ශෝයි නෙ පුතේ, ලස්සන චිත්‍රයක්, පුතා මොකක්ද ඇන්දේ.. කියල පොඩියට හුරතල් පාරකුත් දුන්නලු,
එතකොට පොඩි එකා,

මේ නිමල් අයිය, මේ සුදු අක්ක, මේ නිමල් අයිය සුදු අක්කගෙ කට කනව....


--------------
මේ තියෙන්නෙ අපේ සෙට් එකේ තව එකෙකුගෙ ලවු සීන් එකක්, ඔන්න ඔහේ එකත් බලන්නකෝ..
 සුරා: තෝ බැන්දත්, කෙල්ලව ගෙදරනම් ගෙනියන්න එපා


Sunday, April 8, 2012

කුරුම්බා කෝස්..

අපි ඉස්කෝලෙ බොඩිමෙ ඉන්න කාලෙ අපෙ ෆේවරිට්ම අයිටම් එකක් තම ඔය හොරෙන් කුරුම්බා කඩන එක. ඕක මම මෙහෙම ලෙසියෙන් කිව්වට පට්ට කොමාන්ඩො කෝස් එකක්. උඹලට දැනගන්නත් එක්ක ස්ටෙප් බයි ස්ටෙප් දාන්නන්කෝ අපි කාපු කට්ට.

කවදාවත් අපිට දවල්ට හිතිලා නෑ අද රෑට කුරුම්බා කඩමු කියල, ඕක හැමදාම වෙන්නෙ රෑ පාඩම් කරල එනකොට හරි ලයිට් ඕෆ් කරල නිදා ගන්න ගියාම හරි. ඔන්න එකෙක්ට හිතෙනවා අද රෑට කුරුම්බයක් බිව්වොත් හොඳයි කියල... තියන ෆිට් එක කියන්නෙ මොන අලුගුත්තේරු වැඩක් කරන්න ගියත් තව එකෙක් හරි ඇදගෙනම තමා අපේ උන් යන්නෙ,

මේ බන් කුරුම්බයක් බොමුද

බෑ බන් දැන් කීයද වෙලාව

එකවත් වෙලා නෑ යකෝ, වරෙන්කෝ යන්න,

හරි පයිලට් කෙනෙක් ඉන්නවද? ඔය පයිලට් කියන්නෙ පොල්ගස් නගින්න පුලුවන් උන්, ඔහොම උන් දෙතුන් දෙනයි හිටියේ, අනිත් පයිලට්ලා තමයි කබර පයිලට්, ඒ කියන්නෙ මේ මම වගෙ උන්, බොහොම අමාරුවෙන් අතු සීයක් විතර තියන ගස් වලට කබරයෝ වගෙ බඩගාගෙන නගින උන්. බැහැල බලද්දි පපුවෙ හම ගහේ.

කොහොම හරි පයිලට් කෙනෙකුත් සෙට් කරගෙන බෙඩ් ශීට් එකකුත් අරන් යනව ගහක් ලඟට, තනි කොමාන්ඩො කෝස් එකක්, ලයිට් නැති පැතිවලින්, බිම පාත්වෙලා හැන්ගි හැන්ගි තමයි ගහක් ලඟට යන්නේ. ඔත්තු බලන උන වටේට දාල, පයිලට් ගහට නගිනවා, දෙන්නෙක් අර බෙඩ්ශීට් එක අරන් ගහ යට ඉන්නවා, බොලා හිතන්නෙ බෙඩ්ශීට් එක නිදා ගන්න, පෙරවන්නයි, එල්ලිලා මැරෙන්න විතරයි කියලනේ, ඔන්න අපි බෙඩ්ශීට් එකෙන් ගන්න තවත් ප්‍රොයෝජනයක්, පයිලට් ගහට ගිහින් සෙට් උනාම පොඩි සිග්නල් එකක් දෙනවා, එතකොට අරුන් දෙන්න බෙඩ්ශීට් එකේ කොන් දෙකක් අල්ලගෙන ටිකක් ඈත් වෙනවා, ඔන්න ඕක උඩට තමයි පයිලට් කාරයා කඩන ගෙඩි අතාරින්නෙ. හිතපල්ලකො කට්ට කරුවලේ, අරූ උඩ ඉඳන් දාන ඒවා අල්ලනව කියන්නෙ කොහොම සීන් එකක්ද කියල. මොකද ගෙඩි බිමට වැටෙන සද්දෙ කෙලින්න්ම මාරන්තික සිග්නල් එකක්, වෝඩර්න් අහැරුනොත් ඉතින් බඩුම තමයි, සෙක්කන්ට මාට්ටු වුනත් ඉතින් ආයි බඩුම තමයි, මොකෝ උන් කරන්නෙ ගිහින් වෝර්ඩර්න්ට කියන එකනෙ.

කොහොම හරි මෙතුවක් කාලෙකට එකෙක්වත් ඔලුව පලාගන්නෙ නැතුව කුරුම්බා බෑවා. ඔය බෙඩ්ශීට් එකට වැටෙන ගෙඩි අරුන් දෙන්නා බිමදිගේ රෝල් කරනව අනිත් උන් ඉන්න දිහාට, උන් අර ගෙඩි අරගෙන තව තැනකට ගෙනියනව, පට පට ගාල මේක වෙන හින්දා, ඕන වෙලාවක අපිව මාට්ටු උනත්, වැඩිම උනොත් අපි අතෙ තියෙන්නෙ ගෙඩි එකයි. රහස දන්නවනෙ, මොකද ඔහොම අහුවෙන ඒවා නඩු භාණ්ඩ හැටියට ගන්නවානේ. ඒවා ඉතින් වොර්ඩර්න්ට තමා ඉතින්, අපි කටු කාල, මාට්ටු උනාට පස්සෙ පැය ගනන් දන ගහගෙන ඉඳල, කුරුම්ම්බ මොකටද උට දෙන්නෙ, අරවිදියට කරාම පනිශ්මට් ඉවරවෙලා උනත් ඇවිල්ල හංගපුව අරන් බොන්න පුලුවනෙ.

කොහොම හරි ඔහොම කුරුම්බා කඩා ගත්තට පස්සෙ, ඉතින් කොහෙ හරි අස්සකට ගිහින් නිවි හැනහිල්ලෙ බොනවා. දැන් ඉතින් උඹල හිතයි වැඩේ ඉවරයි කියලා, පිස්සුද, තව ඉතුරුයි, ඇයි යකෝ කුරුම්බා කෝම්බ ටික, කපපු කෑලි ටික, ඕවත් අරන් ගිහින් ඉස්කෝලෙ කොහෙහරි කුනු ගොඩක් අස්සෙ, යට කරනවා, නැත්නම් හදිසිමනම් ඉතින් ලොකු කානුවක් අස්සෙ හිර කරනවා, කොහොමත් කානු හිරවෙලා උතුරන්න සෙට් වෙනකොට ඉතින් ආයි අපිව කොහෙ කියල අල්ලන්නද...


මේ තියෙන්නෙ ඔය බෝඩිමෙ වෙච්ච තව සීන් ටිකක්

හොස්ටල් ෆන්

කට උත්තර නැතිවුන කතාවල්... 2
ෆිල්ම් හෝල් එකේ චාටර් වී...
සර්, සෝන්ග් එකක් සර්




Thursday, February 16, 2012

හොස්ටල් ෆන්

අද නම් කියන්න යන්නෙ අපේ හොස්ටල් එහෙම නැත්නම් නේවාසිකාගාර ජිවිතේ කතා මේ ඊයේ පෙරේදා අපේ එකෙ මතක් කරා, ඒකයි එක පාරටම ආයි මතක් උනේ, අපේ ඉස්කෝලෙ හොස්ටල් එකේ කතා මම තව බ්ලොග් එකකත් දැක්ක. මම හිතන්නෙ බ්ලොග්-ගඩොල් වගේ තමා මතක. ලින්ක් එක තිබ්බා හොයා ගන්න බෑ. ඔය බෝඩිමම ගැන මම ලියපු තව කතාවල ලින්ක්ස් තමා ඔය උඩිනුයි යටිනුයි දාල තියෙන්නෙ

ඔය හොස්ටල් ලයිෆ් එක කියන්නෙ මාර ෆන්, පිස්සු කොර ඒවගේම හෙන දුක්ඛිත ලයිෆ් එකක්. ඕකෙදි ගත්ත ෆන් කියන්න බ්ලොග් මදි ඒත් කරුමෙට හරියට මතක් වෙන්නෙත් නෑ. ඒක හින්දා පොඩි සිද්දි ටිකක් දාන්නම්,
ඔන්න දවසක්, දවසක් කිව්වට හැමදාම එහෙමයි, අපි නැගිට්ටේ වෝර්ඩන්ගෙ බනින සද්දෙයි, ගුටි අනින සද්දෙයි ඇහිලා, පට්ට පාන්දර 7.30 විතර. සද්දෙ ඇහෙනකොටම අපි දන්නව කලින් තියන ඩෝමෙට්‍රි වලට බැස්ටිය දෙනව කියල, එක තප්පරෙයි, සරම් අතේ, තුවා කරේ, දත් බුරුසු කටේ, ඔරේ රන් එක එක ටැංකි පැත්තට. අපිට ඔය ඩේලි මැරතන් එක ෆුල් ප්‍රැක්ටිස් මොකද හැමදාම ඔහොමනේ. ඒත් එදා මාහා කාලකන්නි දවසක්, මුලු ලෝකෙම අපිට විරුද්ධ වෙලා (එ කොටස රේඩියො චැනල් එකකින් ), අපි දුවනව, බුවා ටැංකිය පැත්තටම එනවා අපිව හොයා ගෙන. අපෙ උන්ට කරගන්න දෙයක් නෑ, කොහොම හරි එකෙක් කිව්ව
"පැනපන් යකෝ ග්‍රවුන්ඩ් එකට"
ආයි හිතන්න දෙයක් නෑ, අපෙ ටැංකි එහා පැත්තෙ තියෙන්නෙ ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එක, පොඩි තාප්ප කෑල්ලකින් දැන් එකා එකා පනිනව වෝර්ඩන් එන්න කලින්.
මැද හරියක් පනිනකොට අපිට පොඩ්ඩක් අවුල් වගෙ, හරි නම් පොතේ හැටියයට වෙන්න ඕනෙ පැනපු උන ග්‍රවුන්ඩ් එකෙ පැවිලියන් එක පිටිපස්සට දුවන්න ඕනෙ, ඒත් මුලින් පැනපු උන්, පැන්න තැන් වලම හොල්මන් වෙලා ඉන්නවා, පස්සෙ පැනපු අපි අරුන්ගෙ ඇඟවල් උඩ.....
අම්මෝ... භයන්කර දර්ශනයක්... STF. එකෙනුයි, කොමාන්ඩෝ එකෙනුයි ඇවිත් අපිව අල්ල ගන්න, ආයි ඇස් ඇරිය, සිරාවට STF ලයි කොමාන්ඩෝස් ලයි...
අපි දැන් කට ඇරන් උන් සෙට් එක දිහා බලන් ඉන්නවා, බුවාලා අපිට වඩා බය වෙලා අපි දිහා බලන් ඉන්නවා, ඒගොල්ලො ලඟ අත්වල තුවක්කු, අපි ලඟ තුවා, සරම්, බ්‍රශ්, සබන්...
 
යකෝ වොර්ඩන් හැමදාමත් අපිව අල්ලන්න එනවා, ගුටි දෙනවා, ඒත් හමුදාව අරන් ආපු පලවෙනි පාර.. අනේ මන්දා එහෙම හිත හිත, අපි දෙගොල්ලො මූනට මූන බලාගෙන ඉන්නවා...
පස්සෙ විනාඩි දෙක තුනකට පස්සේ, අපි එකා එකා කතා නොකර හිමින් හිමින් පැවිලියන් එක පැත්ටට ගියා, යන ගමනුත් අපි හැරිල බැලුවා, ගිහිනුත් බැලුවා පොරවල් ටික ෆුල් අප්සට් එකේ වගෙ තාම එතනම ඉන්නවා, අපිටත් හිතා ගන්න බෑ නිකන් අපි හීනෙන් දුවනද කියල. මූන හෝද ගත්තට පස්සෙනම් අපිට සුවර් හීනයක් නෙවෙ කියල.
ඔන්න ඉතින් අපි පස්සෙ තමයි දන්නේ, එදා උදේ රටේ හෙනම ලොකු බුවෙක් ඉස්කෝලෙට ඒන එකට දාල හිටපු ගාර්ඩ් එක කියල.
පස්සෙ පොරවල් ටික තක්බීර් වෙලා බලන් හිටපු හැටි මතක් වෙනකොට පන යන්න හිනා, සුවර් එකටම හමුදාවෙ සෙට් එක හොන්මන් වෙන්න ඇති, හිතා ගන්න බැරුව ඇති සරම් කඩාගෙන, බ්‍රශ් කටෙ ගහගෙන දුවන ජොකියො සෙට් එක කවුද කියල. ඇයි දෙය්යනේ ඉස්කෝලෙකට ආවහ පේන්නෙ පිලිවෙලකට සුදු අඳුම් ඇඳගෙන ඉන්න උන් මිසක් මොන මිනිහද හිතන්නෙ මෙහෙම සෙට් එකක් දකියි කියලා.


හොස්ටල් එකෙ තව කතා

කට උත්තර නැතිවුන කතාවල්... 2
ෆිල්ම් හෝල් එකේ චාටර් වී...
සර්, සෝන්ග් එකක් සර්

Monday, January 9, 2012

සුදාගෙ කරටි කැඩෙන ටෝක්ස් දෙවෙනි කෑල්ල....

සුදාගෙ කරටි කැඩෙන ටෝක්ස් දෙවෙනි කෑල්ලත් දාන්නයි යන්නෙ, පලවෙනි කොටස නම් මෙහෙන් ගිහින් බලන්න බැලුවෙ නැතිනම්. මම දහ අතෙ කල්පනා කෙරුවා මුගෙ කතා වලින් මොන ඒ වද දාන්නෙ කියල, ඇයි ෆුල් 18+ ඒවා අතෑරියා, ලීගල් කේස් එන්න පුලුවන් ඒවත් අත ඇරියා මම කිව්වනෙ මුගෙ බොසත් වෙඩි කාල මලානෙ, අපිව මාට්ටු වෙන්න පුලුවන් ඒවත් අත ඇරියාම තව ටිකයි තියෙන්නෙ. ඔන්නෙ ඔහෙ මේ සීන් ටික දානව.
ඔන්න දවසක් අපි සෙටඕල් වෙලා ඉන්නව, දන්නවනෙ ඕවා කොහොම සෙට් වුනත් අන්තිමෙ බඩු මදි වෙලා හොර පොට් ගානෙ ලගිනවානෙ. සේම් සන්තෑසියමයි එදත්, එදා මල් මදි වෙලා අපෙ එකෙක් බෙරිහන් දෙනව, දැන් මූව යවන්නත් බෑ ඇයි මල විකාරෙන්නෙ ඉන්නේ, පස්සෙ අන්තිමෙ ඕකට මාට්ටු උනේ මේ අහින්සක මාව, මම තමයි සෙට් එකේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජර්, මගෙ ලඟ ඒ දවස්වල පොඩි චැලි කටුවක් තිබ්බ, අම්මො දෙයියනෙ ඇස්වහක් නෑ පැස්ටොල් සුවඳටත් ඒක වැඩ. මම ඉතින් බරෙ දැම්ම තනියෙන් යන්න බෑ, අනික මම කොහොමත් ඔය මල් පොට් වලට යන්නෑ, කකුල කාපි දියබරිය කියල ඔන්න සුදා කිව්ව යන් ,මම එන්නම් තෝත් එක්ක කියල, දැන් ඉතින් ම්කෑ දන් වලඳන්නෙ, ඔන්න අපි දෙන්න ගියා, අරූ ෆුල් ගයිඩ් එක දෙනව ඒත් පොට් දෙකකට විතර ගියා බඩු නෑ, පස්සෙ කරන්න දෙයක් නෑ අපෙ ගෙවල් කිට්ටුවම ගෑනියෙක් මල් බිස්නස් කරනව, අපි සුමන ඇන්ටි කියමුකෝ, එතන්න්ට ගියා, අපි කොහොමත්
ඔතන්ට යන්නෙ නෑ ගෙවල් කිට්ටුව හින්දා, ලඟට ගියාම, දෙවට ලඟ බයික් එක නවත්තල..

සුදා : මෙ, උඹ ගිහින් බඩු අරන් වරෙන්, මම මෙහෙන් ඉන්නම්.

මම : යකෝ, මට බෑ, උඹ දැන් ආවේ අරන් දෙන්නම් කියල නේද

සුදා : හරි බන්, ඒ මෙහෙන් නෙවෙනෙ, වෙන ඕන තැනකින් අරන් දෙන්නම්, මෙහෙට විතරක් උඹ පලයන්, ඔය ප... මාව දැකල කට ඇවිස්සුනොත් එහෙම ආයි ඉතින් ගූ වලෙ වැටුන වගෙ තමයි

මම : මොන මගුලක් කියනවද බන්

සුදා : හරි ගිහින් වරෙනොකෝ රත්තරන්, මම ආවාම කියන්නම්..

මම : හිටපන් බොට බැරිනම් යන්නම්,
මමත් ඉතින් ලොකු පොර සෙ ගියා, ඔන්න ෆස්ට් ටයිම් සුමන ඇන්ටිගෙ මල් කඩේට පොර ටෝක් දීල ගියාට හෙන අවුල්, මමත් ඉතින් තටම තටම ඉල්ලුවා. මේ ගෑනි යකෙක්, සොරි යකින්නක් වගෙ මගෙ දිහා බැලුව, ඊට පස්සෙ

කොහෙන්ද ආවේ පොඩි එකෝ, මෙහෙ ඒව නෑනෙ, කවුද කිව්වේ (අනෙ මගෙ පොඩි, එතකොටත් අඩි පහයි අඟල අටක් විතර උස )
යාලුවෙක් කිව්වා

කවුද කොල්ලෝ උඹට කිව්වෙ..
(අනේ මේ ගෑනි හරි හොඳයිනෙ කියල හිතල මම කිව්වා) සුදා කිව්වෙ, (වැඩි හොඳටත් එක්ක ) අර AAAA කියන්නෙ

අම්මෝ, සුමන ඇන්ටි පැන්න ලෝන්ග් ජම්ප් එකක් කෙලින්න්ම මිදුලට, ඊලඟට
දෙවටට, කෙලින්න්ම සුද්ද සින්හලෙන් ආමන්ත්‍රන සුදාට,

#$ @#$@ $%^$^$&^%&%*$*&^*&^*^ *^ සුදා තෝ හිතන්න එපා මහතුවත් එක්ක සෙට් වෙලා මගෙ බිස්නස් වලට කෙලින්න, මමත් අවුරුදු වීස්සක් මේක විතරක් කෙරු නෑ යකෝ (අත් දෙකෙන් ඇඟිලි වලින් අහවල් වැඩෙ සලකුන කර පෙන්නයි ) #$$ @%$^%^&^&@!#$#@$#%$^%&^*(( (*&(*&() &% * &*((* (&(&(%^(*

සුදා : වර යකෝ යන්න, මේ වේ... %^%^%^%^$^&^&
අපි පීචන් වී එන ගමන්,

මම : ඒ බන් මොකෑ උනේ බන්

සුදා : මම උඹට කිව්වනෙ, ආයි ගූ වලෙ වැටුන වගෙ කියල, දැන් තොට තේරෙනවද

මම : ම්හු

සුදා : බලපන්, ගූ වලේ වැටිල මැරුනොත් මොකද වෙන්නෙ, මිනිස්සු කියනව ශික් අරු ගූ කාලම මල කියලා, ගොඩ අවොත් කියනව, වැඩක් නෑ අරු ගූ කාලනෙ ඉන්නෙ කියල

මම : ඉතින්.. (මෙලො මල දානයක් මට නොතෙරේ)

සුදා : ඉතින් තමයි, දැන් බලපිය වෙච්ච දේ, දැන් ඔය හැතිකරේ කියයි, සුදා සුමනක්කගෙන් ඊයෙ රෑ කන පැලෙන්න අහගත්තනෙ කියල, මමත් ඉතින් දෙකක් කියල ඔකිව බෑව්වත් ඔය හු.. කියයි, ශික් ඒත් සුදා හොඳට අහගෙන තමයි ගියෙ කියල,

අන්තිමේ,
මචන්, මේ, ඔය වගෙ අම්මන්ඩිලගෙ කටවල් එක්ක හැප්පෙනවට වැඩිය ලෙසියි BBBBBගෙ සෙට් එකත් එක්ක මරා ගන්න එක බන්

Tuesday, December 20, 2011

සුදාගෙ කරටි කැඩෙන ටෝක්ස්

ඊයෙ වෙච්ච පොඩි සීන් එකක් හින්දා තමා මේ කතා සෙට් එක මතක් උනේ, මේකෙ කතා නායකය අපෙ ගෙවල් පැත්තෙම ඉන්න බුවෙක්, කොටින්ම දැක්කොත් බුවා නැත්ත්නම් එබුවා ජාතියෙ පොරක්. බුවා ගැන කියන්නෙ නැතුව මේ පොස්ට් එක දැම්මොත් වැඩක් නෑ. මෙහෙමයි සාරංශය, අපි ඉස්සර ගෙවල් ලඟ පොඩි පිට්ටනියක ක්‍රිකට් ගහනකොට සෙට් වෙච්ච පොරක් හිටිය, බුවා අපිට වැඩිය අවුරුදු 6-7 වැඩිමල්, හැබයි බුදු ෆිට්, ඉස්සර අපිට ඔය මතට තිත බාර් වහපු දාට පොර තමයි මොන ලෝකෙන් හරි බඩු ගෙනත් දෙන්නෙ, පස්සෙ අපේ හෙන ෆ්‍රෙඬා, ආයි අපේ ඕන වලියකට මෑන් ඉස්සරහින්ම, ඔය ඔක්කොම හරි බුවාගෙ අනිත් ලයිෆ් ස්ටයිල් එක තමා අවුල්, කොටින්ම පොර පොඩි පාතාල ලෙවල් එකක් තිබ්බෙ, මිනිස්සු කියන නමත් නිකන් පාතාල ටයිප් එකක්, අපි නිකන් කියමුකො දැනට සුදා කියල, අපි හරි උගෙ යාලුවෝ හරි ඔය නම කිව්වොත් බුවාට අවුලක් නෑ, හැබැයි වෙන එකෙක් කියල අහුවුනොත් බඩුම තමයි. පොරගෙ බොසා පත්තරවලත් නම ගිය පොරක්, බොසාගෙ නමත් කියන්නෙ ගමෙ නමත් එකතු කරල, නිකන් "කොලඹ සුනිමල්" වගෙ, බොසානම් මලා... අපි අන්තිමේ නිකමට හරි ඌත් එක්ක පාරෙ යන්න බයයි, ඇයි මූ දෙන ටොඅක් වලට පස්සෙ අහුවුනොත් අපිටත් නැව් ගුටු කන්න වෙනාව, මොකෝ අපි ඌ වගෙයෑ. දැන් තේරෙනවනෙ පොර කොහොමද කියල, එහෙනම් මෙන්න කතා සෙට් එක.

දවසක් අපි සෙට් වෙල ඉවරවෙලා එනව තව එකෙක්ගෙ වෑන් එකක, ගමෙ පාරනෙ, පොඩියි, එතකොට කඩය ලඟ ත්‍රී වීල් එකක් පාරෙ මැදට වෙන්න නවත්වල ඩැයියා බැහැල කඩීකට ගියා අපි එනකොටම, දැන් අපිට යන්න බෑ,

සුදා බැහැල ගියා කඩේ ගාවට, ත්‍රී විල් කරයා කඩේ ලඟ

සුදා : (3විල් පොරට බොහොම හොඳින්) අය්යා මෙතන හරකෙක් ඉන්නව දැක්කද

3විල් : හරකෙක්..ම්ම්ම්.. නෑ, ඇයි 

සුදා : ඒකතමයි, එහෙනම් හරි, අම්... හු... කැ.. බල්ලෙක් තමා මෙහෙම නවත්තල යන්නෙ (ඩෝන් පටෝන් ගාල කනෙ පාරවල් දෙකක් දුන්න ), ගනින් ප... වීල් එක, අපි යන්නෙ තොගෙ #$# $@#$@#%@% $%^%^%$^$%&$ $% $% &$ &


මෙ තව සීන් එකක්, මේකත් පාරෙ ඉඩ මදි වෙලා,
දවසක් මූ අපෙ තව එකෙක් එක්ක යනකොට වෙච්ච දෙයක්,
මුන් දෙන්න කුරුනෑගල ගිහින් බයික් එකක් බලන්න, ඔන්න පාර ඇතුලට යනකොට පොරක් ෆෝන් එකකින් ටෝක් කර කර බයිසිකලේක යනවලු පාර පුරා, සුදා උගෙ බයික් එක අමාරුවෙන් අරුට ඉස්සර කරල නැවැත්තුවාලු, කරල අර බයිසිකල් කාරයට අත දැම්මලු,

සුදා : මල්ලි, තාත්ත මේ ඉඩම විකුනනවනම් මම ගන්නම්

කොල්ල : ඉඩම, මොන ඉඩමද?

සුදා : මේක (පාර පෙන්නයි )

කොල්ලා : පිස්සුද, පා (එච්චරයිලු කියන්න හම්බ උනේ ඩෝ පටෝන් නැවතත් කොල්ල පාරෙ බිම )

සුදා : එහෙනම් $#@$#@$@%$% තෝ නිකන් තාත්තගෙ ඉඩමෙ වගෙ යන්නෙ, අපි යන්නෙ නැද්ද.

මේ තව සීන් එකක්, මමනම් මූත් එක්ක ගිය අන්තිම ගමනද කොහොද, අම්මෝ එදා කෑවනම් මම තාම කනව, උටනම් මොකෝ, හරි කතාව, අපි ගියා මියුසිකල් ශොව් එකක් බලන්න, එහෙදි සුදාව සෙට් වෙලා, පොර අපිත් එක්කම වගෙ නටන්න සෙට් උනා සැරෙන් සැරේ. අපි ටික ඉතින් ෆුල් ෆන් එකේ මතට තිතයි, මලේ දුමයි එක්ක ඉන්නකොට, තව සෙට් එකක් හිටියා පැත්තකට වාඩි වෙලා මතට තිත. උන් නිකන් කරා සයිස් පොරවල් ටිකක්. ටිකකින්...

අර සෙට් එකෙ බුවෙක් : (අපිට ) ඕයි, තමුසෙල නටනවද මැටි පාගනවද? පව් නොදි ඉන්නවද.
(අපි සද්දයක් නැත, නිකන් ඕවට උත්තර දෙන්න ගිහින් ටින්කිරි කන්නෙ මොකටද )

(තව ටිකකින්)
අරූ : ඕයි, නහරෙද, කිව්වම තේරෙන්නෙ නැද්ද? අයින් වෙනවකෝ ඔතනින්,


(අපි අපේ පාඩුවේ.. එකපාරටම කොහෙන්ද සුදා ආව, ඇවිත් අරුන් ලඟට ගිහින් අපිව පෙන්නලා.. )
සුදා : අය්යේ... මුන් ටික මැටි පාගන්නෙ උඩරට විදියටද නැත්නම් පහත රට විදියටද

අරූ: (ෆුල් ෆොක්ස් වී) ඈඇහ්,
සුදා : ඇයි හු.... 3$#@$$%%#$#^%^$^@^&^&^&^&&^%&&

(ඊලඟට, ඩෝන් පටෝන්...... පස්සෙ සුදාගෙ සෙට් එකද ගෙමට එන්ටර් උනා එතකොට අපි, අපි ටික  බලාගෙන හිටිය එච්චරයි )

තව කතා තියනව, පස්සෙ දාන්නම්
    

Friday, December 9, 2011

සුරාගෙ තවත් වහ කෑමෙ අවස්තාවක්..

මම කලින් අනෝනිමස් බ්ලොග් කරුවෙක් අල්ල ගන්න තියරිය, කතාවෙදි කිව්වන් අපෙ සුරාට වෙච්ච සීන් එකක් කියනව කියල, ඔන්න ඒක,
කොහොමහරි අපි ඔය පල් හෑලි කියව කියව මතට තිත තියනකොට විකියගෙ ෆෝන් එකක කෝල් එකක් ආව, විකියගෙ ෆන් ටෝක් එක ලන්තරස් වෙලා ෆුල් සීරියස් උනා උගෙ ටෝක් එක, ඉස්සර අපිත් එක්ක ක්ලාස් යන කොට වල බැහපු එකෙක්ගෙන් කෝල් එක, අපෙ තව ඒ වගෙ පරන ෆිට් එකකගෙ ගෙදර මලගෙයක් වෙලාලු, උටත් එහෙන් මෙන් රොයිටර් ආවට වැඩි විස්ටර තියා අරුගෙ කොන්ටක්ට් එකක්වත් නැති හින්ද තමයි අපිට කතා කරල තියෙන්නෙ,

දැන් බන් සුමුදුවගෙ කවුද මැරිල තියෙන්නෙ..

දන්නෑ බන්, අරුටත් අද තව එකෙක් කියල තියෙන්නෙ, හැබැයි බොයන්නක් නෙවෙ වෙන්නැති බන්, එහෙම මල ගෙවල් බොරුවට කියනවද..

අඩෙ සුමුදුවගෙ ෆිට් එකක් හිටිය නේද aaaaa පැත්තෙ..

මතක නෑ බන්..

ඔහොම කතාව යනව, අපි එකෙක් ගාවවත් අරුගෙ කොන්ටෑක්ට් එකක් නෑ.. දැන් බෝතල් ඉවර වෙලා, අපි ෆුල් සාකච්චාව.. සුරා ඔය කතා වලට නෑ.. ඌ තනමල්විල පැත්තෙ.. ආයි ඉතින් හෙට උදේට තමයි ඌ හරි සිහියට එන්නෙ, අර ලොකය ගෝලාකාරයි මිනිස්සු ජම්බුලාකරයිලුනෙ, අරුත් එහෙම තමයි, ඌ මලක් එහෙම ගත්තොත් දෙය්යනේ කියල පැත්තකට වෙලා, කිසි කතාවක් නැතිව ඩුන් ඇර ඇර ඉන්නවා, අපිත් එහෙම වෙලාවට උට කතා කරන්නෙ නෑ, උට මල පනිනවා..

කොහොම හරි සුමුදුවගෙ සීන් එක හිඳා අපි ලොකු කතාවක, නිකමට විකියද කොහෙද සුරාගෙන් ඇහුව, කාලෙකට කලි සුමුදුවයි සුරායි ටෙක් කෝස් එකක් කරල තිබ්බ..

සුරා... යකො.. නැගිටහන්කො... උඹ ලඟ සුමුදුවගෙ නම්බර් එක තියනවදා.

නෑ,

දන්නෙ එකෙක්,

නෑ යකෝ..

ඉඳකින් විතර උලම, යකො හදිසියක්.. උන්ගෙ මල ගෙයක් වෙලාලු.

මුලින් මූ ගනන් ගත්තෙ නෑ, පස්සෙ ටිකකින්

විකියො, මොකද බන් කේස් එක

උඹ ලඟ සුමුදුව කොන්ටැක්ට් කරන්න විදිය දන්නවාද? ටෙක් එකෙ කවුරුවත් නැද්ද... උන්ගෙ මල ගෙයක්ලු..

හිටහන් බලන්න කියල, මූ බන්කුවෙ උඩුබැලියව නිදාගෙන ඉන්න ගමන් ෆෝන් එක අරන් හොයනවා, අපි ඔහෙ ඉන්නවා

ටිකකින් මූ කාටද කෝල් එකක් ගත්තා...
අඩෙ.. සුරා කතා කරන්නේ බන්, කොහොමද බන්, අපි නම් සෙට් වෙලා ඉන්නේ, ස්ලාන්ස් වෙලාඅ.. ගියෙ නැද්ද ටෙක් එක පැත්තේ

.....

අහ් ඇත්තද, අපිත් මේ මල ගෙයක් තම බන් හොයන්නෙ, මල වදේ බන් මුන්ගෙන්, අඩෝ සුමුදුවගෙ කවුද මැරිලලු බන්, උඹට ඌව සෙට් උනේ නැද්ද බන්..

......

ඇහ්, උහ් අප්පටහුඩු, එහෙමද, හරි මචන්, සොරි මචන්, හරි මචන්, ඕකේ මචන්.. මම ආයි කෝල් කරන්නන්කො.

අපි: ගත්තද නම්බර් එක,

මාර සීන් එකනෙ බන්, ඒ සුමුදුවා නෙ බන්

Wednesday, December 7, 2011

අනෝනිමස් බ්ලොග් කරුවෙක් අල්ල ගන්න තියරිය, පේටෙන්ට් එක අපි සතුයි

කාලෙකින් කතාවක් ලියන්න බැරි උනා, ඒ මදිවට අපේ උන්ගෙන් එක එක බර බරේ, සමහර පට්ට ආතල් සීන් තියනවා, කොටන්න එපාලු, මම ඇහුවාම එකෙක් කියනවා,

මේකයි මචන් සීන් එක, ඔය අපි අපි සෙට් විතරක් දන්න සීන් දැම්මම වෙන කවුරුවත් දන්නෙ නෑනෙ ඒ අපි කියල, ඒත් තෝ ඔය ඔක්කොම දාන ගමන්, ගම් හතම දන්න එකක් දාල වැරදිලාවත් එකෙක් දැක්කොත්, උන් ලස්සනට දැන ගන්නවනෙ අහ් එහෙනම් අර සීනුත් කරල තියෙන්නෙ මුන්මයි කියල,

මොකක්...

හිටපන් උඹට තෝරල දෙන්නම්, යකෝ උඹ දන්නවාදා බල්බ් එක හොයා ගත්තෙ කවුද කියල

ඇහ්ග්... මොකක් අර පංසලේ බන මඩුවෙ තිබිල නැති වෙච්ච එකද? ඒක හොයගත්තෙ නෑනෙ, සුරා ටාර්සන් කරන්න ගිහින් බින්දනෙ ඒක

ඔය කිව්වෙ .. !@#!$@#%$#@%#$$^%^%&$&^^&, යකෝ විදුලි බල්බය, විදුලි බල්බය, එඩිසන් බන් එඩිසන්

හරි ඉතින්,

ඔය දන්නෙ නිකන් හරක වගෙ

අපි දෙන්නගෙ කතාව වදයක් වෙලාද කොහෙද, සුරා පැන්න මැදට,
හරි බන්, ඉතින් දැන් මුගෙ බ්ලොග් එකයි එඩිසන්ගෙ බල්බ් එකයි, මොකක්ද බන් නිකන් කිරිහොදියි බෝල්ට් ඇනයි වගෙනෙ, මොන ල... බොනවනම් බීපන්කො වද නොදී

හිටහන්කො කියනකන්, හිතපන් එඩිසන් හොරෙන් බ්ලොග් එකක් ලියනව, ඌ උට කෙල වෙච්ච දෙවල් ඕකෙ දානවා, කවුරුත් දන්නෙ නෑ, ඔහොම දාල දාල ඌ එකපාරක් දානව උගෙ බල්බ් එක හොයා ගත්ත හැටි, ඔය තියෙන්නෙ, එතකොට ඔක්කොම දන්නවා අර අනිත් සීන් වෙලා තියෙන්නෙත් උටමයි කියල.. මොකො බල්බ් එකෙ සීන් එක උගෙ කියල හැමෝම දන්නවානෙ. එතකොට මූ අපි අර aaaa අය්යයි අක්කයි රෑ bbbbb කරනකොට වහලෙට බට්ටො දාල පුපරපු සීන්, බේකරියට මල පාන්දර ඩීපු ගේම්, ccccc අන්කල්ගෙ ගෙදර ddddd eeeee ffffff කරපුවා.. දාල මාට්ටු උනොත් හොදිත් නෑ

මුගෙ තියරිය අහපු මට නිකන් කැරකැවිල්ල වගෙ හැදුනා, ඔය ටිකනම් මදෑ, තව කියක් කියල අලුගුත්තෙරු වැඩද... අම්මප මුගෙ මොලේ කියල.. හප හප හිටපු බයිට් කෑල්ල හිරවුනා වගෙ දැනුන හින්දා මම කෝකටත් කියල තට සොට් එකක් දාගන්නකොටම, සුරා අරුට කියනවා....

පල මීමො යන්න, උඹට වැඩිනම් දැන් නවතහන්, යකෝ එහෙම මාට්ටු වෙන්නෙ නෑ බන්, නිකමට හිතපන්, උඹ ඇහුවාම බල්බ් එක ගැන, මේක කිව්වෙ මම බන මඩුවෙන් උස්සපු ලයිට් එක ගැනනෙ, තව මොනාද බන්..

අම්මපා සුරා තමයි බුවා.. උට එදා රෑ වැඩිවෙල වෙච්ච සීන් එකක් ඊලඟට ලියන්නම්, කොකටත් මම හිතුව, අර සීන් නම් ලියන්නෙ නෑ කියල, මම නැතත් අපේ ගෙදර උන් ගමේ ඉන්න ඕනෙනෙ..