Wednesday, December 7, 2011

අනෝනිමස් බ්ලොග් කරුවෙක් අල්ල ගන්න තියරිය, පේටෙන්ට් එක අපි සතුයි

කාලෙකින් කතාවක් ලියන්න බැරි උනා, ඒ මදිවට අපේ උන්ගෙන් එක එක බර බරේ, සමහර පට්ට ආතල් සීන් තියනවා, කොටන්න එපාලු, මම ඇහුවාම එකෙක් කියනවා,

මේකයි මචන් සීන් එක, ඔය අපි අපි සෙට් විතරක් දන්න සීන් දැම්මම වෙන කවුරුවත් දන්නෙ නෑනෙ ඒ අපි කියල, ඒත් තෝ ඔය ඔක්කොම දාන ගමන්, ගම් හතම දන්න එකක් දාල වැරදිලාවත් එකෙක් දැක්කොත්, උන් ලස්සනට දැන ගන්නවනෙ අහ් එහෙනම් අර සීනුත් කරල තියෙන්නෙ මුන්මයි කියල,

මොකක්...

හිටපන් උඹට තෝරල දෙන්නම්, යකෝ උඹ දන්නවාදා බල්බ් එක හොයා ගත්තෙ කවුද කියල

ඇහ්ග්... මොකක් අර පංසලේ බන මඩුවෙ තිබිල නැති වෙච්ච එකද? ඒක හොයගත්තෙ නෑනෙ, සුරා ටාර්සන් කරන්න ගිහින් බින්දනෙ ඒක

ඔය කිව්වෙ .. !@#!$@#%$#@%#$$^%^%&$&^^&, යකෝ විදුලි බල්බය, විදුලි බල්බය, එඩිසන් බන් එඩිසන්

හරි ඉතින්,

ඔය දන්නෙ නිකන් හරක වගෙ

අපි දෙන්නගෙ කතාව වදයක් වෙලාද කොහෙද, සුරා පැන්න මැදට,
හරි බන්, ඉතින් දැන් මුගෙ බ්ලොග් එකයි එඩිසන්ගෙ බල්බ් එකයි, මොකක්ද බන් නිකන් කිරිහොදියි බෝල්ට් ඇනයි වගෙනෙ, මොන ල... බොනවනම් බීපන්කො වද නොදී

හිටහන්කො කියනකන්, හිතපන් එඩිසන් හොරෙන් බ්ලොග් එකක් ලියනව, ඌ උට කෙල වෙච්ච දෙවල් ඕකෙ දානවා, කවුරුත් දන්නෙ නෑ, ඔහොම දාල දාල ඌ එකපාරක් දානව උගෙ බල්බ් එක හොයා ගත්ත හැටි, ඔය තියෙන්නෙ, එතකොට ඔක්කොම දන්නවා අර අනිත් සීන් වෙලා තියෙන්නෙත් උටමයි කියල.. මොකො බල්බ් එකෙ සීන් එක උගෙ කියල හැමෝම දන්නවානෙ. එතකොට මූ අපි අර aaaa අය්යයි අක්කයි රෑ bbbbb කරනකොට වහලෙට බට්ටො දාල පුපරපු සීන්, බේකරියට මල පාන්දර ඩීපු ගේම්, ccccc අන්කල්ගෙ ගෙදර ddddd eeeee ffffff කරපුවා.. දාල මාට්ටු උනොත් හොදිත් නෑ

මුගෙ තියරිය අහපු මට නිකන් කැරකැවිල්ල වගෙ හැදුනා, ඔය ටිකනම් මදෑ, තව කියක් කියල අලුගුත්තෙරු වැඩද... අම්මප මුගෙ මොලේ කියල.. හප හප හිටපු බයිට් කෑල්ල හිරවුනා වගෙ දැනුන හින්දා මම කෝකටත් කියල තට සොට් එකක් දාගන්නකොටම, සුරා අරුට කියනවා....

පල මීමො යන්න, උඹට වැඩිනම් දැන් නවතහන්, යකෝ එහෙම මාට්ටු වෙන්නෙ නෑ බන්, නිකමට හිතපන්, උඹ ඇහුවාම බල්බ් එක ගැන, මේක කිව්වෙ මම බන මඩුවෙන් උස්සපු ලයිට් එක ගැනනෙ, තව මොනාද බන්..

අම්මපා සුරා තමයි බුවා.. උට එදා රෑ වැඩිවෙල වෙච්ච සීන් එකක් ඊලඟට ලියන්නම්, කොකටත් මම හිතුව, අර සීන් නම් ලියන්නෙ නෑ කියල, මම නැතත් අපේ ගෙදර උන් ගමේ ඉන්න ඕනෙනෙ..

2 comments:

  1. හික් හික් හැබෑට අදුනට අය දැනගත්තොත් විනාසයිනේ.

    ReplyDelete
  2. මටත් මැරුංකන්න වෙන නිසා මේ නම හංගන් ඉන්නේ....මේවා ඉතිං ප්‍රසිද්දියේ කියන්න පුලුවං ඒවා නෙමෙයි නේ ....

    ReplyDelete