Thursday, September 6, 2012

සමන්ගෙ බිස්නස් - තවත් පොඩි කතාවක්

තවත් පොඩි කතාවක්, මේකත් අර කලින් එක වගෙ හිනා යන්නෙ නැතුඇති, අහ්, ඒ කතාව ගොඩක් අයට මිස් වෙලා වගෙ , සොරි ඩොට් කොම්, ලෝන් වීකෙන්ඩ් එකනේ.

හරි අද සුට්ටන් කතාව අපෙ ගෙවල් පැත්තෙ ඉන්න බුවෙක් ගැන, අපිත් එක්ක හෙන ෆිට් ඩයල් එකක්. පොර ඔන්න පටන් ගත්ත පොඩි බිස්නස් එකක්. පොඩි කිව්වට පොඩිමත් නෑ, පොඩි වාහනයක් එහෙමත් තියනවා බිස්නස් එකෙ බඩු ට්‍රාන්ස්පෝර්ට් කරන්න.

මිනිහා ඔය ට්‍රාන්පෝර්ට් වාහනේ බිස්නස් එකේ විස්තර ගහල තියනවා තව අතිරේක මාර්කටින් පාරක් විදියට. ඒකෙ ගහල තියනවා ලොකු අකුරු වලින් මිනිහගෙ නමයි බිස්නස් එකයි, මිනිහගෙ නමම තමයි මෑන් බිස්නස් එකටත් දැම්මේ. අපි කියමුකො.. ම්ම්ම්... "සමන් ආප්ප" වගේ, වචන දෙකයි. යටින් ෆෝන් කොන්ටෑක්ස් තියනවා.
ඕක දැකපු දවසෙ ඉඳන් අපේ උන්ට පස්ට අයිඩියා එකක් ආවා, උඹල අහල ඇතිනෙ අර දේවානම්පියතිස්සගෙ මුවාගෙ කතාව, තව අර සූ එකෙ කොකෙක් නැතිඋන සීන් එක, අන්න ඒවගෙ අයිඩියා එකක් තමා අන්තිමේ ඉස්තීර උනේ.


ඔන්න දැන් අපි ගන්නවා අරූගෙ බිස්නස් ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක්,

අපි : "සමන් ආප්ප" ද?

අරූ : ඔව් කතා කරනවා

අපි : බුදු අම්මෝ, මෙන්න ආප්පයක් කතා කරනවෝ

කියල කෑගහගෙන කට් කරනවා.  (මෙතන ආප්පෙ වෙනුවට කියන්නෙ උගෙ ඇත්ත බිස්නස් අයිටම් එක )


 
මේ තව සීන් එකක්,

අපි : සමන් ආප්ප තියනවද?
(දැන් මූ හිතන්නෙ උගෙ නම කියල කතා කරන අඳුරන එකෙක් ආප්ප ඉල්ලනවා කියල )

අරූ : අහ්, ආප්ප තියනවා, කොච්චරක්ද ගන්නද?

අපි : නෑ, "සමන් ආප්ප" තියනවද?

සමන : (ඌ හිතන්නෙ නම කියනවා කියලා ) ඔව් ඔව් ආප්ප තියනවා, කවුද කතා කරන්නෙ.

අපි : යකෝ නිකන් ආප්ප නෙවේ, "සමන් ආප්ප" තියනවද, අර වාහනෙ ගහල තියන.

සමන : #@$#@$%%$^%^%^%$^$ 

මේ තවත් සීන් එකක්,

අපි: මේ සමන් ආප්පයක් කීයද?

සමනා : ආප්පයක් මෙච්චරයි, කීයක්ද?

අපි: ම්ම්ම්, එතකොට "සමන් ආප්ප" කීයද?

සමන : ඒක තමා කිව්වෙ, ආප්පයක් මෙච්චර්යි

අපි : හරි ගොනෝ, ආප්පයක් එච්චරනම් "සමන් ආප්පයක්" කීයද?

සමන් : @#$#@$#$#$%$%#%$%%$

ඉතුරු කතා උඹලට කියන්න බෑ

ප.ලි. සමන හොඳ එකා, මේක දවසක් ඇවිත් අපිට කියනවා, මචන් මම ලෑන්ඩ් ෆෝන් එකට CLI ඇප්ලයි කර්නවා  ඊට පස්සෙ මම ඔය බල්ලො අල්ලගන්නම්කො කියල , අනේ උට CLI හම්බුනත් හරි අර කෝල් එන එක නැවතුනානෙ, හරි පුදුමයි නේද?