Thursday, September 6, 2012

සමන්ගෙ බිස්නස් - තවත් පොඩි කතාවක්

තවත් පොඩි කතාවක්, මේකත් අර කලින් එක වගෙ හිනා යන්නෙ නැතුඇති, අහ්, ඒ කතාව ගොඩක් අයට මිස් වෙලා වගෙ , සොරි ඩොට් කොම්, ලෝන් වීකෙන්ඩ් එකනේ.

හරි අද සුට්ටන් කතාව අපෙ ගෙවල් පැත්තෙ ඉන්න බුවෙක් ගැන, අපිත් එක්ක හෙන ෆිට් ඩයල් එකක්. පොර ඔන්න පටන් ගත්ත පොඩි බිස්නස් එකක්. පොඩි කිව්වට පොඩිමත් නෑ, පොඩි වාහනයක් එහෙමත් තියනවා බිස්නස් එකෙ බඩු ට්‍රාන්ස්පෝර්ට් කරන්න.

මිනිහා ඔය ට්‍රාන්පෝර්ට් වාහනේ බිස්නස් එකේ විස්තර ගහල තියනවා තව අතිරේක මාර්කටින් පාරක් විදියට. ඒකෙ ගහල තියනවා ලොකු අකුරු වලින් මිනිහගෙ නමයි බිස්නස් එකයි, මිනිහගෙ නමම තමයි මෑන් බිස්නස් එකටත් දැම්මේ. අපි කියමුකො.. ම්ම්ම්... "සමන් ආප්ප" වගේ, වචන දෙකයි. යටින් ෆෝන් කොන්ටෑක්ස් තියනවා.
ඕක දැකපු දවසෙ ඉඳන් අපේ උන්ට පස්ට අයිඩියා එකක් ආවා, උඹල අහල ඇතිනෙ අර දේවානම්පියතිස්සගෙ මුවාගෙ කතාව, තව අර සූ එකෙ කොකෙක් නැතිඋන සීන් එක, අන්න ඒවගෙ අයිඩියා එකක් තමා අන්තිමේ ඉස්තීර උනේ.


ඔන්න දැන් අපි ගන්නවා අරූගෙ බිස්නස් ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක්,

අපි : "සමන් ආප්ප" ද?

අරූ : ඔව් කතා කරනවා

අපි : බුදු අම්මෝ, මෙන්න ආප්පයක් කතා කරනවෝ

කියල කෑගහගෙන කට් කරනවා.  (මෙතන ආප්පෙ වෙනුවට කියන්නෙ උගෙ ඇත්ත බිස්නස් අයිටම් එක )


 
මේ තව සීන් එකක්,

අපි : සමන් ආප්ප තියනවද?
(දැන් මූ හිතන්නෙ උගෙ නම කියල කතා කරන අඳුරන එකෙක් ආප්ප ඉල්ලනවා කියල )

අරූ : අහ්, ආප්ප තියනවා, කොච්චරක්ද ගන්නද?

අපි : නෑ, "සමන් ආප්ප" තියනවද?

සමන : (ඌ හිතන්නෙ නම කියනවා කියලා ) ඔව් ඔව් ආප්ප තියනවා, කවුද කතා කරන්නෙ.

අපි : යකෝ නිකන් ආප්ප නෙවේ, "සමන් ආප්ප" තියනවද, අර වාහනෙ ගහල තියන.

සමන : #@$#@$%%$^%^%^%$^$ 

මේ තවත් සීන් එකක්,

අපි: මේ සමන් ආප්පයක් කීයද?

සමනා : ආප්පයක් මෙච්චරයි, කීයක්ද?

අපි: ම්ම්ම්, එතකොට "සමන් ආප්ප" කීයද?

සමන : ඒක තමා කිව්වෙ, ආප්පයක් මෙච්චර්යි

අපි : හරි ගොනෝ, ආප්පයක් එච්චරනම් "සමන් ආප්පයක්" කීයද?

සමන් : @#$#@$#$#$%$%#%$%%$

ඉතුරු කතා උඹලට කියන්න බෑ

ප.ලි. සමන හොඳ එකා, මේක දවසක් ඇවිත් අපිට කියනවා, මචන් මම ලෑන්ඩ් ෆෝන් එකට CLI ඇප්ලයි කර්නවා  ඊට පස්සෙ මම ඔය බල්ලො අල්ලගන්නම්කො කියල , අනේ උට CLI හම්බුනත් හරි අර කෝල් එන එක නැවතුනානෙ, හරි පුදුමයි නේද?


Friday, August 31, 2012

ලැජ්ජාව මොකටද (හිනා යන්නෙ නැත )

පොඩි කතා දෙකක් විතර සෙට් උනා, ලියල දාන්න කියල හදන්නෙ, අපෝ අපෙ උන් එක්ක ඉද්දි වෙන සීන් ගැන මම කලින් කියල තියනවනේ, සීන් හැට හුටාමාරක් උනාම යන්තම් එකක් විතර මෙහෙම බ්ලොගෙ ලියා ගන්න පුලුවන් මට්ටමෙ තියනවා, අනිත්වා ලිව්වොත් ඉතින් රෙදි නැතිව පොලේ ගියා වගෙ, එහෙම නැත්නම් හිරේ. හරි හරි, කතාවට එන්නම්කෝ.

මේ කතාව කෙලින්ම අමුවෙන්ම පටන් ගන්නම්, එදා උදෙ අපි වෙඩිමට යන්න සෙට් වෙච්ච වෙලාවේ ඉඳන් වෙච්ච මගුල් කිව්වොත්, මහා වංශෙ දෙපාරක් ලියන්න පුලුවන්. හරි, අපේ බුදු ෆිටෙක්ගෙ වෙඩිමක් තිබ්බ ඇත්තටම උගෙ නෙවෙයි, උගෙ අක්කගෙ, අපි සෙට් එකටම ඉන්ව්යිට් කරා, අපිත් ඉතින් දෙයියනෙ කියල දහයට විතර සෙට් උනා,  සෙට් උනා කිව්වෙ කෙලින්ම මතට තිත, වෙඩිම තිබ්බෙ පෝරුවක් උඩද මෙසයක් උඩද කියලවත් දැක්කෙ නෑ.  

අපි කොහොම හරි එතනෙ බිබි හිටපු අංකල් කෙනෙක් එක්කත් බරපතල වාදක් එහෙම ගියා. වෙන වලි නෑ, තිත තිබ්බ, අපි ඊට පස්සෙ කෑවා, හෝල් එක ඇතුලට පලවෙනි පාරට ඇවිත් ඉඳ ගත්තා, අප්ෆා... ජොඩුව පිටත් වෙන්න වෙලාව හරි, දැන් නෑදැයෙක් අර තැන්ක්ස් කරන කතාව, දන්නවානෙ ඔය වෙලාවට ඔක්කොම ඉන්නෙ සසර කලකිරිලා මේක කීයට කතාව නවත්වයිද කිය කිය නේ. මනමාලය විතරක් නලිය නලිය ඉන්නවා උගෙ ඊලඟ රාජකාරිය මතක් වෙලාද කොහෙද, වෙන එකෙක් මීක් නෑ.

හරි, ඔය කිව්වෙ අවට පරිසර තත්වය, ඔන්න දැන් තමයි දුෂ්ඨයයි වීරයයි කතාවට එන්නෙ, දුෂ්ඨය, අර කිව්ව අංකල්, වීරයා අපෙ සුරා, අහන්න දෙයක් නෑනෙ, මම මිනිහ ගැන කියල තියනවානේ, මතක නැත්නම් පහල ලින්ක්ස් වලින් බලන්නකෝ. ඔන්න ඉතින් අපේ සුරාට අර රාම තෙල් යවනවා කියන්නෙ, අර කෑවට පස්සෙ උගුරෙන් ග් ර් ර් ගල සද්දයක් දාන්නෙ, අන්න ඒක උනා. 3-4 සැරයක් වෙනකොට,
අනිත් මිනිස්සුත් හැරිල බලන්න ගත්ත, ඇයි ඉතින් මූ ලෙසට සද්දෙ දානවනේ. ඔන්න ඔය වෙලාවෙ අර කිව්ව දුෂ්ඨ අංකල්  එන්ටර් උනා අපිට රිටර්න් එක දෙන්න.

අංකල් : ලැජ්ජ නැද්ද ලමයෝ මේ සභාව මැද්දෙ සද්දෙ ඕක යවන්න.

(ප්‍රෙක්ශයො බලාහිඳිති, අපිට කියන්න දෙයක් නැ )

එතකොටම අපි හිතුවෙත් නැ, සුරා කට ඇරියා

සුරා: මොකට ලැජ්ජ වෙන්නද අංකල්, ලැජ්ජ වෙන්න ඕනෙ ඕක කටින් නැතිව පුකෙන් ඇරියනම්නෙ, අර අංකල් කෑම පෝලිමෙදි ඇරිය වගෙ.


(මෙවර පිරිමි ප්‍රේක්ශකයින් තදින් සිනා, ගැහැනු ප්‍රෙක්ශකයින් සාරි පොටවල් වලින් කට වහගෙන ඒත් තදින් සිනා )


සුරාගේ අලුත් ටෝක්ස්

සුරාගෙ තවත් වහ කෑමෙ අවස්තාවක්..

තෝ බැන්දත්, කෙල්ලව ගෙදරනම් ගෙනියන්න එපා

ගෑනු-පිරිමි නිදාගත්තම මොකෝ 

Wednesday, July 18, 2012

සුරාගේ අලුත් ටෝක්ස්

මෙකත් ඉතින් සමහර විට කුචිකවාගන්න වෙන සීන් එකක්ද දන්නෙ නෑ, හැබැයි ඉතින් අපිට නම් පට්ට ආතල් ඒවෙලාවෙ. මම අපෙ සුරා ගැන මීට කලින් කියල තියනවනෙ, ටපල ගන්න එපා සුරා සහ සුදා දෙන්නෙක්. මම කිව්වනෙ සුරා ආයෙ මේ ලෝකෙ නෙවෙයි ජීවත් වෙන්නෙ, ඌ ඉන්නෙ උගේ ලෝකෙ, කිලිනොච්චිවල යුද්දෙ තියනකොට එක මැදට වෙලා වගේ වගක් නැතිව තනමල් විල ගිහින් එන්න පුලුවන්  ටයිප් එකේ බුවා. අපි ඔය සෙට් උනාම එක එක ටොපික්ස් ගැන පට්ට කතා යනවා, මූ නෙවේ ඒවට හ්ම් කියන්නෙ.

ඔන්න ලඟදි දවසක අපි සෙට් උනා, මොකටවත් නෙව් රජයට බදු ටිකක් ගෙවන්න, ඔය වැඩිහිටියෝ කියන කතාවක් තියනවනෙ, මලගෙවල්වලයි, බොන තැන් වලයි කතා කරන්න එපා කියපු ටොපික්ස්, ඒවා තම පොලිටික්ස් සහ ආගම. අපි ඉතින් ඕවා අහයියෑ, එදා කොහෙන් හරි ඇදිලා ආවා පොලිටික්ස් සීන් එකක්, දැන් සෙට් එක ලෙසට නෙලනව, පට්ට තර්ක, සමහර පොඩි සීන් මෙහෙමයි,

හරි බන්, **** තොපෙ ගෙවල් පාරෙ බොක්කුව දැම්මෙ නැත්නම් තොපි තාම මඩෙ

මාර හු...., මොකෝ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද බෝක්කුව දැම්මෙ, අනෙ පල

ඇයි එතකොට *** රජ්ජුරුවෝ *** වැව හැදුව කියන්නෙ, එතකොට රජ ගිහින් උදැල්ලෙන් හෑරුවද

ඒ කාලෙ වෙනස්නෙ බන්,

ඔන්නො ඔහොම ඔය උදාහරනෙ වගෙ දාස් ගුනයකින්, දැන් කාලෙ පොලිටික්ස් ගැන පට්ට දරුණුවට වාදෙ, යාලුවො සෙට් එක හින්දා හොඳයි, වෙන තැනකනම් මේ වෙනකොට මිනීයක් මැරිල, එතකොට එකපාරටම සුර නින්දෙන් ඇහැරිලා වගේ, මම කිව්වෙ ඌ ඔය කිසිම කතාවකට ආවෙ නැති එකා,

"මචං හොඳ වෙලාවට නේද මිනිස්සු ඇන්දුම් අඳින්නෙ?"

අපි මඤ්ඤං වී හොල්මන් වී ඌ දිහා බලනකොට, ඌ කියපි,

"නැත්නම් මචන් නදීකාට වැඩට එන්න  බයින් ඔෆිස් නැති වෙයිනේ"

අපි නැවතත් මඤ්ඤං විය, ඌ මේ කියන්නෙ, මේ දවස්වල ඌ දාගෙන ඉන්න කෑල්ල ගැන, ගාර්මන්ට් බයින් ඔෆිස් එකක වැඩ කරන, එක අතකට මුගෙ කතාව හරිය, මිනිස්සු ඇන්දුම් අඳින්නෙ නැත්නම් ඇඳු මහන්න ගාර්මන්ට් මොකටද? ගාර්මන්ට් නැත්නම් බයින් ඔෆිස් මොකටද? බයින් ඔෆිස් නැත්නම් එකි වැඩට එන්න කොහෙටද, එහෙම උනානම් එකි මුට සෙට් වෙන්නෙ නෑනෙ, අම්මප මුගෙ මොලේ, අච්චර සිරා පොලිටික් වාදේ එක තප්පරෙන් කෑවා, සුද්ද සිංහලෙන් ආයි මුට බැනල අපි ආයි වාදෙ කන්ටිනිවු කරා, උඹල හිතුවට කතාව ඉවරම නෑ, සුරා...

ඔන්න මම කිව්වනෙ ආයි පොලිටිකල් ටෝක්ස් පටන් ගත්ත කියල, ඔන්න එකෙක් කියනවා චන්ද පදනමක් ගැන,

"යකෝ උඹල දන්න ඉටිගෙඩිය, 77 විවස්තාවෙ ඉඳලා ෆ්ෆ්ෆ්ෆ් ඩ්ෆ්ඩ්ෆ්ඩ්ෆ් ෆ්ෆ්ස්ඩ්ෆ්ස්ෆ් ඩ්ස්ෆ්ඩ්ෆ්ඩ්ෆ්ෆ්ඩ්ෆ්ඩ්ස්ෆ් ඩ්ෆ්ඩ්ෆ්ඩ්ෆ්ඩ්ස්ෆ්ඩ්ෆ්ස්ෆ්ස්ඩ්ෆ් ෆ්ස්ෆ්  මේරටෙ චන්ද වෙනස් කරේ පාවෙන චන්දදායකයෝ"

එච්චරයි උට කියන්න හම්බ උනේ, සුරා,

"මේ අපි වගෙ උන්ද බන්"

සුරා සිංහල උනාට උට සිරාවට සිංහල බෑ, හැබැයි උට දෙමලයි, කඩ්ඩයිත් බෑ, ඒකියන්නෙ මුට මුකුත් බෑ, එහෙව් එකා මොන පොලිටික්ස්ද, අපි මඤ්ඤං වී ආයි ඌ දිහා බලනකොට ඌ කිව්වෙ,

"මේ අපි වගෙ මල් ගහල පාවෙන උන්ද?" කියාය.




   

Wednesday, July 11, 2012

මේවා තමයි මල්ලි ෆිල්ම්ස්

සුටිම සූටි කතාවක්, ලඟදි මල ගෙදරක නයිටක් ගහනකොට ඇහිච්ච කතා වලින් එකක්. එකක් දෙකක් කලින් අහල තිබ්බට මරු සෙට් එකක්ම කිව්ව ඒ පොර, දැන් මතක මෙච්චරයි. ඉස්කාගාර සංස්ථාව තමයි ඉතින් අමතක වෙච්ච ඒවාට වග කියන්න ඕනේ.  ඔන්න එදා අහගත්ත නියම හින්දි ෆිල්ම් ටිකක නම් සහ විස්තර.

1. නාන ලිඳක් ලඟ සිදු උන ත්‍රාසජනක සිදුවීම් සහිත "සබ්බෙ ලබන්"

2. බේකරි හිමියෙකුගේ සංවේදී කතාවක් "පාන්ති බේ"

3. දුක දිනා ලොව ජයගත් කම්මල් කරුවෙකුගේ අති සාර්තක කතා වස්තුව
       "ලාම්පුරේ පෙයාර්කෙරේ"

මේව ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම්ස්

4. අති ධාවන කාරී මහල්ලකුගෙ සැඟවුන රහස "පාකි නකේ බෙල් තේරේ"

5. අති බිහිසුනු කිඹුලෙකුට මැදි ඌ තරුනයකුගෙ දුඛාංතය "වනවානම් කල්ල කඩන් කාපන්"

6. ජනාකීර්න බොම්බෙ නගරයෙ සැඟවුන රහස "පයින්ද කොකෝ බොම්බෙ කිත්තම්"

7. අනුන්න්ට දෙන්න ගොස් ඉල්ලන් කෑ කිරි කාරයෙකු වටා ගෙතුන පවුලේ අන්දරය "ඉල්ලන්පු කේටින් කිරි"

ඔන්න මේකෙ කුනුහරුප ලියල උඹලව නරක් කර කියලනම් කියන්න එපා, මොකද උඹල කලින්ම කුනුහරුප දන්නවනම් විතරයි මේවයෙ තියන කුනුහරුපයක් තේරෙන්නේ, නොදන්න උන්ට නම් ඉතින් තෙරෙන්නෙ නෑනෙ, ඉතින් අවුලක් නෑ.

Thursday, June 14, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතා (6) - ශාන්ත සර් සහ අපි

දෙයියනේ කියල අපිට ඒලෙවල් කාලෙ හිටපු සර්ල ගොඩක් අය කොල්ලන්ටම ගැලපෙනව, සමහර වෙලාවට පිස්සුඑ හැදෙනව පොරවල්ගෙ වැඩ දැක්කාම.
අපිට ඒලෙවල් වලට කෙමිස්ට්‍රි උගන්නන්න හිටපු එක සර් කෙනෙක් තමා, ම්ම් අපි කියමුකෝ ශාන්ත සර් කියල, සර් ටිකක් අමුතුයි, කතාව, ඇවිදින විදිය, සපත්තු ගෙවෙනවා ඇති මාසෙන් අද්ද අද්ද ඇවිදිද්දි.  සර් කෙමිස්ට්‍රි වලට පට්ටයි, ඒදවස්වලත් හෙන ටියුශන් කප්පිත්තෙක්, ලංකාවෙ එක පලාතක හෙනට ප්‍රසිද්දයි මේ සර්.

ඔන්න දවසක් පාඩමේ එනව උත්ප්‍රේරක ගැන

සර් : අයිසෙ, උත්ප්‍රේරක, උත්ප්‍රේරක ජාති දෙකක් තියනවා, එකක් ධන උත්ප්‍රේරක අනික රින උත්ප්‍රේරක, ඒ කියන්නෙ අයිසෙ, ඔය ප්ලේන්ටියක් ගහල සිගරට් එකක් බොන්නෙ, ඒ ධන උත්ප්‍රේරකයක්, රින කියන්නෙ ඉතින් පැනඩෝල් ගහල නිදාගන්නවා වගෙ.

(මේ රින කියන එක හරියට ලියන්න දන්නෙ නැතෝ)

ඔන්න තව දවසක් කොල්ලෙක් පංතියෙ නිදි, සර් දැක්ක,

සර් : නැගිටපන්, දුවපන් කැන්ටිමට, ගිහින් ප්ලේන්ටියක් බීල වරෙන්




ඔය එක කතාවක්, දවසක් අපි කෙමිස්ට්‍රි ලැබ් එකෙ මොනවදෝ මන්දා ටෙස්ට් වගයක් කරකර ඉන්නකොට සර් ගියා එලියට අපිට වැඩ කරන්න කියල.
අම්ම ගහයි බැට් එකෙන්, මොන කෙමිස්ට්‍රිද, අපි සෙට් එක අර එක එක අඬු ජාති අරගෙන, පතරංග වගෙ දිග මේස වලට ගගහ සිංදු කියන්න සෙට් උනා, අර දන්නවානෙ තම්මැට්ටමද කොහෙද බෙරේ ගහන එක වගේම අඬු ජාතියක් තියෙන්න, දැහි අඬුද මන්දා, ඕවා තමයි භාන්ඩෙ, දැන් ලෙසට නැගල යනව සිංදු, අපි වගෙ නෙවෙයි වැඩ කරන්න "බැරි" උන් පරීක්ශනේ කරනවා, අපි සිංදු කියනවා.
අපි සිරාවට හිතුවෙ සර් එනෑකක් නෑ කියල, කොහෙ, එකපාරටම සර් කඩාගෙන පන්නනෙ ලැබ් එකට, සර්ට මල පැනල මල බිමදිගේ, කානු දිගේ හිටන්..

උඹල යකෝ මම නැති ටිකට ඩෙඟ නටනව.. @%$%# ^#%^%^%$^#@%!%, සිංදු කියපු උන්, පලයල්ල එලියට

අනේ ඉතින් අපි කීකරු ශිෂ්‍යයෝනෙ, ඔන්න අපි සෙට් එක එලියට ගියා... ඉවරයි කිව්වව කතාව ඉවරම නෑ

සරුත් ආව එලියට,
(හෙන ගෝරනාඩු සද්දෙන්)
තමුසෙල පෝලිමකට ඉන්නවාලා

අපිත් ඔන්න පෝලිමේ, සර් පටන් ගත්ත එක කෙරවලකින්, ඔන්න අල්ලගත්ත පලවෙනි එකාගෙ කොලර් එකෙන්, චට පට ගාල දෙකක් නෙලුවා මූන දෙපැත්තටම, ඊට පස්සෙ අහනවා
පරය තෝ සිංදු කීවද
(ආයි ඉතින් ඕක අහන්න දෙයක්කද, සිංදු කියපු හින්දනෙ එලියට ආවෙ කියල අපිට කියන්න හිතුනත්, ආයි මොකටද සර්ව කලබල කරන්නෙ හිතල අපි ඒක ඇහුවෙ නෑ, අනික මෝකො අර හැදිච්ච උන් එලියට එයිද උන් ඇත්තටම සිංදු කිව්වත්)

ඉතින් කොල්ල කියනව, ඔව් සර්, ආයෙත් චට පට ගාල දෙකක් නෙලනවා ඊට පස්සෙ අනිකව, සේම් මෙතඩ්, ගහනව,අහනව,ඔව් කියනව, ආයි ගහනව. මාර සිම්පල් ප්ලෑනක් නේද සර්ගෙ.

ඔය අතරෙ මරු සීන් දෙකක් උනා, ඔහොම එකෙක්ගෙ කොලර් එකෙන් අල්ලද්දි උගෙ බොත්තමක් ද කොහෙද වටුනා,
සර් : අහුල ගනින් ඒක, (අරු ඔන්න ඒක අහුල ගත්තා ) හරි දැන් ඕක කටේ දාගෙන හපපන්.. අරු බොත්තම දාගෙන හපද්දි ගුටි කන අපිට මැරෙන්න හිනා, මොනා කරන්නද සංසාරේ සංසාරේ.

අනිත් සීන් එක තමයි, තව එකෙක්ට නෙලද්දි, උගෙ ඇඟෙ හැප්පිලා උගෙ ලඟම හිටපු එක පොලිමෙන් පිටිපස්සට විසි උනා, අනෙ සරුත් ඌව අතඇරල අනිත් උන්ට නෙලාගෙන ගියා පෝලිම ඉවර වෙනකම්. හැබයි මිස් වෙච්ච එකාගෙ හැපිය තිබ්බෙ ටික වෙලාවයි, පෝලිමටම නෙලල ඉවරකරපු සර් ආව මූ ලඟට, උගෙන් මුකුත්ම අහුවෙත් නෑ, චට පට චට පට.

මම කලිනුත් කිව්වනෙ, ඉවරයි කිව්වව කතාව ඉවරම නෑ. සර්ගෙ ඊලඟ ඔර්ඩර් එක, ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහා අව්වෙ හිටගෙන ඉන්න එක, ඒකනම් අවුල්, මේන් ගේට් එක ලඟම, හැම එකාටම පේනවා, ඔන්නඔහෙ සර්ගෙ හිත රිදෙයි කියල අපි ගිනි අව්වෙ හිටන් ඉන්නවා, එහෙම හිටිය කියල ඉතින් අපි අපිමනෙ, දැන් හෙන කයියවල් සෙට් එක, හවසට බඩු බහින ඒවා, ක්ලාස් කට් කරන ඒවා කීයක් කියල මාතෘකාද කතා කරන්න,
ටිකකින් අපිට පිටිපස්සෙන් ඇහෙනවා කට හඬක්

මේ, ටිකක් හිමින් කතා කරනවාකෝ, ප්‍රින්සිපල්ට ඇහුනොත් එහෙම. ඒක නෙමේ, මේ තමුසෙල මොකද අව්වෙ ඉන්නෙ

අනේ අපේ ශාන්ත සර්ම තමා තොත්ත බබා වගෙ එහෙම අහන්නෙ...

සර්නෙ අපිට ඉන්න කිව්වෙ
එහෙමද, එහෙනම් ඔන්න ඔහෙ පංතියට එනවකෝ අව්වෙ කර වෙන්නෙ නැතුව.

කතාව ටිකක් දිග වැඩියි, ඒත් තව එක සීන් එකක් දාන්නම්කො,
උඹල දන්නවනෙ කොල්ලො ඉස්කෝලෙ කට් කරල පනිනව කියල, ඒත් උඹල අහල තියනවද ටර්ම් ටෙස්ට් එකට අවිත් කට් කරනවා, ඔන්න වැඩිම උනොත් විභාගෙට එන්නෙ නැති වෙයි, දවසක් අපිට ටර්ම් ටෙස්ට්, සබ්ජෙක්ට් එක මතක නැ, පේපර් 2 කියල මතකයි..

ඔන්න අපිට පේපර්ස් බෙදල, අපිත් දැන් ලියන්න ලෙසටම, විනාඩි පහක් ගියේ නෑ, නලිය හරි, අමිලයා හරි, කියනව අනෙ මචන් යන්කෝ බන්, මට ලියන්න බෑ, පොඩි කේස් එකක්. හතිලව්වයි කලාබරයයි කිව්වලු, මොනා කරන්නද, ඔන්න අපි දෙතුන් දෙනා නැගිට්ට, වෙලාවට අපෙ ක්ලාස් සරුත් නෑ, හීනියට ඔන්න එනව පෙපර් රෝල් කරගෙන එලියට පනින්න, කෙලිය තාප්පෙට, ශාන්ත සර් ඉන්නවා කොරිඩෝ එක කෙරවලෙ, විභාගෙට ඩෙස් ඈත් කරන හින්දා කස්ටියක් කොරිඩෝවට වැටෙනවානෙ, අන්න උන්ව නිරීක්ශනය කරන්න.

දැන් මොකෑ කොරන්නෙ කියල හිතන කොට
(නලියා) මචාන්ස්, හිනියට ඔහොමම පලයන්, දැන් ඉතින් මොනා කරන්නද.

ඉතින් ඔන්න අපි දැන් යනව, සර් අපි දිහා බලාන ඉන්නව, අපි සර්ව පහු කරනවා, සර් ඒත් අපි දිහාම බලාගෙන ඉන්නවා, ඔන්න අපි සෙට් එකම සර්ව පහු කරා, ම්හු, කිසි අතුරු අන්තරාවක් නෑ, දැන් හිතා ගන්න බෑ මොකද උනේ කියල, ඔහොමම අපි පඩි පේලිය ලඟට යනකොට අපිට ඇහෙනවා සර් කොරිඩෝ එකෙ ඉන්න කොල්ලන්ට කියනවා

ෂා... කුඩු කාරයො ටිකක්ද කොහෙද

ප.ලි : සිරාවට, මම මේ සර්ල ගැන කියන කතා අපහාසෙකට නම් නෙවේ, මොනව උනත් බුදු සර්ල ටිකක් හිටිය, අපිට සිරාවට උගන්නන්න, අනික ඔය සර්ල හරියට දැනගෙන හිටිය කොල්ලො උනාම කොලු කාලෙට පිස්සු කෙලිනවා ඒත් ඒව කන්ට්‍රෝල් කරන්නෙ කොහොමදත් කියල. සමහර වෙලාවට පට්ට සැරෙන්, නැත්නම් හෙන ෆ්‍රෙඬා වගෙ, කොටින්ම ඔය සර්ල දැනගෙන හිටිය අපි ඇත්තටම කොයි වගෙ උන්ද කියල. අපි පිස්සු කෙලියත් වැඩෙ තිතට කරනවා කියල.

මම කැරැට්ටු සර්ටිෆිකේට් එක ගන්න ගිය වෙලාව, ඒලෙවල් සෙක්ශන් හෙඩ් කිව්වෙ,
අනෙ මන්ද මේ යක්සයට A දීලත් බෑ, නොදීත් බෑ, එහෙම කියල අවුරුදු දෙකටම හැම කැටගරියකටම A දුන්නනෙ.. ඇඬෙනව

Tuesday, May 29, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතා (5) - සර්ගෙ කරුණාව

ඉස්කෝලේ සර්ල දෙතුන් දෙනෙක් ගැනම මේ බ්ලොගයෙම කිව්වත් තව ටිකක් තියනවා, ඔන්න ඔහේ ඒවායින් දෙක තුනක් ඇදල දාන්න කියල. kkkkkk කියයන්නෙ අපිට ඒ ලෙවල් මැත දාන්න ආපු එක සර් කෙනෙක්.

දවසක් අපෙ ක්ලාස් එකට ෆ්‍රී පීරියඩ් එකක්, ඉංග්‍රීසි, නිකම්ම නෙවේ ඒක ෆ්‍රී උනේ, අපෙ කටේ හය්යටම මිස්ට පන්තිය එපා උනා, ආයි මම මේ පංතියට උගන්නන්නේ නෑ කියල ගියා ගියාමයි ආවෙ  නෑ ඊට පස්සෙ. අපි ඉතින් පංතියෙ ඩෙඟා නටනවා.. එදා එහා පන්තියට උගන්න උගන්න හිටියෙ kkkkkk සර්, සර් මල පැනපු පාර එදත් නාලාගිරි වගෙ පැන්න පංතියට.

කටවහගන්නවාලා, වැඩ නැද්ද, කවුද මේකෙ රෙකොර්ඩ් මොනිටර්,

අපෙ ඉස්කෝලෙ මොනිටරයට වඩා වැඩ තිබ්බෙ රෙකොර්ඩ් මොනිටරයට, ඒ ගැන ලියපු සීන් එක මම යට ලින්ක් එක දාන්නම්,

මම හිමින් නැගිට්ට,

තමුසෙද, මොකද අයිසෙ බෙරිහන් දෙන්නෙ, මුකුත් වැඩක් දීල නැද්ද, මොනවද දැන් තියෙන්නෙ.

ඉංග්‍රීසි

ඒ ලස්සන, තරුණ පොඩි මිස්ව මතක් වෙලාද කොහෙද  මෙච්චර වෙලා මාරාවෙසෙන් කෑගැහුව සර්, පූස් පැටියෙක් වගෙ හරි අහිංසක උනා,

ආ, ඉංග්‍රීසිද, ඉතින් පුතා ගිහින් මිස්ට එන්න කියන්නකෝ මෙතන බෙරිහන් දෙන්නෙ නැතුව

සර් දැන් මිස් අපේ පංතියට උගනන්නෙ නෑ

එහෙම කියල හරියනවද, යන්න යන්න, ගිහින් මිස්ව එක්කන් එන්න මොනව හරි ඉගෙන ගන්න

අනෙ ඉතින් මමත් රෙකොර්ඩ් බුක් එකත් කිහිල්ලෙ ගහගෙන, ඒ ලස්සන තරුන මිස්ව හොයන්න ගියා, දැන් තේරෙනවනේ ඇයි සර් හීලෑ උනේ කියල. මමත් ගිහින් මිස්ට කිව්ව අපිට දැන් ඉංග්‍රීසි කියල, කොහෙ, මිස් මගෙ ඇඟට පැන්නා මම ආයි ඔයාලගෙ ක්ලාස් එකට උගන්නන්නෙ නෑ කියලා

මමත් ඉතින් ගිරේට අහුවෙච්ච මොකක්ද එක වෙන්න ඕනෙ නැති හින්දා,

අනේ මන්ද මිස්, kkkkkk සර් ගෙන් කරදරේ මිස්ව පන්තියට එක්ක එන්න කියල, සර් අනිත් පංතියෙ උගන්නනවා.
මිස්ගෙ සෝස පාට මූන රතුවෙලා ගියා, තමුන් යනව පංතියට, මම ඒක එයත් එක්ක බේර ගන්නම්
අවුලපු ගින්නෙන් ඉතුරු පට්ට ආතල් එකක් ගන්න මම ඉක්මනට පංතියට ගියා..

මිස් කඩාගෙන ආව සර්ගෙ පංතියට, හෙන සැරෙන්ම, මොකද මිස්ට kkkkkk ඔයා ලමයින්ව එව්වෙ මාව එක්කන් එන්න

සරුත් නාකි වුනේ නිකම්ම වෙන්න බැහැනෙ....

නෑ මිස් මෙ මම කියන්න මෙ ලමයින්ට... කියල පටන් ගත්ත කාතාව ඊල්ඟ පීරියඩ් එකෙනුත් කෑල්ලක් අරගන්න තරම් දිග්ගැස්සුනා, සර් ඒ අතින් හෙන ටැලන්ට් මෙයාල, මගෙ ගේම නිකම්ම වතුරෙ ගියා දෝ කියල හිතනකොටම, අපෙ ප්‍රින්සිපල්  jjjjjj ආවා, ප්‍රින්සිපල් jjjjj අමුතුම පොරක්, ඉස්කෝලෙ හදන්නනම් ඉස්සෙල්ල ලොකු උන් හදන්න ඕනෙ කියන ප්‍රතිපත්තියේ බැහැගෙන හිටපු නිසා, සර්ටයි මිස්ටයි මොනවාදෝ තදින් කියනවා අපිට තේරුනා...

හම්මෝ යන්තන් මගෙ වැඩේ හරි ගියා.. කොහොමින් හරි..


ඔහොම උනත් kkkkkk සර් මාර පොරක්ය,
මම පස්සෙ කාලෙක ගෑනු ලමයත් එක්ක බස් එකේ යනකොට සරුත් අහම්බෙන් ඇවිත් අපිට එහා පැත්තෙ තියන ජම්පර් සීට් එකෙ ඉඳ ගත්තා.. අනෙ ඉතින් අපෙ සර් නෙ, මම ආයුබෝවන් කියල කතා කෙරුවා..

ආහ්.. තමුසෙද.. හා හා.. ඔහොම ඉන්නවා, ඔහොම ඉන්නවා, මම යන්නම් වෙන සීට් එකකට කියල සර් නැගිටලා ගියා..

එච්චර්යි..





ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන්



Tuesday, May 22, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතා (4) - සර්ගෙ කිරිසප්පයෝ සහ අපි කිරිසප්පයෝ

ඒ ලෙවල් කාලෙ තව ගොඩක් ආතල් ගත්ත තැනක් තමා ස්කූල් බස් එක. ඒ ලෙවල් කියන්නෙ අපි ලොකු පොරවල්නේ, එතකොට බස් එකෙ ලොක්කො අපි තමා, බස් එකෙ ලොක්කන්ට තමයි ඉතින් පිටිපස්සෙ දිග සීට් එක අයිති. ඕකෙ ඉඳගෙන පට්ට පිස්සු කෙලෙ කෙල යන එක තම රාජකාරිය. ඔෆිස් වෑන් වල යන අක්කලාට අත වනන්නයි, ඉස්කෝලෙ කෙල්ලො යන වෑන් වලට හු කියන්නයි, නිවාඩු දෙන කාලෙට වතුර ගහන්නයි අපිට තම බාර වෙලා තිබ්බෙ. ඇයි වලි, බස් එකෙ "ලොකු අයියලා" වශයෙන් අපිට තම ඕන වලියකට ඉන්විටේශන් තිබ්බේ, ඉස්සරහ යන පොඩි උන් නිකන් දා ගන්න වලි උනත් ඉතින් අපි තමා ඉවර කරන්න ඕනේ, හැබැයි වලි දෙක තුනක් තිබ්බා මුලු බස් එකම සමව බෙදාගෙන කාපු.

දවසක් බස් එකේ එනකොට, ටිකක් වැස්ස වගෙ, කරුවලයි, කොහොමත් උදේනෙ, ට්‍රැෆික් එකට අහුවෙල බස් එක අයිනෙන්ම ඉස්කෝලෙ කෙල්ලො යන ත්‍රීවිල් එකක් බ්ලොක් උනා, අපේ පැත්තෙ හිටියෙ කෙල්ලවනම් හොඳට පේනවා,

අපේ සහෝදරී පාසලෙ කෙල්ලෙක්, අනිත් එකියත් එකෙම තමයි වගෙ, ඒත් කෙරවලෙ හිටපු කෙල්ලව පේන්නෙ නෑ බස් එක උස හින්දා, ඔන්න පටන් ගත්ත.. මහා තඩි හූවක්, ඒ මදිවට ඔය සහෝදරි ඉස්කෝලෙට විද්‍යාගාරේ තියන උපකරනයක නමක් කියනවා, එකෙන් කියවෙන්නෙ අස්වාභවික සෙක්ස් සීන් එකක් ඉස්සර කාලෙක ඒ ඉස්කෝලෙ ලැබ් එකක වෙච්ච. දැන් ඔය නමත් කියකිය මුලු බස් එකම හූ තියනවා,

එකපාරටම නලියා මාව ඇදල ගත්ත..

මොකද යකෝ..

යකෝ තෝ දැක්කද අන්තිමට ඉන්න කෙල්ලව..

ම්හ්.. ඇයි උඹ බහින එකක්ද..

ගොනෝ, ඒ ඉන්නෙ KKKK සර්, හුටා ඒ අපෙ පන්තියට උගන්නන සර් කෙනෙක්, ඒ මදිවට මිනිහට ඩිපියුටි ප්‍රින්සිපල් පට්ටමකුත් තියනවා, මේ තියෙන්නෙ මිනිහ ගැන තව කතාවක්, මොකද බුවාත් අඳින්නෙ සුදු ශර්ට් එකක් ටයි එකයි, අපිට පෙනුනෙ කෙරවලෙ ඉන්නෙත් කෙල්ලෙක් කියල.

දැන් ඉතින් මොකේ දන් වලඳනේ, බුවා අපි දෙන්නව දැක්කනම් හොදි ඕන්නෙ නෑ,

කොහොමහරි අපි දෙන්නා හීනියට පංතියට ගිහින් විනාඩියක් වත් ගියේ නෑ, සර් එනවා නිකන් නාලගිරි ඇතා එනවා වගෙ අපේ පංතියට, දැන්නම් ඉතින් අරක්කු බාර දෙය්යන්ටවත් අපිව බේර ගන්න බෑ,

අයිසේ, ප්‍රසා, නලියා, නැගිටිනවා.. තමුසෙල දෙන්න අද මම කම්බස් කරනවා, තමුසෙලා දෙන්න එන්නෙ aaaaa ස්කූල් බස් එකෙ නේ..  අර මගෙ කිරිසප්පයෝ දෙන්නට මොනවද උඹල කිව්වෙ...

මම නෝ හෙල්ලුම්, නලියා, කො.. කොහෙදිද සර්, මොනවද මේ,

දන්නෙ නෑ වගෙ, අද ..... ස්කූල් බස් එකේ

සර්ට කියන්න හම්බවුනේ එච්චරයි, නලිය, එකපාරටම ඔලුවෙ අත ගහ ගත්ත, ඊට පස්සෙ මූ තනියම ශික් ශික් ගානවා, සර් විතරක් නෙවෙ දැන් මාත් අඤකොරොස්,

මොකද මොක්ද තමුසෙ චික් ගාන්නෙ,

නෑ සර්, අද අපි වේලාසන ආව ඉස්කෝලෙට, ඊයෙත් බැරිඋන වැඩ තියන හින්දා, මම ඒත් ඊයෙ ඕ ලෙවල් උන්ට කිව්ව බස් එකෙ පොඩි උන් ටික බලා ගන්න කියල, මුන් මොකක් හරි අද කරල,
කියන්ඩ සර්, මොකද උනේ, මම හවසට බලන්නන්කෝ, සර් කෙට්ටු උස මල්ලි කෙනෙක්ද?
මූ එලො සිහියක් නැතුව කියවගෙන යනවා, දැන් ඔන්න සර්ගෙ ගිනි නිවිලා,

ඒකනෙ අයිසෙ, බලනවකෝ, මුන් අද මටයි පොඩි උන් දෙන්නටයි කෑ ගැහුවනේ, පොඩ්ඩක් ඔය පොඩි උන්ව සැරකරල බස් එකෙ තියා ගන්නව, කොකටත් පොඩ්ඩක් හොයල බලල මට කියනවකෝ.. ඇන්හ්



මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්