Tuesday, May 29, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතා (5) - සර්ගෙ කරුණාව

ඉස්කෝලේ සර්ල දෙතුන් දෙනෙක් ගැනම මේ බ්ලොගයෙම කිව්වත් තව ටිකක් තියනවා, ඔන්න ඔහේ ඒවායින් දෙක තුනක් ඇදල දාන්න කියල. kkkkkk කියයන්නෙ අපිට ඒ ලෙවල් මැත දාන්න ආපු එක සර් කෙනෙක්.

දවසක් අපෙ ක්ලාස් එකට ෆ්‍රී පීරියඩ් එකක්, ඉංග්‍රීසි, නිකම්ම නෙවේ ඒක ෆ්‍රී උනේ, අපෙ කටේ හය්යටම මිස්ට පන්තිය එපා උනා, ආයි මම මේ පංතියට උගන්නන්නේ නෑ කියල ගියා ගියාමයි ආවෙ  නෑ ඊට පස්සෙ. අපි ඉතින් පංතියෙ ඩෙඟා නටනවා.. එදා එහා පන්තියට උගන්න උගන්න හිටියෙ kkkkkk සර්, සර් මල පැනපු පාර එදත් නාලාගිරි වගෙ පැන්න පංතියට.

කටවහගන්නවාලා, වැඩ නැද්ද, කවුද මේකෙ රෙකොර්ඩ් මොනිටර්,

අපෙ ඉස්කෝලෙ මොනිටරයට වඩා වැඩ තිබ්බෙ රෙකොර්ඩ් මොනිටරයට, ඒ ගැන ලියපු සීන් එක මම යට ලින්ක් එක දාන්නම්,

මම හිමින් නැගිට්ට,

තමුසෙද, මොකද අයිසෙ බෙරිහන් දෙන්නෙ, මුකුත් වැඩක් දීල නැද්ද, මොනවද දැන් තියෙන්නෙ.

ඉංග්‍රීසි

ඒ ලස්සන, තරුණ පොඩි මිස්ව මතක් වෙලාද කොහෙද  මෙච්චර වෙලා මාරාවෙසෙන් කෑගැහුව සර්, පූස් පැටියෙක් වගෙ හරි අහිංසක උනා,

ආ, ඉංග්‍රීසිද, ඉතින් පුතා ගිහින් මිස්ට එන්න කියන්නකෝ මෙතන බෙරිහන් දෙන්නෙ නැතුව

සර් දැන් මිස් අපේ පංතියට උගනන්නෙ නෑ

එහෙම කියල හරියනවද, යන්න යන්න, ගිහින් මිස්ව එක්කන් එන්න මොනව හරි ඉගෙන ගන්න

අනෙ ඉතින් මමත් රෙකොර්ඩ් බුක් එකත් කිහිල්ලෙ ගහගෙන, ඒ ලස්සන තරුන මිස්ව හොයන්න ගියා, දැන් තේරෙනවනේ ඇයි සර් හීලෑ උනේ කියල. මමත් ගිහින් මිස්ට කිව්ව අපිට දැන් ඉංග්‍රීසි කියල, කොහෙ, මිස් මගෙ ඇඟට පැන්නා මම ආයි ඔයාලගෙ ක්ලාස් එකට උගන්නන්නෙ නෑ කියලා

මමත් ඉතින් ගිරේට අහුවෙච්ච මොකක්ද එක වෙන්න ඕනෙ නැති හින්දා,

අනේ මන්ද මිස්, kkkkkk සර් ගෙන් කරදරේ මිස්ව පන්තියට එක්ක එන්න කියල, සර් අනිත් පංතියෙ උගන්නනවා.
මිස්ගෙ සෝස පාට මූන රතුවෙලා ගියා, තමුන් යනව පංතියට, මම ඒක එයත් එක්ක බේර ගන්නම්
අවුලපු ගින්නෙන් ඉතුරු පට්ට ආතල් එකක් ගන්න මම ඉක්මනට පංතියට ගියා..

මිස් කඩාගෙන ආව සර්ගෙ පංතියට, හෙන සැරෙන්ම, මොකද මිස්ට kkkkkk ඔයා ලමයින්ව එව්වෙ මාව එක්කන් එන්න

සරුත් නාකි වුනේ නිකම්ම වෙන්න බැහැනෙ....

නෑ මිස් මෙ මම කියන්න මෙ ලමයින්ට... කියල පටන් ගත්ත කාතාව ඊල්ඟ පීරියඩ් එකෙනුත් කෑල්ලක් අරගන්න තරම් දිග්ගැස්සුනා, සර් ඒ අතින් හෙන ටැලන්ට් මෙයාල, මගෙ ගේම නිකම්ම වතුරෙ ගියා දෝ කියල හිතනකොටම, අපෙ ප්‍රින්සිපල්  jjjjjj ආවා, ප්‍රින්සිපල් jjjjj අමුතුම පොරක්, ඉස්කෝලෙ හදන්නනම් ඉස්සෙල්ල ලොකු උන් හදන්න ඕනෙ කියන ප්‍රතිපත්තියේ බැහැගෙන හිටපු නිසා, සර්ටයි මිස්ටයි මොනවාදෝ තදින් කියනවා අපිට තේරුනා...

හම්මෝ යන්තන් මගෙ වැඩේ හරි ගියා.. කොහොමින් හරි..


ඔහොම උනත් kkkkkk සර් මාර පොරක්ය,
මම පස්සෙ කාලෙක ගෑනු ලමයත් එක්ක බස් එකේ යනකොට සරුත් අහම්බෙන් ඇවිත් අපිට එහා පැත්තෙ තියන ජම්පර් සීට් එකෙ ඉඳ ගත්තා.. අනෙ ඉතින් අපෙ සර් නෙ, මම ආයුබෝවන් කියල කතා කෙරුවා..

ආහ්.. තමුසෙද.. හා හා.. ඔහොම ඉන්නවා, ඔහොම ඉන්නවා, මම යන්නම් වෙන සීට් එකකට කියල සර් නැගිටලා ගියා..

එච්චර්යි..





ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන්



8 comments:

  1. අන්න නියම සර්ලා....

    ReplyDelete
  2. ගිහිල්ලා වදින්න තිබ්බේ බං.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. අනේ වාසනාවන් මේවගේ සර්ලා....

    ReplyDelete
  4. ළමයින්ට කරදරයක් නැති ගුරුවරු

    ReplyDelete
  5. සර් නම් දෙයියෙක් වගේ :)

    ReplyDelete
  6. සර් නම් මරුනේ.. කොයිතරම් විනීත විදියට සීට් එකෙන් නැගිටලා ගියාද...

    ReplyDelete
  7. සහතික ඇත්ත කතාව , රෙකෝඩ් මොනිටරයට වැඩ වැඩියි. ආයුබෝවන් කතාවෙන් අහුඋනේ. කල්පනා කලේ සර් කව්ද කියල....

    ReplyDelete
  8. මරු ගුරුතුමෙක්...
    කතාවත් මරු...

    ReplyDelete