අද නම් කියන්න යන්නෙ අපේ හොස්ටල් එහෙම නැත්නම් නේවාසිකාගාර ජිවිතේ කතා මේ ඊයේ පෙරේදා අපේ එකෙ මතක් කරා, ඒකයි එක පාරටම ආයි මතක් උනේ, අපේ ඉස්කෝලෙ හොස්ටල් එකේ කතා මම තව බ්ලොග් එකකත් දැක්ක. මම හිතන්නෙ බ්ලොග්-ගඩොල් වගේ තමා මතක. ලින්ක් එක තිබ්බා හොයා ගන්න බෑ. ඔය බෝඩිමම ගැන මම ලියපු තව කතාවල ලින්ක්ස් තමා ඔය උඩිනුයි යටිනුයි දාල තියෙන්නෙ
ඔය හොස්ටල් ලයිෆ් එක කියන්නෙ මාර ෆන්, පිස්සු කොර ඒවගේම හෙන දුක්ඛිත ලයිෆ් එකක්. ඕකෙදි ගත්ත ෆන් කියන්න බ්ලොග් මදි ඒත් කරුමෙට හරියට මතක් වෙන්නෙත් නෑ. ඒක හින්දා පොඩි සිද්දි ටිකක් දාන්නම්,
ඔන්න දවසක්, දවසක් කිව්වට හැමදාම එහෙමයි, අපි නැගිට්ටේ වෝර්ඩන්ගෙ බනින සද්දෙයි, ගුටි අනින සද්දෙයි ඇහිලා, පට්ට පාන්දර 7.30 විතර. සද්දෙ ඇහෙනකොටම අපි දන්නව කලින් තියන ඩෝමෙට්‍රි වලට බැස්ටිය දෙනව කියල, එක තප්පරෙයි, සරම් අතේ, තුවා කරේ, දත් බුරුසු කටේ, ඔරේ රන් එක එක ටැංකි පැත්තට. අපිට ඔය ඩේලි මැරතන් එක ෆුල් ප්‍රැක්ටිස් මොකද හැමදාම ඔහොමනේ. ඒත් එදා මාහා කාලකන්නි දවසක්, මුලු ලෝකෙම අපිට විරුද්ධ වෙලා (එ කොටස රේඩියො චැනල් එකකින් ), අපි දුවනව, බුවා ටැංකිය පැත්තටම එනවා අපිව හොයා ගෙන. අපෙ උන්ට කරගන්න දෙයක් නෑ, කොහොම හරි එකෙක් කිව්ව
"පැනපන් යකෝ ග්‍රවුන්ඩ් එකට"
ආයි හිතන්න දෙයක් නෑ, අපෙ ටැංකි එහා පැත්තෙ තියෙන්නෙ ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එක, පොඩි තාප්ප කෑල්ලකින් දැන් එකා එකා පනිනව වෝර්ඩන් එන්න කලින්.
මැද හරියක් පනිනකොට අපිට පොඩ්ඩක් අවුල් වගෙ, හරි නම් පොතේ හැටියයට වෙන්න ඕනෙ පැනපු උන ග්‍රවුන්ඩ් එකෙ පැවිලියන් එක පිටිපස්සට දුවන්න ඕනෙ, ඒත් මුලින් පැනපු උන්, පැන්න තැන් වලම හොල්මන් වෙලා ඉන්නවා, පස්සෙ පැනපු අපි අරුන්ගෙ ඇඟවල් උඩ.....
අම්මෝ... භයන්කර දර්ශනයක්... STF. එකෙනුයි, කොමාන්ඩෝ එකෙනුයි ඇවිත් අපිව අල්ල ගන්න, ආයි ඇස් ඇරිය, සිරාවට STF ලයි කොමාන්ඩෝස් ලයි...
අපි දැන් කට ඇරන් උන් සෙට් එක දිහා බලන් ඉන්නවා, බුවාලා අපිට වඩා බය වෙලා අපි දිහා බලන් ඉන්නවා, ඒගොල්ලො ලඟ අත්වල තුවක්කු, අපි ලඟ තුවා, සරම්, බ්‍රශ්, සබන්...
යකෝ වොර්ඩන් හැමදාමත් අපිව අල්ලන්න එනවා, ගුටි දෙනවා, ඒත් හමුදාව අරන් ආපු පලවෙනි පාර.. අනේ මන්දා එහෙම හිත හිත, අපි දෙගොල්ලො මූනට මූන බලාගෙන ඉන්නවා...
පස්සෙ විනාඩි දෙක තුනකට පස්සේ, අපි එකා එකා කතා නොකර හිමින් හිමින් පැවිලියන් එක පැත්ටට ගියා, යන ගමනුත් අපි හැරිල බැලුවා, ගිහිනුත් බැලුවා පොරවල් ටික ෆුල් අප්සට් එකේ වගෙ තාම එතනම ඉන්නවා, අපිටත් හිතා ගන්න බෑ නිකන් අපි හීනෙන් දුවනද කියල. මූන හෝද ගත්තට පස්සෙනම් අපිට සුවර් හීනයක් නෙවෙ කියල.
ඔන්න ඉතින් අපි පස්සෙ තමයි දන්නේ, එදා උදේ රටේ හෙනම ලොකු බුවෙක් ඉස්කෝලෙට ඒන එකට දාල හිටපු ගාර්ඩ් එක කියල.
පස්සෙ පොරවල් ටික තක්බීර් වෙලා බලන් හිටපු හැටි මතක් වෙනකොට පන යන්න හිනා, සුවර් එකටම හමුදාවෙ සෙට් එක හොන්මන් වෙන්න ඇති, හිතා ගන්න බැරුව ඇති සරම් කඩාගෙන, බ්‍රශ් කටෙ ගහගෙන දුවන ජොකියො සෙට් එක කවුද කියල. ඇයි දෙය්යනේ ඉස්කෝලෙකට ආවහ පේන්නෙ පිලිවෙලකට සුදු අඳුම් ඇඳගෙන ඉන්න උන් මිසක් මොන මිනිහද හිතන්නෙ මෙහෙම සෙට් එකක් දකියි කියලා.
හොස්ටල් එකෙ තව කතා
කට උත්තර නැතිවුන කතාවල්... 2
ෆිල්ම් හෝල් එකේ චාටර් වී...
සර්, සෝන්ග් එකක් සර්
හත හත හත.... :D
ReplyDeleteහෆූ මෙහෙමත් කම්මැලියෝ..... :)))
ReplyDeleteපට්ට පාන්දර 7.30 හෙහ් හෙහ්
ReplyDeleteaathal! Hiki Hiki!
ReplyDeleteහොස්ටල් අත්දැකීම් නම් ඔහොම්ම තමයි.. අපේ හොස්ටල් එකේ අක්ක කෙනෙක් දුවගෙන ගියපාර ලිදේම තමා නැවතුනේ.... (සෑහෙන කලබලයකින් පස්සෙ තෙමිච්චි කිකිළියක් සේ ගොඩට ගන්නා ලදි.. )
ReplyDelete