Friday, April 30, 2010

අපේ පියෝ සර්

හරි දැන් මේ කියන්න යන්නෙ තවත් පොඩි කතාවක්. මේකත් උනේ අපේ සෙට් එකේ එකකුට, එකකුට කියන්නේ, සිරාම සිරාම එකෙකුට, ඒ කියන්නෙ මට වෙච්ච දෙයක්.
ඔය කියන කාලේ මම ජොබ් කරන්න ගත්ත අලුතම, මම ඉතින් ක්‍රමලේඛකයෙක් (සින්හලෙන් ප්‍රොග්‍රැමර්) විදියට වැඩ කරනවා පොඩි විදේශීය සමාගමක.
දවසක් මොන වැඩකටද මන්දා (මතක නෑ ) ඔෆිස් එකේ ටික දෙනෙක් එක්ක මම බස් එකේ යනවා, අනේ...


අනේ... මම දකිනවා.... අපිට ඉස්කොලෙදි පියෝ උගන්නපු සර් කෙනෙක් (කෙනෙක් කියල කිව්වෙ අපෙ ඉස්කෝලෙ A/L වල හැම subject එකකටම ගුරුවරු දෙන්නෙක් ඉගැන්නුවා ), අපේ කුලසිංහ පියෝ සර්, අපි නම් ආදරේට කිව්වේ කුල්ලා කියලා.

කුල්ලා සර් හරිම හොදයි, බොහෝ..ම තැන්පත්, කතා කරන්නෙ, ඇවිදින්නෙ ලතාවට, කලාවට හරියට දාසයක දාහතක කෙල්ලෙක් වගෙ (කටහඩ විතරක් පොඩි කොල්ලෙක්ගෙ වගේ ),
හැබැයි පියෝ වලට මාරයා, එතකොට නියම පුරුශයෙක්, මම හිතන්නෙ Albert Einstein වඩා දශමයක් දෙකක් සර් ගෙ මොලේ අඩුයි, සර් ගෙ ගෝලයෝ වන අපි සර් ට වඩා අසු කෙල කෝටියක් මොලේ අඩුයි )

අනේ ඉතින් සර් ව දැක්කම මමත් ඉතින් කතා කරා, අපෙ බුදු සර් නෙ, අපි කොච්චර නිදාගත්තත් පන්තියේ, සර් අපෙ නින්ද කඩුවෙ නෑ.
ඉතින් දැන් මම සර් ලගට ගියා, ගිහින් බස් එකෙ කියල බැලුවේ නෑ ආයුබොවන් කියලා කතාව පටන් ගත්තා.
ඉතින් සර් මගෙ පොඩි පොඩි විස්තර අහලා.... (හපෝයි ) ඊට පස්සෙ..

සර් : ඉතින් ඉතින්... දැන් මොකද කරන්නේ, දැන් ජොබ් එකක් එහෙම කරනවද?

මම : ආ ඔව් සර්

සර් : මොනවද කරන්නෙ?

(සර් ඉතින් පියෝ රජා උනාට, ක්‍රමලේඛකය ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල, තෙරෙන බාසවෙන් මම උත්තර දුන්නා )

මම : සර් මම පොඩි computer firm එකක වැඩ කරනවා.

සර් : (සුසුමක් හෙලා, බොහෝම අහිංසකව ) අනේ හොදයි, හොදයි, ඒ කාලේ කරපු වැඩ වල හැටියට ඕකත් ලොකු දෙයක්නෙ, නේද?

හපෝ දෙවියනි ඔබ කොහිද.. මුලු බස් එකම මගෙ දිහා බලනවා, අපේ ඔෆිස් එකේ කොල්ලො කෙල්ලො ටික කටින් සහ අනිත් තැනින් දෙකෙන්ම හිකි හිකි ගානවා. බස් එකේ නැතුව බිම හිටියනම් පොලොව පලාගෙන ගිහින්, සහරා කාන්තාරෙන් මතුවෙලා, එකේ ඉන්න ගොනුස්සෙක් කවාගෙන මැරෙනවා. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.


ප/ලි : අනේ ඔයාල සර් එක්ක තරහ වෙන්න එපා, සර් එහෙම කිව්වෙ බොක්කෙන්මයි

Friday, April 23, 2010

කුළුඳුල් දෙවෙනි පෝස්ට් එක - නලින් ටොස් එක දාපු හැටි

ඔන්න මගෙ පලවෙනි කතාව කියන්න යන්නෙ. දන්න වානෙ අර ලොකු ලොකු කට්ටිය පොත් ලියනකොට දන්න කියන තව පොරකට පුදනවනෙ. පුදනවා කියන්නෙ අර පෙරේත තට්ටු පුදන එක නෙවේ හරිද, ඉතින් මමත් කාටද පුදන්නෙ, එල මේ බ්ලොග් එකෙන් බයිට් වෙන අපේ සෙට් එකටයි, මගේම අයටයි තව මේ බ්ලොග් එකට පලවෙනි comment එක දාපු සු කියන බ්ලොග් කරු ටයි පුදනවා. එල, එක හරි, දැන් මම කියන කතාව පොඩිම පොඩිම එකක්,

මේ කියන දවස් වල අපි සෙට් එක A/L Class යනවා, නුගේගොඩ. ඔන්න එදාත් වෙනදා වගේම බෝ ගහ යට සෙට් උනා class යන්න. class යනව වගෙ පව් අතේ වැඩ කරන්න අකැමති අපි ලොකුකයියක් දාගෙන හිටියෙ. කොහෙ ගියත් පිනට ලැදි අපේ එකෙක් කිව්වා, මචාන්ස් අද පිනා (අපෙ තව එකෙක්) ගෙ ගෙදර කවුරුත් නෑ කිව්වා එහෙ ගිහින් ෆිල්ම් එකකුත් බලලා පොඩි ethanol පාරකුත් දාමු. එල අදහස.
එක තප්පරයඉ ගියේ මෙන්න තව එකෙක් අදහස් දෙනවා,
ඒක නෙවෙ බන් කොම්පඤ්ඤවිදියෙ Rio එකේ නියම ලමා ෆිල්ම් එකක් තියනවා, යන් එහෙ කියල,
දැන් වැඩ කෝටියයි

දැන් මොකද කරන්නෙ, Options තුනයි,
1. පිනා ගෙ ගෙදර යාම
2. Rio එකේ ලමා ෆිල්ම් එක
3. Class යාම

සමගාමී සමීකරන තියා chemistry ඇප්ලයි කරත් විසදන්න බෑ.

දෙයියෙක් වගේ නලින් (නලියා ) පැන්නා ඉස්සරහට, මචන් අපි කාසියක් උඩ දාල මොකද කරන්නෙ කියල තෝරමු.

එල, All agreed........, හුටා මාර ප්‍රශ්නෙ, තව එකෙක් පැන්නා ඈ බන් කාසියක් උඩ දාල options තුනක් තොරන්නෙ කොහොමද, උම්බ මැතට සම්භාවිතාව කරනකොට නිදිද? අඩුම ගානෙ cricket match එකකවත් කාසියක් උඩදාලා නැද්ද? ගමකට බර බරේ

එල එල, දැන් අපි ඔක්කොම නලියට ගේම. (මටත් හොදට sure, හිතෙනුත් කාසියක් උඩ දාල බැලුවා )

දැන් නලියගෙ වාරේ,
කෝ තොපි මට කියන්න දෙන්නෑනෙ.. නලිය කෑ ගහනවා හරියට පාර්ලිමෙන්තුවේ වගෙ.

හරි හරි එහෙනම් උම්බ කියපන්, දැන් ආයෙත් අවස්තාව නලියට.

මෙහෙමයි මචන් කරන්නෙ, අපි කාසිය උඩ දාල, හෙඩ් අවොත් පිනා ගෙ ගෙදර යමු,
ටේල් ආවොත් Rio යන්,

(දන් අපි ඔක්කොම කට ඇරගෙන...) ඉතින්..

ඉතින් කාසිය කෙලින් හිටියොත් අපි Class යන්,

පලවෙනි රචනාව..

හරි හරි, අමාරුවෙන් බ්ලොග් එකනම් හදා ගත්තා. මාර සීන් එක, අනිත් උන්ගෙ බ්ලොග් මාර දෑකුම් කලුනෙ (කලුම නැ, පාට පාට ) එත් මගෙ බ්ලොග් එක එහෙම නෑනෙ. හරි එක පස්සෙ බලමු. මම අහම්බෙන් වගෙ සින්හල බ්ලොග් එකක් දැකල, ඒකෙ තිබ්බ අනිත් බ්ලොග් වලට ගිහින් මාර ආසාවක් ආවා මටත් බ්ලොග් එකක් ලියන්න. අය්යො මම දන්න සාහිත්‍ය්, කවි සින්දු ලියන්න කාව හරි කුලියට ගන්න වෙයි, වෙන මොනව හරි කියන්න බෑ, මිනිස්සු කියයි වදුරන්ගෙන් බන අහන්නෙ නෑ කියලා. ඒක හින්දා වෙන මොනව හරි දාන්නම්. අකුරු ලියන්න පුලුවන් හින්දා වෙච්ච දෙයක් ගන කොහොම හරි ලියා ගන්න පුලුවන්..

එහෙනම් අපි අයේ හම්බ වෙමු මගේ කුලුදුල් දෙවෙනි බ්ලොග් පොස්ට් එකෙන්