Tuesday, May 31, 2011

පොලෝසියෙ රැයක් හා තවත් බෝනස් ආතල් කතා

ඔන්න දවසක් මගේ යාලුවො සෙට් එකට පින්සිද්ද වෙන්න මම #### පොලොසියෙ රැයක් ගතකරා.. අපෝ කූඩුවේ නෙවේ, අර මගෙ ඉතින් ඊට පස්සෙ... වෙච්ච දේවල්  කතාවෙ වගෙ පොලිස් මෙස් එකෙත් නෙවේ, නිකම්ම පුටුවක් උඩ, ඔන්න අදාල සීන් එකයි, තව පොඩි අතුරු කතායි මම කියන්න යන්නෙ.
ඔන්න දවසක් අපි, මමයි, අපේ චමියයි, ශාන්තයයි පොඩි ටුවර් එකක් ගිහින් එනවා, මතක හැතියට අපි පොඩි සොට් එකකුත් දාන් හිටියෙ, ආවෙ ශාන්තගෙ බයික් එකේ, පොලෝසියට අහුවෙයි කියන බයට අපි පොඩි අතුරු පාරවල් වලින් ආවෙ, මෙන්න මෙහෙමයි බයික් එකේ සන්යුතිය, මම බයික් එක පදිනවා - නෝ හෙල්මට් , ශාන්තය හෙල්මට් එකක් දාගෙන මට පිටිපස්සෙ ඉඳගෙන, ඊට පස්සෙන් චමිය ඉන්නවා - උටත් නෝ හෙල්මට් , බයික් එකක් පදින්න නීත්‍යානුකූලව අවශ්‍ය දෙවල් වලින් අපි ලඟ තිබ්බෙ බයික් එකයි, අරු දාගෙන හිටපු හෙල්මට් එකයි විතරයි, නො ලයිසොන්, නො ඉන්සුරන්ස්.
අම්මෝ කරුමෙ කියන්නෙ, එදා පොලිස් බුවාල අතුරු පාරක ඉඳන් සර්ච් එක. අපි මාට්ටුයි, ඇත්තටම බුවාල හිටියෙ ඔය මල් කාරයො, කුඩු කරයො වගෙ උන් අල්ලන්න. ඒත් ඉතින් අපි තුන් දෙනා දැක්කම බුවාලට මල පනින්නැති නහුතෙට, ඇයි ඉතින්, තුන්දෙනෙක් ඩබල් දාල (හික්ස්) මදිවට, පදින එකා නෙවෙයි, මැද ඉන්න එකා හෙල්මට් එකක් දාගෙන ඉන්නකොට.
 ඔන්න ඉතින් බටර් ගාන්න හදනකොට, අපෙ චමිය දැම්ම ලොකු ටෝක්ස් ටිකක්, අරූගෙ මල දැන් පැනල බේරි බේරි යනව බිම දිගේ. සොරි ඩොට් කොම්, අන්තිමෙ වැඳල වැඳල  ශේප් කරගත්ත, බයික් එකේ ලයිසොන් ඉන්සුරන්ස් ගෙනාවොත් බයික් එක රිලීස් කරල දෙන්නම් කියන ලෙවල් එකට. අරුන් දෙන්නට කිව්ව ගිහින් ඒව අරන් එන්න කියලා. අරුන් ඔක්කොම ඉවර උනාට පස්සෙ, ඒ කියන්නෙ එදාට ඇතිවෙන්න ජීප් එක පිරෙන්න පොරවල් අල්ලගත්තට පස්සෙ, මට කිව්වා බයික් එක අරන් ජිප් එක ඉස්සරහින් පොලෝසියට එන්න කියලා. මොනා කරන්නදා, මමත් ඉතින් පොලිස් ජීප් එකට ගාඩ් එක දීගෙන ගියා.
ඔන්න ඔහොමයි එදා රෑ මම රෑ ගත කරන්න පොලොසියට චෙකින් උනෙ.
මේව අතුරු කතා, ඇයි අපේ බුරුවො දෙන්න එනකම් මම එලිවෙනකන් පොලිසියෙනේ, එතකොට වෙච්ච සීන්, මේක පලාතෙ මුලස්තාන පොලීසියක් හරිද
. ආතල්ම එක තමා මට වෙච්ච සීන් එකක්, 3ට දාල තියෙන්නෙ ඒක.

කතා 1
ඔන්න පොලිස් සෙට් එකක් එක්ක නිකන් බුවෙක් එනව, ශෝටක් විතරයි ඇඳන් ඉන්නෙ, එක අතකින් ප්ලාස්ටික් බෝතල් 3ක් එල්ලගෙන, අනිත් අතෙන් තව බොතල් 2ක් කිහිල්ලෙ ගහගෙන, වෙල් ෆැන්ට බුවෙක් මාට්ටු වෙලා. මූ ආව ඇතුලටම නිකන් ගෙදර වගෙ, ඇහුව පොලිස් පොරකගෙන්,

බුව: කොහෙද අද මේව තියන්නෙ,
පොලිස් බුව: ඇන්ට්‍රි පොත් කබඩ් එක ලඟින් තියපන්,

ඔන්න මූ ගෙදර ඇතුලෙ වගෙ ගියා කබඩ් එකක් ලඟට, ඒ කියන්නෙ මූ දන්නව පොලොසිය ඇතුලෙ තියන අල්මාරි කබඩ් පවා.. තිබ්බ බෝතල් ටික, කෙල්ලින්ම ගියා කූඩුව ලඟට, කූඩුවෙ ඉබ්බව බැලුව, පස්සෙ කියනව,

බුවා :සර්, මෙක ලොක් කරලනෙ
පොලිස් බුවා : ඔහොම හිටපිය, මම වැඩක්.

අනේ ටිකකින් මෙන්න බුවා ලොක් එකට වැලමිට තියාගෙන, කූඩුවෙ උලුවස්සට හෙත්තු වෙලා, බර කයියක් ඇතුලෙ ඉන්නෙ එකෙක් එක්ක.


කතා 2
දැන් රෑ12ට විතර, චමියයි, ශාන්තයයි තාම නෑ, මම උන්ට බැන බැන් ඉන්නවා. ඔන්න හෙන සද්දයක් ඇහෙනව අර කූඩුව ඇතුලෙන්,

බුවෙක් : කාටද ඩෝ කන්න ඕනෙ, කියපිය
(නො සද්ද )
අර බුවාම : කියපන් ඩෝ..
(දැන් කවුරුවත් මුකුත් කියන්නෙ නෑ, මම හිතුව දැන් එකෙක් මැරෙයි තමයි කියල.. ඒත්... )
අර බුවාම : කියපියවු යකෝ, කඩේ වහන්න කලින් ගේන්න ඕනේ.

කතා 3
දිග වැඩිද මන්දා කතා සෙට් එක.. ඔන්න ඔහෙ මේකත් කියන්නම්, දැන් රෑ 1-2 විතර, ඔන්න පොරක් ආවා පොලිසිය ඇතුලට, පොලිස් බුවෙක් නෙවෙ, පොන්ටින් කට් එකක් කපල, ශෝටකුයි, ට්-ශර්ට් එකකුයි ඇඳගෙන, බුවා කෙලින්ම ආව පොලොසිය ඇතුලට, වටපිට බැලුවා,

ඇලුත් බුවා : කවුද මෙතන ප්‍රසා කියන්නෙ.
(මට නිකන් කරන්ට් වැදුන වගෙ, යකො මගෙ නමනෙ මූ කියන්නෙ, කෝකටත් වටපිට බැලුව, ම්හු, මමම තමයි, හිතා ගන්න බෑ මොන හෙනයක්ද කියල )
මම : මේ මම

ඇලුත් බුවා : ආහ් ඔයාද, මම  xxxx කඩේ අහවලා ඔයාගෙ යාලුවො එලියෙ ඉන්නවා, මේක දෙන්න කිව්වා,

මට මාර ආතල්, දැන් ඉතින් ඔය ලයිසොන් පෙන්නල යන්න පුලුවන්නෙ, එහෙම හිතල කවරෙ ඇතුලෙ බැලුවාම තමයි, මට අරුන්ව මරාගෙන කන්න හිතුනෙ, එකේ ඇතුලෙ තියනව, මදුරු කොයිල් එකකුයි, ගිනි පෙට්ටියකුයි.

Friday, May 20, 2011

ප්‍රොටෙක්ට් අවර් රයිට්ස් & මෙහෙමත් නව නින්ගිරාවක්....

මම ඔෆිස් එකෙ වැඩකට රට ගිය වෙලාවක උන සීන් එකක්. අපි සෙට් එකක්ම ගිහින් හිටියා, උන්ගෙන් එකෙක් තමා දිනියා, උගෙ වැඩේ වීක් එන්ඩ් වල රට වටේ ඇවිදින එක. හැබැයි බුවා අපි වගෙ නෙවේ, මම වගේනම් කොහොමත් නෙවේ. මම කරන්නෙ ෆුල් ඩේ ටිකට් එකක් අරන් ඔහේ බස් වල නැගල යනවා. බඩගිනි උනාම හරි, බස් එක අන්තිමට නවත්තන තැනට අවාම හරි  නැත්නම් මගදි මොකක් හරි ස්පෙශල් තැනක් දැක්කොත් බහිනවා. දිනියා, එහෙම නෙවේ, ඕකා ප්ලෑන් ගහල, නෙට් එකෙ බලල, මැප් අරගෙන කෙලින්ම අදාල ඇට්‍රැක්ශන් පොට් එකට යනව.   
ඔන්න දවසක මම රූම් එකෙන් එලියට එනකොට මූව සෙට් උනා.

දිනිය : අඩෝ, අද සිර පෙරේඩ් එකක් තියනවලු ***** යන්ද?
මම : උඹ පල, මට බෑ
දිනිය : වරෙන් බන්, සිරා කල්චරල් එකක් වෙන්න ඇති, යන් යන්

ඔන්න ඉතින් මුගෙ කරදරෙ හින්දා මමත් සෙට් උනා. දැන් මමත් මූත් එක්ක සෙට් වෙලා මැප් බල බල ගියා පොට් එකට, අම්මෝ පිස්සු හැදෙනවා සෙනග, නුවර පෙරහැරට සෙනග වගේ. ඒඋනාට දැන් අපිට පේන්නෙ නෑ, ඔන්න ඉතින් මූ මගෙ
අතින් ඇදගෙන ඉස්සරහටම ගියා..

මැක්සා.. මාර පෙරේඩ් එකක්, මිනිස්සු අමුතු අමුතු ඇදුන් ඇඳන්, වාහන මාර සිරාවට ඩෙකරේට් කරලා.. ඔන්න දැන් අපි දෙන්න ලඟට වෙලා බලනවා, ටිකකින් මට නිකම් පොඩි අවුලක් තේරුනා, අපි අස්සෙන් අස්සෙන් රින්ගල එකකොටත් සමහරු අපි දිහා සිරාවට බැලුව වගෙ මතකයි, ඔන්න ටිකකින් පෙරෙඩ් එකෙ නටපු එකෙක් අපිට ෆුල් හිනාවක් දාලා, මාපට ඇඟිල්ල උස්සල (Thumbs up) පෙන්නුවා. අරුත් ඉතින් රිටර්න් එකට ඒකම කරා.. ටික වෙලාවකින් දෙතුන් දෙනෙක්ම එහෙම කරා.

ඔහොම ටික වෙලාවකින් තඩි බැනර් එකක් එක්ක වාහනයක් එනවා.... අහෝ දුකකි.. ඉරකි තිතකි ඒකෙ ගහල තියනවා,..
"ප්‍රොටෙක්ට් අවර් රයිට්ස් - ගේ පෙරේඩ්" (Protect our Rights – Gay parade )
"බී ගේ - බී ප්‍රවුඩ්" (Be Gay – Be Proud)


මම : මේ දිනියො..   හු...... තෝ ^^$^%^*&( $%#%#$%& &%^* *&*^&(^(%##^%& ^ %I%$I( $^(^(

දිනිය : මම හිතුවෙ කල්චරල් පෙරෙඩ් එකක් කියල බන්

Wednesday, May 11, 2011

සර්, සෝන්ග් එකක් සර්

මම කලිනුත් කිව්වනෙ මගෙ ඉස්කොලේ බෝඩිමෙ කතා, මෙකත් එහෙදි වෙච්ච සීන් එකක්, මේ සීන් එක උනෙ දවසක් අපි ඩෝමෙට්‍රියට වෙලා ඔහෙ ඉන්න වෙලාවක. ඔහොම ඉන්න කොට එක එකා අර පොන්ත නෝනගෙ එක ඒ නෝනට ඕන
විදියට කිව්ව වගෙ, උන් උන්ට ඕනෙ විඩියට ඉන්නව, එකෙක් සින්දු කියයි, පොත් බලයි, දොයියයි, ඔය තව සමහර ක්‍රිකට් පිස්සො බෝලයක් (ටෙනිස්) මිරික මිරික හරි ඉඳියි. මේ කියන සීන් එකේදි, ඔය අපෙ එකෙක් මහ බහුබූත සින්දුවක් මෙලො රහක් නැතිව කිය කිය හිටිය.
මේක අර හින්දි සින්දුවකට හදපු සිංහල වර්ශන් එකක්. මේ තියෙන්නෙ ඔරිජිනල් හින්දි සොන්ග් එක. ඉස්සල අහල බලන්නකො.
ඉතින් අපෙ බුවා ඕක කියනකොට අපිත් එක්ක හිටිය රාමා කියල ටැමිල් පොරකට හෙන ආතල්..

රාමා : අඩා, යෙකෝ එර ඉන්දි සොන්ග් නේද? අඩෝ ටීච් මි සින්ගල එක බන්

කුමා: පල පල තෝ දන්න සින්දු..

රාමා: අඩෝ කුමා.. $%$^%^#^&

කුමා : හරි වරෙන් මෙහෙට

ඔන්න ඉතින් මේ කතාවෙ ආතල් කෑල්ල තියෙන්නෙ ටික වෙලාවකට පස්සෙ, ඒ කියන්නෙ රාමා අරුගෙන් සින්දුව ඉගෙන ගෙන කියන්න ගත්තාම. අපිට මැරෙන්න හිනා, මූ දැන් ඔය සිංහල වර්ශන් එක කිය කිය ඉන්නකොට, අපොයි, අපේ සත් ගුනවත් පාලක තුමා සැපත් උනා, කරුමෙ කියන්නෙ බුවාට ලාවට ඇහුනා රාමා කියපු ටික.....

වොර්ඩන්  : අයිසෙ, මෙහෙ එනව, මොකක්ද දැන් කිව්වේ?
රාමා         : සර්, සෝන්ග් එකක් සර්
වොර්ඩන්  : මොකක්, හ්ම්ම්, කියනව බලන්න ආයේ
(අපි එතකොට කටයි අනිත් ඔක්කොම තැනුයි වහගත්ත, නැත්නම් හිනා වෙලා ගුටි කන හින්දා)
රාමා (හයියෙන්) :    ජෝතිපාල වැල්ලෙ රීලා.. රෝස පාට ගුලි ගුලි... ගුලි ගුලී...
                               ඒක දැකපු ඇන්ජලාට වමනෙ ගිහින් තලි තලී.. තලි තලී...