මේක උනෙ මම ඉස්කෝලෙ බොඩිමේ ඉන්න කාලෙ. ඔය බෝඩිම ගැනම තවත් බ්ලොග් එකක ලියල තියනව මම දැක්කා, දන්නවනෙ ඔය හොස්ටල් වල ඉන්නකොට අපිට ඕකෙන් එලියට පනින එක තරම් සුවයක් වෙන නෑ කියල. ඇයි කියල අහන්නෙ දෙවියනේ, උදේ ඉඳන් ආයි එලි වෙනකන් ඉන්නෙ ඕකෙනෙ, එලිය පහලිය දකින්න, කටට රස කෙල්ලෙක් දකින්න (ඇයි ඉතින් පෙරෙන පැනි ආපහු අපේ කටේමනෙ වැටෙන්නෙ ) ඉතින් ඕකෙන් එලියට පනින්නම ඕනෙ. පැන්නෙ නැත්නම් උපරිමම උපරිම දකින්නෙ අර සුවිම් පූල් එකට එන සහෝදර බාලිකා සෙට් ටික විතරයි, එකටත් දස වද විඳින්න ඕනෙ අර ටකරන් අස්සෙන් බලන්න.
ඔන්න ඉතින් දවසක් මම වහන්සෙ සහ තවත් වහන්සේලා තුන් දෙනෙකුයි (මේ ඔක්කොම ගොන්-වහන්සේලා) පැන්න තාප්පෙන්, අම්මො එහෙම දුකක්, ඔයාල හිතන්නෙ රෑ කියලද, පිස්සුද මේ ගිනි දවල් දෙකට විතර. එදානම් අපි ෆිල්ම් එකක් බැලුවා, කඩේකින් කෑවා, සුදු පරෙවි රෑන් පස්සෙ ගියා, කොහොම හරි අතෙ සතේ නැතිව අපි පයින්ම ආවා. ඉතින් ඔහොම එනකොට අපෙ කරුමෙ කියන්නෙ, නිදහස් චතුරස්‍රයේ වටේටම පොරවල් ටිකක් සිංහ කොඩි දානව. සිංහ කොඩි දාන එක මේක බලන උම්බලටනම් කරුමයක් නෙවේ, ඒත් එදා අපිට එක කරුමයක් උනා, අපි ඕකත් බල බල හිමින්න්ම ඇවිත් සුපුරුදු තාප්පෙන්ම පැන්න ඇතුලට.
දෙය්යනෙ කියල අපි එක බල්ලෙක්ටවත් මාට්ටු නෑ. ඔන්න ඊට පස්සෙ එදා ඩිනර් එකට ගියාම අපෙ වලස් තුමා ( අපේ නම් කිසිම සම්බන්දයක් නැ වොර්ඩන්ට් ට ඔය නම කියන්න, ඕක අපිට බොහොම කලින්න්ම එන නමක් ) කිව්ව අහවල් වසරෙ කස්ටිය ඩිනර් එකෙන් පස්සෙ නවතින්න කියලා. හුටා ඒ කියන්නෙ අපේ ඉයර් එක. තව්සන්ඩ් සුවර් මේක අපි දවල් පැන්න එක නෙවෙ කියල, මොකද ඒක දැනගෙනනම් මෙලහකටත් අපිට බඩු හම්බ වෙලා. ඔන්න ආෆ්ටර් ඩිනර් අපේ කස්ටිය ඉන්නව ඩයිනින් හෝල් එක ඉස්සරහ. වලස්තුම ඇවිත් කිව්වා,
මේ, ඕ.. ගොල්ලො හෙට ඉස්කෝලෙ යන්න එපා, උදේම අත් දිගට දාල, කොලේජ් ටයි දාල එන්න, පොඩි උත්සවයකට යන්න තියනව නිදහස් චතුස්‍රයේ කියලා.
එතකොට කව්ද එකෙක් ඇහුව මොකක්ද උත්සවේ කියල.
සර් කිව්ව එයාටත් හරියටම සුවර් නෑ කියලා,
එතකොටම, අනේ අර මාත් එක්ක දවල් එලියට පැනපු දමියා කියපි,
සර්, මොකක් හරි ලොකු උත්සවයක් වෙන්න ඕනෙ, අද හවස නිදහස් චතුස්‍රයේ වටෙට සිංහ කොඩි දැම්ම, නේද ප්‍රසා...
සර් ඒ දමිය කියන බුරුවයි මාවයි කනට ගහල රෑ එලිවෙනකන් තාර පොලොවෙ දන ගහල තියන්න කලින් ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි, අපිට කට උත්තර නැතිඋනත් චූටි ප්‍රශ්නයක්...
තමුසෙලා දෙන්න හොස්ටල් එකේ ඉඳන්, නිදහස් චතුර්ස්‍රයේ කොඩි දැක්කෙ කොහොමද කියල විතරයි.
ප.ලි. මම බීෆ් කන්නෙ නැති උනත්, පස්සෙ දමියව මරාගෙන කන්න හිතුනෙ රෑ දොලහට විතර අර දනහිස් පුපුරු ගගහ ඉන්න කොට මේකා කියපි, ගනන් ගන්න එපා බන්, මෙහෙම ඉන්නෙ එක ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි උනා කියලනෙ, නිකමට හිතපන් ගනන් මිස් හරි සයන්ස් කාරය හරි උත්තර නැති ප්‍රශ්නවලට දන ගැස්සුවොත් අපිට කොහොමට කෙලවෙයිද කියලා....
මට මැවිලා පේනවා දෙන්න දනගහගෙන හිටපු හැටි.
ReplyDeleteඑල එල ! හික්ස්
ReplyDeleteඑළ කථාව...
ReplyDeletehttp://aluthkolla.blogspot.com/
matat ohoma wadak una! habai eda gon uththare dunne mamai! :D :D
ReplyDelete