Monday, February 21, 2011

එයාගෙ ගාන....

මේ සීන් එකනම් තාමත් මතක් වෙද්දිත් බය හිතෙනවා, එදා අපි ගුටි කෑමකට සෙට් උනානම් තාමත් කනව. ඔන්න දවසක් මායි නලියයි, ( අර ටොස් එක දැම්ම කතාවේ ඉන්නෙ, මගෙ බුදු ෆ්‍රෙඬානෙ, අවුරුදු 5ක් අපි දෙන්න එක පන්තියෙ, එක ලඟ සෙට් උනේ) රෑ 1 ට විතර කානිවල් එකක් ඉවරවෙලා ගෙදර යන්න කියල ආව කොලඹ බොහොම ප්‍රසිද්ද හන්දියකට ආව. දෙන්න ටිකක් අනුමත වෙලයි හිටියෙ, කොච්චර ටිකක්ද කියනවනම් හිටගෙන හිටියෙත් දෙන්නට දෙන්න හේත්තුවෙලා, කොහොම හරි අපි දෙන්න ලඟ බස් එකට විතරයි සල්ලි තිබ්බෙ, ඉතින් ඔය කියන හන්දියට වෙලා අපි ඉන්නව බස් එනකන්. ටිකකින් අපි දැක්කා, පොඩි කඩයක් අයිනෙන් ඩයල් එකක් මතුවෙනවා, අනේ අර ලොකෙ පරනම රස්සාව කරන කෙනෙක්, ෆුල් හැඩ වැඩ දාල.  ඔන්න ටිකකින් නලිය මට මොනවද කියවනවා, උට අර ගෑනිට මොනව හරි කියල එන්නම්ලු බයිට් එකට. මට වෙරි හින්දෙන ගාන, මට තවුසන්ඩ් ශුවර්, මූ මෙ කියන්නෙ ඇත්තටම කියලා, මම දැන් මුට බනිනව පිස්සු කෙලින්න එපා කියල, මූ ඇහුවෙම නෑ, මූ ගියා. බැරිම තැන මම ලඟ තිබුන කනුවකට හෙත්තු උනා දුවන්න රෙඩි පිට.

නලිය : මේ, කොහොමද

ගෑනි : මට මෙච්චරයි, සපෝටර්ට මෙච්චරයි, 3විල් එකට මෙච්චරයි, රූම් එකට මෙච්චරයි, ඔක්කොම මෙච්චරයි (ගෑනි ටොටල් ෆයිනෑන්ශල් ඩීටේල්ස්ම කියෙව්වා එක හුස්මට..)

නලිය : මේ, තමුසෙ ඉන්න, පනහකට (50) විතර බැරිවෙයිද අර අර 3විල් එකෙ අපිව ගෙදර ගිහින් දාන්න, aaaaaa හන්දියට දැම්මත් ඇති.

අම්මෝ, ඒක ඇහුන විතරයි අර ගෑනි ලෝකෙ තියන කුනුහරුප ඔක්කොගෙන්ම කෑගහන්න පටන් ගත්ත මුලු හන්දියටම ඇහෙන්න, උන්ගෙ සෙට් එක ඇවිත් නෙලන්ඩ කලින් එතකොටම ආව බස් එකක්, කොහෙද කියල බැලුවෙත් නෑ අරුත් ඇදන් දිව්ව ඒකට. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ, බස් එකෙ උන් අපි දෙන්න දිහා බලන්නෙ මුක්කුද වගෙ, ඇයි අර ගෑනි අත දික් කර කර බැන්නනෙ හෝල්ට් එකේදි. මොනා කරන්නද, ගුටි වලට වැඩිය නොන්ඩි හොඳයිනෙ කියල හිතහිත ආවා.

ප.ලි. ඒ බස් එක අපෙ ගෙවල් පැත්තට ගියත්, මග ඩිපෝවකින් නවත්තනව. එතනින් බැහල වෙච්ච දේවල් වෙන ලිපියකින් දාන්නම්.

5 comments:

  1. හොඳ වැඩේ කට පියන් ඉන්න බැරුවට යාලුවො දෙන්නට

    ReplyDelete
  2. කට හින්දානේ මාලුවා නහින්නේ කියනවා නේ.අහු උනානම් උබලව පාර්සල් කරලා ගෙදර යවන්නේ අරුන්..

    ReplyDelete
  3. තව පොඩ්ඩෙං වීල් පාක් එකේ සෙට් එකටම එදා දවසෙ අර කාන්තාව නොමිලේම ලැබෙනව. මොකද තොපිට නෙලපු එකේ ගාස්තුව ගෙවන්නත් ඕන නේ. . . .

    ReplyDelete
  4. පිණිබිඳු...
    හෆෝ, තව පොඩ්ඩක් ගැස්සුනානම් අපි දෙන්නට සොරි ඩොට් කොම්

    ItalyDilan ..
    අනිවා, ඩස්ට් පෑන් වලින් අපේ කුඩු එකතුකරයි උන්

    බූරු පුතා ..
    හිකිස්.. අපෙ විපත, උන්ගෙ සැපත .. ලොකය කෑරයි මචන්

    ReplyDelete
  5. තව පොඩ්ඩෙන් උඹ පරම්පරාවම ෆුල්ස්ටෝප් කරනවනේ

    ReplyDelete