Wednesday, February 2, 2011

තාම ගමේ මිනිස්සු දන්නෙ නෑ ඒ අපි කියලා.. හු හූ

මේ දවස් වල මම ටිකක් විතර ඔෆිස් එකේ වැඩ අඩුයි, එකයි මේ හෝ ගාලා කතා දෙක තුනක් දාන්නෙ. මේ කියන සීන් එක උනේ අපෙ ගෙවල් කිට්ටුව, ඒ දවස් වල අපි ඒ ලෙවල් එහෙම ඉවර වෙලා, ආතක් පාතක් නැතුව ඉන්න කාලේ, අපි ඉතින් දවල්ට සෙට් වෙනවා සෙල්ලම් කරන්න හරි, ෆිල්ම් එකක් බලන්න හරි පොඩි කයියක් දාන්න කාගෙ හරි ගෙදරකට. මේ කියන දවසෙ හිටියෙ මමයි, විකියයි, වෙන එකෙක්වත් නෑ. අපි දෙන්න සෙට් වෙලා උනා කියල මෙලෝ රහක් නෑ, මොකද දෙන්නයිනෙ,  ඕමියක් බලන්නත් 4 ඕනෙනෙ. දැන් අපි දෙන්න අර නයා මැරිච්ච අහිකුන්ටකය වගේ වාත වෙවි ඉන්න කොට,

විකිය: මේ, බස්සගෙ ගේ ඉස්සරහ සිරා පේර ගහක් තිබ්බ, දෙමුද වැඩක්.
(ඔය බස්ස කියන්නෙ මහ පිස්සු මැන්ටලයක්, ඇත්තටම උන්ගෙ ගෙදර අම්ම හැර අනිත් උන් ඔක්කොම පිස්සු, පිස්සු කිව්වෙ අර අපිට තියන ජාතියෙ පිස්සු නෙවේ, අංගොඩින් බේත් ගන්න පිස්සු  )

මම: හ්ම්ම්, මොනා කරන්නද, යමන් බලන්න
ඔන්න අපි ගියා, අම්මො ඩොඩන් ගෙඩි සයිස් නියමෙට ඉදුන පේර ගහ,

විකිය : මේ, මම තාප්පෙට නැගල කඩන්නම්, උඹ උලමා වගෙ ඉන්නෙ නැතුව බලපන් ගෙදර මොකෙක් හරි එනවද කියලා.
විකිය දෙයියෙක්, ඔත්තු බලන එක සිම්පල්නෙ, මම ඉතින් අතු අස්සෙන් උන්ගෙ ඉස්තොප්පුව දිහා බැලුවා, ම්ම්ම් මොකාද ඒ.... හුටා, බස්සගෙ තාත්ත, පොර හාන්සි පුටුවෙ ඉන්න ගමන් අපි දිහා බලාගෙන ඉන්නවා.

මම: විකියො, බැහු ගහෙන්, මහ බස්ස අපිව දැක්කා.
විකි: කෙලියා, කෝ.. කොහෙද
මම: අර හාන්සි පුටුවේ
එතකොටම මහ බස්ස අතට ගත්ත පොල්ලක්, දැන් විකිය ගහ උඩ,
මම: යකෝ.. බැහැපන්...
විකි: අඩෝ, අරූට වෙඩි තියපන්, පපුවටම තියපන්..

මම නිකන් අඥ්ඥකොරොස් වෙලා ගියා, යකො මූ මොකක්ද මේ කියන්නේ
විකිය ආයි ඇහැක් ගහල කෑගැහු, තියපිය ඕකට වෙඩි..

මට මෙලො රහක් නෑ, මම නිකමට අරූ බහිනකන් කියල, අර පොඩි උන් අත් දෙක එකට තියල ඩිෂුම් ඩිෂුම් ගාන්නෙ, ඒ වගෙ මාත් අත් දෙක ලන් කරල "ඩෝන්" කියල සද්දයක් දැම්ම, මුකුත් නෙවේ, මහ බස්සව බයිට් කරන්න. එක පාරටම මහ බස්ස පපුව අල්ලගත්තා, බුවාගෙ අතෙ තිබ්බ පොල්ල අත ඇරුනා, මූන නිකන් කජු ලෙල්ලක් වගේ උනා, ඊට පස්සේ..... අර සාහිත්ය පොත් වල තියනවා වගේ, කපා හෙලූ කෙහෙල් කඳක් වගෙ මිදුලෙ පත බෑඋනා, අපි දෙන්න ෆුල් හොන්මන්, කට ඇරගෙන තක්බීර් වෙලා විනාඩියක් විතර හිටියා..

විකිය: හු...  දුවපන්, අරු මැරුන හාර්ට් ඇටෑක් හැදිල

ගිනි දවල්, අප්‍රේල් කිට්ටුවකවත් නැතුව, අපි දිව්වා ගමහරහා, අපෙ ගෙවල් පහු කරගෙනම. හරියටම කියනවනම්, අල්ලපු ග්‍රාම සේවක වසමෙන් තමා අපි නැවතුනේ. පස්සෙ ඒ පැත්තෙ දන්න එකෙක් ව හොයාගෙන, ඌව ඇරල විස්තර බලල තමයි අපි දෙන්න ආපහු ආවේ. පස්සෙ සීන් එක මෙහෙමයි,
අපි දුවනකොට, මහ බස්සා මරහඬ දීලා, ඌට වෙඩි වැදුන, ඉස්පිරිතාලෙ ගෙනියන්න කියල, අහල පහල මිනිස්සු ඇවිල්ල එක විකාරයයිලු, අන්තිමෙ මේකා සද්දෙ නවත්තල තියෙන්නෙ බස්සගෙ අම්ම ඇවිත් දෙකක් කියල ගේ ඇතුලට ගත්තාමලු, පස්සෙ තෙරුන විදියට, මහ බස්සා (උට සිරාවට පිස්සුනෙ ) හිතන්න ඇති ඇත්තටම උට වෙඩි තිබ්බ කියලා, තාම ගමේ මිනිස්සු දන්නෙ නෑ ඒ අපි කියලා.. හු හූ 

13 comments:

  1. patta kathawa
    charith yashoda

    ReplyDelete
  2. අඩේ මේක නම් මරුම මරු සීන් එකක්............ :D

    ReplyDelete
  3. අනේ පව්..

    කතාව නම් ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
  4. හික් හික්!! හිනාවෙ පණ යනවා බං

    ReplyDelete
  5. එල කිරි නියම කතාව.....

    ReplyDelete
  6. මගේ බඩයි පපුවයි සිදෙනවා හප්පේ හිනාවෙලා

    ReplyDelete
  7. @charith, jiiwithayawachanayen, ම, තාරා , blog gadol, රන්දික , ඉලංදාරියා :

    ස්තූතියි කොමෙන්ට් වලට, සිරාවට තාම මිනිස්සු හිතාන ඉන්නෙ අන්කල් පිස්සුවෙන් කෑගැහුව කියල.

    තාරා, ඔයා පව් කිව්වෙ අපිටද? බස්ස අන්කල්ටද? ඇත්තටම එතන පව් උනේ අපි, කිලෝමීටර් ගානක් දුවල, මිනිහෙක් මැරුන කියල පට්ට බයවෙලා.. හපෝයි එහෙම දෙයක්

    මචන් ඉලන්දාරියා, මම උඹව වැඩිය දන්නෙ නෑ, මම මේ ලඟදි බ්ලොග් වලට කඩාපාත් උන එකෙක්, එත් මචන් උඹේ සීන් එක බොක්කටම වැදුන, මම පුලුවන් හැමතැනකටම ඒක සෙන්ඩ් කරා, උඹ ගැන අනිත් උන් දීල තියන කොමෙන්ට් දැක්කම මට තේරුනා උඹ මේ බ්ලොග් අවකාශේ සිරා කොල්ලෙක් කියල, උඹ ගොඩයන්න ඕනේ.

    ReplyDelete
  8. නියමයි ප්‍රසා කතාව. හිනා වෙලා පිස්සු වැටෙනවා. කොලු කාලෙනම් පට්ට බන්. අනිත් දේ තමයි අපේ ඉලන්දාරියා.. ප්‍රසා අපි හැම වෙලේම අපේ ඉලන්දාරියාව ගොඩයන්න කියල ප්‍රාර්තනා කරන්න ඕනෙ. පුලුවන් විදියට ඌට උදව් කරන්න අපි දන්න හැමෝටම කියන්න ඕනි.

    ReplyDelete
  9. ele ela maru wikiya kiwwe film walata sub dana porada?

    ReplyDelete
  10. පට්ට කතා සෙට් එකක්නෙ පූසට තියෙන්නෙ. මරු ඈ..

    ReplyDelete
  11. adooooooo ubalaa nam denne maara game!

    ReplyDelete