මේ කියන කතාවත් අර "ගෑනු-පිරිමි නිදාගත්තම මොකෝ" කතාව කියපු අපේ සුරා කොලුව සම්බන්දයි. මේත් ගෙවල් ලඟ සෙට් එකේ ඉන්නකොට වෙච්ච සීන් එකක්. අපෙ එකෙක් හිටියා දිනේශ් කියලා, අනේ හොඳ කොලුවා, ඒ දවස්වල අපේ උන් ගොඩක් දෙන වේලෙනව, ඔය දිනෙශයටත් කෑල්ලක් හිටියේ නෑ, අපිටත් නෑ, ඒක මේ කතාවට වැඩක් නෑනෙ. කොහොමින් කොහොම හරි දිනේශය හිටි ගමන් සෙට් එකෙන් හැලෙනවා, ආයි ටික වෙලාවකින් එනවා. සතියක් දෙකක් යද්දි අපිට තේරුනා මොකක් හරි කෙලියක් තමා කියලා. ඉතින් අපිත් ඔන්න සි.අයි.ඩී එකෙන් වගෙ මුගෙන් ඇහුව සීන් එක. මේක අවුරුදු හතලිහෙදි ලොකුවෙච්ච කෙල්ලෙක් වගෙ ඇඹෙරෙනව, කියන්නෑ. පස්සෙ ටිකක් බල කරාම මූ කියපි, මේන් මේකා කෑල්ලකට ට්රයි කියල. අනේ සාදු, එහෙමවත් සෙට් එකේ එකෙක්ට හරියනව කියන්න අපි ඔක්කොටම හරි ගියා වගෙනේ (ඔන්න කැත විදියට හිතන්න එපා, මම කිව්වෙ එකෙක්ට සෙට් උනොත් ඌ අඩුම ගානෙ පොඩි පාටියක් වත් දෙනවනේ, මුගෙ තාත්තා ලී මෝලක් තියනව, හොඳ බර, මූ නම් එල පාටියක් දෙයි, ඒකයි ).
ඔන්න ඉතින් ඊට පස්සෙ අපි කෑල්ලගෙ විස්තර ඇහුවාම මූ කිව්ව, අම්මෝ, කෙල්ල කව්ද කියල ඇහුවට පස්සෙ තමා අපිට ඔය අම්මෝ කියල කියවුනේ. අපි දන්න ඩයල් එකක්, එහා පාරෙ ඉන්නෙ, නියම සයිස්, වැඩිම උනොත් සුලඟිල්ලක් කිලෝ දෙකක් විතර ඇති, ඕක එලවන්න බරවාහන ලයිසොන් එකෙන් බෑ, අඩුම ගානෙ නැව් හරි සබ්මැරින් හරි ලයිසොන් එකක්වත් තියෙන්න ඕනෙ. අපෙ එකා වැඩිම උනොත් ඒ කෙල්ලගෙ අතක් විතර ඇති, අනේ මන්දා හිත් ගිය තැන බාර් එකක්ලුනෙ.
දැන් සෙට් එක එක එක ප්රශ්න, උඹ සිරාවටද, අරකද, මේකද කියල උගෙන් අහනවා, මූත් ඇඹරි ඇඹරි උත්තර දෙනවා. එතකොට, සුරාත් කට ඇරියා. මම කිව්වනෙ සුරා ඔහේ උගෙ පාඩුවෙ ඉන්නව, බොනවනම් බොනව, නැත්නම් නිකන් බලාගෙන ඉන්නව අනිත් උන් කියන කරන දේවල්, ඇත්තටම ඕකා මේලෝකෙ සිහියකින් නෙවේ ඉන්නෙ
සුරා: මේ, මොනව උනත් තෝ බැන්දත්, කවදාවත් කෙල්ලව උඹලගෙ ගෙදරනම් ගෙනියන්න එපා, උඹලගෙ තාත්ත දෙයි වැඩේ.
අපි ඔක්කොම අන්දුන් කුන්දුන් ඒ කතාවට, කියපු හැටියට තේරුනෙ, නිකන් දිනෙශ්ගෙ තාත්ත .... චාටර් පොරක් වගේනෙ. දිනෙශ් ටිකක් මල වගේ, ඔක්කොම තක්බීර්, යන්තන් තෝන්තු ගතිය අඩුවුන ගමන්, විකිය, අර මගෙ පේර කාල වෙඩි තියපු කතාවෙ ඉන්නෙ, ඌත් ටිකක් මල පැනල
විකි : මොකක්ද යකෝ තෝ කියන්නෙ, මලක් ගැහුවනම් කට වහගෙනෙ හිටපන්.
සුර: නෑ බන් මම කිව්වේ, මේක ඕකිව ගෙදර ගෙනිච්චොත්, මුගෙ තාත්ත, ඕක හොඳ සයිස් බුරුත කොටයක් කියල හිතල ලී මෝලට දාල ඉරයි.
සැලකිය යුතුයි: සුරාගෙ ජීවිතෙ බේරුනේ, අපි හත් අට දෙනාම එකතු වී දිනෙශ්ව හයියෙන් අල්ලා ගත් නිසා බව නිහතමානීව ප්රකාශ කරමි.
HAK HAK LOL hinawa meke danna widiyak na
ReplyDelete:D :D
ReplyDeleteසෝක් හිනා කතාව....
ReplyDeleteuu bandada eekiwa! :D athal kathawa!
ReplyDelete