Wednesday, February 9, 2011

සිරා ෆයිට් ෆිල්ම් එකක්...

අද කියන්න යන්නෙ අපේ උන්ගෙ පොඩි පොඩි විදිලි කතා, අනේ ඔයාලට මෙක ආතල් නැත්තන්, කපුටු පිහට්ටක් අරගෙනෙ, කාගෙ හරි නහය අස්සට දාල කරකවන්න, ඊට පස්සෙ කිඹුහුම් යන්න එනකොට, නහයයි, කටයි හොඳට වහන්න (මතක ඇතුව උගෙ හෝ උගි, (හරි නේද ස්ත්‍රී ලින්ග පදේ) ඉස්සරහින් ඉන්න, පස්සෙන් ඉඳල කක්ක විසි උනොත් මම නෑ ). ඊට පස්සෙ උට මේ බ්ලොග් එක පෙන්නල අහන්න, බ්ලොග් එකද ආතල්, කිවිසුම නතර කරපු එකද කියල, 1000% සුවර්, බ්ලොග් එක හොඳයි කියයි.

මෙන්න විදිලි එක

දවසක් අපි විඩියෝ ෂොප් එකකට ගියා ෆිල්ම් එකක් ගේන්න, දැන් අපි තෝරනව, අපේ සුරා, මතකයිනෙ බුවා

සුරා :අඩෝ මේ සිරා ෆයිට් ෆිල්ම් එකක්, මේක ගමු

(කසුනා අනිත් පැත්තෙ රාක්කෙ ලඟ හිට්යෙ )

කසුනා: මොකක්ද බන් නම.

සුරා: ම්ම්ම්, මචන්.. වන් ධම්මෙ

කසුනා: මොකක්... ආයි කියපන්.

සුරා: වන් ධම්මෙ බං

කසුනා: කෝ ගනින් බලන්න

අනේ ඩිවිඩි කවරෙ ලොකුවට ගහල තියනව නලුවගෙ නම, "Van Damme" කියල.


මෙන්න විදිලි දෙක, හෙට බලාපොරොත්තු වෙන්න

3 comments:

  1. මචෝ සුරා වන් දම්මේ කියල තියෙන්නේ ඉතාලි විදියටයි,ඕක spanish
    විදියටත් හරි,නියම සිංහල විදියත් හරි කියල මටනම් හිතෙන්නෙ,
    අපි James Bond කියන නම සිංහලට ජේමිස් බන්ඩා
    Paradise= පාරාදීසේ
    ඉතින් සුරා හරිය ....????

    ReplyDelete
  2. හයියෝ.. මම නම් ගඟේ පනිනවා !

    ReplyDelete