Friday, May 18, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතා (3) - නලියගෙ අක්ක ලවු එක

 මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්

ෆ්‍රී පීරියඩ් එකක්, අපේ කස්ටිය ඉතින් දහ අට සන්නිය නටන්න සෙට් උනා, නලිය වැඩි සද්දයක් නෑ, මම ඇදල ඇරිය උට හුනු කොට්ටෙන්, ම්හු, මූ ඒක ආයි මගෙ දිහාට වීසි කරල මට කතා කරා, වෙනදට මූ මාව මරන්න වගෙ පස්සෙ පන්නයි.

මේ වරෙන්කො, පොඩි සීන් එකක් තියනව, යන් එලියට

මොකො උඹට බෙට්ටක්වත් සෙට් වෙලාද? කෝකටත් ශුවර් නෑ මේ මුගෙ තවත් ගුලියක් ද කියල, මොකෝ ඔය වගෙ ගුලි ඕන තරම් කාල තියෙන්නේ.

නැ නෑ වරෙන්කො යන්න,

ක්ලාස් එකෙ රෙකොර්ඩ් මොනිටර් පට්ටම වටින්නෙ මේ වෙලාවට, මම CRB එකත් කිහිල්ලෙ ගහගෙන මූත් එක්ක කැන්ටින් පැත්තට ගියා,

මොකද සීන් එක,

මේ මට අරකිව අද හම්බ උනා,

ඉතින්, මේ මූ කියන්නෙ ටික දවසක ඉඳන් මුට වැදිච්ච කෙල්ලෙක්, මහා උපාසිකාවක්ගෙ නමෙන් තියන සහෝදරී බාලිකාවක ඉන්න කෙල්ලෙක්, මූ දවස් දෙක තුනක් බස් එකෙ දැකලා, පස්සෙ කොච්චර හෙවුවත් මෙකිව හම්බ උනේ නෑ, එක්කො ස්කූල් වෑන් එකක යන කෙල්ලෙක්ද කොහෙද..

ඉතින් තමයි, අද උන්ට ඇඩ්මිශන්  මම අහගෙන උන් සෙට් එකෙ කච කචේ,

මොන #@$#@$  ඇඩ්මිශන්?

යකෝ ඒලෙවල්

හුටා, ඈ බන් අක්ක පාරක්නෙ, එහෙම කියල මම හිතුවෙ දැන් මූ සීන් එක අත ඇරල කියල,

ඔව් බන්, අවුලක් නෑ, අවුරුද්දයිනේ.. මේ අද ඒකිව කොහොමහරි හම්බ වෙන්න ඕනේ, කතා කරන්න බැරිනම් අඩු ගානෙ ඉන්නෙ කොහෙද කියලවත් බලන්න ඕනෙ, තෝ එනවානෙද?

අහෝ, කන්න යන පෝරියල් එක මට මැවී පෙනේ, මොනා කරන්නද

අඩේ උඹ සිරාද කියන්නෙ,

ඔව් බන්, සිරාවට,

හරි හරි බන්, ලාස්ට් පීරියඩ් එකෙදි පනිමු, එතකොට උන්ගෙ ඉස්කෝලෙ ලඟට යන්න පුලුවන්නෙ ඇරෙන්න කලින්,

ගොනෝ, උන්ට අද  ඇඩ්මිශන්. කීයට යයිද කියල දන්නෙ නෑ, දැන් යමන්

කන්නයන පෝරියල් එකේ තරම හිතුවාට වඩා දාස් ගුනයක් බව මගෙ ටිකිරි මොලේට වැටහේ,

නොදකින් උරුලෑව, උදෙ කිව්වනම්, රෙජිස්ටරෙ මම හදනවනේ,

හරි හරි බන්, අවුලක් උනොත් හෙටනෙ, දැන් ඉතින් යමන්,

පොත් බෑග්

හෙට ගමු, ඕව උස්සන් යන්න බෑ... මුගෙ මගුල් විසේ, මට තමයි කෙලවෙන්නෙ පොත් නැතුව ගෙදර ගියොත්.
කොහොම හරි අපි උන්ගෙ ඉස්කෝලෙ ලඟ බස් හෝල්ට් එකට චෙකින් උනා 10 වෙද්දි, දැන් ඉතින් කාපන්කෝ ටින්කිරි....10.00... 10.30.. 11.00.. 11.30...

මේ @#$$$ @#$@#$#@$ %$@#$@%%@%

හරි හරි බන්

11.30... 12.00.. 12.30... 1.00... 1.15...

අරකි එනව...

කොයි එකද,

බ්‍රවුන් බෑග් එක එල්ලන් ඉන්නෙ, කෙල්ල නම් සිරාය, ඒත් මොකද කරන්නෙ කියා කිසිම අදහසක් නෑත..
ශික් විතරක්, මේ කෙල්ලොත් යන්නෙ රංචු පිටින්, අම්මප නීතියක් දාන්න ඕනෙ කෙල්ලො ඉස්කෝලෙ ඇරිල තනියම යන්න ඕනෙ කියලා
....

වරෙන් අපිත් නගිමු බස් එකට, ට්‍රයි එකක් දාමු අල්ල ගන්න

කොච්චර ට්‍රයි කරත්, උන් බහින තැන ඇහුනෙනෑ, කාපන්කො, අතේ තිබ්බ ඔක්කොම හූරල බස් එක යන අන්තිම හෝල්ට් එකටම ගත්ත ටිකට්, අරුං රන්චුවම කිචිකිචිය, අපි ඉතින් මල පෙරේත්යෝ වගෙ ඉන්නව පෙරේත තට්ටුව දිහා බලාගෙන,
.....

එකපාරටම, මේකි හායි බායි ගූයි කියල බැස්සනේ හෝල්ට් එකකින්, අපි දෙන්න අනිත් දොරෙන් බහින්න සෙට් වෙද්දි බස් එක අද්දලා, යනතන් සද්දයක් දාල, ටික දුරකින් බස් එක නවත්තගෙන බැස්සා. අනෙ අපි
එනකොට, අරකි තව ගෑනු කෙනෙක් එක්ක යනවා ඈත..

අම්මද දන්නෙනෑ,

අම්ම නෙවෙයි බන් අඳුරන පුංචි අම්ම උනත් දැන් ගිහින් කතා කරන්නද? උඹට ඕන්නම් ෆොලෝ පාරක් දාල ගේ බලාගමු, පස්සෙ බලමු මොකද කරන්නෙ කියල.

හ්ම්..

අපි ගේ බලා ගත්තද.. ඒකි ගැන වෙන කිසිම දෙයක් හොයාගන්න බරි උනා.. අරු දැන් නාහෙන් අඬනවා, තව පොඩ්ඩක් හොයමු කියල.. ඉතින් ඔන්න අපි දෙන්න පාරෙ මුරකාරයෝ වගෙ ගේ ඉස්සරහින් තුන්-හතර පාරක් යනකොට මම දැක්ක මරු අයිටම් එකක්, ඒකිගෙ ගෙදරට එහා ගෙදර පොස්ට් බොක්ස් එකේ ලියුමක් හිරවෙලා, ටිකක් එලියට එන්න.. ලොකු හේතුවක් නැතිඋනත්, පාරෙ කවුරුත් නැති හිඳා ඒවෙලාවෙ, මම ඒ ලියිම ඇදල ගත්තා, අඩුම ගානෙ ඇඩ්‍රස් එකවත් බලා ගන්න ඒ පාරෙ ගෙවල් වල. ඒක දෙකට තුනට නමපු වතුර බිලක්, ආව පට්ට අයිඩියා එකක්, ඒකෙ තිබ්බ ඇඩ්ඩ්‍රස් එකයි බිල් විස්තරයි ලියාගෙන බිල ආපහු දැම්මා බොක්ස් එකට..

දැන් තො මොනවද කරන්න හදන්නෙ..

තොට කෙල්ලගෙ ගෙදර විස්තරනෙ ඕනෙ, වරෙන්කො ගෙදර ගිහින් ට්‍රයි එකක් දාමු..

දැන් මගෙ ප්ලැන....

අපි දෙන්න අර නම ගම ඇඩ්‍රස්ස් එක බලාගෙන ඩිරෙක්ටොරියේ හෙව්ව උන්ට ෆෝන් එකක් තියනවාද කියා... පට්ට.. පොඩි කට්ටකින් පස්සෙ බඩු හෑවු. ඊලඟ දවසෙ අපි ඉතින් ඔන්න ගත්ත කෝල් එකක්, පිටපත් මගෙන්, කෝල් එක සූරිගෙන්, ඌ තමයි ඔය ෆෝන් ටෝක්ස් මරුවට දෙන්න පුලුවන් එකා..

A. B. C.මහත්මයාගෙ නිවසද මේ. අපි මේ කතා කරන්නෙ වෝර්ට බෝඩ් එකේ ෆිල්ඩ් මේන්ටේනන්ස් ටීම් එකෙන්.

ඔව්

ඊයෙ අපේ ඔෆිසර් කෙනෙක්  මහත්මයාගෙ ගෙදරට වොර්ට බිලක් ඉෂූ කරල තියනවා රෙකොර්ඩ්ස් වල හැටියට, මහත්මයාට පුලුවන්ද ඒ බිල අරගෙන එන්න ෆොන් එක ලඟට, අපිට පොඩි වැරදීම් වගයක් වෙලා තියනවා සමහර බිල් වල, ඒක චෙක් කරන්න
 
දන් ඔන්න කතාව... බිලෙ ගානයි අරවයි මෙවයි.. අපි ලඟ රෙකෝර්ඩ් තියනවානෙ.. ඊට පස්සෙ..

හරි බොහොම ඉස්තූතිය්, ඔයාලගෙ බිලනම් හරි, ඒත් අපිට පේන හැටියට ඔයාලගෙ දකුනු පැත්තෙ තියන ගෙදර විස්තර තමයි අවුල් වෙලා තියෙන්නෙ, ඒ ගොල්ලො ෆෝන් එක ගන්නෙ නෑ, කවුද මිස්ට.....
සූරියගේ පරම සත්‍ය වගෙ බේගල් අතැරිය ලස්සනට, බුවා හොඳට ඇඳ ගත්තා..

ආ ඔය කියන්නෙ,  DDDDDD ගෙදරනෙ, මම පනිවිඩෙ දෙන්නම්..

අහ්, සොරි එයාල නෙවේ.. කමක් නෑ අපි චෙක් කරල කියන්නම්, ඉස්තූතියි.

ඊට පස්සෙ ඒ කිව්ව වාසගම යටතේ අර ඇඩ්‍රස් තියන ෆොන් නම්බර් එක හොයා ගන්න අවුලක් උනේ නෑ..

ප.ලි. පස්සෙ කාලෙක, කෙල්ල වයස ප්‍රශ්නෙ දාල මුට බෑ කිව්ව. ඒත් අපෙ එකා සැලුනෙ නෑ, ඊටත් පස්සෙ කාලෙක වෙන කෑල්ලකට බැහැල ගොඩ ගියා.



ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන්

එයාගෙ ගාන.... නලියගෙ තව කතාවක්

Wednesday, May 2, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක් (2) - වලි සෙට්

 මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්

මචන් අද මට පොඩි ගේමක් තියනව, උඹල ඉන්නව නේද?


ඒ අපේ වලිරංගය, නමෙ හැටියටම සතා මොකාද කියල හිතා ගන්න පුලුවන්නේ, පුලුවන් කිව්වට පුලුවන්ම නැති වෙන්නත් බැරි නෑ, වලිරංගය යන එන ඕන තැනක වලි දා ගන්න සූරය, මුගෙ ෆේවරිට්ම අයිටම් එක තමා අපි තියා ඌ දැකලවත් තියන මනුස්ස පරානයක් අහල ගම් හතකවත් නැති තැනකට ගිහින් නාගසලන් වලි සෙට් කර ගෑනීම, අඩි හතරක් විතර උස මේ හිතින් විතරක් සද්දන්තයා සීයක විතර ගහන්න වගෙ ගිහින් දෙන්නෙක්ගෙන් විතර අම්බානකට කාල තමයි එන්නෙ, ඊට පස්සෙ අපිට විසුමක් නෑ ඌ ඉල්ලගෙන කාපුවාට රිටර්න් දෙන්න යන්න, එහෙම ගිහින් තුන් හතර පොලකින් අපිත් කෑව නැති වෙන්න, ඒත් මුගෙ ජානවල අප්සෙට් එකට වලි දා ගන්නවා වගේම අපෙ ජාන වල අප්සෙට් එකට අපි ඌට හෙල්ප් කරනවා, සංසාරේ සංසාරේ.


එදත් ඌ අහවල් වත්තක එකෙක් එක්ක වලියක් සෙට් කරන්, මූ චන්ඩියා වගෙ ටෝක් ඉෂූ කරල අද තුනට "නවසර" එක ඉස්සරහට වරෙන් කියල. නවසර, මම කිව්ව ටියුෂන් නගරෙ මැද තිබ්බ හෝටලයක්, කොල්ලොන්ට සෙට් වෙන්න කියාපු තැන, ප්ලේන්ටියක් ගහන්න, විටමින් කූරක් අදින්න, කෙල්ල එනකම් පස්ස් හිරි වටෙනකම් වාඩිවෙලා ඉන්න කියාපු පොට් එක, ඇයි පිරිසිදු කම, වෙටර්ලගෙ රෙදි අස්සෙන් බේරෙනව,

එක ක්ලාස් එකක් ඉවර වෙලා අනිත් එක පටන් ගන්න කලින් ප්ලෙන්ටියක් ගහන්න ගිය ටිකට සෙට් වෙච්ච මරාලයක්, මොනව කරන්නද? හිත හදාගෙන පොත රෝල් කරල පුටුවක් හරෝගෙන ඉඳ ගත්ත අරූගෙ දානෙට සෙට් වෙන්න,

තුනයි,
යන් යන් බන් එලියට... අරු අදත් තනියෙන් සීයකට විතර ගහන්න, සූ ගාල පස් දෙනායි අපි, අම්ම ගහයි බැට් එකෙන් එලියෙ පොඩි චන්ද රැස්වීමක් වගෙ... මේ කාලෙ  මොන චන්දද, හුටා, අරු සේනාවක් එක්ක ඇවිත්, දැන් දැන් සුදු කොඩි, ටකරම් මඩු මතක් වෙනවා, හොඳ වෙලාවට තරංගයා..

අඩෝ තොපි පො.... ද? එකෙක්ට ගහන්න වත්තම ගෙනාවද, චන්ඩි නම් අපේ පහට තොපෙ පහක් වරෙන්...


උගෙ සිංහ නාදෙට අපි විතරක් නෙවෙ අරුන්නුත් හෙල්ලුනා, අරූගෙ සේනාවෙ හිටියා හෙන කරා ඩයල් එකක්, ටිකක් වයස ඩයල් එකක්, ඌ යන්තම් මුන් දෙන්න විතරක් එක්ක ටෝකක් දීල බලද්දි උටත් තේරුන මේක මහ පීචන් චීත්තෙක සෙට් වෙච්ච වලියක් කියල, උට නිකන් ලැජ්ජ වගෙ හිතෙන්නැති මේ වගෙ ඒවාට සෙට් වෙන්න, ඊට පස්සෙ ඌ,

යකෝ අපෙ එකාගෙ වැරද්ද, නැත්නම් තොපි පහ කුඩු කරනව මෙතන සවල් වලින් අහුලන්න.. යමවු බන්...

අම්මො එදා කෑවනන් තාම කනව එතන හිටපු සෙට් එකෙ හැටියට...

ඒ වලිය එහෙම එහෙම උනාට අපෙ ප්‍රදීප් දවවසක් ඔහොම සෙට් එකක් අරන් ගියා... අපිත් ගියා.. ප්‍රදීපයත් එල ඩයල් එක, ඌ ඒ දවස්වල බැස්ස කොමස් කෙල්ලෙක්ට, අපෙ මැත්ස් පංති ඉතින් වේලෙනවනේ, ඉතින් ඔය නියඟෙට එකම විසඳුම කොමස් හරි ආර්ට් වලින් විදේශාධාර ගන්න එක, ප්‍රදීපයත් එහෙම ප්‍රොජෙක්ට් එකක්, හබයි මූ ට්‍රයි විතරයි, අහන්නෙත් නෑ, අපිත් හැමදාම මූව ෆොර්ම් කරනවා අහපන් යකෝ කියල,

හරි අද අහනවා..

කීයටද

ඒකිගෙ ක්ලාස්ස් ඇරුනාම

හරි එහෙනම් තෝ දැන් අපිට පාටියක් දීපන්,

ඔය පාටියෙ තිබ්බෙ වඩෙ සහ ප්ලේන්ටි විතරයි හැමදාම, හැමදාම, ඔව් මොකද ඌ එකිගෙන් අහනවා කියල පාටි විස්සක් වත් දෙන්න ඇති අපිට.. ඊට පස්සෙ මූ එකි ලඟට ගිහින් මොනව හරි වල් පල් කියවල, එනවා, ඇහුවාම අද හරි නෑ වගෙ බන් අහන්න..

එදා කසුන්ගෙන් ඔත්තුවක්,
 ඕයි අන්න උඹෙ කෑල්ලට උන්ගෙ ක්ලාස් එකෙ එකෙක් බහිනව..

එහෙම කොහොමද, අපි ඉන්නකම්, අපි එදා ඌව අල්ලගෙන ෆුල් දෙසුම්, අන්තිමේ කොල්ල ඇග්‍රී අදම ඉවරයක් කරන්න, අපි, මේ උඹ අදත් නානව, අපිත් එන්නම්, ඔන්න කෙල්ලගෙ ක්ලාස් එක පැත්තට අපි යනවා, ක්ලාස් එකට යන පාරෙ අපි සෙට් එක යනකොට අපේ සමහර ෆිට් උන් හම්බ වෙනවා, ඒ හැම එකාටම අපි දෑන් කිය කිය යනවා අඩෙ අද මූ අහනවා, උඹත් වරෙන් යන්, ඔන්න ඌත් සෙට් වෙනවා...

අපෙ ගොන් වැඩ ඉතින් අපිට පේන්නෙ නෑනෙ, හවස බස් එකේ කෙල්ලෙක් සෙට් උනා ක්ලාස් එක ලඟදි, මම ඉතින් ඒකිටත් කිව්ව අපේ ගෲප් ඔපරේශන් එක..

කෙල්ල ඔලුවෙ අත ගහ ගත්තා,


අනේ ප්‍රසා, උඹල වගෙ හරක්, උඹල කෙල්ලෙක්ගෙන් අහන්න තේරෙන්නෙ නැද්ද, අහන්නද යන්නෙ, නැත්නම් විස්සක් විතර සෙට් වෙලා ගහන්නද යන්නෙ වලියක් වගෙ?

Saturday, April 28, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්

අපි දන්න තරමින් අපි කාගෙත් ජීවිතේ පට්ටම ආතල්, නිදහස්ම කාලෙ තමයි අපි ඉස්කෝලෙ ගිය කාලෙ, එකෙනුත් ඒ ලෙවෙල් කාලෙ තරන් ජීවිතෙ ෆන් ගත්ත කාලයක් වෙන නෑ... මට එච්චර ලස්සනට කතා ලියන්න බෑ, අනිත් පෝස්ට් දැක්කම තේරෙනවනේ, ඒත් පොඩ්ඩක් හිතුනා අපෙ ඒ කාලෙ ගැන ලියන්න, මෙලෝ රහක් නැත්නම් පහල තියන කොටුවට ටික් එකක් දාන්න මෙලෝ රහක් නෑ කියල...

"සිහිනයකි ඔබ නිහඬ මදියම් රෑ...
නිදන නෙතු යුග සනසනා...
"

ඒ දවස්වල අපේ ජාතික ගීය, පිස්සුද අපි වෙන රටක නෙවෙ හිටියෙ ඒත් අපි හිටියෙ වෙනම ලෝකෙක, ඒ මහා ටියුෂන් නගර ඉඳන් අපෙ ගෙවල් පැත්තට යන්න තිබ්බ බස් එකට අපි සෙට් වෙනවා හවසට ගෙදර යන්න, මැත්ස් කරපු අපියි, බයෝ කරපු, කොමා කරපු, ඔය හැම එකාත් එකීත් හවස පංති ඇරිලා ඒ බස් රූට් එකෙ තමයි යන්න තියෙන්නෙ අපේ පැත්තට...  හයට විතර තියන බස් එකේ පිටිපස්සෙ දිග සීට් එකට ක්ලාස් යන උන් සෙට් වෙනව, හීනියට පොඩි පොඩි කතා මැද්දෙ සින්දු පටන් ගන්නව, ඉස්සෙල්ලාම ජාතික ගීය, "සිහිනයකි ඔබ නිහඬ ....", කාලයක් පට්ට හිට් වෙලා තිබ්බෙ ඕක,
අපෙන් බස් එකෙ යන අනිත් උන්ටවත්, අනිත් උන්ගෙ අපිටවත් කිසිම කරදරයක් නෑ, කොටින්ම ගොඩක් අය යන්නෙ අපෙ සින්දු අහගෙනමයි, ලා සද්දෙන්, කවකටු පෙට්ටියක තට්ටුවක් දාන ගමන් කියන සින්දු මාර අතල් එකක් දුන්නෙ, කොන්දල කොච්චර කෑ ගැහුවත් අපෙ වල් පල් අහන්න, සින්දු අහන්න කෙල්ලො බස් එකෙ ඉස්සරහට යන්නෙ නැතුව ඉන්නව,

ඔය අස්සෙ අපි පොඩි බයිටුත් දෙනවා, හිටි ගමන් එකපාරටම අපි සද්දෙ නවත්තනවා, මෙච්චර වෙලා සින්දු අහපු උන් එක පාරටම අපි දිහා බලනවා, දවසක් ඉස්සරහ හිටපු අංකල් කෙනෙක්, පිටිපස්ස හැරිල අහනව, ඇයි පුතාල සින්දු නැවෙත්තුවෙ, අපිට කරදරයක් නෑ කියල, දන්නෙ නෑ ඉතින් බයිටකට කිව්වද කියල ඕන්..

අර කිරි මොකක්ද එකටත් හෙන ගහනවා වගෙ අපේ "ජාතික ගීයට" කෙලවුනි, ඒක ටොප් වන්  එකෙ සිට  නොසිතූ ලෙස ඇද වැටුනෙ, බස් එකෙ සල්ලි හොයන්න සින්දු කියන්න ආපු කොල්ලෙක් හින්දා, දවසක් ඔය කියන පොර බස් එකට නැගල කනුවක් ලඟින් හිට ගන්නවා, මුකුත් කාතාවක් නැතිවම රුපියල් දෙකෙ කාසියක් අරගෙන අර කනුවට තාලෙට ගහගහ පට්ට සුපිරියට පටන් ගත්තා, ආයි කියන්න දෙයක් නෑ පට්ට සුපිරියි, නිකන්ම දෙකෙ කාසිය විතරක් තට්ටු කර කර බුවා අපිව හොල්මන් කරා


"එක යායට මල් පීදුන බිම් තීරේ..
පාර දිගේ කනින් කනට
කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි සිටියේ...

"
මේක කොච්චර හිට් උනාකියන්නෙ, එක දවසින් ඒක අපෙ ජාතික ගීය උනා, අන්තිමේ අර කලින් කිව්ව වගෙ එකත් හිට් ලිස්ට් එකෙන් ගැලවිලා ගියා, හැබැයි මේ පාර අපෙ එකෙක් හින්දා,

දවසක් අපිට ඉස්සරහ සීට් එකෙ හිටියේ අපෙ ක්ලාස් එන කෙල්ලෙක්, ඒකිගෙ පෝනි ටේල් කොන්ඩෙ බස් එකෙ වීදුරුවෙන් එන හුලන් පාරට විසිරිලා, හවසට ඉර බැහෙගෙන යද්දි හරහට වැටෙන අව්ව වැටිලා ඒකිගෙ කොන්ඩෙ දුඹුරු පාටට පේනව, හරියටම,

"රාස්සිගේ අව්ව වැටී
දඹ රන් වූ ඔබෙ කෙහෙ රැලි
සුලන් සමග පොර බැදුවා...
ඔබට මතක නැති උනාට, අද වාගෙ මතකයි මට..
"

ඕක දැක්කෙ ලැම්බා, ලැම්බ ඕක දැකල අපිටත් පෙන්නල, ආයෙත් සින්දුව කියල, පස්සෙ සයිකො ගහන්න පටන් ගත්ත ඒකි ගෑන.. ඒත් පස්සෙ බලද්දි කෙල්ල අන්සතුයි..

අපි දවසක් පංති කට් කරල ඩොමිනියන් එකේ මතට තිත තියද්දි ටිකක් වැඩි වෙච්ච ලැම්බා, ඩොමිනියන් එක දෙවනත් වෙන්න කෑගහල ඇඬුවා,

"අනේ බන් මට අර රාස්සිව ඕනේ කියල", මතකනෙ, "රාස්සිගේ අව්ව වැටී... ",

ඩොමිනියන් එකෙ මතට තිත තිය තිය හිටපු අයියල, මල්ලිල, මාමල, අංකල්ල, වේටර්ල, කැෂියර් පවා ට්‍රයි කරා මුගෙ ඇඬිල්ල නවත්තන්න, කොහෙද.. අන්තිමේ අපේ ඒ ජාතික ගීයත් අපේ ලිස්ට් එකෙක් හැලුනා.

ලැම්බ ඔහොම කරත්, ඒ දවස්වල අපි නිදහස් කොල්ලෝ, අපි සෙට් එක (ඔක්කොම නෙවෙයි, අපි භාගයක් විතර ) හිටියෙ කෙල්ලො ඇනයක් කියලත්, බෝතලේ මාරයිනේ කියලත්...

ඔය කොහොම උනත් අපි සෙට් එක එක කෙල්ලෙක් ගැනනම් හෙන ඉම්ප්‍රෙස්, අපි කතා උනෙ අනෙ අපිටත් අපි ලවු කරන්න හිතෙන කොට ඒවගේ කෙල්ලෙක් ඕනෙ කියල, හැබයි එකිටත් කොල්ලෙක් ඉන්නවා, උඹල හිතයි කෙල්ල පට්ට ලස්සනයි කියල, පිස්සුද, එහෙනම් බ්‍රයිට් කේස් එකක්ද? ඉතින් බ්‍රයිට් කියල අපිට පාන්ද? ඇයි අපි බ්‍රයිට් නැද්ද, එහෙනම් සල්ලිද? කවුද හලෝ දන්නෙ එකිට සල්ලි තියනවද කියල, එහෙනම් ඔන්න උඹලගෙ ප්‍රශ්න සහ මගෙ පිලිතුරු.. උඹලගෙ අන්තිම ප්‍රශ්නෙ,

එහෙනම් මොන මල ඉලව්වකටද එකි වගෙ එකියක් හොයන්නෙ...

ආහ්, ඒකි කොල්ලත් එක්ක සයිවර් කඩේට ඇවිත් තෝසයක් කාල ප්ලේන්ටියක් බොනවා... කොල්ලට පට්ට ලාබයිනේ, ඒකයි..
ඔන්න අපේ ලවු... හරියයිද මන් අහන්නෙ..

තව කතා තව කොටසකින් දාන්නම්...

Sunday, April 22, 2012

නිමල් කට කා නසී

අදත් කියන්න යන්නෙ අපෙ එකෙක්ට වෙච්ච චාටර් සීන් එකක්, ඌ නම් කියන්නෙ බඩ හපාගෙන මැරුනත් සැපයි කියල. අපිනම් කිව්වෙ පට්ට ආතල් නෙ ඕයි, හොඳ වැඩේ උඹට වගෙ දේවල් තමා. මම ඉතින් කතාව කියන්නම් එතන හිටියා වගේ, නැත්නම් ඉතින් ආතල් එකක් නෑනේ.

අපි කියමු අපේ එකාගෙ නම නිමල් කියල, මම ඉතින් එකම එකාටත් මේ බ්ලොග් එකේ නම් දෙක තුනක් දාල ඇති, කොහොමත් ඔය නිමල් කමල් සුනිල් වගෙ ඒවනේ ටක් ගාල එන්නේ.

හරි ඔන්න කතාව, අපෙ කමල්ගෙ ලවු එකට ඒ දවස්වල ගෙවල් වලින් කැමත්ත තිබ්බා, මුලින්නම් උන්ට එපා කිව්ව, උන් අහන්නෙ නැති හින්දා, ගෙවලුත් අවුල් නැති හින්දා උන්ට කියල තිබ්බෙ ඉගෙනගෙන ඉවර වෙනකන් වැඩි සෙල්ලම් නැතිව ඉන්න කියල. ඔය හොරෙන් ලවු කරනවා වගෙ නෙවේ, පර්මිශන් හම්බ උනාම මෙලෝ රහක් නෑ, ඇයි ගෙදරට ගිහින් කතා කරන්න ඕනෙ, මුටත් උනේ ඒකමයි, මූත් ඉතින් සෙනසුරාදා හරි ඉරිදා හරි උදේ පාන්දරින්ම දහයට විතර කෙල්ලගෙ ගෙදර යනව, දවල්ට කාල එහෙම තමයි එන්නෙ.

ඌනම් කියන්නෙ හොදි නැතුව පාන් කනව වගෙ කියල, මොකද මූ ගිහින් සාලෙ පුටුවක ඉඳ ගන්නවාලු. කෙල්ලත් ඇවිත් ලඟ පුටුවක වාඩි වෙලා ලවු එක කරගෙන යනවලු, නැන්දම්ම එක්කො සාලෙට වෙල මහනවලු, අතුගානවලු, නැත්නම් මොකක් හරි වැඩක්ලු. ඇත්ත තමයි, හොරෙන් ලවු කරන කාලෙ අඩුම ගානෙ අතින් හරි අල්ල ගෙන යනව, පොඩි කිස් පාරක් දීගන්න පුලුවන්නෙ, මෙහෙ ඒව වානා. ඔය යන්තන් අම්ම එහෙ මෙහෙ වෙනකන් ඉඳල මාරි බිස්කට් කෑල්ලක් වගෙ එකක් කවනවා වගෙ සීන් තමයි උපරිම.
කෙල්ලගෙ ගෙදර අල්ලපු ගෙදර ඉන්නෙ කෙල්ලගෙ නැදෑයො පවුලක්, එහෙ ඉන්නව 3 වසරෙ විතර පොඩි එකෙක්, බුවාත් ඉතින් කොයි වෙලෙත් මෙහෙලු. එහෙම දවසට නැන්දම්මට හෙන හැපිලු, මොකට පොඩි එකාට පොතක් පැන්සලක් දීල ඌව සාලෙන් තියනවලු, තියල කියනවලු අක්කගෙනුයි අය්යගෙනුයි අහගෙන අකුරු ලියන්න, චිත්‍ර අඳින්න. එහෙම කරලලු දෙයියනේ කියල නැන්දම්ම වැඩක් පලක් කරගන්න කුස්සියටවත් යන්නෙ.

ඔන්න ඔහොම ඉතින් සාමකාමිව ජීවිතෙ ගෙවෙනකොට, ඔය පොඩි එකාට චිත්‍රයක් එහෙම අඳින්න දුන්නාම ඌ මෙලො සිහියක් නැතිව ඔලුව පොතේ ඔබාගෙන අඳිනවලු. දන්නවනෙ කාටද වාසිය කියල.
ඉතින් ඔහොම දැහෙමින් සෙමින් කරගෙන යනකොට, පොඩීකාටත් එපා වෙනවනෙ, ඇයි ඉතින් මුන් හැමදාම උට කියන්නෙ, හාවො අඳින්න, පූසො, බල්ලො, කාර්, බස් නෙ. මූ ස්ට්‍රයික්, බුවා කියල මට අද වෙන එකක් අඳින්න ඕනේ කියල, නිමලයත් දහ අතෙ කල්පනා කරල කරල බැරිම තැන කිව්වලු,

එහෙනම් බබෝ ඔය අක්කවයි මාවයි අඳින්නකෝ කියල.

පොඩ්ඩ සට පට ගාල අඳින්න පටන් ගත්තලු, දැන් බුවා ෆුල් ට්‍රයි දාල සෑහෙන වෙලාවකට පස්සෙ ඔන්න පොතත් අරන් ගියාලු නිමලයගෙ නැන්දම්ම ලඟට, ගිහින් ඔන්න චිත්‍රෙ විස්තරෙ කියනවලු,

නැන්දෙ නැන්දෙ මේ මම චිත්‍රයක් ඇන්දා

(පොඩි උන්ගෙ බලි කුරුටු ආයි කාට තේරෙනවද )
ශෝයි නෙ පුතේ, ලස්සන චිත්‍රයක්, පුතා මොකක්ද ඇන්දේ.. කියල පොඩියට හුරතල් පාරකුත් දුන්නලු,
එතකොට පොඩි එකා,

මේ නිමල් අයිය, මේ සුදු අක්ක, මේ නිමල් අයිය සුදු අක්කගෙ කට කනව....


--------------
මේ තියෙන්නෙ අපේ සෙට් එකේ තව එකෙකුගෙ ලවු සීන් එකක්, ඔන්න ඔහේ එකත් බලන්නකෝ..
 සුරා: තෝ බැන්දත්, කෙල්ලව ගෙදරනම් ගෙනියන්න එපා


Sunday, April 8, 2012

කුරුම්බා කෝස්..

අපි ඉස්කෝලෙ බොඩිමෙ ඉන්න කාලෙ අපෙ ෆේවරිට්ම අයිටම් එකක් තම ඔය හොරෙන් කුරුම්බා කඩන එක. ඕක මම මෙහෙම ලෙසියෙන් කිව්වට පට්ට කොමාන්ඩො කෝස් එකක්. උඹලට දැනගන්නත් එක්ක ස්ටෙප් බයි ස්ටෙප් දාන්නන්කෝ අපි කාපු කට්ට.

කවදාවත් අපිට දවල්ට හිතිලා නෑ අද රෑට කුරුම්බා කඩමු කියල, ඕක හැමදාම වෙන්නෙ රෑ පාඩම් කරල එනකොට හරි ලයිට් ඕෆ් කරල නිදා ගන්න ගියාම හරි. ඔන්න එකෙක්ට හිතෙනවා අද රෑට කුරුම්බයක් බිව්වොත් හොඳයි කියල... තියන ෆිට් එක කියන්නෙ මොන අලුගුත්තේරු වැඩක් කරන්න ගියත් තව එකෙක් හරි ඇදගෙනම තමා අපේ උන් යන්නෙ,

මේ බන් කුරුම්බයක් බොමුද

බෑ බන් දැන් කීයද වෙලාව

එකවත් වෙලා නෑ යකෝ, වරෙන්කෝ යන්න,

හරි පයිලට් කෙනෙක් ඉන්නවද? ඔය පයිලට් කියන්නෙ පොල්ගස් නගින්න පුලුවන් උන්, ඔහොම උන් දෙතුන් දෙනයි හිටියේ, අනිත් පයිලට්ලා තමයි කබර පයිලට්, ඒ කියන්නෙ මේ මම වගෙ උන්, බොහොම අමාරුවෙන් අතු සීයක් විතර තියන ගස් වලට කබරයෝ වගෙ බඩගාගෙන නගින උන්. බැහැල බලද්දි පපුවෙ හම ගහේ.

කොහොම හරි පයිලට් කෙනෙකුත් සෙට් කරගෙන බෙඩ් ශීට් එකකුත් අරන් යනව ගහක් ලඟට, තනි කොමාන්ඩො කෝස් එකක්, ලයිට් නැති පැතිවලින්, බිම පාත්වෙලා හැන්ගි හැන්ගි තමයි ගහක් ලඟට යන්නේ. ඔත්තු බලන උන වටේට දාල, පයිලට් ගහට නගිනවා, දෙන්නෙක් අර බෙඩ්ශීට් එක අරන් ගහ යට ඉන්නවා, බොලා හිතන්නෙ බෙඩ්ශීට් එක නිදා ගන්න, පෙරවන්නයි, එල්ලිලා මැරෙන්න විතරයි කියලනේ, ඔන්න අපි බෙඩ්ශීට් එකෙන් ගන්න තවත් ප්‍රොයෝජනයක්, පයිලට් ගහට ගිහින් සෙට් උනාම පොඩි සිග්නල් එකක් දෙනවා, එතකොට අරුන් දෙන්න බෙඩ්ශීට් එකේ කොන් දෙකක් අල්ලගෙන ටිකක් ඈත් වෙනවා, ඔන්න ඕක උඩට තමයි පයිලට් කාරයා කඩන ගෙඩි අතාරින්නෙ. හිතපල්ලකො කට්ට කරුවලේ, අරූ උඩ ඉඳන් දාන ඒවා අල්ලනව කියන්නෙ කොහොම සීන් එකක්ද කියල. මොකද ගෙඩි බිමට වැටෙන සද්දෙ කෙලින්න්ම මාරන්තික සිග්නල් එකක්, වෝඩර්න් අහැරුනොත් ඉතින් බඩුම තමයි, සෙක්කන්ට මාට්ටු වුනත් ඉතින් ආයි බඩුම තමයි, මොකෝ උන් කරන්නෙ ගිහින් වෝර්ඩර්න්ට කියන එකනෙ.

කොහොම හරි මෙතුවක් කාලෙකට එකෙක්වත් ඔලුව පලාගන්නෙ නැතුව කුරුම්බා බෑවා. ඔය බෙඩ්ශීට් එකට වැටෙන ගෙඩි අරුන් දෙන්නා බිමදිගේ රෝල් කරනව අනිත් උන් ඉන්න දිහාට, උන් අර ගෙඩි අරගෙන තව තැනකට ගෙනියනව, පට පට ගාල මේක වෙන හින්දා, ඕන වෙලාවක අපිව මාට්ටු උනත්, වැඩිම උනොත් අපි අතෙ තියෙන්නෙ ගෙඩි එකයි. රහස දන්නවනෙ, මොකද ඔහොම අහුවෙන ඒවා නඩු භාණ්ඩ හැටියට ගන්නවානේ. ඒවා ඉතින් වොර්ඩර්න්ට තමා ඉතින්, අපි කටු කාල, මාට්ටු උනාට පස්සෙ පැය ගනන් දන ගහගෙන ඉඳල, කුරුම්ම්බ මොකටද උට දෙන්නෙ, අරවිදියට කරාම පනිශ්මට් ඉවරවෙලා උනත් ඇවිල්ල හංගපුව අරන් බොන්න පුලුවනෙ.

කොහොම හරි ඔහොම කුරුම්බා කඩා ගත්තට පස්සෙ, ඉතින් කොහෙ හරි අස්සකට ගිහින් නිවි හැනහිල්ලෙ බොනවා. දැන් ඉතින් උඹල හිතයි වැඩේ ඉවරයි කියලා, පිස්සුද, තව ඉතුරුයි, ඇයි යකෝ කුරුම්බා කෝම්බ ටික, කපපු කෑලි ටික, ඕවත් අරන් ගිහින් ඉස්කෝලෙ කොහෙහරි කුනු ගොඩක් අස්සෙ, යට කරනවා, නැත්නම් හදිසිමනම් ඉතින් ලොකු කානුවක් අස්සෙ හිර කරනවා, කොහොමත් කානු හිරවෙලා උතුරන්න සෙට් වෙනකොට ඉතින් ආයි අපිව කොහෙ කියල අල්ලන්නද...


මේ තියෙන්නෙ ඔය බෝඩිමෙ වෙච්ච තව සීන් ටිකක්

හොස්ටල් ෆන්

කට උත්තර නැතිවුන කතාවල්... 2
ෆිල්ම් හෝල් එකේ චාටර් වී...
සර්, සෝන්ග් එකක් සර්




Thursday, February 16, 2012

හොස්ටල් ෆන්

අද නම් කියන්න යන්නෙ අපේ හොස්ටල් එහෙම නැත්නම් නේවාසිකාගාර ජිවිතේ කතා මේ ඊයේ පෙරේදා අපේ එකෙ මතක් කරා, ඒකයි එක පාරටම ආයි මතක් උනේ, අපේ ඉස්කෝලෙ හොස්ටල් එකේ කතා මම තව බ්ලොග් එකකත් දැක්ක. මම හිතන්නෙ බ්ලොග්-ගඩොල් වගේ තමා මතක. ලින්ක් එක තිබ්බා හොයා ගන්න බෑ. ඔය බෝඩිමම ගැන මම ලියපු තව කතාවල ලින්ක්ස් තමා ඔය උඩිනුයි යටිනුයි දාල තියෙන්නෙ

ඔය හොස්ටල් ලයිෆ් එක කියන්නෙ මාර ෆන්, පිස්සු කොර ඒවගේම හෙන දුක්ඛිත ලයිෆ් එකක්. ඕකෙදි ගත්ත ෆන් කියන්න බ්ලොග් මදි ඒත් කරුමෙට හරියට මතක් වෙන්නෙත් නෑ. ඒක හින්දා පොඩි සිද්දි ටිකක් දාන්නම්,
ඔන්න දවසක්, දවසක් කිව්වට හැමදාම එහෙමයි, අපි නැගිට්ටේ වෝර්ඩන්ගෙ බනින සද්දෙයි, ගුටි අනින සද්දෙයි ඇහිලා, පට්ට පාන්දර 7.30 විතර. සද්දෙ ඇහෙනකොටම අපි දන්නව කලින් තියන ඩෝමෙට්‍රි වලට බැස්ටිය දෙනව කියල, එක තප්පරෙයි, සරම් අතේ, තුවා කරේ, දත් බුරුසු කටේ, ඔරේ රන් එක එක ටැංකි පැත්තට. අපිට ඔය ඩේලි මැරතන් එක ෆුල් ප්‍රැක්ටිස් මොකද හැමදාම ඔහොමනේ. ඒත් එදා මාහා කාලකන්නි දවසක්, මුලු ලෝකෙම අපිට විරුද්ධ වෙලා (එ කොටස රේඩියො චැනල් එකකින් ), අපි දුවනව, බුවා ටැංකිය පැත්තටම එනවා අපිව හොයා ගෙන. අපෙ උන්ට කරගන්න දෙයක් නෑ, කොහොම හරි එකෙක් කිව්ව
"පැනපන් යකෝ ග්‍රවුන්ඩ් එකට"
ආයි හිතන්න දෙයක් නෑ, අපෙ ටැංකි එහා පැත්තෙ තියෙන්නෙ ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එක, පොඩි තාප්ප කෑල්ලකින් දැන් එකා එකා පනිනව වෝර්ඩන් එන්න කලින්.
මැද හරියක් පනිනකොට අපිට පොඩ්ඩක් අවුල් වගෙ, හරි නම් පොතේ හැටියයට වෙන්න ඕනෙ පැනපු උන ග්‍රවුන්ඩ් එකෙ පැවිලියන් එක පිටිපස්සට දුවන්න ඕනෙ, ඒත් මුලින් පැනපු උන්, පැන්න තැන් වලම හොල්මන් වෙලා ඉන්නවා, පස්සෙ පැනපු අපි අරුන්ගෙ ඇඟවල් උඩ.....
අම්මෝ... භයන්කර දර්ශනයක්... STF. එකෙනුයි, කොමාන්ඩෝ එකෙනුයි ඇවිත් අපිව අල්ල ගන්න, ආයි ඇස් ඇරිය, සිරාවට STF ලයි කොමාන්ඩෝස් ලයි...
අපි දැන් කට ඇරන් උන් සෙට් එක දිහා බලන් ඉන්නවා, බුවාලා අපිට වඩා බය වෙලා අපි දිහා බලන් ඉන්නවා, ඒගොල්ලො ලඟ අත්වල තුවක්කු, අපි ලඟ තුවා, සරම්, බ්‍රශ්, සබන්...
 
යකෝ වොර්ඩන් හැමදාමත් අපිව අල්ලන්න එනවා, ගුටි දෙනවා, ඒත් හමුදාව අරන් ආපු පලවෙනි පාර.. අනේ මන්දා එහෙම හිත හිත, අපි දෙගොල්ලො මූනට මූන බලාගෙන ඉන්නවා...
පස්සෙ විනාඩි දෙක තුනකට පස්සේ, අපි එකා එකා කතා නොකර හිමින් හිමින් පැවිලියන් එක පැත්ටට ගියා, යන ගමනුත් අපි හැරිල බැලුවා, ගිහිනුත් බැලුවා පොරවල් ටික ෆුල් අප්සට් එකේ වගෙ තාම එතනම ඉන්නවා, අපිටත් හිතා ගන්න බෑ නිකන් අපි හීනෙන් දුවනද කියල. මූන හෝද ගත්තට පස්සෙනම් අපිට සුවර් හීනයක් නෙවෙ කියල.
ඔන්න ඉතින් අපි පස්සෙ තමයි දන්නේ, එදා උදේ රටේ හෙනම ලොකු බුවෙක් ඉස්කෝලෙට ඒන එකට දාල හිටපු ගාර්ඩ් එක කියල.
පස්සෙ පොරවල් ටික තක්බීර් වෙලා බලන් හිටපු හැටි මතක් වෙනකොට පන යන්න හිනා, සුවර් එකටම හමුදාවෙ සෙට් එක හොන්මන් වෙන්න ඇති, හිතා ගන්න බැරුව ඇති සරම් කඩාගෙන, බ්‍රශ් කටෙ ගහගෙන දුවන ජොකියො සෙට් එක කවුද කියල. ඇයි දෙය්යනේ ඉස්කෝලෙකට ආවහ පේන්නෙ පිලිවෙලකට සුදු අඳුම් ඇඳගෙන ඉන්න උන් මිසක් මොන මිනිහද හිතන්නෙ මෙහෙම සෙට් එකක් දකියි කියලා.


හොස්ටල් එකෙ තව කතා

කට උත්තර නැතිවුන කතාවල්... 2
ෆිල්ම් හෝල් එකේ චාටර් වී...
සර්, සෝන්ග් එකක් සර්

Monday, January 9, 2012

සුදාගෙ කරටි කැඩෙන ටෝක්ස් දෙවෙනි කෑල්ල....

සුදාගෙ කරටි කැඩෙන ටෝක්ස් දෙවෙනි කෑල්ලත් දාන්නයි යන්නෙ, පලවෙනි කොටස නම් මෙහෙන් ගිහින් බලන්න බැලුවෙ නැතිනම්. මම දහ අතෙ කල්පනා කෙරුවා මුගෙ කතා වලින් මොන ඒ වද දාන්නෙ කියල, ඇයි ෆුල් 18+ ඒවා අතෑරියා, ලීගල් කේස් එන්න පුලුවන් ඒවත් අත ඇරියා මම කිව්වනෙ මුගෙ බොසත් වෙඩි කාල මලානෙ, අපිව මාට්ටු වෙන්න පුලුවන් ඒවත් අත ඇරියාම තව ටිකයි තියෙන්නෙ. ඔන්නෙ ඔහෙ මේ සීන් ටික දානව.
ඔන්න දවසක් අපි සෙටඕල් වෙලා ඉන්නව, දන්නවනෙ ඕවා කොහොම සෙට් වුනත් අන්තිමෙ බඩු මදි වෙලා හොර පොට් ගානෙ ලගිනවානෙ. සේම් සන්තෑසියමයි එදත්, එදා මල් මදි වෙලා අපෙ එකෙක් බෙරිහන් දෙනව, දැන් මූව යවන්නත් බෑ ඇයි මල විකාරෙන්නෙ ඉන්නේ, පස්සෙ අන්තිමෙ ඕකට මාට්ටු උනේ මේ අහින්සක මාව, මම තමයි සෙට් එකේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජර්, මගෙ ලඟ ඒ දවස්වල පොඩි චැලි කටුවක් තිබ්බ, අම්මො දෙයියනෙ ඇස්වහක් නෑ පැස්ටොල් සුවඳටත් ඒක වැඩ. මම ඉතින් බරෙ දැම්ම තනියෙන් යන්න බෑ, අනික මම කොහොමත් ඔය මල් පොට් වලට යන්නෑ, කකුල කාපි දියබරිය කියල ඔන්න සුදා කිව්ව යන් ,මම එන්නම් තෝත් එක්ක කියල, දැන් ඉතින් ම්කෑ දන් වලඳන්නෙ, ඔන්න අපි දෙන්න ගියා, අරූ ෆුල් ගයිඩ් එක දෙනව ඒත් පොට් දෙකකට විතර ගියා බඩු නෑ, පස්සෙ කරන්න දෙයක් නෑ අපෙ ගෙවල් කිට්ටුවම ගෑනියෙක් මල් බිස්නස් කරනව, අපි සුමන ඇන්ටි කියමුකෝ, එතන්න්ට ගියා, අපි කොහොමත්
ඔතන්ට යන්නෙ නෑ ගෙවල් කිට්ටුව හින්දා, ලඟට ගියාම, දෙවට ලඟ බයික් එක නවත්තල..

සුදා : මෙ, උඹ ගිහින් බඩු අරන් වරෙන්, මම මෙහෙන් ඉන්නම්.

මම : යකෝ, මට බෑ, උඹ දැන් ආවේ අරන් දෙන්නම් කියල නේද

සුදා : හරි බන්, ඒ මෙහෙන් නෙවෙනෙ, වෙන ඕන තැනකින් අරන් දෙන්නම්, මෙහෙට විතරක් උඹ පලයන්, ඔය ප... මාව දැකල කට ඇවිස්සුනොත් එහෙම ආයි ඉතින් ගූ වලෙ වැටුන වගෙ තමයි

මම : මොන මගුලක් කියනවද බන්

සුදා : හරි ගිහින් වරෙනොකෝ රත්තරන්, මම ආවාම කියන්නම්..

මම : හිටපන් බොට බැරිනම් යන්නම්,
මමත් ඉතින් ලොකු පොර සෙ ගියා, ඔන්න ෆස්ට් ටයිම් සුමන ඇන්ටිගෙ මල් කඩේට පොර ටෝක් දීල ගියාට හෙන අවුල්, මමත් ඉතින් තටම තටම ඉල්ලුවා. මේ ගෑනි යකෙක්, සොරි යකින්නක් වගෙ මගෙ දිහා බැලුව, ඊට පස්සෙ

කොහෙන්ද ආවේ පොඩි එකෝ, මෙහෙ ඒව නෑනෙ, කවුද කිව්වේ (අනෙ මගෙ පොඩි, එතකොටත් අඩි පහයි අඟල අටක් විතර උස )
යාලුවෙක් කිව්වා

කවුද කොල්ලෝ උඹට කිව්වෙ..
(අනේ මේ ගෑනි හරි හොඳයිනෙ කියල හිතල මම කිව්වා) සුදා කිව්වෙ, (වැඩි හොඳටත් එක්ක ) අර AAAA කියන්නෙ

අම්මෝ, සුමන ඇන්ටි පැන්න ලෝන්ග් ජම්ප් එකක් කෙලින්න්ම මිදුලට, ඊලඟට
දෙවටට, කෙලින්න්ම සුද්ද සින්හලෙන් ආමන්ත්‍රන සුදාට,

#$ @#$@ $%^$^$&^%&%*$*&^*&^*^ *^ සුදා තෝ හිතන්න එපා මහතුවත් එක්ක සෙට් වෙලා මගෙ බිස්නස් වලට කෙලින්න, මමත් අවුරුදු වීස්සක් මේක විතරක් කෙරු නෑ යකෝ (අත් දෙකෙන් ඇඟිලි වලින් අහවල් වැඩෙ සලකුන කර පෙන්නයි ) #$$ @%$^%^&^&@!#$#@$#%$^%&^*(( (*&(*&() &% * &*((* (&(&(%^(*

සුදා : වර යකෝ යන්න, මේ වේ... %^%^%^%^$^&^&
අපි පීචන් වී එන ගමන්,

මම : ඒ බන් මොකෑ උනේ බන්

සුදා : මම උඹට කිව්වනෙ, ආයි ගූ වලෙ වැටුන වගෙ කියල, දැන් තොට තේරෙනවද

මම : ම්හු

සුදා : බලපන්, ගූ වලේ වැටිල මැරුනොත් මොකද වෙන්නෙ, මිනිස්සු කියනව ශික් අරු ගූ කාලම මල කියලා, ගොඩ අවොත් කියනව, වැඩක් නෑ අරු ගූ කාලනෙ ඉන්නෙ කියල

මම : ඉතින්.. (මෙලො මල දානයක් මට නොතෙරේ)

සුදා : ඉතින් තමයි, දැන් බලපිය වෙච්ච දේ, දැන් ඔය හැතිකරේ කියයි, සුදා සුමනක්කගෙන් ඊයෙ රෑ කන පැලෙන්න අහගත්තනෙ කියල, මමත් ඉතින් දෙකක් කියල ඔකිව බෑව්වත් ඔය හු.. කියයි, ශික් ඒත් සුදා හොඳට අහගෙන තමයි ගියෙ කියල,

අන්තිමේ,
මචන්, මේ, ඔය වගෙ අම්මන්ඩිලගෙ කටවල් එක්ක හැප්පෙනවට වැඩිය ලෙසියි BBBBBගෙ සෙට් එකත් එක්ක මරා ගන්න එක බන්