ඔන්න දවසක් මගේ යාලුවො සෙට් එකට පින්සිද්ද වෙන්න මම #### පොලොසියෙ රැයක් ගතකරා.. අපෝ කූඩුවේ නෙවේ, අර මගෙ ඉතින් ඊට පස්සෙ... වෙච්ච දේවල් කතාවෙ වගෙ පොලිස් මෙස් එකෙත් නෙවේ, නිකම්ම පුටුවක් උඩ, ඔන්න අදාල සීන් එකයි, තව පොඩි අතුරු කතායි මම කියන්න යන්නෙ.
ඔන්න දවසක් අපි, මමයි, අපේ චමියයි, ශාන්තයයි පොඩි ටුවර් එකක් ගිහින් එනවා, මතක හැතියට අපි පොඩි සොට් එකකුත් දාන් හිටියෙ, ආවෙ ශාන්තගෙ බයික් එකේ, පොලෝසියට අහුවෙයි කියන බයට අපි පොඩි අතුරු පාරවල් වලින් ආවෙ, මෙන්න මෙහෙමයි බයික් එකේ සන්යුතිය, මම බයික් එක පදිනවා - නෝ හෙල්මට් , ශාන්තය හෙල්මට් එකක් දාගෙන මට පිටිපස්සෙ ඉඳගෙන, ඊට පස්සෙන් චමිය ඉන්නවා - උටත් නෝ හෙල්මට් , බයික් එකක් පදින්න නීත්‍යානුකූලව අවශ්‍ය දෙවල් වලින් අපි ලඟ තිබ්බෙ බයික් එකයි, අරු දාගෙන හිටපු හෙල්මට් එකයි විතරයි, නො ලයිසොන්, නො ඉන්සුරන්ස්.
අම්මෝ කරුමෙ කියන්නෙ, එදා පොලිස් බුවාල අතුරු පාරක ඉඳන් සර්ච් එක. අපි මාට්ටුයි, ඇත්තටම බුවාල හිටියෙ ඔය මල් කාරයො, කුඩු කරයො වගෙ උන් අල්ලන්න. ඒත් ඉතින් අපි තුන් දෙනා දැක්කම බුවාලට මල පනින්නැති නහුතෙට, ඇයි ඉතින්, තුන්දෙනෙක් ඩබල් දාල (හික්ස්) මදිවට, පදින එකා නෙවෙයි, මැද ඉන්න එකා හෙල්මට් එකක් දාගෙන ඉන්නකොට.
ඔන්න ඉතින් බටර් ගාන්න හදනකොට, අපෙ චමිය දැම්ම ලොකු ටෝක්ස් ටිකක්, අරූගෙ මල දැන් පැනල බේරි බේරි යනව බිම දිගේ. සොරි ඩොට් කොම්, අන්තිමෙ වැඳල වැඳල ශේප් කරගත්ත, බයික් එකේ ලයිසොන් ඉන්සුරන්ස් ගෙනාවොත් බයික් එක රිලීස් කරල දෙන්නම් කියන ලෙවල් එකට. අරුන් දෙන්නට කිව්ව ගිහින් ඒව අරන් එන්න කියලා. අරුන් ඔක්කොම ඉවර උනාට පස්සෙ, ඒ කියන්නෙ එදාට ඇතිවෙන්න ජීප් එක පිරෙන්න පොරවල් අල්ලගත්තට පස්සෙ, මට කිව්වා බයික් එක අරන් ජිප් එක ඉස්සරහින් පොලෝසියට එන්න කියලා. මොනා කරන්නදා, මමත් ඉතින් පොලිස් ජීප් එකට ගාඩ් එක දීගෙන ගියා.
ඔන්න ඔහොමයි එදා රෑ මම රෑ ගත කරන්න පොලොසියට චෙකින් උනෙ.
මේව අතුරු කතා, ඇයි අපේ බුරුවො දෙන්න එනකම් මම එලිවෙනකන් පොලිසියෙනේ, එතකොට වෙච්ච සීන්, මේක පලාතෙ මුලස්තාන පොලීසියක් හරිද
. ආතල්ම එක තමා මට වෙච්ච සීන් එකක්, 3ට දාල තියෙන්නෙ ඒක.
කතා 1
ඔන්න පොලිස් සෙට් එකක් එක්ක නිකන් බුවෙක් එනව, ශෝටක් විතරයි ඇඳන් ඉන්නෙ, එක අතකින් ප්ලාස්ටික් බෝතල් 3ක් එල්ලගෙන, අනිත් අතෙන් තව බොතල් 2ක් කිහිල්ලෙ ගහගෙන, වෙල් ෆැන්ට බුවෙක් මාට්ටු වෙලා. මූ ආව ඇතුලටම නිකන් ගෙදර වගෙ, ඇහුව පොලිස් පොරකගෙන්,
බුව: කොහෙද අද මේව තියන්නෙ,
පොලිස් බුව: ඇන්ට්‍රි පොත් කබඩ් එක ලඟින් තියපන්,
ඔන්න මූ ගෙදර ඇතුලෙ වගෙ ගියා කබඩ් එකක් ලඟට, ඒ කියන්නෙ මූ දන්නව පොලොසිය ඇතුලෙ තියන අල්මාරි කබඩ් පවා.. තිබ්බ බෝතල් ටික, කෙල්ලින්ම ගියා කූඩුව ලඟට, කූඩුවෙ ඉබ්බව බැලුව, පස්සෙ කියනව,
බුවා :සර්, මෙක ලොක් කරලනෙ
පොලිස් බුවා : ඔහොම හිටපිය, මම වැඩක්.
අනේ ටිකකින් මෙන්න බුවා ලොක් එකට වැලමිට තියාගෙන, කූඩුවෙ උලුවස්සට හෙත්තු වෙලා, බර කයියක් ඇතුලෙ ඉන්නෙ එකෙක් එක්ක.
කතා 2
දැන් රෑ12ට විතර, චමියයි, ශාන්තයයි තාම නෑ, මම උන්ට බැන බැන් ඉන්නවා. ඔන්න හෙන සද්දයක් ඇහෙනව අර කූඩුව ඇතුලෙන්,
බුවෙක් : කාටද ඩෝ කන්න ඕනෙ, කියපිය
(නො සද්ද )
අර බුවාම : කියපන් ඩෝ..
(දැන් කවුරුවත් මුකුත් කියන්නෙ නෑ, මම හිතුව දැන් එකෙක් මැරෙයි තමයි කියල.. ඒත්... )
අර බුවාම : කියපියවු යකෝ, කඩේ වහන්න කලින් ගේන්න ඕනේ.
කතා 3
දිග වැඩිද මන්දා කතා සෙට් එක.. ඔන්න ඔහෙ මේකත් කියන්නම්, දැන් රෑ 1-2 විතර, ඔන්න පොරක් ආවා පොලිසිය ඇතුලට, පොලිස් බුවෙක් නෙවෙ, පොන්ටින් කට් එකක් කපල, ශෝටකුයි, ට්-ශර්ට් එකකුයි ඇඳගෙන, බුවා කෙලින්ම ආව පොලොසිය ඇතුලට, වටපිට බැලුවා,
ඇලුත් බුවා : කවුද මෙතන ප්‍රසා කියන්නෙ.
(මට නිකන් කරන්ට් වැදුන වගෙ, යකො මගෙ නමනෙ මූ කියන්නෙ, කෝකටත් වටපිට බැලුව, ම්හු, මමම තමයි, හිතා ගන්න බෑ මොන හෙනයක්ද කියල )
මම : මේ මම
ඇලුත් බුවා : ආහ් ඔයාද, මම xxxx කඩේ අහවලා ඔයාගෙ යාලුවො එලියෙ ඉන්නවා, මේක දෙන්න කිව්වා,
මට මාර ආතල්, දැන් ඉතින් ඔය ලයිසොන් පෙන්නල යන්න පුලුවන්නෙ, එහෙම හිතල කවරෙ ඇතුලෙ බැලුවාම තමයි, මට අරුන්ව මරාගෙන කන්න හිතුනෙ, එකේ ඇතුලෙ තියනව, මදුරු කොයිල් එකකුයි, ගිනි පෙට්ටියකුයි.
මෙහෙමයි, ලොකු ලොකු සීන් නෑ.. අපෙ එක එක සෙට්, එක එක වෙලාවලට ගත්ත පොඩි පොඩි ෆන් තමයි තියෙන්නෙ. සමහර විට ඔයාල අහයි පිස්සුද නැත්නම් හැටිද කියල, නැත්නම් මේ මොන විකාරයක්ද කියලා අහයි. තව්සන්ඩ් ඇපොලොජීස්..... අපිටත් හරියටම sure නෑ
Tuesday, May 31, 2011
Friday, May 20, 2011
ප්‍රොටෙක්ට් අවර් රයිට්ස් & මෙහෙමත් නව නින්ගිරාවක්....
මම ඔෆිස් එකෙ වැඩකට රට ගිය වෙලාවක උන සීන් එකක්. අපි සෙට් එකක්ම ගිහින් හිටියා, උන්ගෙන් එකෙක් තමා දිනියා, උගෙ වැඩේ වීක් එන්ඩ් වල රට වටේ ඇවිදින එක. හැබැයි බුවා අපි වගෙ නෙවේ, මම වගේනම් කොහොමත් නෙවේ. මම කරන්නෙ ෆුල් ඩේ ටිකට් එකක් අරන් ඔහේ බස් වල නැගල යනවා. බඩගිනි උනාම හරි, බස් එක අන්තිමට නවත්තන තැනට අවාම හරි නැත්නම් මගදි මොකක් හරි ස්පෙශල් තැනක් දැක්කොත් බහිනවා. දිනියා, එහෙම නෙවේ, ඕකා ප්ලෑන් ගහල, නෙට් එකෙ බලල, මැප් අරගෙන කෙලින්ම අදාල ඇට්‍රැක්ශන් පොට් එකට යනව.
ඔන්න දවසක මම රූම් එකෙන් එලියට එනකොට මූව සෙට් උනා.
දිනිය : අඩෝ, අද සිර පෙරේඩ් එකක් තියනවලු ***** යන්ද?
මම : උඹ පල, මට බෑ
දිනිය : වරෙන් බන්, සිරා කල්චරල් එකක් වෙන්න ඇති, යන් යන්
ඔන්න ඉතින් මුගෙ කරදරෙ හින්දා මමත් සෙට් උනා. දැන් මමත් මූත් එක්ක සෙට් වෙලා මැප් බල බල ගියා පොට් එකට, අම්මෝ පිස්සු හැදෙනවා සෙනග, නුවර පෙරහැරට සෙනග වගේ. ඒඋනාට දැන් අපිට පේන්නෙ නෑ, ඔන්න ඉතින් මූ මගෙ
අතින් ඇදගෙන ඉස්සරහටම ගියා..
මැක්සා.. මාර පෙරේඩ් එකක්, මිනිස්සු අමුතු අමුතු ඇදුන් ඇඳන්, වාහන මාර සිරාවට ඩෙකරේට් කරලා.. ඔන්න දැන් අපි දෙන්න ලඟට වෙලා බලනවා, ටිකකින් මට නිකම් පොඩි අවුලක් තේරුනා, අපි අස්සෙන් අස්සෙන් රින්ගල එකකොටත් සමහරු අපි දිහා සිරාවට බැලුව වගෙ මතකයි, ඔන්න ටිකකින් පෙරෙඩ් එකෙ නටපු එකෙක් අපිට ෆුල් හිනාවක් දාලා, මාපට ඇඟිල්ල උස්සල (Thumbs up) පෙන්නුවා. අරුත් ඉතින් රිටර්න් එකට ඒකම කරා.. ටික වෙලාවකින් දෙතුන් දෙනෙක්ම එහෙම කරා.
ඔහොම ටික වෙලාවකින් තඩි බැනර් එකක් එක්ක වාහනයක් එනවා.... අහෝ දුකකි.. ඉරකි තිතකි ඒකෙ ගහල තියනවා,..
"ප්‍රොටෙක්ට් අවර් රයිට්ස් - ගේ පෙරේඩ්" (Protect our Rights – Gay parade )
"බී ගේ - බී ප්‍රවුඩ්" (Be Gay – Be Proud)
මම : මේ දිනියො.. හු...... තෝ ^^$^%^*&( $%#%#$%& &%^* *&*^&(^(%##^%& ^ %I%$I( $^(^(
දිනිය : මම හිතුවෙ කල්චරල් පෙරෙඩ් එකක් කියල බන්

Wednesday, May 11, 2011
සර්, සෝන්ග් එකක් සර්
මම කලිනුත් කිව්වනෙ මගෙ ඉස්කොලේ බෝඩිමෙ කතා, මෙකත් එහෙදි වෙච්ච සීන් එකක්, මේ සීන් එක උනෙ දවසක් අපි ඩෝමෙට්‍රියට වෙලා ඔහෙ ඉන්න වෙලාවක. ඔහොම ඉන්න කොට එක එකා අර පොන්ත නෝනගෙ එක ඒ නෝනට ඕන
විදියට කිව්ව වගෙ, උන් උන්ට ඕනෙ විඩියට ඉන්නව, එකෙක් සින්දු කියයි, පොත් බලයි, දොයියයි, ඔය තව සමහර ක්‍රිකට් පිස්සො බෝලයක් (ටෙනිස්) මිරික මිරික හරි ඉඳියි. මේ කියන සීන් එකේදි, ඔය අපෙ එකෙක් මහ බහුබූත සින්දුවක් මෙලො රහක් නැතිව කිය කිය හිටිය.
මේක අර හින්දි සින්දුවකට හදපු සිංහල වර්ශන් එකක්. මේ තියෙන්නෙ ඔරිජිනල් හින්දි සොන්ග් එක. ඉස්සල අහල බලන්නකො.
ඉතින් අපෙ බුවා ඕක කියනකොට අපිත් එක්ක හිටිය රාමා කියල ටැමිල් පොරකට හෙන ආතල්..
රාමා : අඩා, යෙකෝ එර ඉන්දි සොන්ග් නේද? අඩෝ ටීච් මි සින්ගල එක බන්
කුමා: පල පල තෝ දන්න සින්දු..
රාමා: අඩෝ කුමා.. $%$^%^#^&
කුමා : හරි වරෙන් මෙහෙට
ඔන්න ඉතින් මේ කතාවෙ ආතල් කෑල්ල තියෙන්නෙ ටික වෙලාවකට පස්සෙ, ඒ කියන්නෙ රාමා අරුගෙන් සින්දුව ඉගෙන ගෙන කියන්න ගත්තාම. අපිට මැරෙන්න හිනා, මූ දැන් ඔය සිංහල වර්ශන් එක කිය කිය ඉන්නකොට, අපොයි, අපේ සත් ගුනවත් පාලක තුමා සැපත් උනා, කරුමෙ කියන්නෙ බුවාට ලාවට ඇහුනා රාමා කියපු ටික.....
වොර්ඩන් : අයිසෙ, මෙහෙ එනව, මොකක්ද දැන් කිව්වේ?
රාමා : සර්, සෝන්ග් එකක් සර්
වොර්ඩන් : මොකක්, හ්ම්ම්, කියනව බලන්න ආයේ
(අපි එතකොට කටයි අනිත් ඔක්කොම තැනුයි වහගත්ත, නැත්නම් හිනා වෙලා ගුටි කන හින්දා)
රාමා (හයියෙන්) : ජෝතිපාල වැල්ලෙ රීලා.. රෝස පාට ගුලි ගුලි... ගුලි ගුලී...
ඒක දැකපු ඇන්ජලාට වමනෙ ගිහින් තලි තලී.. තලි තලී...

Wednesday, April 6, 2011
ෆිල්ම් හෝල් එකේ චාටර් වී...
අද කියන්න යන්නෙ මම ඉස්කෝලෙ බොඩිමේ ඉන්න කාලෙ වෙච්ච සීන් එකක්. කලින් කතාවකත් කියල තියනවානෙ බොඩිමේ ලයිෆ් එක ගැන. ඒ වගේම තමා මේ සීන් එකත්. ඔන්න දවසක් අපි පස් දෙනෙක් විතර පැන්න බොඩිමේන්, ඒ කාලෙ හැටියට ලොකු සීන් එකකට තමයි පැන්නේ, හික්ස් ෆිල්ම් එකක් බලන්න. ඔන්න අපිත් දන්න විදියට පාරවල් හොයාගෙන ගියා aaaa හෝල් එකට, දන්නවනෙ මර්පි ගෙ ලෝ එක, අපිට කෙලවෙන්නෙ නැත්නම් වෙන කාටවත් කෙල වෙන්නෙ නෑ. අපි ඇඟිලි වලින් ඉස්සිලා අමාරුවෙන් ගත්ත ටිකට් අරගෙන යන්න හදන කොටම ආව සද්දයක්..
මේ, කවුද ඔය පොඩි ලමයි, යනව යනව මෙහෙන්, වයසට හරියන්න වැඩ කරනව..
හරි අපි වයසට හරියන්න තමයි වැඩ කරන්නෙ, හැබැයි එහෙම හිතුව විතරයි, බුවාට ඇහෙන්න කිව්වෙ නෑ එහෙම. අනෙ බැලින්නම් ඒක අඩල්ට්ස් ඔන්ලි ලු. ( සිරාවට මේක කියවන උඹල පල්ල, අපි දැන ගෙන හිටියෙම නෑනේ එහෙම කතාවක්.) මලා දැන් බුවා හෙන සද්දෙ, අපිට යන්න දෙන්නෙම නෑ. අපිත් අත ඇරියෙ නෑ.. ඔන්න පටන්ගත්තා බටර් ගෑම. මේ තියෙන්නෙ බුවාගෙ ටෝක්ස් වලට අපි කියපු සමහර දේවල්.
අනෙ අන්කල් අපිව ශෙප් එකේ දාන්නකො...
අපි පොඩි නෑ, ඕ ලෙවලුත් කරල ඉන්නේ..
මෙයා මිටි උනාට මගෙ අයියගෙ ක්ලාස් එකෙ ඉන්නෙ..
පිස්සුද අන්කල්, මෙයා කොල්ලෙක්, කෙල්ලෙක් නෙවේ
ඔන්න දැන් බටර් ඉවරයි, දැන් අපිට ඔනෙ මෙ මගුල් ෆිල්ම් එක බලන්න නෙවෙ අමරුවෙන් පැනගත්ත එකෙ, නිකන් හරි හෝල් එක ඇතුලට යන්න, ඔන්න සෙකන්ඩ් රවුන්ඩ්.
අනේ අන්කල් අපි හෙන දුර ඉඳන් ආවේ ෆිල්ම් එකක් බලන්න, අපි දැනගෙන හිටියනම් මෙහෙම ෆිල්ම් එකක් කියල (අනේ අපි බබලා) වෙන හෝල් එකකට යනවනෙ, ආයි ගමට යන්න කෝච්චිය තියෙන්නෙ හවස, ඉතින් අපි මේක බලන්නම්, වෙන ඉන්න තැනකුත් නෑනේ...
දැන් ඔන්න බුවටත් අපිව මල කරදරයක් වෙලා, බුවා කොච්චර එලෙව්වත් අපි යන්නෙ නෑ කියල අන්තිමෙ මිනිහට තේරිලාද කොහෙද.. හයියෙන් කෑගැහුව එතන මිනිහෙක්ට,
කුමාර.... ඕයි මෙන්න මේ යක්කු ටික කොහෙ හරි මුල්ලකට දානවා ලයිට් ඕෆ් කරාම..
(අනේ ෆිල්ම් එක බැලුවට පස්සෙ අපිට තිබ්බ එකම ප්‍රශ්නෙ, කොහෙද බන් එකෙ ඇඩල්ට්ස් ඔන්ලි සීන් එක තිබ්බෙ... )

Sunday, March 27, 2011
ඉතින් ඊට පස්සෙ... වෙච්ච දේවල්
මේ කතාව දාන්න මතක් උනේ මගෙ පුසා කොන්දොස්තරට වැදීම.. කතාවට වැටිච්ච කොමෙන්ට් එකක් හින්දා... අපේ සෙට් එකේ හිටපු බුවෙක් හරි සීන් එක දන්න බුවෙක් කොමෙන්ට් එක දාල තිබ්බා මම ඔය සීන් එක වෙලාවෙ එතන හිටියද කියල.. ඉතින් ඔන්න එකේ ඉතුරු කෑල්ලකුත් දානව..
ඉතින් මේ කතාව අර කතාවෙ පාර්ට් ටු හින්දා අරක බලල එන්න.
ඔන්න ඉතින් අරු දෙන්න දිව්ව.. පොලෝසියෙන් අපිව අල්ල ගත්තා. අල්ල ගත්ත කිව්වට අල්ල ගත්තෙම නෑ, ඒක උනේ මෙහෙමයි..
ඔන්න පොලොසියෙ අන්කලා අපිව ජීප් එකට පටවනවා... ඔය අතරෙදි..
පොලොසියෙ අන්කල් කෙනෙක් : මෙ උඹලගෙ ඉස්කොලෙ මොකක්ද?
අපි :
පොලොසියෙ අන්කල් කෙනෙක් : කියපන් , මොකක්ද ඉස්කොලේ?
අපි :
පොලොසියෙ අන්කල් කෙනෙක් : තොපි කියනවද? නැද්ද?
නලිය : අපි aaaaaaaaaa එකෙ
එතකොට මෙච්චර වෙලා ජීප් එක වාඩි වෙලා හිටපු ලොකු පොලිස් බුවා ඔලුවෙ අත ගහ ගත්ත..
ලොකු පොලිස් බුවා : කෑව.. කෑව අයිසෙ ඉස්කොලෙ.. ම්ම් නගිනව, යන් මන් bbbbbb ටවුමෙන් දාන්නම්.
අනේ, ලොක්ක අපේ ඕල්ඩ් බොයි කෙනෙක්, මොන නව නිංගිරාවක් අර අනිත් පොලිස් සෙට් එක ඉස්සරහා..
අපිටත් දැන් ෆ්‍රී ටුවර් නේ, ඔන්න අපි ටවුමට යනකොට පත වැස්සක් සෙට් උනා.. දැන් මොකද කරන්නෙ... ඒ මදිවට අපෙ එකෙක් ටිකක් වැඩිවෙලා කර්පට් වෙලා හිටියෙ
ලොකු පොලිස් බුවා : මේ, වැස්සෙ තමුසෙලාට යන්න බෑනෙ අරයවත් අරන්, වැස්ස පායනකන් අපේ මෙස් එකට වෙල ඉන්නව. (මෙස් එක කියන්නෙ පොලිසියෙ කස්ටිය නිදාගන්න, ඉන්න තැනක්)
ඔන්න ඉතින් අපි අපෙ වෙරි බුවාවත් අරන් ගියා, ඒත් අපිට සුවර් නෑ මූ මෙස් එක ඇතුලෙ කබ්බ දැම්මොත් පට්ට සොරි සීන් එකක්, ඒ මදිවට අපෙ හිතවත් බුවත් නෝන්ඩි වෙනවනේ, ඉතින් අපි පුටුවක් ඉල්ල ගෙන ඒක දොර ලඟින් තියල අරුව වාඩි කරා. දැන් බය නෑ, මූ කබරය දැම්මොත් වැටෙන්නෙ කෙලින්ම එලියට
අනේ.. එතකොටම, අරූ හෙන ලොරියක සද්දෙන් කාරල ගත්තා, කබ්බ නෙවේ, කෙල බෙට්ටක්, ඊට පස්සෙ ඔලුව උස්සල බැලුව, අනේ දොර ලඟ කනුව, අපි හිතුව දැන් දායි දායි කියල, කොහෙ, මු බැලුව පැත්ත, එහා පැත්තෙ පිලිවෙලට තියන ඇඳක්, දැම්ම එකට.. හෆෝයි.. අර ලොකු පොලිස් අන්කල් නැත්නම් අපි තාම ගුටි කනවා ඇදේ අයිතිකාර පොලිස් අන්කල්ගෙන්...
ප.ලි : දැනට ඔය ඇති, තව තියනව... ඔක්කොම ලියන්න ගියො මාගලක් වෙනව.. ලොක්ක අපිට යොගට් දුන්න අරුගෙ වෙරි බහින්න කවන්න, ෆමසියෙන් ගෙන්න බෙතකුත් කිව්වා අරුට දෙන්න, පොලිස් නෝනල දෙන්නෙක් මට පාර්ට් එකක් දාල ඉස්කෝලෙ අහනකොට අපෙ ෆිට් ලොක්ක මාව බේර ගත්ත, ඇත්තටම මාව නෙවෙ, ඉස්කොලෙ නමයි බේර ගත්තෙ, නැත්නම් බුවාටත් රෙද්දක් ඇඳන් ඉන්න බැරුව ඇති..

Monday, March 21, 2011
ලොකු අමාරුවක් නෙවේ පුතා..
මේ කතාව බොහෝම සූටි එකක්. මම කියල තියනවනේ, අපේ සෙට් වල එක එක ජාතියෙ ඩයල් හිටිය කියල. ඔහොම හිටපු එකෙක් තමා සේන කියන්නෙ. ඔකාගෙ තිබ්බ වෙනස තමයි, බුවා ෆුල් වෙජිටේරියන් ඩයල් එකක්, අපි වගෙ මස්ටේරියන් නෑ. ඒ කියන්නෙ ඌ කන්නෙ එලවලු විතරයි. හැබයි කරටි කැඩෙන්න බොනව. මම කිව්වෙ මුන් මහ අමුතුම මික්ස් පොරවල් කියල.
ඔන්න දවසක් මායි තව එකෙකුයි මොකක් හරි වැඩකට ගියා සේනයගෙ ගෙදර, යද්දි ඌ ගෙදර නෑ. ඔන්න අපි ඉතින් ඇහුව උගෙ තාත්තගෙන්, මෙන්න දෙබස් ටික ඒ විදියටම..
අන්කල්, සේන ඉන්නවාද?
ආ.. පුතා, සේන ගෙදර නෑනෙ, ඇයි හදිසියක්ද?
ආ.. නෑ අන්කල්, මෙ නිකන්, අන්කල් සේන කොහෙ ගිහින්ද?
සේන ගියානෙ පුතා aaaaaa හන්දියෙ bbbbb දොස්තර ලඟට, බේත් වගයක් ගන්න.
ඇයි අන්කල් සේනට අසනීප වෙලාද, අපි දන්නෙත් නෑනෙ...
ලොකු අමාරුවක් නෙවේ පුතා.. උගුරෙ මාලු කට්ටක් හිරවෙලා.. එකයි
(කොහොමද වෙජිටේරියන් කොලුවගෙ තරම )

Friday, March 11, 2011
එලාම් සහ සිම්පල් ප්ලෑන්..
මේ සීන් එක උනේ මම ඔෆිස් එකේ වැඩකට රට ගිය වෙලාවක. මෙහෙම ඔෆිස් එකෙ ගෝත කර්ම වලට රට ගියාම අපිට සාමන්යයෙන් ඔෆිස් එකෙන් එපර්ට්මෙන්ට් එකක් සෙට් කරනවා, මේ සීන් එක වෙච්ච ටුවර් එකෙදි මාත් එක්ක තව පොරක් හිටිය එක එපාර්ට්මන්ට් එකේ. ඌ මට කලින් ගිහින් ලොකුම රූම් එක අල්ලගෙන, ඔක්කොම ඕන කරන බඩුත් රූම් එකටම අරගෙන (සල්ලි දීල නෙමේ, එපාර්ට්මන්ට් එකේ තිබ්බ ඒව). ඔන්න ටික දවසකට පස්සෙ මු ෆ්‍රිජ් එක දෙකට බෙදුව,
"මචන් මගෙ කෑම උඩ තට්ටු දෙකේ, උඹ යට දෙකට දාපන්. ඩී-ෆිශර් කෑල්ල ෂෙයර් කරමු".ඔන්න ඔහොමයි බුවා, තව රස කතා එමටයි, ඔක්කොම දැම්මොත් මාව මාට්ටු වෙනව හතර වටේට.
හරි දැන් කියන්න යන සීන් එක මේකයි, කිව්වෙ නිදාන කතාව, හරිද.
මම හැමදාම එහෙ රෑ 11-12 විතර ලංකවෙ උන්ට අප්ඩේට් එකක් දෙනව, මොකද අපෙ උන් ඔෆිස් එන්නෙ 9 විතර (අපිට පැය 11 ක විතර ගැප් එකක් තිබ්බා). ඉතින් මම උන්ට කෝල් එක ඉවර වෙලා නිදා ගන්නෙ 1-2 විතර, ගෙදරට කෝල් කොරොත් තවත් පැයක් වත් කෙලවෙල නිදා ගන්නෙ. ඉතින් මම උදේට නැගිටින්නෙ ඔෆිස් යන්න ඔන්න මෙන්න කියල එලම් එක තියල. අර මිස්ටර් බීන් ලෑස්ති වුනා වගෙ තමයි මාත්, ඉතින් ඔහොම ටික දවසක් යනකොට මට තෙරුනා පොඩි අවුලක්, මම නැගිටින කොට හැමදාම අනිත් බුවා බාත් රූම් එකේ. ඉතින් ඌ එනකම් මම ලකා ගහගෙන ඉන්නව. මේකා ලෑස්ති උන ගමන් ඌ යනව, මම ලේට්.
ඔන්න දවසක් මොකක් හින්දද මන්දා මට එලාම් එකට කලින් ඇහරුනා, මම ඒත් නැගිටින්නැතුව ඇඳේ පෙරලි පෙරලි හිටියා කම්මැලි කමට. ඔන්න ටිකකින් මගෙ එලාම් එක (ඔරලෝසුවෙ හරිද )වැදුන. එතකොටම මට ඇහෙනවා, අරූගෙ කාමරෙ දොර ඇරෙන සද්දෙ, ඒ ගමන්න ඇහෙනව බාත් රූම් එක දොර වැහෙන සද්දෙ. ඔන්න මගෙ ටිකිරි මොලේට ට්‍රිගර් උන මෙතන වෙන සීන් එකක් වෙනව කියල. පස්සෙ මම ඊලඟ දවස් දෙකේදිත් අමාරුවෙන් නැගිට්ටා එලාම් එකට කලින්. වැඩේ හරි, මූ කරන්නෙ උදේම නැගිටල උගෙ නෙට් යන වැඩයි, කෝල් කරන එවයි කරනවා. හැබයි මගෙ එලාම් සද්දෙට මූ ටක් ගාල බාත් රූම් දුවනව මට කලින්.
යකෝ, මේක මාර කෙලියක්නෙ, මොකද කරන්නෙ කියල හිතනකොට ආව අදහසක්, හිටපන් පුතා දෙන්නම් තොට ජම්බු කියල ඊලඟ දවසෙ ඉඳල ප්ලෑන ගැහුව. අනේ ඊට පස්සෙ ලොකු අවුලක් නෑ, ඌ ගිහින් ඇවිත් විනාඩි 10-15 පස්සෙ මම බාත් රූම් ගියත් මට පරක්කු නෑ.
මම කරේ, මගෙ එලාම් එක වෙනද වෙලාවට වඩා විනාඩි 45 කලින් තියනව. ඕක වැදුන ගමන් අරූ දුවනව, මම ඒක ඕෆ් කරල ආයි නිදා ගන්නව. ඩොලර් ශොප් එකකින් ගෙනාව චූටි එලාම් එකක් සෙට් කෙරුව හරි වෙලාවට.
මේ මමත් සංග වගෙ නේද, සිම්පල් ප්ලෑන් නෙ.

Subscribe to:
Posts (Atom)