Monday, March 21, 2011

ලොකු අමාරුවක් නෙවේ පුතා..

මේ කතාව බොහෝම සූටි එකක්. මම කියල තියනවනේ, අපේ සෙට් වල එක එක ජාතියෙ ඩයල් හිටිය කියල. ඔහොම හිටපු එකෙක් තමා සේන කියන්නෙ. ඔකාගෙ තිබ්බ වෙනස තමයි, බුවා ෆුල් වෙජිටේරියන් ඩයල් එකක්, අපි වගෙ මස්ටේරියන් නෑ. ඒ කියන්නෙ ඌ කන්නෙ එලවලු විතරයි. හැබයි කරටි කැඩෙන්න බොනව. මම කිව්වෙ මුන් මහ අමුතුම මික්ස් පොරවල් කියල.
ඔන්න දවසක් මායි තව එකෙකුයි මොකක් හරි වැඩකට ගියා සේනයගෙ ගෙදර, යද්දි ඌ ගෙදර නෑ. ඔන්න අපි ඉතින් ඇහුව උගෙ තාත්තගෙන්, මෙන්න දෙබස් ටික ඒ විදියටම..

අන්කල්, සේන ඉන්නවාද?

ආ.. පුතා, සේන ගෙදර නෑනෙ, ඇයි හදිසියක්ද?

ආ.. නෑ අන්කල්, මෙ නිකන්, අන්කල් සේන කොහෙ ගිහින්ද?

සේන ගියානෙ පුතා aaaaaa හන්දියෙ bbbbb දොස්තර ලඟට, බේත් වගයක් ගන්න.

ඇයි අන්කල් සේනට අසනීප වෙලාද, අපි දන්නෙත් නෑනෙ...

ලොකු අමාරුවක් නෙවේ පුතා.. උගුරෙ මාලු කට්ටක් හිරවෙලා.. එකයි

(කොහොමද වෙජිටේරියන් කොලුවගෙ තරම )

5 comments:

  1. හික් හික්.. පිටට පේන්න සෝබනේ දාන අය ඕන තරම් ඉන්නවා..

    ReplyDelete
  2. අනේ පව් සේන.........

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  3. එයා එහෙනම් ෆිශේරියන්.

    ReplyDelete
  4. එළවලු මාළුවක තිබිච්ච කට්ටක්ද දන් නෑ නේ......
    :)

    කලින් එකේ සිංහලෙන් ටයිප් කරද්දී වැරදුනා...
    :/

    ReplyDelete