Thursday, September 8, 2011

සර් ඒකෙන් ෆුල් කිට් එකක්ම මහල ඇඳගත්තාය

අමරයා පට්ටය. ඌ චේතිය රජ්ජුරුවන්ගෙ අඳුරන පුංචි අම්මගෙ නෑදෑවෙන පුතෙකි. සමහර විට ඌ කියන කතා ඇහෙනකොට, අපේ කකුල් සීතල වෙයි. ඒ පොලව පලාගෙන ගිනි ජාල ඇවිත් ඌව අපායට ඇදගෙන යනකොටට ඌ අපේ කකුලෙ එල්ලිලා අපිවත් අපායෙ යයි කියලාය.
කොට්ටෝරුව අපේ සිරා සර් කෙනෙක්, සර් බෝර්ඩ් එකෙ ලියනකොට ටොක් ටොක් ගාල සද්දයක් එයි, ඒක හින්දා කොට්ටෝරුවා කිව්වත්, සරුත් ඉඳල හිටල කෙහෙල් ගස්වල පැටලෙන හින්දා ඒ නම සිරාවට මැචින්ය.

දවසක් කොටෝරුව අපිට ආතති ගානක් දී එලියට ගියේය, එහෙම යන්නෙ සර්ට ආතති උනාමද කියලා සුවර් නැතත් සර්ගෙ පාස්ට් රෙකොර්ඩ්ස් හින්දා අපිට සර් ආයි එන්නෙ නෑ කියල ශුවර්ය, අපි ගාන පැත්තකින් තියලා අපි අපෙ ගනන් පටන් ගත්තේය, සෙට් එකක් ගාන හදයි, අනිත් උන් බල්ටි ගහයි, මායි අමරෙයි පට්ට කතාවක.
මිල්ක් ෆර්දට ඩෝග් ජම්පින්, අහෙතු කාලේන වස්සානම් කියල සර් පැන්න වස්ස වගෙ ක්ලාස් එකට.
අනිත් උන් ශේප්, අපි දෙන්න දැක්කෙ නෑ සර් එනව, කය්යෙ සැර වැඩිකමට. නෝදෝකින් අපි දෙන්න මාට්ටු, නිකමට කියන්නෙ, අර හොඳට ඉගෙනගන්න සාන්ත දාන්ත එකෙක්ව මාට්ටුවෙයන් කොහෙද.

ප්‍රසා, අමරෙ නැගිටිනව, මොකද ඔතන කිචිබිච්ය, හැදුවද ගාන?

(අමරෙ )
නෑ සර් අපි දෙන්න ඩිස්කස් කරා
(මට ඇඩ්‍රස් නැත, ආයිත් කකුල් සීතල වෙනු දැනේ)

මොන ඩිස්කස්ද මනුස්සයො මෙ ගානෙ

නැ සර්, අර ඩෙසිමල් පොඉන්ට් එක හින්ද මේ ගාන හදන්න බෑ වගෙ
(මට ඇඩ්ඩ්‍රෙස් විතරක් නෙවේ, මගෙ පිසිකල් බොඩියම නෑ වගෙ දැනේ)

හැක්, මොන ඩෙසිමල්ද?

සර් අර තියෙන්නෙ
(මූ ගානෙ අහලකින්වත් නැති බෝර්ඩ් එකෙ තියන චෝක් මර්ක් එකක් පෙන්නයි )

අහ්, ඒක මේ ගානට අදාල නෑනෙ, ඒක මේ පැත්තක තියන චෝක් මාර්ක් එකක්නෙ අයිසෙ

ඇත්තද සර්, (මූ මගෙ දිහාට හැරෙයි ), ඒකනෙ ප්‍රසා මම කිව්වෙ, ඕක නිකන් තියන මාර්ක් එකක් කියල, මම කිව්ව එක ඇහුවනම් අපි ගාන දෙපාරක් හදල. අපි ඉඳගෙන ගාන හදමු,
(සර් කිව්වෙත් නැත මූ මාවත් ඇදන් ඉඳ ගත්තා )

(සර් මුලු පන්තියටම )
අන්න එහෙම හැමෝම ප්‍රශ්නයක් ආවාම ටිකක් හිතන්න, ඒකෙ වැරද්දක් නැඇ. එතකොට සමහරවිට වැරදෙන එක අඩුවෙනවා යැයි කියමින් සර් අමරය සර්ට දුන් කපු රෙදි යාරෙන්, ෆුල් කිට් එකක්ම මහල තනියමම ඇඳගත්තාය.

8 comments:

  1. අප්පා...සර් නියමෙට ඇදගෙනනේ...:D

    ReplyDelete
  2. මාර ඇදගැනිල්ල.

    ReplyDelete
  3. මම එ්ලෙවල් කරද්දි මගෙ පන්තියේ හිටියෙත් ඔයවගේ අණ්ඩපාලයෝ ටිකක් තමා! හැබැයි උගන්නපු සර්ල ඊට වඩා අණ්ඩපාලලා!

    ReplyDelete
  4. උඹේ කතා මාර සිම්පල්. ඒ උනාට හැම කතාවක්ම එක වගේ රස වින්දැහැකි

    ReplyDelete
  5. කතා ටික පට්ට මචං

    ReplyDelete