ඒ ලෙවල් දවස්ය, මම පන්තියේ රෙකොර්ඩ් මොනිටර්ය, මම කොච්චර ශෝක්ද කියනවනම්, ඒලෙවෙල් අවුරුදු දෙකේම මම රෙකොර්ඩ් මොනිටර්ය, අනිත් මොනිටර්ලා ඔක්කොම කාලෙන් කාලෙට මාරු උනේය. අපේ ඉස්කෝලෙ අමුතු සිස්ටම් එකකි, පන්තිය මොනිටර්, උගෙ දෙවෙනියා ඉදිති. ඒ මදිවට රෙකොර්ඩ් මොනිටරයෙකුත් සිටී. රෙකොර්ඩ් මොනිටරයාගෙ නිත්‍යානුකූල වැඩ වෙන්නෙ ක්ලාස් රෙකොර්ඩ් බුක් මේන්ටේන් කිරීම, කොල්ලන්ගේ පැමිනීම සර්ට කීම, කොල්ලන්ගෙ ටර්ම් ටෙස්ට්, මිඩ් ටෙස්ට්, යියර් එන්ඩ් ටෙස්ට් වැනි හැටහුටාමාරක් ටෙස්ට් වල ලකුනු හැදීම, අදාල පීරියඩ් එකේ සර් හෝ මිස් එන්න පරක්කුනම් සොයා බැලීම වැනි බාර්යදූර කටයිතුය.
ඊට අමතරව, අපෙ සෙට් එක විසින් පෑවරුව රාජකාරී හැටහුටාමරක් තිබිනි, ඒවායින් සමහරක් නම්, මොනිටරයාට තගක් දමා ඌව පුටුවෙ ඉන්ඳා තිබීම, නම් ලකුනු කරන වෙලාවට සර් ලඟට ගිහින්, ආපු උන් සහ එදා හවසය පනින උන් ගානට බැලන්ස් කිරීම හා ඒ වෙලාවට මොනිටරයාට තග දමා සර් ලඟට එන්න නොදීම, පීරියඩ් කට් කර පරක්කු වී එන වුන් සහ මාට්ටු උන් බේරීම, ඒ සඳහ නැවත මොනිටරයාට තග දැමීම, ඕන කේස් එකකදි, "ආහ් සර් එයා මට කියල ගියෙ පැනඩෝල් එකක් ගේන්න" යන ඩිෆෝල්ට් වාක්ක්ය කීම, එවෙලේට නැවතත් මොනිටරයාගෙ කට වැසීම ආදියයි. ඔහොම දැඑහෙමෙන් සෙමින් යනකොට පොඩි පොඩි සීන් වෙනව
දවසක් නලියා, මගෙ බුදු ෆිට් එක, කොහෙද රවුමක් ගහල, සෙක්ශනල් හේඩ්ට මාට්ටු,
හෙඩා මගෙන් අහනවා,
ප්‍රසා, පන්තියේ ඔක්කොම ඉන්නවද
(මට හිතුනා කවුරු හරි එකෙක් කෙලෝගෙන තමයි කියල, මට එකපාරටම මතක නෑ මොකාද පැන්නෙ කියල )
ඔක්කොම ඉන්නවා සර්, දෙන්නෙක් සික් රූම් එකට ගියා පැනඩෝල් ගෙන්න.
දෙන්නෙක්??? කියනව ගාන හරියට.
(අම්මටවුඩු ඊට වැඩියිද??)
තව දෙන්නෙක් ගියා ගියා ඔෆිස් එකට
එතකොට හතරයි, එච්චරද??
ඔව් සර්.
මෙ එනවා තමුසෙත්. බලනව අතන හිටෝල ඉන්න එකා, මිනිහා කොහෙද ගියේ
(නලියා ඉන්නවා කොරිඩෝර් එක කෙලවරෙ හිටගෙන)
ම්මම්, එයා තමයි පැනඩෝල් ගෙන්න ගියේ. (මට සුවර් මූ ගහන්නෙ ඔය බොරුවනේ )
ඇත්තද, එහෙනම් ගිහින් තමුසෙත් එතනින් හිට ගන්නවා, මම කියනකන්.
නයි කයිද රෝස් පාන්, මාර හෙනයක්නෙ. මට තේරුනා මොකක් හරි බුදු අවුලක් කියලා, මොනා කරන්නද, මම ගිහින් අරූ ලඟින් හිට ගත්තා.
මම : ඈ ගස් බල්ලො තෝ සර්ට කොහෙ ගියාද කියල කිව්වෙ
නලියා : නැ බන් මම තාප්පෙන් පැන්න, පැන්නට පස්සෙ මතක් උනේ බෑග් එක තාප්පෙන් ඉස්කෝලෙ පැත්තෙ කියල, ඉතින් බෑග් එක ගන්න මම ආයි පනිනකොට සර්ට මාට්ටු, මම කිව්ව, සර් දැන් තමයි ඉස්කෝලෙට එන්නෙ, පරක්කු උනාම ගෙට්ටුවෙ තියාගන්න හින්දා පැන්න කියල. ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ?
(මට මූව කන්න මල )
( ආ නිකන්, තෝ ඉස්සෙල්ල පනිනකොට තොගෙ වැටිච්ච බිජ්ජ අහුලන්න ගිහින්. )
හික්ස්......හොඳම වැඩේ හොරෙන කට්ටි පනින්න යනවට....... ඔයත් ඉතින් පරිප්පු කෑව නේද ?
ReplyDeleteගහන බොරු වල හැටියට ඔහොම වෙලා මදි...
ReplyDeleteකෙහෙල් ගහටම කොටලා........ හික්ස්....
ReplyDeleteහොට පැටලිලා වගේ
ReplyDeleteමම ඔබට වඩා හෙණ වාසනාවන්තය, අවුරුදු දෙකේම මොනිටර් මමය, හැබැයි මගේ සගයෝ දෙයියන්ගෙ පිහිටෙං තාප්පෙං පණින්නො නොවෙති, අතිරේඛව, විනය කමිටු ප්‍රධානියා අපේ තාත්තගේ යාලුවෙකි! :) නැත්තං මටත් ඔය රෙකෝඩ් තමා!
ReplyDeleteයාළුවා ස්කෝලෙන් පනිද්දි කියල නෙමේද පනින්නේ??
ReplyDeleteohoma wenawa bn! hikk hikk! :D :D :D maru kathawa!
ReplyDeleteපට්ට පට පට උත්තරේ :)
ReplyDeleteහාහ්,, හාහ්, මමත් ඔය කට්ට කෑව බන්. දහ තුනේදී මම රෙකෝඩ් බුක් එක ගෙදර අරන් ගියා හැමදාම. ස්ටාෆ් රූම් යන්න කම්මැලි හන්ද.. එහෙමත් ආතල් කාලයක්..
ReplyDelete