Saturday, January 29, 2011

හරි දැන් අපි තමා බයිට් එක....

දැන් ඉතින් බිග් මැච් කාලෙත් ලඟයිනෙ, ලඟදිත් මම කිව්වනෙ අපි සෙට් එකක් බිග් මැච් එකකදි නෝන්ඩි උන හැටි, මේකත් අර බිග් මැච් පටන් ගන්න දවසට කලින් යන සයිකල් පැරේඩ් එකක් දවසක වෙච්ච වෙච්ච දෙයක්.

ඔයගොල්ලො දන්නවානෙ, කොල්ලො සයිකල් පැරේඩ් වල එක එක සෙල්ලන් දානවානෙ, ඔය සෙල්ලන් වලින් එකක් තමයි පුලුවන් නම් ඔය කාන්තා පාර්ශවයේ ඉස්කොලෙකට කඩාවැදීම. අපි ඉතින් තියන විසේට ඕවාගෙ සුලු සුලු වැරදි කෙරුවට අපි හැදිච්ච කොල්ලො හරිද.

අපි එතකොට 10, බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරල, ඉතුරු ටික හවසට හැට් කලෙක්ශන් වලින් දෙන්නම් කියල පරන ලොරි බාගයක් ගත්තා පැරේඩ් එකට. දැන් ඉතින් කොල අතු එල්ලල අපි සෙට් වෙනව යන්න, එතකොට කව් රු හරි ගෝතයෙක් කිව්ව අහ-වල් (මේ ඇත්තටම එකෙ කෙල්ලො හරි වල් ) "කාන්තා" ඉස්ස්කෝලෙට පනිමුද කියලා. අපේ ඉස්කොලෙ කිට්ටුවෙන් තව ගෑනු ඉස්කෝල 2-3 තියනව, එකක් ඔය අපෙ සිස්ටර් ස්කූල් ලු, අනෙ මන්දා, එත් අර කියන "කාන්තා" ඉස්කොලෙත එක්ක ටිකක් මල, මොකද උන් ඉන්නෙ අඟල් හයක් උඩින් අර මොකක්ක්ද එක නලලෙ කියල හිතාගෙන. 

ඉතින් වැඩේ කියන පරක්කුවෙන් සම්මතයි, වැඩි දුරක් නැති එකෙ අපි පයින්ම ගිහින් දෙයියනෙ කියල ඉස්කෝලෙ පුරුද්දට පැන්න තාප්පෙන්. දැන් අපිට පට්ට ත්‍රිල්, දැන් මැවිල පේනව අර කෙල්ලො අත් දෙකෙන් කට වහගෙන, බෙරිහන්  දිදී, පලාතම දෙවනත් කරගෙන, ගාල කඩාගත්ත වැස්සියෝ වගෙ දුවන හැටි. අපි පාට තීන්ත වලින්, වතුර බෑග් වලින් ගහන හැටි, අම්මො එහෙම සුවයක්. ඕකුන්ට හොඳ වැඩේ උඩින් ගියාට.


ඒත් දෙවියනේ, අපි පැන්න පැන්නමයි, එක බල්ලෙක්, සොරි එක කෙල්ලෙක් වත් සත පහකට බය උනේ නෑ නේ. ගස් යට හිටපු උන් එහෙමම ඉන්නව, පඩි පෙලි වල කය්ය දාගෙන හිටපු උන් එහෙමම ඉන්නවා. මිල්ක් ෆාර්දට ඩෝග් ජම්ප් කිව්වලු, දැන් උන් මොන බල්ලොද, අපිනෙ බල්ලො ගානට වටිල ඉන්නෙ, ඇයි දෙය්යනේ මවාගෙන ආපු හැටියට උනේ නෑනෙ.

දැන් ඉතින් කරන්න් දෙයක් නෑ, යන් බන් ඉස්කෝලෙ ඇතුලටම, වතුර ටිකක් බොන්න ටැප් එකක්වත් ඇතිනෙ.

ඔව් ඔව් යන්, මොනා කරන්නද

හ්ම්ම් යන්

ඔන්න දැන් උන්ගෙ අර පාරට පේන හෝල් එක ලඟින් ඇතුලට ගියා,

හේ... ගා..යිස්,

කවුද යකො අපෙ සෙට් එකේ කඩ්ඩෙන් කතා කරන්නේ, ම්හ් නෑ, හුටා අර ක්ලාස් එකක් ඇතුලෙ ඉඳන් කෙල්ලෙක් කතා කරනව, කතා කරනව නෙවෙයි විදිනවා, මේකි කියනවා ක්ලාස් එක ඇතුලට එන්නලු, දැන් චන්ඩි ටික පස්ස ගහනව, කොහොමහරි ක්ලාස් එක අතුලට ඔලුව දැම්මා, හුටා, බොහෝම චූටි ටීචර් කෙනෙක් බොර්ඩ් එකෙ මොනවද ලියනවා, ෂුවර් වැඩිම උනොත් 25 වයස ඇති. දැන් අපි රත් වෙලා, අද ෂුවර් පොලෝසියෙ තමයි.

වයි ඩොන්ට් යු සිට් විත් අස්, මේකි අයෙත් විදිනව, ක්ලාස් එකේ කෙල්ලො පලු යන්න හිනා වෙනවා, හරි දැන් අපි තමා බයිට් එක, මෙහෙම ලැජ්ජාවක් උපන් තේකට උනෙ නෑ, විලි ලජ්ජාවෙ සන්තෝසෙ බෑ.

අපි බූරුවො ටික ගත්තා පුරුස දහිරිය, ගියා ක්ලාස් එක  ඇතුලට, අර චූටි ටීචර් ගෙ මූන රතු වෙලා, එයා පොත් ටික ගත්තා, ගියා, අර කෙල්ලො දැන් අපි ඉන්නවද කියල නෑ, උන්ගෙ කතා, හිකි හිකි ගගා හිනා වෙනවා, දැන් නම් ෂුවර් අපි කිලෝ ගනන් නෝන්ඩි, අර ගලේ රීපු පුසෝ වගේ අපි බුකවගෙන ඉන්නවා, ගෙනාපු වතුර බෑග් එකක් ගහන්නවත් හිතා ගන්න බෑ, සඳ බයිට්. යන්තන් අපෙ එකෙකෙ පුරුස දහිරිය තිබිල, කැගැහුව,

මොන ...... කරන්නෙ ගහපියව් පොලිසිය එන්න කලින්.

ඔන්න යන්තන් අපි නිකන් ලාවට උන්ට තීන්තයි වතුරයි (තීන්ත ගහද්දි නම් මුන් කැගැහුව, එත් කඩ්ඩෙන්, ඇයි කොහොමද රතු තීන්ත ගවුම් වලට වැටුනාම, හැබැයි උන්ගෙ ඉස්කෝලෙ කලර්සුත් රතු ) ගහල, අනේ බලු ගානට වැටිල, ශේප් එකෙ ආවා. 

3 comments:

  1. "දැන් අපිට පට්ට ත්‍රිල්, දැන් මැවිල පේනව අර කෙල්ලො අත් දෙකෙන් කට වහගෙන, බෙරිහන් දිදී, පලාතම දෙවනත් කරගෙන, ගාල කඩාගත්ත වැස්සියෝ වගෙ දුවන හැටි."

    මේක නං පොඩි පහේ මෙන්ටල් කේස් එකක්.

    ReplyDelete
  2. පල යන්න අම්බලං කොණ්ඩයා. අපිට මතකයි උබෙ වැල කතාව තාම

    ReplyDelete
  3. ශාකුන්තල said...
    may be machan, tats y i added this intro at my tittle.

    "සමහර විට ඔයාල අහයි පිස්සුද නැත්නම් හැටිද කියල, නත්නම් මේ මොන විකාරයක්ද කියලා අහයි"

    ReplyDelete