Friday, April 23, 2010

කුළුඳුල් දෙවෙනි පෝස්ට් එක - නලින් ටොස් එක දාපු හැටි

ඔන්න මගෙ පලවෙනි කතාව කියන්න යන්නෙ. දන්න වානෙ අර ලොකු ලොකු කට්ටිය පොත් ලියනකොට දන්න කියන තව පොරකට පුදනවනෙ. පුදනවා කියන්නෙ අර පෙරේත තට්ටු පුදන එක නෙවේ හරිද, ඉතින් මමත් කාටද පුදන්නෙ, එල මේ බ්ලොග් එකෙන් බයිට් වෙන අපේ සෙට් එකටයි, මගේම අයටයි තව මේ බ්ලොග් එකට පලවෙනි comment එක දාපු සු කියන බ්ලොග් කරු ටයි පුදනවා. එල, එක හරි, දැන් මම කියන කතාව පොඩිම පොඩිම එකක්,

මේ කියන දවස් වල අපි සෙට් එක A/L Class යනවා, නුගේගොඩ. ඔන්න එදාත් වෙනදා වගේම බෝ ගහ යට සෙට් උනා class යන්න. class යනව වගෙ පව් අතේ වැඩ කරන්න අකැමති අපි ලොකුකයියක් දාගෙන හිටියෙ. කොහෙ ගියත් පිනට ලැදි අපේ එකෙක් කිව්වා, මචාන්ස් අද පිනා (අපෙ තව එකෙක්) ගෙ ගෙදර කවුරුත් නෑ කිව්වා එහෙ ගිහින් ෆිල්ම් එකකුත් බලලා පොඩි ethanol පාරකුත් දාමු. එල අදහස.
එක තප්පරයඉ ගියේ මෙන්න තව එකෙක් අදහස් දෙනවා,
ඒක නෙවෙ බන් කොම්පඤ්ඤවිදියෙ Rio එකේ නියම ලමා ෆිල්ම් එකක් තියනවා, යන් එහෙ කියල,
දැන් වැඩ කෝටියයි

දැන් මොකද කරන්නෙ, Options තුනයි,
1. පිනා ගෙ ගෙදර යාම
2. Rio එකේ ලමා ෆිල්ම් එක
3. Class යාම

සමගාමී සමීකරන තියා chemistry ඇප්ලයි කරත් විසදන්න බෑ.

දෙයියෙක් වගේ නලින් (නලියා ) පැන්නා ඉස්සරහට, මචන් අපි කාසියක් උඩ දාල මොකද කරන්නෙ කියල තෝරමු.

එල, All agreed........, හුටා මාර ප්‍රශ්නෙ, තව එකෙක් පැන්නා ඈ බන් කාසියක් උඩ දාල options තුනක් තොරන්නෙ කොහොමද, උම්බ මැතට සම්භාවිතාව කරනකොට නිදිද? අඩුම ගානෙ cricket match එකකවත් කාසියක් උඩදාලා නැද්ද? ගමකට බර බරේ

එල එල, දැන් අපි ඔක්කොම නලියට ගේම. (මටත් හොදට sure, හිතෙනුත් කාසියක් උඩ දාල බැලුවා )

දැන් නලියගෙ වාරේ,
කෝ තොපි මට කියන්න දෙන්නෑනෙ.. නලිය කෑ ගහනවා හරියට පාර්ලිමෙන්තුවේ වගෙ.

හරි හරි එහෙනම් උම්බ කියපන්, දැන් ආයෙත් අවස්තාව නලියට.

මෙහෙමයි මචන් කරන්නෙ, අපි කාසිය උඩ දාල, හෙඩ් අවොත් පිනා ගෙ ගෙදර යමු,
ටේල් ආවොත් Rio යන්,

(දන් අපි ඔක්කොම කට ඇරගෙන...) ඉතින්..

ඉතින් කාසිය කෙලින් හිටියොත් අපි Class යන්,

7 comments:

  1. කට්ටිය ක්ලාස්ම යන්න ඇති නේද? ඉතින් කොහෙද ගියෙ හැබෑටම?

    ReplyDelete
  2. @nadeesthoughts අපි මචන් ලමා දිනය සමරුවා එකට ගිහින්. තනිකරම කාසියෙ තීරනය, අපි නිදොස්

    ReplyDelete
  3. කාසිය කොහොම වැටුනත් උබල යයි පන්ති නම් එදා හික් හික්

    ReplyDelete
  4. එළ එළ... :D

    ඉස්සර තිබුණු කීටයා ටෙලිය මතකද? ඔය වගෙ ටොස් සීන් එකක් තිබුණා... :P

    ReplyDelete
  5. මචං අපිත් a/l මැත්ස් කොරද්දී ඔහොම්මයි..

    ReplyDelete
  6. ubala class yanna athi! karumeta kasiya kelin hittada? :D apita una ohoma cse 1k~

    ReplyDelete