Friday, January 21, 2011

අපි සෙට් එක පට්ට නෝන්ඩි වෙච්ච සීන් එකක්

ඉතින් මෙයාලා, කොහොමද?, අද මම කියන්න යන්නෙ අපි සෙට් එක පට්ට නෝන්ඩි වෙච්ච සීන් එකක්, ආයි ඉතින් අහන්න දෙයක්ක්ද, මමත් ඕකට සම්බන්දයි, නැත්නම් අපි කියල දාන්නෙ නැතුව උන් කියල දානවනෙ.


මේ සීන් එක උනෙ අපේ ඉස්කෝලෙ බිග් මැච් එක දවසක. අපේ මැච් එක තියෙන්නෙ එස්.එස්.සී ග්‍රව්න්ඩ් එකේ. මට මතක ඇති කාලෙක ඉඳන් මැච් එක තියෙන්නෙ ඔය කියන ග්‍රව්න්ඩ් එකේ. අපි ඉතින් පුන්චි කොල්ලො හින්දා, අපි හිටියේ Boy's Tent එකේ, ඒ කියන්නේ ඉස්ස්කොලේ ලමයි ඉන්න පොට් එක.

අපේ ඔය ටෙන්ට් එක පිටිපස්සේ තියෙන්නෙ NIBM එක. ඔන්න ලමයි දැන් තේරෙනවනෙ අවට පරිසරය. ඉතින් මැච් එකේ මැදදි අපි සෙට් එක පාස් හතරකුත් අරගෙන එලියට ආවා. ආවෙ මුකුත් නෙවේ නිකන් හරිද. ඔය Boy's Tent වල නැති අනු පාන ජාති ටිකක් සප්පායන් වෙන්න කියල, ආයි ඉතින් බිග් මැච් එකකට ඇවිත් ඕව නැතුවත් බෑනෙ. ඔන්න මමයි, ගුනෙයි, බට්ටයි, කොට සමරෙයි තමා එලියට ආවේ. එලියට ආවා විතරයි සමරය කියනව, මචන් බිජ්ජ පැලෙන්න හුජ්ජ බරයි, කොහෙන් හරි දාල යන් කියල. මුටත් ඉතින් පිස්සු මෝල් නේ, අච්චර ටොයිලට් තිබ්බා ඇතුලෙ, මේකට ඕනවුනෙ එලියට ආවාමනෙ. වෙන වෙලාවකනම් නිකන්න්ම පාරෙ තාප්පෙකට අල්ලන්න තිබ්බ, කොහෙද, අර NIBM එකේ උන් කොල්ලො කෙල්ලො සීයක් විතර උඩ තට්ටුවෙ ඉඳන් මැච් එක පැත්ත බලනවා, අනේ සෝක් අක්කිලා ටිකකුත් හිටියා, ඉතින් ලැජ්ජ බය ඇතුව හැදුන කොල්ලො හින්දා අපි හෙව්ව හැන්ගිල වැඩේ කරන්න පුලුවන් තැනක්. එතකොට අපි දැක්ක NIBM එකයි, එස්.එස්.සි එකයි අතරෙන් පොඩි පාරක් තියනව, එතන ගේට්ටුවක් දාල, හැබැයි ගෙට්ටුව ඇරල. ඉතින් ගෙට්ටුව ඇරල, ගෙට්ටුව ග්‍රවුන්ඩ් එකේ තාප්පෙ පැත්තට, තාප්පෙයි, ගේට්ටුවයි අතරේ ඉඩ තියයනව දෙයියනෙ කියල වැඩෙ කරගන්න පුලුවන් තරමටම.

සමරයගෙ සපෝර්ට් එකට මමයි, බට්ටයි ත් සෙට් උනා, නිකන් තියෙන තාප්පෙනෙ කියල, අර වල්, ජඩ, බූරු ගුනය විතරක් ආවෙ නෑ. ඔන්න ඉතින් අපි තුන් දෙනා තාප්පෙ පැත්තට පස්ස හරෝගෙන, ගේට්ටුවට අපේ බර හෑල්ලු කරනවා, එතකොටම, අර වල් ගුනයා, අපිට කොචොක් එකක් දාන ගමන්, ඇරල තිබ්බ ගෙට්ටුව වැහුව, අම්මෝ, පට්ට සූ සද්දයක් ආවා NIBM පැත්තෙන්, මොකද දන්නවද, අපි තුන් දෙනා, NIBM පැත්තට චූ පැටවු එලියෙ දාගෙන චූ කරනවා, අනේ ඉතින් ලාවට දැක්ක, සමහර අක්කිලා නම් අහක බලනව වගේ, එත් මොනව කරන්නද, අර මොකක්ක්ද කාපු රිලවු වගේ, සෙට් එක එලියෙ දාගෙන වැඩේ ඉවර වෙනකම්ම හිටියා, මොකෝ, ඔය වැඩේ පටන් ගත්තට පස්සෙ මගදි නවත්තන්න පුලුවන් කමක් නෑනේ.
 
නිල් පාට තිත් කියන්නෙ NIBM සෙට් එක, අර කොල පාට බෝල තියෙන්නෙ අසරන අපි තුන් දෙනාට, දැන් හිතා ගන්නකෝ, අර අලු පාටට තියන ගෙට්ටුව ඊතලය පැත්තට වැහුවාම, දෙගොල්ලොම මුනට මුන බලගෙන, අපි උන්ගෙ පැත්තට, චූ පැටවු දාගෙන හිටපු හැටි.

Sunday, January 16, 2011

කට උත්තර නැතිවුන කතාවල්... 2

මේක උනෙ මම ඉස්කෝලෙ බොඩිමේ ඉන්න කාලෙ. ඔය බෝඩිම ගැනම තවත් බ්ලොග් එකක ලියල තියනව මම දැක්කා, දන්නවනෙ ඔය හොස්ටල් වල ඉන්නකොට අපිට ඕකෙන් එලියට පනින එක තරම් සුවයක් වෙන නෑ කියල. ඇයි කියල අහන්නෙ දෙවියනේ, උදේ ඉඳන් ආයි එලි වෙනකන් ඉන්නෙ ඕකෙනෙ, එලිය පහලිය දකින්න, කටට රස කෙල්ලෙක් දකින්න (ඇයි ඉතින් පෙරෙන පැනි ආපහු අපේ කටේමනෙ වැටෙන්නෙ ) ඉතින් ඕකෙන් එලියට පනින්නම ඕනෙ. පැන්නෙ නැත්නම් උපරිමම උපරිම දකින්නෙ අර සුවිම් පූල් එකට එන සහෝදර බාලිකා සෙට් ටික විතරයි, එකටත් දස වද විඳින්න ඕනෙ අර ටකරන් අස්සෙන් බලන්න.
ඔන්න ඉතින් දවසක් මම වහන්සෙ සහ තවත් වහන්සේලා තුන් දෙනෙකුයි (මේ ඔක්කොම ගොන්-වහන්සේලා) පැන්න තාප්පෙන්, අම්මො එහෙම දුකක්, ඔයාල හිතන්නෙ රෑ කියලද, පිස්සුද මේ ගිනි දවල් දෙකට විතර. එදානම් අපි ෆිල්ම් එකක් බැලුවා, කඩේකින් කෑවා, සුදු පරෙවි රෑන් පස්සෙ ගියා, කොහොම හරි අතෙ සතේ නැතිව අපි පයින්ම ආවා. ඉතින් ඔහොම එනකොට අපෙ කරුමෙ කියන්නෙ, නිදහස් චතුරස්‍රයේ වටේටම පොරවල් ටිකක් සිංහ කොඩි දානව. සිංහ කොඩි දාන එක මේක බලන උම්බලටනම් කරුමයක් නෙවේ, ඒත් එදා අපිට එක කරුමයක් උනා, අපි ඕකත් බල බල හිමින්න්ම ඇවිත් සුපුරුදු තාප්පෙන්ම පැන්න ඇතුලට.

දෙය්යනෙ කියල අපි එක බල්ලෙක්ටවත් මාට්ටු නෑ. ඔන්න ඊට පස්සෙ එදා ඩිනර් එකට ගියාම අපෙ වලස් තුමා ( අපේ නම් කිසිම සම්බන්දයක් නැ වොර්ඩන්ට් ට ඔය නම කියන්න, ඕක අපිට බොහොම කලින්න්ම එන නමක් ) කිව්ව අහවල් වසරෙ කස්ටිය ඩිනර් එකෙන් පස්සෙ නවතින්න කියලා. හුටා ඒ කියන්නෙ අපේ ඉයර් එක. තව්සන්ඩ් සුවර් මේක අපි දවල් පැන්න එක නෙවෙ කියල, මොකද ඒක දැනගෙනනම් මෙලහකටත් අපිට බඩු හම්බ වෙලා. ඔන්න ආෆ්ටර් ඩිනර් අපේ කස්ටිය ඉන්නව ඩයිනින් හෝල් එක ඉස්සරහ. වලස්තුම ඇවිත් කිව්වා,
මේ, ඕ.. ගොල්ලො හෙට ඉස්කෝලෙ යන්න එපා, උදේම අත් දිගට දාල, කොලේජ් ටයි දාල එන්න, පොඩි උත්සවයකට යන්න තියනව නිදහස් චතුස්‍රයේ කියලා.
එතකොට කව්ද එකෙක් ඇහුව මොකක්ද උත්සවේ කියල.
සර් කිව්ව එයාටත් හරියටම සුවර් නෑ කියලා,
එතකොටම, අනේ අර මාත් එක්ක දවල් එලියට පැනපු දමියා කියපි,
සර්, මොකක් හරි ලොකු උත්සවයක් වෙන්න ඕනෙ, අද හවස නිදහස් චතුස්‍රයේ වටෙට සිංහ කොඩි දැම්ම, නේද ප්‍රසා...
සර් ඒ දමිය කියන බුරුවයි මාවයි කනට ගහල රෑ එලිවෙනකන් තාර පොලොවෙ දන ගහල තියන්න කලින් ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි, අපිට කට උත්තර නැතිඋනත් චූටි ප්‍රශ්නයක්...

තමුසෙලා දෙන්න හොස්ටල් එකේ ඉඳන්, නිදහස් චතුර්ස්‍රයේ කොඩි දැක්කෙ කොහොමද කියල විතරයි. 

ප.ලි. මම බීෆ් කන්නෙ නැති උනත්, පස්සෙ දමියව මරාගෙන කන්න හිතුනෙ රෑ දොලහට විතර අර දනහිස් පුපුරු ගගහ ඉන්න කොට මේකා කියපි, ගනන් ගන්න එපා බන්, මෙහෙම ඉන්නෙ එක ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි උනා කියලනෙ, නිකමට හිතපන් ගනන් මිස් හරි සයන්ස් කාරය හරි උත්තර නැති ප්‍රශ්නවලට දන ගැස්සුවොත් අපිට කොහොමට කෙලවෙයිද කියලා....

Tuesday, January 11, 2011

කට උත්තර නැතිවුන කතාවල්... 1

ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අද මම කියන්න යන්නෙ පොඩි පොඩි කතා, මේවා හැබෑටම කට උත්තර නැතිවුන කතාවල්, අර කියන්න නොකව්ට් උනා කියල. මේ ඒ ජාතියේ කතා, දන්නවනේ මේවත් උනෙ අපේම උන් ටිකකට.
මේ, හෝව්, හෝව් ඔය කියවන ලමයි අතරෙ දැහමි ගැහනු ලමයි ඉන්නවනම් ආයි මට මුකුත් කියන්න එපා, කෙල්ලින්ම දෙවෙනි කතාවට යන්න, නැත්නම් පලවෙනි කතාවෙ එක වචන බාගයක් (1 = 1/2?) තියනවා, විහිලුවටවත් තේරුම් ගන්න හදන්න එපා, හරිද, දැහමි පිරිමි ලමයි ඉන්නවනම් අනේ ඔයාලටත් එක්ක තම මේ කියන්නෙ..

රායිට්... කතා 1.

මේ කියන දවස් වල අපි ඔය උසස් ලෙස පෙල කරනවා, දන්නවානෙ ඔය කාලෙ මාර සෙනසුරු කාලයක්නේ කොල්ලෙකුට. වලි නම් වලි, බලි නම් බලි, කෙල්ලො නම් වලි, බලි, ගුටි, ලව් ඔක්කොමනේ. ඉතින් ඔය වලි යනකොට කොල්ලො එක එක ගැන්සි වලට සෙට් වෙනවනෙ, සරලව එක එක සෙට් නේ, බස් රූට් එකෙ හැටියට බස් ගැන්සි, ක්ලාස් එකේ ගැන්සි, මැත්ස් ගැන්සි, සයන්ස් ගැන්සි, රගර්, ක්‍රිකට්, අරක, මේක ගැන්සි, සහ නිකම්ම නිකම් පීචන් ගැන්සි වගේ ගමකට ගැන්සි තියෙනවානෙ. සමහර කොල්ලොන්ට එක ගැන්සියක විතරයි මෙම්බර්ශිප් එක, සමහරුන්ට මල්ටිප්ල් මෙම්බර්ශිප්ස්. ඉතින් ඔය ගැන්සි අතරෙ පොඩි පොඩි ලොකු ලොකු වලියනවනේ, ඒ දවස් වල ඔය වලි බොහොම සරුසාරෙට තිබ්බා, ඩෙටොල් කොම්පැනියටයි, සිද්දාලේප කොම්පනියටයි හොද බිස්නස්. හැබයි ඉතින් හොදකට තියෙන්නෙ එලියෙන් වලියක් සෙට් උනොත් සත පහකට විතර එකමුතුවක් තියන එක විතරයි.

ඉතින් ඔන්න ඔය දවස් වල අපේ හිත මිතුරු සෙට් එකක්, ඒකියන්නෙ අපිත් එක්ක එක ගුටිය බෙදාගෙන කාපු උන් ටිකක් තව සෙට් එකක් එක්ක ෆුල් වලියක්. දවසක් ඔය අපේ දන්න කියන සෙට් එකේ දෙතුන් දෙනෙක් පාරෙ යනකොට අරුන් සෙට් එක මුන්ව අල්ලගෙන. එතන ඉස්කොලේ උන් විතරක් නෙවෙ තව මදාවි සෙට් එකකුත් ඉන්නවලු. දැන් අපෙ උන්ටික වටකරෙගෙන අරුන් ටික හෙන පාර්ට් එකලු, අර මදාවි සෙට් එක හින්දා අරුන් ටික සිංහයො වගෙ ටොක්ස් දෙනවලු මෙහෙම,
තොපි බාවනව, දැනගනිව් අපෙ හැටි.... සහ තවත් නොහොබිනා කුනුහරුප ගොඩයිලු, ගහන්නත් ඔන්න මෙන්න ලු (ඒ කියන්නෙ අපෙ උන් ගුටි කන්න ඔන්න මෙන්න කියන අවස්තාව). අපේ උන් දැන් මුකුත් කරගන්න බැරිව උගුඩුවො වගෙ තක් බීර් වෙල ඉන්නවලු. එතකොට අර පරන පොත්වල තියෙන්නෙ, ආතල් එකේ උපරිම ගියාම ඇස් රතුවෙන සීන් එකක්, ඒ වගෙ අර සිංහ සෙට් එකෙ එකෙක් උපරිම ආතල් එකෙන් තර්ජනයක් දැම්මලු මෙහෙම,(සාන්ත දාන්ත අය බලන්න එපෝ )

තොපි දැනගනිව්, මම තොපි සෙට් එකේ ඔක්කොම පෝලිමට තියලා, අරිනව පු... කියල

ඕක අහපු ගමන් අර අසරණව, කුජීතව, පීචන් වෙලා හිටපු ගැන්සියෙ එකෙක් අරූගෙන් ඇහුවලු,
ඇයි අය්යෙ අය්යට මැෂින් එකක් තියනවද ඔච්චර කරන්න කියල..

උන්ට ඊට පස්සෙ වෙච්ච දේ නම් අහන්න එපා..

Wednesday, December 29, 2010

කසුන් සුන් වෙච්ච් හැටි..

මේ පාර මම කියන්න යන්නෙ අපේ යාළුවෙක්ට වෙච්ච් පොඩි සීන් එකක්. මේක ඉතින් පොඩ්ඩක් පෙරේත කමට වෙච්ච දෙයක් කියල කියන්න පුලුවන්. හැබැයි මේපාරත් නම් ගම් (Name & Village) ඇනෝනිමස්. ඔන්න දවසක් අපේ සෙට් එක තවත් අපේ සෙට් එකේ යාලුවෙක්ගෙ ගමේ ගියා පොඩි නිවාඩුවක් අරගෙන පොඩි රිලැක්ස් පාරක් දාන්න. එහෙ ඉන්නෙ අපෙ ෆ්‍රෙන්ඩාගෙ මාම කෙනෙක්ගෙ ගෙදර තම වාස භවන උනෙ. මාමයි ගෙදර කස්ටියයි අපිට ඉතින් සිරාවට සැලකුවා. මාමගෙ පුත්තු දෙන්නත් අපිට බුදු ෆිට්. අපරාදෙ කියන්න බෑ ගමේ මිනිස්සු මේ කොලබ උන් වගෙ නෙවේ, ලෝස් නැතුව සලකනවා.

අපේ මේ කතාවෙ කතානායකතුමාව අපි කියමු කසුන් කියල, මොකද උටත් උනෙ කසුන් එකේ කයන්න නැතිඋනාම වෙන දේමයි. ඔන්න පහුවදා උදේ අපෙ කසුන් නිකන් නලියනව නලියනව වගේ. අපි ඇහුව මොකෝ කියලා. මූ කියපි මචන් ගමට ඇවිල්ල සංස්ථා ඒව බීල වැඩක් නෑ, ගහෙ බඩු තිබ්බොත් මරු කියල. හිත යටින් කැමැත්ත තිබ්බත් අපි ඉතින් අකමැත්ත දැම්ම, මොකො අපේ එකාටමනෙ කෙලවෙන්නෙ, කොහෙද මූ කියන එකක් අහන්නෙම නෑ, බැරිම තැන මූ ගිහින් කියපි අර මාමගෙ පුතෙකුට. බුවත් දැන් ඔලුව කහ කහ හිතලා කිව්ව අය්යට ඉතින් ඕනෙමනෙ, යන් මන් කොහෙන් හරි හොයල දෙන්නම් කියල. කියල බුව ගත්ත බයික් එක, ඔය ගම් වල තියෙන්නෙ, තැපැල් නයින්ටිය කියල රතු පාට එකක්. අපෙ එකාගෙ වෙලාව කියන්න බයික් එක ස්ටාර්ට් වෙන්න, පැට්‍රොල් නෑ. තව ඉතුරු වෙල තියෙන්නෙ අර ගෑනු පදින බයිසිකලයක්, අර ඉස්සරහ පොල්ල නැති, ඔන්න දැන් ඩබල යනව, අර මල්ලි කාරය පදිනවා, අපෙ එක පිටිපස්සෙ ලැගෙජ් එකේ යනව. මෙතනින් එහාට කතාව අසා දැන ගත් පරිදි,

මලය ගිහින් ඔන්න බයිසිකලෙ නැවත්තුවාලු පොඩි කඩයක් ලගින්, ඊට පස්සෙ මුදලාලිට හිමින් කිව්වලු නිකන් රහසෙන් වගෙ, මට අරව බෝතලයක් දෙන්න, පස්සෙ හිස් බොතලෙ ගේන්නම් කියල. ඔන්න මුදලාලිත් ෂොපින් එකක දාල දුන්නලු බොතලේ, අපෙ කසුනටත් දැන් මූනෙ මල් හතයිලු, මල්ලි ඔන්න බොතලේ අපෙ බුවාට දීලා ඔන්න බයිසිකලෙ පදිනවලු තවත් එහාට. ටිකකින් මල්ලිට ඇහෙනවාලු එක එක සද්ද, නිකන් ඔක්කාරෙ, කැස්ස, වමනෙ වගෙ සද්ද, ඊගාවට අහෙනවලු, බුදු මල්ලියෙ, බයිසිකලෙ නවත්තපන් කියල සද්දයක්. මල්ලිත් ඉතින් බයිසිකලෙ නවත්තලා බලනකොට, අපෙ කසුනය මරු විකල්ලෙන් දගලනවලු, පොඩි කබර පැටියෙකුත් දානවලු,

ඒ අස්සෙ කසුනය කියනවලු, මල්ලි ගහේ බඩු උනාට පට්ට සැරයිනෙ, මාව නිකන් මැරෙන්න යනවා වගෙ කියලා.

ඒක අහපු මලය ඔලුවෙ අතගගෙන කියනවා, අනේ කසුන් අය්යේ, ඔය ගහේ බඩු නෙවේ, බයික් එකට දාන්න ගත්තු පැට්‍රොල් බොතලේ කියල.

පස්සෙ සීන් එක මීටර් උනේ, ඉස්සර ගම් වල කඩවල් වල එලිපිටම පැට්‍රොල් වික්කට, දැන් විකුනන්නෙ හොරෙන්න්ලු, පොලෝසියෙන් පෝරියල්ලු. අපේ එකා රැවටිලා තියෙන්නෙ එතන හොරෙන් ගහේ බඩු විකුනනව කියල හිතලා,

පස්සේ පෙරේත කමට හොරෙන්ම උගුරක් දාගෙන.
මේක කියද්දි මේ මටම වෙච්ච සීන් එකකුත් මතක් උන, එක පස්සෙ කියන්නම්.

Tuesday, December 21, 2010

කුල්ල සර්ගෙන් තව ආතල් එකක්

කාලෙකට පස්සේ නම් නෙවේ මේ පොස්ට් එක දාන්නේ, මාර කාලෙකට පස්සේ. ඇයි කියල නම් අහන්න එපා. ඒක තව ආතල් එකක්.

හරි, අදත් මම අපේ කුල්ල සර් ගැන තව පොඩි කතාවක් කියන්නම්කො.
ඔන්න ඒකාලෙ, ඒ කියන්නෙ අපි උසස් ලෙස අධ්‍යාපනය ලබන කාලේ මුල මෙක උනේ. මොන හේතුවකට හරි ඒ දවස් වල අපෙ පන්ති තිබ්බෙ සයන්ස් සෙක්ශන් එකෙ අර උඩට උඩට ඩෙස් තියන හොල් එකක. පිටිපස්සෙම ඉන්න උන් ඉන්නෙ බිම ඉදන් මීටර් දෙකක් විතර උඩින්. උන් එකෙ දිගා වෙලා නිදගත්තත් සර් ලට පෙන්නෙ නෑ.


ඉතින් ඔය වගෙ චාන්ස් තියනකොට දන්නවනෙ ලමයි අතිරේක පෙල පොත් කියවනවනෙ දනුම වැඩිකර ගන්නයි ඇහෙ කලු බෝලෙ ලොකු කරගන්නයි. ඉතින් මේ කියන දවසෙත් අපෙ එකෙක් පිටිපස්සෙම පෝලිමට වෙලා එහෙම සගරාවක් කියවනවා (හරි වචනෙ මම හිතන්නෙ "බලනවා" ).

අපෙ කුල්ල සර් උගන්නනවා. අපෙ යාලුව කකුල් ඩෙස් එක යට තියාගෙන පොත බලනව. ඔහොම ඉද්දි එක පාරටම සර් ලතාවට හැරිල, ලතාවට ඇන්ගිල්ල දික්කෙරුව පස්සෙම පේලියට. දික්කරල කිව්වා..

ආ.... මම දැක්කා.... මම දැක්කා... කියල.

දැන් ඔක්කොම හොල්මන්, ඔය පොතක් මාට්ටු කියන්නෙ ඉතින් ඉවරයිනෙ. ඊට වඩා හොදයි පාරෙ අයිනෙ ඉන්න කෙල්ලො දිහ බල බල ගිහින් කානුවකට වැටෙන එක. එතන නෝන්ඩි විතරයි, මෙතන නෝන්ඩි + පෝරියල්. බල බල හිටපු උන් රත් වෙලා... ඕව හිත හිත ඉන්නකොට සර් කියපි වාක්‍යයෙ ඉතුරු ටික..

මම දැක්කා.... ඔයා ඈනුමක් ඇරිය නේද.. යන්න යන්න ගිහින් වතුර ටිකක් බීලා එන්න..

එතකොට නම් කස්ටියට සර්වත් මරාගෙන පොතත් තෙලේ බැදගෙන කන්න හිතුනා.

Friday, May 14, 2010

අපි නුවර-එලිය යටත් කර ගත් හැටි...

මේ ඔන්න අදත් පොඩි සීන් එකක් කියන්න යන්නෙ. හැබැයි පොඩි කොන්දෙසියක්... අනේ උඹල කවුරුහරි මේ කියන කතාවේ කස්ටියගෙ නම් ගම් නම් කොමෙන්ටුවල දාන්න එපා.. මේ nadeesthoughts ඔයාට තමා මම වැඩිපුරම කියන්නේ :) හික්ස්..

අපි A/L කරන කාලෙ පොඩි පොඩි ට්‍රිප් ගියානෙ. මේ කියන ට්‍රිප් එක ගියෙ නුවර-එලියට. ඉතින් අපි පන්තියෙ සෙට් එකයි, අපේ ****** සර් රුයි තමා ට්‍රිප් එකෙ කස්ටිය.

ඉතින් ආ.. යන ගමන් වෙච්ච් දේවල් තව පොස්ට් එකකින් කියන්නම්, ඉතින් අපිත් බොහෝම සාමකාමීව සින්ඩු කියාගෙන නුවර-එලියට ගියා. අපි ඉතින් ගිහින් හවස නාලා කාල ආව ටවුන් එකේ ඇවිදින්න. ඔන්න ඉතින් අපෙ
සර් රුත් ආවා අපිත් එක්ක.

සර් දන්නව ඉස්කොලෙදි මොන ජල්බරි දාගත්තත්, අපි හොඳ ලමයි කියල. ඉතින් සර්, සර් ගෙ ෆුල් කොමාන්ඩින් ඇක්සන්ට් එකෙන් කිව්වා...

මේ, දැන් ඔය ගොල්ලො ගිහින් ඇවිදලා, හරියටම ෂාප් 9 ට හරියටම මෙතනට එනවලා. අනන් මනන් බෑ. හරි.

ඒ කිව්වෙ පොස්ට් ඔෆිස් එක ඉස්සරහට. අපිත් අර මුක්කුද වගෙ මරු උනා, මාර චාන්ස් නෙ. කොහොම කොහොම හරි 9 නෙවේ 8 වෙද්දිම මුලු ටවුන් එකම කරුවලයි. දැන් ඔක්කොම කඩ වහනවා. අපිත් හිමින් හිමින්
කෑම-බීම ඉවර කරල ගියා සර් කියපු තැනට. දැන් එකා දෙන්න මතු වෙනව එක එක පැතිවලින්, එත් සර් නෑ.

ඔන්න සර් එනවා *** **** ***** *******, දැන් පට්ට කරුවලයි, යන්තම් පොඩි ලයිට් එකක් තියනව පොස්ට් ඔෆිස් එක ඉස්සරහා. සර් අවා..

මේ... අයිෂේ..... මේ.... ඔක්කොම ඉන්නවද?

ඔව් සර්, ඔක්කොම ඉන්නවා.

හ්ම්.. එහෙමද, එහෙනම් කට්ටියම පෝලිමක් හැදෙනවා.

අනෙ මන්දා, බල්ලෙක් වත් ටවුමෙ නෑ. පට්ට කරුවලයි, ඒත් ඉතින් ඔන්න අපි ඔක්කොම පෝලිමක් හැදුනා, හරියටම ටවුම මැද.

සර් අර ආමි එකේ පැරේඩ් එකක වගේ, ගියා එක කොනක ඉදන් අනිත් කොනට, ආයි ගියා අනිත් කොනට, ඊලගට ආවා පෝලිමේ මැදට, ඇවිල්ලා එක අතක් මිට මොලවල ඉහලට ඔසවලා කිව්වා,

අයිෂේ... දැන් මේ මුලු නුවර-එලියම අපේ.

ඔන්න ඔහොමයි කවුරුත් නැති වෙලාවක අපි නුවර-එලිය යටත් කරගත්තෙ.

Monday, May 10, 2010

පුසා කොන්දොස්තරට වැදීම..

හරි, අද මම තව පොඩි කතාවක් කියන්න යන්නේ, පොඩිම පොඩි කතාවක් උනාට වෙච්ච බයිට් එකනම් එවරස්ට් කන්ද සයිස්.

මේත් ඔය අපි A/L කරන කලේ වෙච්ච සීන් එකක්. ඔන්න දවසක් අපි සෙට් එක පොඩි වලක් බහින්න සෙට් උනා, දන්නවනේ, කවුරු හරි ගෝතයෙක් මොකක් හරි අදහසක් දාපු ගමන්ම, අපිත් ඉතින් අනේ බෑ කියලා පැනල
සෙට් වෙනවනෙ.

ඉතින් අපි අදහස දාපු එකාටත් පින් දීලා, ඉක්මනටම ඉස්කොලේ ඇරිල (සමහරු ඕකට හින්දියෙන් කියන්නෙ School cut කරනව කියල, අනේ මන්දා ) ගියා "අහවල්" නගරය කිට්ටුව පොඩි ඇල්ලකට, නාන්නයි, තිබහට
මොනවහරි බොන්නයි (සෝඩා හරිද, වෙන මුකුත් නෙවේ ). මේ ඇල්ල තියෙන්නෙ පොඩි රබර් වත්තක් මැද්දෙ,

අපි සෙට් එකක්ත් ගිහින් අපෙ පාඩුවේ අපෙ රජකාරි පටන් ගත්තා, ඉතින් එක ගිනි කෙලියයි, නානව, සෙට් වෙනවා, සින්දු කියනවා, මාර ෆන්.

දන් අපි ඔක්කොම හරි ගානට, එතකොට අමලයා කියනවා..,

ඒයි මචාන්ස්.. අර බලපන්කෝ.. කොලපාට මිනිස්සු ටිකක්..

මුටනම් පිස්සුද මන්දා, ඇයි දෙයියනේ සුදු හරි කලු හරි කිව්වනම් හිතන්නවත් තිබ්බා, කොලපාට මිනිස්සු... දැන් මුට වැඩියි වගේ, වතුරෙවත් ඔබල ගන්න ඕනේ, සෙට් එකේ අදහස් ගොඩයි.

ටිකකින්..... හෆෝයි... මූ කියලා තියෙන්නෙ ඇත්තනේ, කොල පාට මිනිස්සු අපි ලගටම ඇවිත්, උන්ගෙ අතෙ බැජ් එකක ගහන් ඉන්නවා, ශ්‍රී ලංකා පොලෝසිය කියලා. කොහෙ දුවන්නනද, හිට ගන්නෙත් අමරුවෙන්.

ඉතින් අපි සෙට් එක අහු උනා, එතන මාර ආතල් කතාවක් තියනවා, එක පස්සෙ කියන්නම්, හැබැයි අපේ පූසායි, අකිලයයි පෙන්න නෑ. බලනකොට උන් දෙන්නා ඈත දුවනවා පේනවා. උන් බේරුන කියල අපි හිතුවට, පස්සෙ
දැන ගත්තේ පොලොසියට අහු උනානම් හොදයි කියල.. මොකද දන්නවද..

... ඉතින් ඩබල දුවගෙන කෙලින්ම මහ පාරට ගිහින්, එතකොටම ආපු බස් එකේ එල්ලිලා, හොද වෙලාවට කොලබ යන එකක්, නැග්ග ගමන්ම, පූසා වැන්දලු කොන්දට, අනේ බුදු අයියෙ, අපිව පොලොසියෙන් පන්නනවා,
මෙච්චරයි තියෙන්නෙ, අපිව ගිහින් දාන්න, කියල සාක්කුවේ තිබ්බ සල්ලි ටික දුන්නලු.

දැන් මිනිස්සුත් බලනවා, ඒ මදිවට, class යන කෙල්ලො සෙට් එකක් අන්තිම සීට් එකේ ඉදන් කින්ඩියක හිනාවෙනව..

ඒ ඔක්කොම හරි, ඊලගට කොන්දා කියපි.....
-
-
-
-
-

ආ.. මල්ලිල ඉතුරු සල්ලි...


හෆෝ.. මේ නරි දෙන්නා, කොන්දොස්තර අය්යට වැදලා තියෙන්නේ, අතේ වැඩිපුර සල්ලි තිබිල තියෙද්දි..