Wednesday, December 29, 2010

කසුන් සුන් වෙච්ච් හැටි..

මේ පාර මම කියන්න යන්නෙ අපේ යාළුවෙක්ට වෙච්ච් පොඩි සීන් එකක්. මේක ඉතින් පොඩ්ඩක් පෙරේත කමට වෙච්ච දෙයක් කියල කියන්න පුලුවන්. හැබැයි මේපාරත් නම් ගම් (Name & Village) ඇනෝනිමස්. ඔන්න දවසක් අපේ සෙට් එක තවත් අපේ සෙට් එකේ යාලුවෙක්ගෙ ගමේ ගියා පොඩි නිවාඩුවක් අරගෙන පොඩි රිලැක්ස් පාරක් දාන්න. එහෙ ඉන්නෙ අපෙ ෆ්‍රෙන්ඩාගෙ මාම කෙනෙක්ගෙ ගෙදර තම වාස භවන උනෙ. මාමයි ගෙදර කස්ටියයි අපිට ඉතින් සිරාවට සැලකුවා. මාමගෙ පුත්තු දෙන්නත් අපිට බුදු ෆිට්. අපරාදෙ කියන්න බෑ ගමේ මිනිස්සු මේ කොලබ උන් වගෙ නෙවේ, ලෝස් නැතුව සලකනවා.

අපේ මේ කතාවෙ කතානායකතුමාව අපි කියමු කසුන් කියල, මොකද උටත් උනෙ කසුන් එකේ කයන්න නැතිඋනාම වෙන දේමයි. ඔන්න පහුවදා උදේ අපෙ කසුන් නිකන් නලියනව නලියනව වගේ. අපි ඇහුව මොකෝ කියලා. මූ කියපි මචන් ගමට ඇවිල්ල සංස්ථා ඒව බීල වැඩක් නෑ, ගහෙ බඩු තිබ්බොත් මරු කියල. හිත යටින් කැමැත්ත තිබ්බත් අපි ඉතින් අකමැත්ත දැම්ම, මොකො අපේ එකාටමනෙ කෙලවෙන්නෙ, කොහෙද මූ කියන එකක් අහන්නෙම නෑ, බැරිම තැන මූ ගිහින් කියපි අර මාමගෙ පුතෙකුට. බුවත් දැන් ඔලුව කහ කහ හිතලා කිව්ව අය්යට ඉතින් ඕනෙමනෙ, යන් මන් කොහෙන් හරි හොයල දෙන්නම් කියල. කියල බුව ගත්ත බයික් එක, ඔය ගම් වල තියෙන්නෙ, තැපැල් නයින්ටිය කියල රතු පාට එකක්. අපෙ එකාගෙ වෙලාව කියන්න බයික් එක ස්ටාර්ට් වෙන්න, පැට්‍රොල් නෑ. තව ඉතුරු වෙල තියෙන්නෙ අර ගෑනු පදින බයිසිකලයක්, අර ඉස්සරහ පොල්ල නැති, ඔන්න දැන් ඩබල යනව, අර මල්ලි කාරය පදිනවා, අපෙ එක පිටිපස්සෙ ලැගෙජ් එකේ යනව. මෙතනින් එහාට කතාව අසා දැන ගත් පරිදි,

මලය ගිහින් ඔන්න බයිසිකලෙ නැවත්තුවාලු පොඩි කඩයක් ලගින්, ඊට පස්සෙ මුදලාලිට හිමින් කිව්වලු නිකන් රහසෙන් වගෙ, මට අරව බෝතලයක් දෙන්න, පස්සෙ හිස් බොතලෙ ගේන්නම් කියල. ඔන්න මුදලාලිත් ෂොපින් එකක දාල දුන්නලු බොතලේ, අපෙ කසුනටත් දැන් මූනෙ මල් හතයිලු, මල්ලි ඔන්න බොතලේ අපෙ බුවාට දීලා ඔන්න බයිසිකලෙ පදිනවලු තවත් එහාට. ටිකකින් මල්ලිට ඇහෙනවාලු එක එක සද්ද, නිකන් ඔක්කාරෙ, කැස්ස, වමනෙ වගෙ සද්ද, ඊගාවට අහෙනවලු, බුදු මල්ලියෙ, බයිසිකලෙ නවත්තපන් කියල සද්දයක්. මල්ලිත් ඉතින් බයිසිකලෙ නවත්තලා බලනකොට, අපෙ කසුනය මරු විකල්ලෙන් දගලනවලු, පොඩි කබර පැටියෙකුත් දානවලු,

ඒ අස්සෙ කසුනය කියනවලු, මල්ලි ගහේ බඩු උනාට පට්ට සැරයිනෙ, මාව නිකන් මැරෙන්න යනවා වගෙ කියලා.

ඒක අහපු මලය ඔලුවෙ අතගගෙන කියනවා, අනේ කසුන් අය්යේ, ඔය ගහේ බඩු නෙවේ, බයික් එකට දාන්න ගත්තු පැට්‍රොල් බොතලේ කියල.

පස්සෙ සීන් එක මීටර් උනේ, ඉස්සර ගම් වල කඩවල් වල එලිපිටම පැට්‍රොල් වික්කට, දැන් විකුනන්නෙ හොරෙන්න්ලු, පොලෝසියෙන් පෝරියල්ලු. අපේ එකා රැවටිලා තියෙන්නෙ එතන හොරෙන් ගහේ බඩු විකුනනව කියල හිතලා,

පස්සේ පෙරේත කමට හොරෙන්ම උගුරක් දාගෙන.
මේක කියද්දි මේ මටම වෙච්ච සීන් එකකුත් මතක් උන, එක පස්සෙ කියන්නම්.

2 comments:

  1. අත්දැකීමෙන් ආතල් එක විඳලා තියනවා

    ReplyDelete