Tuesday, May 22, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතා (4) - සර්ගෙ කිරිසප්පයෝ සහ අපි කිරිසප්පයෝ

ඒ ලෙවල් කාලෙ තව ගොඩක් ආතල් ගත්ත තැනක් තමා ස්කූල් බස් එක. ඒ ලෙවල් කියන්නෙ අපි ලොකු පොරවල්නේ, එතකොට බස් එකෙ ලොක්කො අපි තමා, බස් එකෙ ලොක්කන්ට තමයි ඉතින් පිටිපස්සෙ දිග සීට් එක අයිති. ඕකෙ ඉඳගෙන පට්ට පිස්සු කෙලෙ කෙල යන එක තම රාජකාරිය. ඔෆිස් වෑන් වල යන අක්කලාට අත වනන්නයි, ඉස්කෝලෙ කෙල්ලො යන වෑන් වලට හු කියන්නයි, නිවාඩු දෙන කාලෙට වතුර ගහන්නයි අපිට තම බාර වෙලා තිබ්බෙ. ඇයි වලි, බස් එකෙ "ලොකු අයියලා" වශයෙන් අපිට තම ඕන වලියකට ඉන්විටේශන් තිබ්බේ, ඉස්සරහ යන පොඩි උන් නිකන් දා ගන්න වලි උනත් ඉතින් අපි තමා ඉවර කරන්න ඕනේ, හැබැයි වලි දෙක තුනක් තිබ්බා මුලු බස් එකම සමව බෙදාගෙන කාපු.

දවසක් බස් එකේ එනකොට, ටිකක් වැස්ස වගෙ, කරුවලයි, කොහොමත් උදේනෙ, ට්‍රැෆික් එකට අහුවෙල බස් එක අයිනෙන්ම ඉස්කෝලෙ කෙල්ලො යන ත්‍රීවිල් එකක් බ්ලොක් උනා, අපේ පැත්තෙ හිටියෙ කෙල්ලවනම් හොඳට පේනවා,

අපේ සහෝදරී පාසලෙ කෙල්ලෙක්, අනිත් එකියත් එකෙම තමයි වගෙ, ඒත් කෙරවලෙ හිටපු කෙල්ලව පේන්නෙ නෑ බස් එක උස හින්දා, ඔන්න පටන් ගත්ත.. මහා තඩි හූවක්, ඒ මදිවට ඔය සහෝදරි ඉස්කෝලෙට විද්‍යාගාරේ තියන උපකරනයක නමක් කියනවා, එකෙන් කියවෙන්නෙ අස්වාභවික සෙක්ස් සීන් එකක් ඉස්සර කාලෙක ඒ ඉස්කෝලෙ ලැබ් එකක වෙච්ච. දැන් ඔය නමත් කියකිය මුලු බස් එකම හූ තියනවා,

එකපාරටම නලියා මාව ඇදල ගත්ත..

මොකද යකෝ..

යකෝ තෝ දැක්කද අන්තිමට ඉන්න කෙල්ලව..

ම්හ්.. ඇයි උඹ බහින එකක්ද..

ගොනෝ, ඒ ඉන්නෙ KKKK සර්, හුටා ඒ අපෙ පන්තියට උගන්නන සර් කෙනෙක්, ඒ මදිවට මිනිහට ඩිපියුටි ප්‍රින්සිපල් පට්ටමකුත් තියනවා, මේ තියෙන්නෙ මිනිහ ගැන තව කතාවක්, මොකද බුවාත් අඳින්නෙ සුදු ශර්ට් එකක් ටයි එකයි, අපිට පෙනුනෙ කෙරවලෙ ඉන්නෙත් කෙල්ලෙක් කියල.

දැන් ඉතින් මොකේ දන් වලඳනේ, බුවා අපි දෙන්නව දැක්කනම් හොදි ඕන්නෙ නෑ,

කොහොමහරි අපි දෙන්නා හීනියට පංතියට ගිහින් විනාඩියක් වත් ගියේ නෑ, සර් එනවා නිකන් නාලගිරි ඇතා එනවා වගෙ අපේ පංතියට, දැන්නම් ඉතින් අරක්කු බාර දෙය්යන්ටවත් අපිව බේර ගන්න බෑ,

අයිසේ, ප්‍රසා, නලියා, නැගිටිනවා.. තමුසෙල දෙන්න අද මම කම්බස් කරනවා, තමුසෙලා දෙන්න එන්නෙ aaaaa ස්කූල් බස් එකෙ නේ..  අර මගෙ කිරිසප්පයෝ දෙන්නට මොනවද උඹල කිව්වෙ...

මම නෝ හෙල්ලුම්, නලියා, කො.. කොහෙදිද සර්, මොනවද මේ,

දන්නෙ නෑ වගෙ, අද ..... ස්කූල් බස් එකේ

සර්ට කියන්න හම්බවුනේ එච්චරයි, නලිය, එකපාරටම ඔලුවෙ අත ගහ ගත්ත, ඊට පස්සෙ මූ තනියම ශික් ශික් ගානවා, සර් විතරක් නෙවෙ දැන් මාත් අඤකොරොස්,

මොකද මොක්ද තමුසෙ චික් ගාන්නෙ,

නෑ සර්, අද අපි වේලාසන ආව ඉස්කෝලෙට, ඊයෙත් බැරිඋන වැඩ තියන හින්දා, මම ඒත් ඊයෙ ඕ ලෙවල් උන්ට කිව්ව බස් එකෙ පොඩි උන් ටික බලා ගන්න කියල, මුන් මොකක් හරි අද කරල,
කියන්ඩ සර්, මොකද උනේ, මම හවසට බලන්නන්කෝ, සර් කෙට්ටු උස මල්ලි කෙනෙක්ද?
මූ එලො සිහියක් නැතුව කියවගෙන යනවා, දැන් ඔන්න සර්ගෙ ගිනි නිවිලා,

ඒකනෙ අයිසෙ, බලනවකෝ, මුන් අද මටයි පොඩි උන් දෙන්නටයි කෑ ගැහුවනේ, පොඩ්ඩක් ඔය පොඩි උන්ව සැරකරල බස් එකෙ තියා ගන්නව, කොකටත් පොඩ්ඩක් හොයල බලල මට කියනවකෝ.. ඇන්හ්



මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්

11 comments:

  1. අර මගෙ කිරිසප්පයෝ දෙන්නට මොනවද උඹල කිව්වෙ...

    ඇත්තටම කිරි සප්පයොද, නැත්තං කිරි දෙන සයිස් එකේ කෑලි දෙකක්ද

    ReplyDelete
  2. කවුද අප්පා ඒ සර්??? අපේ වයස් වල වගේනම් ඔය ගෑණු ලමයි දෙන්නව දන්නවත් ඇති.

    ReplyDelete
  3. @අටර්‍මපහුර : ම්ම්ම් ඒ දෙක මැද්දෙ වගෙ.. හැබයි කිරිසප්පයෝ නම් නෙවේ :)

    @නිසුපා : පේන හැටියට ඔයා ඒ ඉස්කෝලෙ වගේ, හික්ස්, වාසගම R අකුරෙන් පටන් ගන්නේ.

    ReplyDelete
  4. ඔව් ඔව් ඒකෙ තමා.අර විකාර කතාව කොහොම හැදුනද මන්දා...:O
    වාසගම R... කිල්ක් නොවේ.

    ReplyDelete
  5. අප්පට සිරි ... මුන් පළපුරුදු දක්‍ෂ ටේලර්ල නේ. හැබැයි පුතෝ උඹල මහල දෙන්නත් කලින් ඇඳ ගත්ත අය හිටපු නිසාම හොඳයි. නැත්නම් උඹල තාමත් ග්‍රවුන්ඩ් එකේ දණ ගහගෙන ඉන්නව. :D

    ReplyDelete
  6. R-------සර්ව දන්නවා දන්නවා වගේ. සර්ට මෙම බ්ලොග් එක පෙන්නන්නම්කො ඉඩක් ලද විගස... :)

    ReplyDelete
  7. අප්පා මට මේකෙ සෑහෙන පෝස්ට් ගොඩක් මිස් වෙලානෙ. කාලෙකින් මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
  8. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ තමා මේකත් :)

    ReplyDelete
  9. හැක් හැක්... කළුතර ඉදං එන බස් එකේද??

    ReplyDelete
  10. අයියෝ හැමිනෙනවා..!

    ReplyDelete