Wednesday, May 2, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක් (2) - වලි සෙට්

 මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්

මචන් අද මට පොඩි ගේමක් තියනව, උඹල ඉන්නව නේද?


ඒ අපේ වලිරංගය, නමෙ හැටියටම සතා මොකාද කියල හිතා ගන්න පුලුවන්නේ, පුලුවන් කිව්වට පුලුවන්ම නැති වෙන්නත් බැරි නෑ, වලිරංගය යන එන ඕන තැනක වලි දා ගන්න සූරය, මුගෙ ෆේවරිට්ම අයිටම් එක තමා අපි තියා ඌ දැකලවත් තියන මනුස්ස පරානයක් අහල ගම් හතකවත් නැති තැනකට ගිහින් නාගසලන් වලි සෙට් කර ගෑනීම, අඩි හතරක් විතර උස මේ හිතින් විතරක් සද්දන්තයා සීයක විතර ගහන්න වගෙ ගිහින් දෙන්නෙක්ගෙන් විතර අම්බානකට කාල තමයි එන්නෙ, ඊට පස්සෙ අපිට විසුමක් නෑ ඌ ඉල්ලගෙන කාපුවාට රිටර්න් දෙන්න යන්න, එහෙම ගිහින් තුන් හතර පොලකින් අපිත් කෑව නැති වෙන්න, ඒත් මුගෙ ජානවල අප්සෙට් එකට වලි දා ගන්නවා වගේම අපෙ ජාන වල අප්සෙට් එකට අපි ඌට හෙල්ප් කරනවා, සංසාරේ සංසාරේ.


එදත් ඌ අහවල් වත්තක එකෙක් එක්ක වලියක් සෙට් කරන්, මූ චන්ඩියා වගෙ ටෝක් ඉෂූ කරල අද තුනට "නවසර" එක ඉස්සරහට වරෙන් කියල. නවසර, මම කිව්ව ටියුෂන් නගරෙ මැද තිබ්බ හෝටලයක්, කොල්ලොන්ට සෙට් වෙන්න කියාපු තැන, ප්ලේන්ටියක් ගහන්න, විටමින් කූරක් අදින්න, කෙල්ල එනකම් පස්ස් හිරි වටෙනකම් වාඩිවෙලා ඉන්න කියාපු පොට් එක, ඇයි පිරිසිදු කම, වෙටර්ලගෙ රෙදි අස්සෙන් බේරෙනව,

එක ක්ලාස් එකක් ඉවර වෙලා අනිත් එක පටන් ගන්න කලින් ප්ලෙන්ටියක් ගහන්න ගිය ටිකට සෙට් වෙච්ච මරාලයක්, මොනව කරන්නද? හිත හදාගෙන පොත රෝල් කරල පුටුවක් හරෝගෙන ඉඳ ගත්ත අරූගෙ දානෙට සෙට් වෙන්න,

තුනයි,
යන් යන් බන් එලියට... අරු අදත් තනියෙන් සීයකට විතර ගහන්න, සූ ගාල පස් දෙනායි අපි, අම්ම ගහයි බැට් එකෙන් එලියෙ පොඩි චන්ද රැස්වීමක් වගෙ... මේ කාලෙ  මොන චන්දද, හුටා, අරු සේනාවක් එක්ක ඇවිත්, දැන් දැන් සුදු කොඩි, ටකරම් මඩු මතක් වෙනවා, හොඳ වෙලාවට තරංගයා..

අඩෝ තොපි පො.... ද? එකෙක්ට ගහන්න වත්තම ගෙනාවද, චන්ඩි නම් අපේ පහට තොපෙ පහක් වරෙන්...


උගෙ සිංහ නාදෙට අපි විතරක් නෙවෙ අරුන්නුත් හෙල්ලුනා, අරූගෙ සේනාවෙ හිටියා හෙන කරා ඩයල් එකක්, ටිකක් වයස ඩයල් එකක්, ඌ යන්තම් මුන් දෙන්න විතරක් එක්ක ටෝකක් දීල බලද්දි උටත් තේරුන මේක මහ පීචන් චීත්තෙක සෙට් වෙච්ච වලියක් කියල, උට නිකන් ලැජ්ජ වගෙ හිතෙන්නැති මේ වගෙ ඒවාට සෙට් වෙන්න, ඊට පස්සෙ ඌ,

යකෝ අපෙ එකාගෙ වැරද්ද, නැත්නම් තොපි පහ කුඩු කරනව මෙතන සවල් වලින් අහුලන්න.. යමවු බන්...

අම්මො එදා කෑවනන් තාම කනව එතන හිටපු සෙට් එකෙ හැටියට...

ඒ වලිය එහෙම එහෙම උනාට අපෙ ප්‍රදීප් දවවසක් ඔහොම සෙට් එකක් අරන් ගියා... අපිත් ගියා.. ප්‍රදීපයත් එල ඩයල් එක, ඌ ඒ දවස්වල බැස්ස කොමස් කෙල්ලෙක්ට, අපෙ මැත්ස් පංති ඉතින් වේලෙනවනේ, ඉතින් ඔය නියඟෙට එකම විසඳුම කොමස් හරි ආර්ට් වලින් විදේශාධාර ගන්න එක, ප්‍රදීපයත් එහෙම ප්‍රොජෙක්ට් එකක්, හබයි මූ ට්‍රයි විතරයි, අහන්නෙත් නෑ, අපිත් හැමදාම මූව ෆොර්ම් කරනවා අහපන් යකෝ කියල,

හරි අද අහනවා..

කීයටද

ඒකිගෙ ක්ලාස්ස් ඇරුනාම

හරි එහෙනම් තෝ දැන් අපිට පාටියක් දීපන්,

ඔය පාටියෙ තිබ්බෙ වඩෙ සහ ප්ලේන්ටි විතරයි හැමදාම, හැමදාම, ඔව් මොකද ඌ එකිගෙන් අහනවා කියල පාටි විස්සක් වත් දෙන්න ඇති අපිට.. ඊට පස්සෙ මූ එකි ලඟට ගිහින් මොනව හරි වල් පල් කියවල, එනවා, ඇහුවාම අද හරි නෑ වගෙ බන් අහන්න..

එදා කසුන්ගෙන් ඔත්තුවක්,
 ඕයි අන්න උඹෙ කෑල්ලට උන්ගෙ ක්ලාස් එකෙ එකෙක් බහිනව..

එහෙම කොහොමද, අපි ඉන්නකම්, අපි එදා ඌව අල්ලගෙන ෆුල් දෙසුම්, අන්තිමේ කොල්ල ඇග්‍රී අදම ඉවරයක් කරන්න, අපි, මේ උඹ අදත් නානව, අපිත් එන්නම්, ඔන්න කෙල්ලගෙ ක්ලාස් එක පැත්තට අපි යනවා, ක්ලාස් එකට යන පාරෙ අපි සෙට් එක යනකොට අපේ සමහර ෆිට් උන් හම්බ වෙනවා, ඒ හැම එකාටම අපි දෑන් කිය කිය යනවා අඩෙ අද මූ අහනවා, උඹත් වරෙන් යන්, ඔන්න ඌත් සෙට් වෙනවා...

අපෙ ගොන් වැඩ ඉතින් අපිට පේන්නෙ නෑනෙ, හවස බස් එකේ කෙල්ලෙක් සෙට් උනා ක්ලාස් එක ලඟදි, මම ඉතින් ඒකිටත් කිව්ව අපේ ගෲප් ඔපරේශන් එක..

කෙල්ල ඔලුවෙ අත ගහ ගත්තා,


අනේ ප්‍රසා, උඹල වගෙ හරක්, උඹල කෙල්ලෙක්ගෙන් අහන්න තේරෙන්නෙ නැද්ද, අහන්නද යන්නෙ, නැත්නම් විස්සක් විතර සෙට් වෙලා ගහන්නද යන්නෙ වලියක් වගෙ?

2 comments:

  1. තනියම ගිහින් අහන තරමට ප්‍රතිපල හොඳයි..! අත්දැකීමෙන් කියන්නේ...

    ReplyDelete
  2. කෙල්ල බය වෙන්න ඇති ඔක්කොම අහන්න යන්නෙ කියලා..

    ReplyDelete