Sunday, April 22, 2012

නිමල් කට කා නසී

අදත් කියන්න යන්නෙ අපෙ එකෙක්ට වෙච්ච චාටර් සීන් එකක්, ඌ නම් කියන්නෙ බඩ හපාගෙන මැරුනත් සැපයි කියල. අපිනම් කිව්වෙ පට්ට ආතල් නෙ ඕයි, හොඳ වැඩේ උඹට වගෙ දේවල් තමා. මම ඉතින් කතාව කියන්නම් එතන හිටියා වගේ, නැත්නම් ඉතින් ආතල් එකක් නෑනේ.

අපි කියමු අපේ එකාගෙ නම නිමල් කියල, මම ඉතින් එකම එකාටත් මේ බ්ලොග් එකේ නම් දෙක තුනක් දාල ඇති, කොහොමත් ඔය නිමල් කමල් සුනිල් වගෙ ඒවනේ ටක් ගාල එන්නේ.

හරි ඔන්න කතාව, අපෙ කමල්ගෙ ලවු එකට ඒ දවස්වල ගෙවල් වලින් කැමත්ත තිබ්බා, මුලින්නම් උන්ට එපා කිව්ව, උන් අහන්නෙ නැති හින්දා, ගෙවලුත් අවුල් නැති හින්දා උන්ට කියල තිබ්බෙ ඉගෙනගෙන ඉවර වෙනකන් වැඩි සෙල්ලම් නැතිව ඉන්න කියල. ඔය හොරෙන් ලවු කරනවා වගෙ නෙවේ, පර්මිශන් හම්බ උනාම මෙලෝ රහක් නෑ, ඇයි ගෙදරට ගිහින් කතා කරන්න ඕනෙ, මුටත් උනේ ඒකමයි, මූත් ඉතින් සෙනසුරාදා හරි ඉරිදා හරි උදේ පාන්දරින්ම දහයට විතර කෙල්ලගෙ ගෙදර යනව, දවල්ට කාල එහෙම තමයි එන්නෙ.

ඌනම් කියන්නෙ හොදි නැතුව පාන් කනව වගෙ කියල, මොකද මූ ගිහින් සාලෙ පුටුවක ඉඳ ගන්නවාලු. කෙල්ලත් ඇවිත් ලඟ පුටුවක වාඩි වෙලා ලවු එක කරගෙන යනවලු, නැන්දම්ම එක්කො සාලෙට වෙල මහනවලු, අතුගානවලු, නැත්නම් මොකක් හරි වැඩක්ලු. ඇත්ත තමයි, හොරෙන් ලවු කරන කාලෙ අඩුම ගානෙ අතින් හරි අල්ල ගෙන යනව, පොඩි කිස් පාරක් දීගන්න පුලුවන්නෙ, මෙහෙ ඒව වානා. ඔය යන්තන් අම්ම එහෙ මෙහෙ වෙනකන් ඉඳල මාරි බිස්කට් කෑල්ලක් වගෙ එකක් කවනවා වගෙ සීන් තමයි උපරිම.
කෙල්ලගෙ ගෙදර අල්ලපු ගෙදර ඉන්නෙ කෙල්ලගෙ නැදෑයො පවුලක්, එහෙ ඉන්නව 3 වසරෙ විතර පොඩි එකෙක්, බුවාත් ඉතින් කොයි වෙලෙත් මෙහෙලු. එහෙම දවසට නැන්දම්මට හෙන හැපිලු, මොකට පොඩි එකාට පොතක් පැන්සලක් දීල ඌව සාලෙන් තියනවලු, තියල කියනවලු අක්කගෙනුයි අය්යගෙනුයි අහගෙන අකුරු ලියන්න, චිත්‍ර අඳින්න. එහෙම කරලලු දෙයියනේ කියල නැන්දම්ම වැඩක් පලක් කරගන්න කුස්සියටවත් යන්නෙ.

ඔන්න ඔහොම ඉතින් සාමකාමිව ජීවිතෙ ගෙවෙනකොට, ඔය පොඩි එකාට චිත්‍රයක් එහෙම අඳින්න දුන්නාම ඌ මෙලො සිහියක් නැතිව ඔලුව පොතේ ඔබාගෙන අඳිනවලු. දන්නවනෙ කාටද වාසිය කියල.
ඉතින් ඔහොම දැහෙමින් සෙමින් කරගෙන යනකොට, පොඩීකාටත් එපා වෙනවනෙ, ඇයි ඉතින් මුන් හැමදාම උට කියන්නෙ, හාවො අඳින්න, පූසො, බල්ලො, කාර්, බස් නෙ. මූ ස්ට්‍රයික්, බුවා කියල මට අද වෙන එකක් අඳින්න ඕනේ කියල, නිමලයත් දහ අතෙ කල්පනා කරල කරල බැරිම තැන කිව්වලු,

එහෙනම් බබෝ ඔය අක්කවයි මාවයි අඳින්නකෝ කියල.

පොඩ්ඩ සට පට ගාල අඳින්න පටන් ගත්තලු, දැන් බුවා ෆුල් ට්‍රයි දාල සෑහෙන වෙලාවකට පස්සෙ ඔන්න පොතත් අරන් ගියාලු නිමලයගෙ නැන්දම්ම ලඟට, ගිහින් ඔන්න චිත්‍රෙ විස්තරෙ කියනවලු,

නැන්දෙ නැන්දෙ මේ මම චිත්‍රයක් ඇන්දා

(පොඩි උන්ගෙ බලි කුරුටු ආයි කාට තේරෙනවද )
ශෝයි නෙ පුතේ, ලස්සන චිත්‍රයක්, පුතා මොකක්ද ඇන්දේ.. කියල පොඩියට හුරතල් පාරකුත් දුන්නලු,
එතකොට පොඩි එකා,

මේ නිමල් අයිය, මේ සුදු අක්ක, මේ නිමල් අයිය සුදු අක්කගෙ කට කනව....


--------------
මේ තියෙන්නෙ අපේ සෙට් එකේ තව එකෙකුගෙ ලවු සීන් එකක්, ඔන්න ඔහේ එකත් බලන්නකෝ..
 සුරා: තෝ බැන්දත්, කෙල්ලව ගෙදරනම් ගෙනියන්න එපා


5 comments:

  1. නිමල් කියල තියෙන එක ඇත්ත... බඩ හපාගෙන මැරෙන්න වටිනව..

    ReplyDelete
  2. පොඩි එවුන් ඉස්සරහා හැසිරෙන්න ඕනෙ බෝම පරිස්සමනෙ .

    ReplyDelete
  3. යකෝ පොඩි එකා මාර ඩස්පියෙක්නේ.ලග හිටපු උන් දෙන්නට නොපෙන්නා කෙලින්ම නැන්දම්මට පෙන්නුවේ, නැවතිල්ලේ හිතල බැලුවම මූ පොඩි කීවට පොඩිමත් නෑ.

    ReplyDelete
  4. අප්පා.....නැන්දම්මා කොසු පාර දුන්නද දන්නෙ නෑ.... :D

    ReplyDelete