Thursday, August 11, 2011

සජීගෙ සහ ජයේගෙ මෙශර්මන්ට් යුනිට්ස්


අපි 9 පන්තියෙ ඉද්දි අල්ලපු පන්තියේ නසරානි සෙට් එක ගැන කිව්වනෙ. අපි එහෙම පිට වලි වලදි ෆිට් එකෙ හිටියට, ක්ලාස් එක ඇතුලේ සෙට් තුනක් හිටියා, සාමකාමී, සැදැහැවත් සුපෙක්ශල සෙට් එකයි, අපෙ සෙට් එකයි, අපේ එගේන්ස්ට් සෙට් එකයි. අපේ සෙට් එකේ, මම, ඩුනු, නොර්මල් කොටා, සජී ඇතුලු සෙට් එක හා අරුගෙ ජයෙ, මාල්, හඩ්ඩා ඇතුලු සෙට් එක. උන්ගෙ සමහර උන්ගෙ සයිස් එකත් වැඩියි, මම කිව්ව උස. අපි ඔක්කොම කොට්ටු හෝ ලාවට උස උන් (එතකොට උගුරු ඇටෙත් පැනල නෑ, දැන් වගෙ නෙවෙයි, හෙන මී බට්ටො ).

අපේ උන්ගෙ එකම ආයුදේ කටින් ගේම ඉල්ලන එක. අරුන් නම් වැඩිය සද්දෙ දැම්මෙ නෑ, ඔන්නම් ඇවිත් අපෙ කොලර් එකෙන් අල්ලල දෙකක් නෙලනව වගෙ දෙයක් තමයි. දවසක් සජී, ආ ඔය සජී පට්ට පොරක්, දවසක් ෆ්‍රී පීරිඩ් එකක පිස්සු කෙල කෙල ඉන්න කොට, ප්‍රෙෆෙක්ට් කෙනෙක් ඇවිල්ල බැනල බැනල අල්ල ගත්ත සජී කාරයව, ඌ සජීට හැසිරෙන හැටි කියනව, කියන ගමන් ඌ අහනව,

සජී, උඹලා මේ වයසෙදිම මෙහෙම පිස්සු කරල ලොකු උනාම මොකද කරන්නෙ

අනෙ අයියෙ මම ත්‍රීවිල් එකක් නයට අරන්, එකේ කලු පාට ගාල, ගෙවල් ලඟ හන්දියේ නවත්තල, හයර් එනකන් කන්නාඩියට අත තියාගෙන ඉන්නව.

සජී එහෙමය, උගෙ කතාවෙන් පස්සෙ අපි ඒ ප්‍රෙෆෙක්ට් ව හොයන්න පත්තරේ ඇඩ් එකක් දැම්ම.

හරි කියන්න ආවෙ වෙන සීන් එකක්නෙ.

දවසක් සජී ජයෙගෙන් ගේම ඉල්ලලා, ජයේ එතකොටත් අඩි 6 විතරය, ඌ පොඩි කාලෙ ගිරාෆ් කෙනෙක්ගෙන් කිරිබීලද කොහෙද.
ජයෙ කඩාගෙන ආව සජීගෙ මේසෙ ලඟට, උගෙ පතොරිය කකුලක් කෙලින්ම උස්සල තිබ්බ සජීගෙ මෙසේ උඩින්. ඊට පස්සෙ ඇඟිල්ල සජීට දික්කරල ඇහුවා

අඩෝ සජී, තෝ මාත් එක්ක ගේම ඉල්ලන්නෙ, තොට ශුක්‍රානු බින්දුවක්වත් යනවද (මම මේ වචනය පාඨක සංවේගය උදෙසා වෙනස් කරේය. ඌ කිව්වෙ අකුරු දෙකක වචනයකි )

අඩෝ බල්ලොනම් අන්න බල්ලෝ, සජී තමයි සජී, ඌ ආපහු ඇහුවා අරූගෙන්,

ශික් මචන් තෝ ඔච්චර ලොකු වෙලත් තාම ඕවා මනින්නෙ බින්දු වලින්ද, අපිනම් ලීටරෙ ජොග්ගු වලින්.


(අපි ජයේව හොයන්න තව ඇඩ් එකක් පත්තරේ දැම්මෙමි )

5 comments:

  1. හැක් හැක් හැක්....... පට්ට සීන් එක....

    ප.ලි - ගිරාෆ් නෙවෙයි බං ජිරාෆ්

    ReplyDelete
  2. නියම පොරක් නෙ සජී.....නියම කතාව ඒකනම්...:)))

    ReplyDelete
  3. අඩේ ඌ ගැන තව කතා ටිකක් ලියපන්කෝ...

    ReplyDelete
  4. හික් හික්.. හූ හූ ජයේ..//

    ReplyDelete