Friday, May 20, 2011

ප්‍රොටෙක්ට් අවර් රයිට්ස් & මෙහෙමත් නව නින්ගිරාවක්....

මම ඔෆිස් එකෙ වැඩකට රට ගිය වෙලාවක උන සීන් එකක්. අපි සෙට් එකක්ම ගිහින් හිටියා, උන්ගෙන් එකෙක් තමා දිනියා, උගෙ වැඩේ වීක් එන්ඩ් වල රට වටේ ඇවිදින එක. හැබැයි බුවා අපි වගෙ නෙවේ, මම වගේනම් කොහොමත් නෙවේ. මම කරන්නෙ ෆුල් ඩේ ටිකට් එකක් අරන් ඔහේ බස් වල නැගල යනවා. බඩගිනි උනාම හරි, බස් එක අන්තිමට නවත්තන තැනට අවාම හරි  නැත්නම් මගදි මොකක් හරි ස්පෙශල් තැනක් දැක්කොත් බහිනවා. දිනියා, එහෙම නෙවේ, ඕකා ප්ලෑන් ගහල, නෙට් එකෙ බලල, මැප් අරගෙන කෙලින්ම අදාල ඇට්‍රැක්ශන් පොට් එකට යනව.   
ඔන්න දවසක මම රූම් එකෙන් එලියට එනකොට මූව සෙට් උනා.

දිනිය : අඩෝ, අද සිර පෙරේඩ් එකක් තියනවලු ***** යන්ද?
මම : උඹ පල, මට බෑ
දිනිය : වරෙන් බන්, සිරා කල්චරල් එකක් වෙන්න ඇති, යන් යන්

ඔන්න ඉතින් මුගෙ කරදරෙ හින්දා මමත් සෙට් උනා. දැන් මමත් මූත් එක්ක සෙට් වෙලා මැප් බල බල ගියා පොට් එකට, අම්මෝ පිස්සු හැදෙනවා සෙනග, නුවර පෙරහැරට සෙනග වගේ. ඒඋනාට දැන් අපිට පේන්නෙ නෑ, ඔන්න ඉතින් මූ මගෙ
අතින් ඇදගෙන ඉස්සරහටම ගියා..

මැක්සා.. මාර පෙරේඩ් එකක්, මිනිස්සු අමුතු අමුතු ඇදුන් ඇඳන්, වාහන මාර සිරාවට ඩෙකරේට් කරලා.. ඔන්න දැන් අපි දෙන්න ලඟට වෙලා බලනවා, ටිකකින් මට නිකම් පොඩි අවුලක් තේරුනා, අපි අස්සෙන් අස්සෙන් රින්ගල එකකොටත් සමහරු අපි දිහා සිරාවට බැලුව වගෙ මතකයි, ඔන්න ටිකකින් පෙරෙඩ් එකෙ නටපු එකෙක් අපිට ෆුල් හිනාවක් දාලා, මාපට ඇඟිල්ල උස්සල (Thumbs up) පෙන්නුවා. අරුත් ඉතින් රිටර්න් එකට ඒකම කරා.. ටික වෙලාවකින් දෙතුන් දෙනෙක්ම එහෙම කරා.

ඔහොම ටික වෙලාවකින් තඩි බැනර් එකක් එක්ක වාහනයක් එනවා.... අහෝ දුකකි.. ඉරකි තිතකි ඒකෙ ගහල තියනවා,..
"ප්‍රොටෙක්ට් අවර් රයිට්ස් - ගේ පෙරේඩ්" (Protect our Rights – Gay parade )
"බී ගේ - බී ප්‍රවුඩ්" (Be Gay – Be Proud)


මම : මේ දිනියො..   හු...... තෝ ^^$^%^*&( $%#%#$%& &%^* *&*^&(^(%##^%& ^ %I%$I( $^(^(

දිනිය : මම හිතුවෙ කල්චරල් පෙරෙඩ් එකක් කියල බන්

3 comments:

  1. හුටා!උඔල Gay නෙවෙයිනෙ?

    ReplyDelete
  2. අය්යෝ මාර වැඩේ :)

    ReplyDelete
  3. අයියෝ වෙච්ච වැඩේ..

    ReplyDelete