Thursday, January 27, 2011

සුරා ගෙ සූටි කතාවක්

මෙ කියන්න යන්නෙ බොහොම සූටි කතාවක්. සමහර විට ඔයාල මේ වගේ කතාවක් අහල තියනවනම් අනේ සොරි මෙයාල. ඔය අපේ සෙට් එකේ, ඒ කියන්න ගෙවල් කිට්ටුව සෙට් එකේ, හොඳ කකුලක් තමයි "සුරා" කියන්නෙ, අනෙ හිත හොඳ කොල්ලා, එත් මෙලෝ රහක් නෑ කරන වැඩ නම්. මම පස්සෙ එකින් එක කියන්නම්. තව එක දෙයක්, මූ කොච්චර හිත හොඳ එකා උනත්, මෙලෝ සිහියකින් ජීවත් වෙන් එකෙක් නෙවෙයි.

ලඟදි දවසක් අපි පොඩ්ඩක් අනුමත වෙන ගමන්  අපෙ ගෙවල් පැත්තෙ පොරක් ගැන කතා වෙවී හිටිය. බුවා මේ අපේ සෙට් එකෙක් නෙවේ, ඔය ඉන්නෙ නිකන් නසරානි ඩයල් ගම්වල චාටර් වෙච්ච, අන්න ඒකෙක්. අපි කතා වෙවී හිටියෙ මේ කියන පොර ලඟදි බැන්ඳා, ඇත්තටම පැත්තෙ මිනිස්සු කියන්නෙ උස්සන් ආව කියලා. මොනව උනත් ඒ කෙල්ල පව්, ඒකි දන්නනෑනෙ මූ කව්ද කියල. දැන් අපෙ උන් කතාව අස්සෙ එකෙක් කිව්වා,

xxxx : බලපන් ඕකා ගෑනු කියක් එක්ක නිදාගෙන ඇද්ද, මහ චාටර් පොරක්, දැන් කොහෙවත් ඉන්න කෙල්ලෙක් අමාරුවෙ දානව.

එතකොට අර තනමල්විල කොටේ ගගහ හිටපු සුරා කියනවා,

සුරා : ඉතින් බන් මොකක්ක්ද එකෙ තියන වැරැද්ද? ඌ ගෑනු එක්ක ඇඳේ නිදා ගත්තනම් අවුලක් නෑනෙ, ඔන්න ඇහැරල ... හිටියනම් තමයි අවුල්.

3 comments:

  1. හික්....හික්......මල් නම් ඉතිං බඩුම තමා....
    ඇත්තනෙ බුවාගෙ කතාව.

    ReplyDelete
  2. අනේ මමත් උඹේ සෙට් එකේ උන්නනම් කියලා හිතෙනවා

    ReplyDelete