සුටිම සූටි කතාවක්, ලඟදි මල ගෙදරක නයිටක් ගහනකොට ඇහිච්ච කතා වලින් එකක්. එකක් දෙකක් කලින් අහල තිබ්බට මරු සෙට් එකක්ම කිව්ව ඒ පොර, දැන් මතක මෙච්චරයි. ඉස්කාගාර සංස්ථාව තමයි ඉතින් අමතක වෙච්ච ඒවාට වග කියන්න ඕනේ. ඔන්න එදා අහගත්ත නියම හින්දි ෆිල්ම් ටිකක නම් සහ විස්තර.
1. නාන ලිඳක් ලඟ සිදු උන ත්‍රාසජනක සිදුවීම් සහිත "සබ්බෙ ලබන්"
2. බේකරි හිමියෙකුගේ සංවේදී කතාවක් "පාන්ති බේ"
3. දුක දිනා ලොව ජයගත් කම්මල් කරුවෙකුගේ අති සාර්තක කතා වස්තුව
"ලාම්පුරේ පෙයාර්කෙරේ"
මේව ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම්ස්
4. අති ධාවන කාරී මහල්ලකුගෙ සැඟවුන රහස "පාකි නකේ බෙල් තේරේ"
5. අති බිහිසුනු කිඹුලෙකුට මැදි ඌ තරුනයකුගෙ දුඛාංතය "වනවානම් කල්ල කඩන් කාපන්"
6. ජනාකීර්න බොම්බෙ නගරයෙ සැඟවුන රහස "පයින්ද කොකෝ බොම්බෙ කිත්තම්"
7. අනුන්න්ට දෙන්න ගොස් ඉල්ලන් කෑ කිරි කාරයෙකු වටා ගෙතුන පවුලේ අන්දරය "ඉල්ලන්පු කේටින් කිරි"
ඔන්න මේකෙ කුනුහරුප ලියල උඹලව නරක් කර කියලනම් කියන්න එපා, මොකද උඹල කලින්ම කුනුහරුප දන්නවනම් විතරයි මේවයෙ තියන කුනුහරුපයක් තේරෙන්නේ, නොදන්න උන්ට නම් ඉතින් තෙරෙන්නෙ නෑනෙ, ඉතින් අවුලක් නෑ.
මෙහෙමයි, ලොකු ලොකු සීන් නෑ.. අපෙ එක එක සෙට්, එක එක වෙලාවලට ගත්ත පොඩි පොඩි ෆන් තමයි තියෙන්නෙ. සමහර විට ඔයාල අහයි පිස්සුද නැත්නම් හැටිද කියල, නැත්නම් මේ මොන විකාරයක්ද කියලා අහයි. තව්සන්ඩ් ඇපොලොජීස්..... අපිටත් හරියටම sure නෑ
Wednesday, July 11, 2012
Thursday, June 14, 2012
පට්ටම ආතල් කාලෙ ආතල් කතා (6) - ශාන්ත සර් සහ අපි
දෙයියනේ කියල අපිට ඒලෙවල් කාලෙ හිටපු සර්ල ගොඩක් අය කොල්ලන්ටම ගැලපෙනව, සමහර වෙලාවට පිස්සුඑ හැදෙනව පොරවල්ගෙ වැඩ දැක්කාම.
අපිට ඒලෙවල් වලට කෙමිස්ට්‍රි උගන්නන්න හිටපු එක සර් කෙනෙක් තමා, ම්ම් අපි කියමුකෝ ශාන්ත සර් කියල, සර් ටිකක් අමුතුයි, කතාව, ඇවිදින විදිය, සපත්තු ගෙවෙනවා ඇති මාසෙන් අද්ද අද්ද ඇවිදිද්දි. සර් කෙමිස්ට්‍රි වලට පට්ටයි, ඒදවස්වලත් හෙන ටියුශන් කප්පිත්තෙක්, ලංකාවෙ එක පලාතක හෙනට ප්‍රසිද්දයි මේ සර්.
ඔන්න දවසක් පාඩමේ එනව උත්ප්‍රේරක ගැන
සර් : අයිසෙ, උත්ප්‍රේරක, උත්ප්‍රේරක ජාති දෙකක් තියනවා, එකක් ධන උත්ප්‍රේරක අනික රින උත්ප්‍රේරක, ඒ කියන්නෙ අයිසෙ, ඔය ප්ලේන්ටියක් ගහල සිගරට් එකක් බොන්නෙ, ඒ ධන උත්ප්‍රේරකයක්, රින කියන්නෙ ඉතින් පැනඩෝල් ගහල නිදාගන්නවා වගෙ.
(මේ රින කියන එක හරියට ලියන්න දන්නෙ නැතෝ)
ඔන්න තව දවසක් කොල්ලෙක් පංතියෙ නිදි, සර් දැක්ක,
සර් : නැගිටපන්, දුවපන් කැන්ටිමට, ගිහින් ප්ලේන්ටියක් බීල වරෙන්
ඔය එක කතාවක්, දවසක් අපි කෙමිස්ට්‍රි ලැබ් එකෙ මොනවදෝ මන්දා ටෙස්ට් වගයක් කරකර ඉන්නකොට සර් ගියා එලියට අපිට වැඩ කරන්න කියල.
අම්ම ගහයි බැට් එකෙන්, මොන කෙමිස්ට්‍රිද, අපි සෙට් එක අර එක එක අඬු ජාති අරගෙන, පතරංග වගෙ දිග මේස වලට ගගහ සිංදු කියන්න සෙට් උනා, අර දන්නවානෙ තම්මැට්ටමද කොහෙද බෙරේ ගහන එක වගේම අඬු ජාතියක් තියෙන්න, දැහි අඬුද මන්දා, ඕවා තමයි භාන්ඩෙ, දැන් ලෙසට නැගල යනව සිංදු, අපි වගෙ නෙවෙයි වැඩ කරන්න "බැරි" උන් පරීක්ශනේ කරනවා, අපි සිංදු කියනවා.
අපි සිරාවට හිතුවෙ සර් එනෑකක් නෑ කියල, කොහෙ, එකපාරටම සර් කඩාගෙන පන්නනෙ ලැබ් එකට, සර්ට මල පැනල මල බිමදිගේ, කානු දිගේ හිටන්..
උඹල යකෝ මම නැති ටිකට ඩෙඟ නටනව.. @%$%# ^#%^%^%$^#@%!%, සිංදු කියපු උන්, පලයල්ල එලියට
අනේ ඉතින් අපි කීකරු ශිෂ්‍යයෝනෙ, ඔන්න අපි සෙට් එක එලියට ගියා... ඉවරයි කිව්වව කතාව ඉවරම නෑ
සරුත් ආව එලියට,
(හෙන ගෝරනාඩු සද්දෙන්)
තමුසෙල පෝලිමකට ඉන්නවාලා
අපිත් ඔන්න පෝලිමේ, සර් පටන් ගත්ත එක කෙරවලකින්, ඔන්න අල්ලගත්ත පලවෙනි එකාගෙ කොලර් එකෙන්, චට පට ගාල දෙකක් නෙලුවා මූන දෙපැත්තටම, ඊට පස්සෙ අහනවා
පරය තෝ සිංදු කීවද
(ආයි ඉතින් ඕක අහන්න දෙයක්කද, සිංදු කියපු හින්දනෙ එලියට ආවෙ කියල අපිට කියන්න හිතුනත්, ආයි මොකටද සර්ව කලබල කරන්නෙ හිතල අපි ඒක ඇහුවෙ නෑ, අනික මෝකො අර හැදිච්ච උන් එලියට එයිද උන් ඇත්තටම සිංදු කිව්වත්)
ඉතින් කොල්ල කියනව, ඔව් සර්, ආයෙත් චට පට ගාල දෙකක් නෙලනවා ඊට පස්සෙ අනිකව, සේම් මෙතඩ්, ගහනව,අහනව,ඔව් කියනව, ආයි ගහනව. මාර සිම්පල් ප්ලෑනක් නේද සර්ගෙ.
ඔය අතරෙ මරු සීන් දෙකක් උනා, ඔහොම එකෙක්ගෙ කොලර් එකෙන් අල්ලද්දි උගෙ බොත්තමක් ද කොහෙද වටුනා,
සර් : අහුල ගනින් ඒක, (අරු ඔන්න ඒක අහුල ගත්තා ) හරි දැන් ඕක කටේ දාගෙන හපපන්.. අරු බොත්තම දාගෙන හපද්දි ගුටි කන අපිට මැරෙන්න හිනා, මොනා කරන්නද සංසාරේ සංසාරේ.
අනිත් සීන් එක තමයි, තව එකෙක්ට නෙලද්දි, උගෙ ඇඟෙ හැප්පිලා උගෙ ලඟම හිටපු එක පොලිමෙන් පිටිපස්සට විසි උනා, අනෙ සරුත් ඌව අතඇරල අනිත් උන්ට නෙලාගෙන ගියා පෝලිම ඉවර වෙනකම්. හැබයි මිස් වෙච්ච එකාගෙ හැපිය තිබ්බෙ ටික වෙලාවයි, පෝලිමටම නෙලල ඉවරකරපු සර් ආව මූ ලඟට, උගෙන් මුකුත්ම අහුවෙත් නෑ, චට පට චට පට.
මම කලිනුත් කිව්වනෙ, ඉවරයි කිව්වව කතාව ඉවරම නෑ. සර්ගෙ ඊලඟ ඔර්ඩර් එක, ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහා අව්වෙ හිටගෙන ඉන්න එක, ඒකනම් අවුල්, මේන් ගේට් එක ලඟම, හැම එකාටම පේනවා, ඔන්නඔහෙ සර්ගෙ හිත රිදෙයි කියල අපි ගිනි අව්වෙ හිටන් ඉන්නවා, එහෙම හිටිය කියල ඉතින් අපි අපිමනෙ, දැන් හෙන කයියවල් සෙට් එක, හවසට බඩු බහින ඒවා, ක්ලාස් කට් කරන ඒවා කීයක් කියල මාතෘකාද කතා කරන්න,
ටිකකින් අපිට පිටිපස්සෙන් ඇහෙනවා කට හඬක්
මේ, ටිකක් හිමින් කතා කරනවාකෝ, ප්‍රින්සිපල්ට ඇහුනොත් එහෙම. ඒක නෙමේ, මේ තමුසෙල මොකද අව්වෙ ඉන්නෙ
අනේ අපේ ශාන්ත සර්ම තමා තොත්ත බබා වගෙ එහෙම අහන්නෙ...
සර්නෙ අපිට ඉන්න කිව්වෙ
එහෙමද, එහෙනම් ඔන්න ඔහෙ පංතියට එනවකෝ අව්වෙ කර වෙන්නෙ නැතුව.
කතාව ටිකක් දිග වැඩියි, ඒත් තව එක සීන් එකක් දාන්නම්කො,
උඹල දන්නවනෙ කොල්ලො ඉස්කෝලෙ කට් කරල පනිනව කියල, ඒත් උඹල අහල තියනවද ටර්ම් ටෙස්ට් එකට අවිත් කට් කරනවා, ඔන්න වැඩිම උනොත් විභාගෙට එන්නෙ නැති වෙයි, දවසක් අපිට ටර්ම් ටෙස්ට්, සබ්ජෙක්ට් එක මතක නැ, පේපර් 2 කියල මතකයි..
ඔන්න අපිට පේපර්ස් බෙදල, අපිත් දැන් ලියන්න ලෙසටම, විනාඩි පහක් ගියේ නෑ, නලිය හරි, අමිලයා හරි, කියනව අනෙ මචන් යන්කෝ බන්, මට ලියන්න බෑ, පොඩි කේස් එකක්. හතිලව්වයි කලාබරයයි කිව්වලු, මොනා කරන්නද, ඔන්න අපි දෙතුන් දෙනා නැගිට්ට, වෙලාවට අපෙ ක්ලාස් සරුත් නෑ, හීනියට ඔන්න එනව පෙපර් රෝල් කරගෙන එලියට පනින්න, කෙලිය තාප්පෙට, ශාන්ත සර් ඉන්නවා කොරිඩෝ එක කෙරවලෙ, විභාගෙට ඩෙස් ඈත් කරන හින්දා කස්ටියක් කොරිඩෝවට වැටෙනවානෙ, අන්න උන්ව නිරීක්ශනය කරන්න.
දැන් මොකෑ කොරන්නෙ කියල හිතන කොට
(නලියා) මචාන්ස්, හිනියට ඔහොමම පලයන්, දැන් ඉතින් මොනා කරන්නද.
ඉතින් ඔන්න අපි දැන් යනව, සර් අපි දිහා බලාන ඉන්නව, අපි සර්ව පහු කරනවා, සර් ඒත් අපි දිහාම බලාගෙන ඉන්නවා, ඔන්න අපි සෙට් එකම සර්ව පහු කරා, ම්හු, කිසි අතුරු අන්තරාවක් නෑ, දැන් හිතා ගන්න බෑ මොකද උනේ කියල, ඔහොමම අපි පඩි පේලිය ලඟට යනකොට අපිට ඇහෙනවා සර් කොරිඩෝ එකෙ ඉන්න කොල්ලන්ට කියනවා
ෂා... කුඩු කාරයො ටිකක්ද කොහෙද
ප.ලි : සිරාවට, මම මේ සර්ල ගැන කියන කතා අපහාසෙකට නම් නෙවේ, මොනව උනත් බුදු සර්ල ටිකක් හිටිය, අපිට සිරාවට උගන්නන්න, අනික ඔය සර්ල හරියට දැනගෙන හිටිය කොල්ලො උනාම කොලු කාලෙට පිස්සු කෙලිනවා ඒත් ඒව කන්ට්‍රෝල් කරන්නෙ කොහොමදත් කියල. සමහර වෙලාවට පට්ට සැරෙන්, නැත්නම් හෙන ෆ්‍රෙඬා වගෙ, කොටින්ම ඔය සර්ල දැනගෙන හිටිය අපි ඇත්තටම කොයි වගෙ උන්ද කියල. අපි පිස්සු කෙලියත් වැඩෙ තිතට කරනවා කියල.
මම කැරැට්ටු සර්ටිෆිකේට් එක ගන්න ගිය වෙලාව, ඒලෙවල් සෙක්ශන් හෙඩ් කිව්වෙ,
අනෙ මන්ද මේ යක්සයට A දීලත් බෑ, නොදීත් බෑ, එහෙම කියල අවුරුදු දෙකටම හැම කැටගරියකටම A දුන්නනෙ.. ඇඬෙනව

Tuesday, May 29, 2012
පට්ටම ආතල් කාලෙ ආතල් කතා (5) - සර්ගෙ කරුණාව
ඉස්කෝලේ සර්ල දෙතුන් දෙනෙක් ගැනම මේ බ්ලොගයෙම කිව්වත් තව ටිකක් තියනවා,
ඔන්න ඔහේ ඒවායින් දෙක තුනක් ඇදල දාන්න කියල. kkkkkk කියයන්නෙ අපිට ඒ ලෙවල්
මැත දාන්න ආපු එක සර් කෙනෙක්.
දවසක් අපෙ ක්ලාස් එකට ෆ්‍රී පීරියඩ් එකක්, ඉංග්‍රීසි, නිකම්ම නෙවේ ඒක ෆ්‍රී උනේ, අපෙ කටේ හය්යටම මිස්ට පන්තිය එපා උනා, ආයි මම මේ පංතියට උගන්නන්නේ නෑ කියල ගියා ගියාමයි ආවෙ නෑ ඊට පස්සෙ. අපි ඉතින් පංතියෙ ඩෙඟා නටනවා.. එදා එහා පන්තියට උගන්න උගන්න හිටියෙ kkkkkk සර්, සර් මල පැනපු පාර එදත් නාලාගිරි වගෙ පැන්න පංතියට.
කටවහගන්නවාලා, වැඩ නැද්ද, කවුද මේකෙ රෙකොර්ඩ් මොනිටර්,
අපෙ ඉස්කෝලෙ මොනිටරයට වඩා වැඩ තිබ්බෙ රෙකොර්ඩ් මොනිටරයට, ඒ ගැන ලියපු සීන් එක මම යට ලින්ක් එක දාන්නම්,
මම හිමින් නැගිට්ට,
තමුසෙද, මොකද අයිසෙ බෙරිහන් දෙන්නෙ, මුකුත් වැඩක් දීල නැද්ද, මොනවද දැන් තියෙන්නෙ.
ඉංග්‍රීසි
ඒ ලස්සන, තරුණ පොඩි මිස්ව මතක් වෙලාද කොහෙද මෙච්චර වෙලා මාරාවෙසෙන් කෑගැහුව සර්, පූස් පැටියෙක් වගෙ හරි අහිංසක උනා,
ආ, ඉංග්‍රීසිද, ඉතින් පුතා ගිහින් මිස්ට එන්න කියන්නකෝ මෙතන බෙරිහන් දෙන්නෙ නැතුව
සර් දැන් මිස් අපේ පංතියට උගනන්නෙ නෑ
එහෙම කියල හරියනවද, යන්න යන්න, ගිහින් මිස්ව එක්කන් එන්න මොනව හරි ඉගෙන ගන්න
අනෙ ඉතින් මමත් රෙකොර්ඩ් බුක් එකත් කිහිල්ලෙ ගහගෙන, ඒ ලස්සන තරුන මිස්ව හොයන්න ගියා, දැන් තේරෙනවනේ ඇයි සර් හීලෑ උනේ කියල. මමත් ගිහින් මිස්ට කිව්ව අපිට දැන් ඉංග්‍රීසි කියල, කොහෙ, මිස් මගෙ ඇඟට පැන්නා මම ආයි ඔයාලගෙ ක්ලාස් එකට උගන්නන්නෙ නෑ කියලා
මමත් ඉතින් ගිරේට අහුවෙච්ච මොකක්ද එක වෙන්න ඕනෙ නැති හින්දා,
අනේ මන්ද මිස්, kkkkkk සර් ගෙන් කරදරේ මිස්ව පන්තියට එක්ක එන්න කියල, සර් අනිත් පංතියෙ උගන්නනවා.
මිස්ගෙ සෝස පාට මූන රතුවෙලා ගියා, තමුන් යනව පංතියට, මම ඒක එයත් එක්ක බේර ගන්නම්
අවුලපු ගින්නෙන් ඉතුරු පට්ට ආතල් එකක් ගන්න මම ඉක්මනට පංතියට ගියා..
මිස් කඩාගෙන ආව සර්ගෙ පංතියට, හෙන සැරෙන්ම, මොකද මිස්ට kkkkkk ඔයා ලමයින්ව එව්වෙ මාව එක්කන් එන්න
සරුත් නාකි වුනේ නිකම්ම වෙන්න බැහැනෙ....
නෑ මිස් මෙ මම කියන්න මෙ ලමයින්ට... කියල පටන් ගත්ත කාතාව ඊල්ඟ පීරියඩ් එකෙනුත් කෑල්ලක් අරගන්න තරම් දිග්ගැස්සුනා, සර් ඒ අතින් හෙන ටැලන්ට් මෙයාල, මගෙ ගේම නිකම්ම වතුරෙ ගියා දෝ කියල හිතනකොටම, අපෙ ප්‍රින්සිපල් jjjjjj ආවා, ප්‍රින්සිපල් jjjjj අමුතුම පොරක්, ඉස්කෝලෙ හදන්නනම් ඉස්සෙල්ල ලොකු උන් හදන්න ඕනෙ කියන ප්‍රතිපත්තියේ බැහැගෙන හිටපු නිසා, සර්ටයි මිස්ටයි මොනවාදෝ තදින් කියනවා අපිට තේරුනා...
හම්මෝ යන්තන් මගෙ වැඩේ හරි ගියා.. කොහොමින් හරි..
ඔහොම උනත් kkkkkk සර් මාර පොරක්ය,
මම පස්සෙ කාලෙක ගෑනු ලමයත් එක්ක බස් එකේ යනකොට සරුත් අහම්බෙන් ඇවිත් අපිට එහා පැත්තෙ තියන ජම්පර් සීට් එකෙ ඉඳ ගත්තා.. අනෙ ඉතින් අපෙ සර් නෙ, මම ආයුබෝවන් කියල කතා කෙරුවා..
ආහ්.. තමුසෙද.. හා හා.. ඔහොම ඉන්නවා, ඔහොම ඉන්නවා, මම යන්නම් වෙන සීට් එකකට කියල සර් නැගිටලා ගියා..
එච්චර්යි..

Tuesday, May 22, 2012
පට්ටම ආතල් කාලෙ ආතල් කතා (4) - සර්ගෙ කිරිසප්පයෝ සහ අපි කිරිසප්පයෝ
ඒ ලෙවල් කාලෙ තව ගොඩක් ආතල් ගත්ත තැනක් තමා ස්කූල් බස් එක. ඒ ලෙවල්
කියන්නෙ අපි ලොකු පොරවල්නේ, එතකොට බස් එකෙ ලොක්කො අපි තමා, බස් එකෙ
ලොක්කන්ට තමයි ඉතින් පිටිපස්සෙ දිග සීට් එක අයිති. ඕකෙ ඉඳගෙන පට්ට පිස්සු
කෙලෙ කෙල යන එක තම රාජකාරිය. ඔෆිස් වෑන් වල යන අක්කලාට අත වනන්නයි, ඉස්කෝලෙ
කෙල්ලො යන වෑන් වලට හු කියන්නයි, නිවාඩු දෙන කාලෙට වතුර ගහන්නයි අපිට තම
බාර වෙලා තිබ්බෙ. ඇයි වලි, බස් එකෙ "ලොකු අයියලා" වශයෙන් අපිට තම ඕන වලියකට
ඉන්විටේශන් තිබ්බේ, ඉස්සරහ යන පොඩි උන් නිකන් දා ගන්න වලි උනත් ඉතින් අපි
තමා ඉවර කරන්න ඕනේ, හැබැයි වලි දෙක තුනක් තිබ්බා මුලු බස් එකම සමව බෙදාගෙන
කාපු.
දවසක් බස් එකේ එනකොට, ටිකක් වැස්ස වගෙ, කරුවලයි, කොහොමත් උදේනෙ, ට්‍රැෆික් එකට අහුවෙල බස් එක අයිනෙන්ම ඉස්කෝලෙ කෙල්ලො යන ත්‍රීවිල් එකක් බ්ලොක් උනා, අපේ පැත්තෙ හිටියෙ කෙල්ලවනම් හොඳට පේනවා,
අපේ සහෝදරී පාසලෙ කෙල්ලෙක්, අනිත් එකියත් එකෙම තමයි වගෙ, ඒත් කෙරවලෙ හිටපු කෙල්ලව පේන්නෙ නෑ බස් එක උස හින්දා, ඔන්න පටන් ගත්ත.. මහා තඩි හූවක්, ඒ මදිවට ඔය සහෝදරි ඉස්කෝලෙට විද්‍යාගාරේ තියන උපකරනයක නමක් කියනවා, එකෙන් කියවෙන්නෙ අස්වාභවික සෙක්ස් සීන් එකක් ඉස්සර කාලෙක ඒ ඉස්කෝලෙ ලැබ් එකක වෙච්ච. දැන් ඔය නමත් කියකිය මුලු බස් එකම හූ තියනවා,
එකපාරටම නලියා මාව ඇදල ගත්ත..
මොකද යකෝ..
යකෝ තෝ දැක්කද අන්තිමට ඉන්න කෙල්ලව..
ම්හ්.. ඇයි උඹ බහින එකක්ද..
ගොනෝ, ඒ ඉන්නෙ KKKK සර්, හුටා ඒ අපෙ පන්තියට උගන්නන සර් කෙනෙක්, ඒ මදිවට මිනිහට ඩිපියුටි ප්‍රින්සිපල් පට්ටමකුත් තියනවා, මේ තියෙන්නෙ මිනිහ ගැන තව කතාවක්, මොකද බුවාත් අඳින්නෙ සුදු ශර්ට් එකක් ටයි එකයි, අපිට පෙනුනෙ කෙරවලෙ ඉන්නෙත් කෙල්ලෙක් කියල.
දැන් ඉතින් මොකේ දන් වලඳනේ, බුවා අපි දෙන්නව දැක්කනම් හොදි ඕන්නෙ නෑ,
කොහොමහරි අපි දෙන්නා හීනියට පංතියට ගිහින් විනාඩියක් වත් ගියේ නෑ, සර් එනවා නිකන් නාලගිරි ඇතා එනවා වගෙ අපේ පංතියට, දැන්නම් ඉතින් අරක්කු බාර දෙය්යන්ටවත් අපිව බේර ගන්න බෑ,
අයිසේ, ප්‍රසා, නලියා, නැගිටිනවා.. තමුසෙල දෙන්න අද මම කම්බස් කරනවා, තමුසෙලා දෙන්න එන්නෙ aaaaa ස්කූල් බස් එකෙ නේ.. අර මගෙ කිරිසප්පයෝ දෙන්නට මොනවද උඹල කිව්වෙ...
මම නෝ හෙල්ලුම්, නලියා, කො.. කොහෙදිද සර්, මොනවද මේ,
දන්නෙ නෑ වගෙ, අද ..... ස්කූල් බස් එකේ
සර්ට කියන්න හම්බවුනේ එච්චරයි, නලිය, එකපාරටම ඔලුවෙ අත ගහ ගත්ත, ඊට පස්සෙ මූ තනියම ශික් ශික් ගානවා, සර් විතරක් නෙවෙ දැන් මාත් අඤකොරොස්,
මොකද මොක්ද තමුසෙ චික් ගාන්නෙ,
නෑ සර්, අද අපි වේලාසන ආව ඉස්කෝලෙට, ඊයෙත් බැරිඋන වැඩ තියන හින්දා, මම ඒත් ඊයෙ ඕ ලෙවල් උන්ට කිව්ව බස් එකෙ පොඩි උන් ටික බලා ගන්න කියල, මුන් මොකක් හරි අද කරල,
කියන්ඩ සර්, මොකද උනේ, මම හවසට බලන්නන්කෝ, සර් කෙට්ටු උස මල්ලි කෙනෙක්ද?
මූ එලො සිහියක් නැතුව කියවගෙන යනවා, දැන් ඔන්න සර්ගෙ ගිනි නිවිලා,
ඒකනෙ අයිසෙ, බලනවකෝ, මුන් අද මටයි පොඩි උන් දෙන්නටයි කෑ ගැහුවනේ, පොඩ්ඩක් ඔය පොඩි උන්ව සැරකරල බස් එකෙ තියා ගන්නව, කොකටත් පොඩ්ඩක් හොයල බලල මට කියනවකෝ.. ඇන්හ්
මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්

Friday, May 18, 2012
පට්ටම ආතල් කාලෙ ආතල් කතා (3) - නලියගෙ අක්ක ලවු එක
මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්
ෆ්‍රී පීරියඩ් එකක්, අපේ කස්ටිය ඉතින් දහ අට සන්නිය නටන්න සෙට් උනා, නලිය වැඩි සද්දයක් නෑ, මම ඇදල ඇරිය උට හුනු කොට්ටෙන්, ම්හු, මූ ඒක ආයි මගෙ දිහාට වීසි කරල මට කතා කරා, වෙනදට මූ මාව මරන්න වගෙ පස්සෙ පන්නයි.
මේ වරෙන්කො, පොඩි සීන් එකක් තියනව, යන් එලියට
මොකො උඹට බෙට්ටක්වත් සෙට් වෙලාද? කෝකටත් ශුවර් නෑ මේ මුගෙ තවත් ගුලියක් ද කියල, මොකෝ ඔය වගෙ ගුලි ඕන තරම් කාල තියෙන්නේ.
නැ නෑ වරෙන්කො යන්න,
ක්ලාස් එකෙ රෙකොර්ඩ් මොනිටර් පට්ටම වටින්නෙ මේ වෙලාවට, මම CRB එකත් කිහිල්ලෙ ගහගෙන මූත් එක්ක කැන්ටින් පැත්තට ගියා,
මොකද සීන් එක,
මේ මට අරකිව අද හම්බ උනා,
ඉතින්, මේ මූ කියන්නෙ ටික දවසක ඉඳන් මුට වැදිච්ච කෙල්ලෙක්, මහා උපාසිකාවක්ගෙ නමෙන් තියන සහෝදරී බාලිකාවක ඉන්න කෙල්ලෙක්, මූ දවස් දෙක තුනක් බස් එකෙ දැකලා, පස්සෙ කොච්චර හෙවුවත් මෙකිව හම්බ උනේ නෑ, එක්කො ස්කූල් වෑන් එකක යන කෙල්ලෙක්ද කොහෙද..
ඉතින් තමයි, අද උන්ට ඇඩ්මිශන් මම අහගෙන උන් සෙට් එකෙ කච කචේ,
මොන #@$#@$ ඇඩ්මිශන්?
යකෝ ඒලෙවල්
හුටා, ඈ බන් අක්ක පාරක්නෙ, එහෙම කියල මම හිතුවෙ දැන් මූ සීන් එක අත ඇරල කියල,
ඔව් බන්, අවුලක් නෑ, අවුරුද්දයිනේ.. මේ අද ඒකිව කොහොමහරි හම්බ වෙන්න ඕනේ, කතා කරන්න බැරිනම් අඩු ගානෙ ඉන්නෙ කොහෙද කියලවත් බලන්න ඕනෙ, තෝ එනවානෙද?
අහෝ, කන්න යන පෝරියල් එක මට මැවී පෙනේ, මොනා කරන්නද
අඩේ උඹ සිරාද කියන්නෙ,
ඔව් බන්, සිරාවට,
හරි හරි බන්, ලාස්ට් පීරියඩ් එකෙදි පනිමු, එතකොට උන්ගෙ ඉස්කෝලෙ ලඟට යන්න පුලුවන්නෙ ඇරෙන්න කලින්,
ගොනෝ, උන්ට අද ඇඩ්මිශන්. කීයට යයිද කියල දන්නෙ නෑ, දැන් යමන්
කන්නයන පෝරියල් එකේ තරම හිතුවාට වඩා දාස් ගුනයක් බව මගෙ ටිකිරි මොලේට වැටහේ,
නොදකින් උරුලෑව, උදෙ කිව්වනම්, රෙජිස්ටරෙ මම හදනවනේ,
හරි හරි බන්, අවුලක් උනොත් හෙටනෙ, දැන් ඉතින් යමන්,
පොත් බෑග්
හෙට ගමු, ඕව උස්සන් යන්න බෑ... මුගෙ මගුල් විසේ, මට තමයි කෙලවෙන්නෙ පොත් නැතුව ගෙදර ගියොත්.
කොහොම හරි අපි උන්ගෙ ඉස්කෝලෙ ලඟ බස් හෝල්ට් එකට චෙකින් උනා 10 වෙද්දි, දැන් ඉතින් කාපන්කෝ ටින්කිරි....10.00... 10.30.. 11.00.. 11.30...
මේ @#$$$ @#$@#$#@$ %$@#$@%%@%
හරි හරි බන්
11.30... 12.00.. 12.30... 1.00... 1.15...
අරකි එනව...
කොයි එකද,
බ්‍රවුන් බෑග් එක එල්ලන් ඉන්නෙ, කෙල්ල නම් සිරාය, ඒත් මොකද කරන්නෙ කියා කිසිම අදහසක් නෑත..
ශික් විතරක්, මේ කෙල්ලොත් යන්නෙ රංචු පිටින්, අම්මප නීතියක් දාන්න ඕනෙ කෙල්ලො ඉස්කෝලෙ ඇරිල තනියම යන්න ඕනෙ කියලා
....
වරෙන් අපිත් නගිමු බස් එකට, ට්‍රයි එකක් දාමු අල්ල ගන්න
කොච්චර ට්‍රයි කරත්, උන් බහින තැන ඇහුනෙනෑ, කාපන්කො, අතේ තිබ්බ ඔක්කොම හූරල බස් එක යන අන්තිම හෝල්ට් එකටම ගත්ත ටිකට්, අරුං රන්චුවම කිචිකිචිය, අපි ඉතින් මල පෙරේත්යෝ වගෙ ඉන්නව පෙරේත තට්ටුව දිහා බලාගෙන,
.....
එකපාරටම, මේකි හායි බායි ගූයි කියල බැස්සනේ හෝල්ට් එකකින්, අපි දෙන්න අනිත් දොරෙන් බහින්න සෙට් වෙද්දි බස් එක අද්දලා, යනතන් සද්දයක් දාල, ටික දුරකින් බස් එක නවත්තගෙන බැස්සා. අනෙ අපි
එනකොට, අරකි තව ගෑනු කෙනෙක් එක්ක යනවා ඈත..
අම්මද දන්නෙනෑ,
අම්ම නෙවෙයි බන් අඳුරන පුංචි අම්ම උනත් දැන් ගිහින් කතා කරන්නද? උඹට ඕන්නම් ෆොලෝ පාරක් දාල ගේ බලාගමු, පස්සෙ බලමු මොකද කරන්නෙ කියල.
හ්ම්..
අපි ගේ බලා ගත්තද.. ඒකි ගැන වෙන කිසිම දෙයක් හොයාගන්න බරි උනා.. අරු දැන් නාහෙන් අඬනවා, තව පොඩ්ඩක් හොයමු කියල.. ඉතින් ඔන්න අපි දෙන්න පාරෙ මුරකාරයෝ වගෙ ගේ ඉස්සරහින් තුන්-හතර පාරක් යනකොට මම දැක්ක මරු අයිටම් එකක්, ඒකිගෙ ගෙදරට එහා ගෙදර පොස්ට් බොක්ස් එකේ ලියුමක් හිරවෙලා, ටිකක් එලියට එන්න.. ලොකු හේතුවක් නැතිඋනත්, පාරෙ කවුරුත් නැති හිඳා ඒවෙලාවෙ, මම ඒ ලියිම ඇදල ගත්තා, අඩුම ගානෙ ඇඩ්‍රස් එකවත් බලා ගන්න ඒ පාරෙ ගෙවල් වල. ඒක දෙකට තුනට නමපු වතුර බිලක්, ආව පට්ට අයිඩියා එකක්, ඒකෙ තිබ්බ ඇඩ්ඩ්‍රස් එකයි බිල් විස්තරයි ලියාගෙන බිල ආපහු දැම්මා බොක්ස් එකට..
දැන් තො මොනවද කරන්න හදන්නෙ..
තොට කෙල්ලගෙ ගෙදර විස්තරනෙ ඕනෙ, වරෙන්කො ගෙදර ගිහින් ට්‍රයි එකක් දාමු..
දැන් මගෙ ප්ලැන....
අපි දෙන්න අර නම ගම ඇඩ්‍රස්ස් එක බලාගෙන ඩිරෙක්ටොරියේ හෙව්ව උන්ට ෆෝන් එකක් තියනවාද කියා... පට්ට.. පොඩි කට්ටකින් පස්සෙ බඩු හෑවු. ඊලඟ දවසෙ අපි ඉතින් ඔන්න ගත්ත කෝල් එකක්, පිටපත් මගෙන්, කෝල් එක සූරිගෙන්, ඌ තමයි ඔය ෆෝන් ටෝක්ස් මරුවට දෙන්න පුලුවන් එකා..
A. B. C.මහත්මයාගෙ නිවසද මේ. අපි මේ කතා කරන්නෙ වෝර්ට බෝඩ් එකේ ෆිල්ඩ් මේන්ටේනන්ස් ටීම් එකෙන්.
ඔව්
ඊයෙ අපේ ඔෆිසර් කෙනෙක් මහත්මයාගෙ ගෙදරට වොර්ට බිලක් ඉෂූ කරල තියනවා රෙකොර්ඩ්ස් වල හැටියට, මහත්මයාට පුලුවන්ද ඒ බිල අරගෙන එන්න ෆොන් එක ලඟට, අපිට පොඩි වැරදීම් වගයක් වෙලා තියනවා සමහර බිල් වල, ඒක චෙක් කරන්න
දන් ඔන්න කතාව... බිලෙ ගානයි අරවයි මෙවයි.. අපි ලඟ රෙකෝර්ඩ් තියනවානෙ.. ඊට පස්සෙ..
හරි බොහොම ඉස්තූතිය්, ඔයාලගෙ බිලනම් හරි, ඒත් අපිට පේන හැටියට ඔයාලගෙ දකුනු පැත්තෙ තියන ගෙදර විස්තර තමයි අවුල් වෙලා තියෙන්නෙ, ඒ ගොල්ලො ෆෝන් එක ගන්නෙ නෑ, කවුද මිස්ට.....
සූරියගේ පරම සත්‍ය වගෙ බේගල් අතැරිය ලස්සනට, බුවා හොඳට ඇඳ ගත්තා..
ආ ඔය කියන්නෙ, DDDDDD ගෙදරනෙ, මම පනිවිඩෙ දෙන්නම්..
අහ්, සොරි එයාල නෙවේ.. කමක් නෑ අපි චෙක් කරල කියන්නම්, ඉස්තූතියි.
ඊට පස්සෙ ඒ කිව්ව වාසගම යටතේ අර ඇඩ්‍රස් තියන ෆොන් නම්බර් එක හොයා ගන්න අවුලක් උනේ නෑ..
ප.ලි. පස්සෙ කාලෙක, කෙල්ල වයස ප්‍රශ්නෙ දාල මුට බෑ කිව්ව. ඒත් අපෙ එකා සැලුනෙ නෑ, ඊටත් පස්සෙ කාලෙක වෙන කෑල්ලකට බැහැල ගොඩ ගියා.
ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන්
එයාගෙ ගාන.... නලියගෙ තව කතාවක්

Wednesday, May 2, 2012
පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක් (2) - වලි සෙට්
මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්
මචන් අද මට පොඩි ගේමක් තියනව, උඹල ඉන්නව නේද?
ඒ අපේ වලිරංගය, නමෙ හැටියටම සතා මොකාද කියල හිතා ගන්න පුලුවන්නේ, පුලුවන් කිව්වට පුලුවන්ම නැති වෙන්නත් බැරි නෑ, වලිරංගය යන එන ඕන තැනක වලි දා ගන්න සූරය, මුගෙ ෆේවරිට්ම අයිටම් එක තමා අපි තියා ඌ දැකලවත් තියන මනුස්ස පරානයක් අහල ගම් හතකවත් නැති තැනකට ගිහින් නාගසලන් වලි සෙට් කර ගෑනීම, අඩි හතරක් විතර උස මේ හිතින් විතරක් සද්දන්තයා සීයක විතර ගහන්න වගෙ ගිහින් දෙන්නෙක්ගෙන් විතර අම්බානකට කාල තමයි එන්නෙ, ඊට පස්සෙ අපිට විසුමක් නෑ ඌ ඉල්ලගෙන කාපුවාට රිටර්න් දෙන්න යන්න, එහෙම ගිහින් තුන් හතර පොලකින් අපිත් කෑව නැති වෙන්න, ඒත් මුගෙ ජානවල අප්සෙට් එකට වලි දා ගන්නවා වගේම අපෙ ජාන වල අප්සෙට් එකට අපි ඌට හෙල්ප් කරනවා, සංසාරේ සංසාරේ.
එදත් ඌ අහවල් වත්තක එකෙක් එක්ක වලියක් සෙට් කරන්, මූ චන්ඩියා වගෙ ටෝක් ඉෂූ කරල අද තුනට "නවසර" එක ඉස්සරහට වරෙන් කියල. නවසර, මම කිව්ව ටියුෂන් නගරෙ මැද තිබ්බ හෝටලයක්, කොල්ලොන්ට සෙට් වෙන්න කියාපු තැන, ප්ලේන්ටියක් ගහන්න, විටමින් කූරක් අදින්න, කෙල්ල එනකම් පස්ස් හිරි වටෙනකම් වාඩිවෙලා ඉන්න කියාපු පොට් එක, ඇයි පිරිසිදු කම, වෙටර්ලගෙ රෙදි අස්සෙන් බේරෙනව,
එක ක්ලාස් එකක් ඉවර වෙලා අනිත් එක පටන් ගන්න කලින් ප්ලෙන්ටියක් ගහන්න ගිය ටිකට සෙට් වෙච්ච මරාලයක්, මොනව කරන්නද? හිත හදාගෙන පොත රෝල් කරල පුටුවක් හරෝගෙන ඉඳ ගත්ත අරූගෙ දානෙට සෙට් වෙන්න,
තුනයි,
යන් යන් බන් එලියට... අරු අදත් තනියෙන් සීයකට විතර ගහන්න, සූ ගාල පස් දෙනායි අපි, අම්ම ගහයි බැට් එකෙන් එලියෙ පොඩි චන්ද රැස්වීමක් වගෙ... මේ කාලෙ මොන චන්දද, හුටා, අරු සේනාවක් එක්ක ඇවිත්, දැන් දැන් සුදු කොඩි, ටකරම් මඩු මතක් වෙනවා, හොඳ වෙලාවට තරංගයා..
අඩෝ තොපි පො.... ද? එකෙක්ට ගහන්න වත්තම ගෙනාවද, චන්ඩි නම් අපේ පහට තොපෙ පහක් වරෙන්...
උගෙ සිංහ නාදෙට අපි විතරක් නෙවෙ අරුන්නුත් හෙල්ලුනා, අරූගෙ සේනාවෙ හිටියා හෙන කරා ඩයල් එකක්, ටිකක් වයස ඩයල් එකක්, ඌ යන්තම් මුන් දෙන්න විතරක් එක්ක ටෝකක් දීල බලද්දි උටත් තේරුන මේක මහ පීචන් චීත්තෙක සෙට් වෙච්ච වලියක් කියල, උට නිකන් ලැජ්ජ වගෙ හිතෙන්නැති මේ වගෙ ඒවාට සෙට් වෙන්න, ඊට පස්සෙ ඌ,
යකෝ අපෙ එකාගෙ වැරද්ද, නැත්නම් තොපි පහ කුඩු කරනව මෙතන සවල් වලින් අහුලන්න.. යමවු බන්...
අම්මො එදා කෑවනන් තාම කනව එතන හිටපු සෙට් එකෙ හැටියට...
ඒ වලිය එහෙම එහෙම උනාට අපෙ ප්‍රදීප් දවවසක් ඔහොම සෙට් එකක් අරන් ගියා... අපිත් ගියා.. ප්‍රදීපයත් එල ඩයල් එක, ඌ ඒ දවස්වල බැස්ස කොමස් කෙල්ලෙක්ට, අපෙ මැත්ස් පංති ඉතින් වේලෙනවනේ, ඉතින් ඔය නියඟෙට එකම විසඳුම කොමස් හරි ආර්ට් වලින් විදේශාධාර ගන්න එක, ප්‍රදීපයත් එහෙම ප්‍රොජෙක්ට් එකක්, හබයි මූ ට්‍රයි විතරයි, අහන්නෙත් නෑ, අපිත් හැමදාම මූව ෆොර්ම් කරනවා අහපන් යකෝ කියල,
හරි අද අහනවා..
කීයටද
ඒකිගෙ ක්ලාස්ස් ඇරුනාම
හරි එහෙනම් තෝ දැන් අපිට පාටියක් දීපන්,
ඔය පාටියෙ තිබ්බෙ වඩෙ සහ ප්ලේන්ටි විතරයි හැමදාම, හැමදාම, ඔව් මොකද ඌ එකිගෙන් අහනවා කියල පාටි විස්සක් වත් දෙන්න ඇති අපිට.. ඊට පස්සෙ මූ එකි ලඟට ගිහින් මොනව හරි වල් පල් කියවල, එනවා, ඇහුවාම අද හරි නෑ වගෙ බන් අහන්න..
එදා කසුන්ගෙන් ඔත්තුවක්,
ඕයි අන්න උඹෙ කෑල්ලට උන්ගෙ ක්ලාස් එකෙ එකෙක් බහිනව..
එහෙම කොහොමද, අපි ඉන්නකම්, අපි එදා ඌව අල්ලගෙන ෆුල් දෙසුම්, අන්තිමේ කොල්ල ඇග්‍රී අදම ඉවරයක් කරන්න, අපි, මේ උඹ අදත් නානව, අපිත් එන්නම්, ඔන්න කෙල්ලගෙ ක්ලාස් එක පැත්තට අපි යනවා, ක්ලාස් එකට යන පාරෙ අපි සෙට් එක යනකොට අපේ සමහර ෆිට් උන් හම්බ වෙනවා, ඒ හැම එකාටම අපි දෑන් කිය කිය යනවා අඩෙ අද මූ අහනවා, උඹත් වරෙන් යන්, ඔන්න ඌත් සෙට් වෙනවා...
අපෙ ගොන් වැඩ ඉතින් අපිට පේන්නෙ නෑනෙ, හවස බස් එකේ කෙල්ලෙක් සෙට් උනා ක්ලාස් එක ලඟදි, මම ඉතින් ඒකිටත් කිව්ව අපේ ගෲප් ඔපරේශන් එක..
කෙල්ල ඔලුවෙ අත ගහ ගත්තා,
අනේ ප්‍රසා, උඹල වගෙ හරක්, උඹල කෙල්ලෙක්ගෙන් අහන්න තේරෙන්නෙ නැද්ද, අහන්නද යන්නෙ, නැත්නම් විස්සක් විතර සෙට් වෙලා ගහන්නද යන්නෙ වලියක් වගෙ?

Saturday, April 28, 2012
පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්
අපි දන්න තරමින් අපි කාගෙත් ජීවිතේ පට්ටම ආතල්, නිදහස්ම කාලෙ තමයි අපි ඉස්කෝලෙ ගිය කාලෙ, එකෙනුත් ඒ ලෙවෙල් කාලෙ තරන් ජීවිතෙ ෆන් ගත්ත කාලයක් වෙන නෑ... මට එච්චර ලස්සනට කතා ලියන්න බෑ, අනිත් පෝස්ට් දැක්කම තේරෙනවනේ, ඒත් පොඩ්ඩක් හිතුනා අපෙ ඒ කාලෙ ගැන ලියන්න, මෙලෝ රහක් නැත්නම් පහල තියන කොටුවට ටික් එකක් දාන්න මෙලෝ රහක් නෑ කියල...
"සිහිනයකි ඔබ නිහඬ මදියම් රෑ...
නිදන නෙතු යුග සනසනා..."
ඒ දවස්වල අපේ ජාතික ගීය, පිස්සුද අපි වෙන රටක නෙවෙ හිටියෙ ඒත් අපි හිටියෙ වෙනම ලෝකෙක, ඒ මහා ටියුෂන් නගර ඉඳන් අපෙ ගෙවල් පැත්තට යන්න තිබ්බ බස් එකට අපි සෙට් වෙනවා හවසට ගෙදර යන්න, මැත්ස් කරපු අපියි, බයෝ කරපු, කොමා කරපු, ඔය හැම එකාත් එකීත් හවස පංති ඇරිලා ඒ බස් රූට් එකෙ තමයි යන්න තියෙන්නෙ අපේ පැත්තට... හයට විතර තියන බස් එකේ පිටිපස්සෙ දිග සීට් එකට ක්ලාස් යන උන් සෙට් වෙනව, හීනියට පොඩි පොඩි කතා මැද්දෙ සින්දු පටන් ගන්නව, ඉස්සෙල්ලාම ජාතික ගීය, "සිහිනයකි ඔබ නිහඬ ....", කාලයක් පට්ට හිට් වෙලා තිබ්බෙ ඕක,
අපෙන් බස් එකෙ යන අනිත් උන්ටවත්, අනිත් උන්ගෙ අපිටවත් කිසිම කරදරයක් නෑ, කොටින්ම ගොඩක් අය යන්නෙ අපෙ සින්දු අහගෙනමයි, ලා සද්දෙන්, කවකටු පෙට්ටියක තට්ටුවක් දාන ගමන් කියන සින්දු මාර අතල් එකක් දුන්නෙ, කොන්දල කොච්චර කෑ ගැහුවත් අපෙ වල් පල් අහන්න, සින්දු අහන්න කෙල්ලො බස් එකෙ ඉස්සරහට යන්නෙ නැතුව ඉන්නව,
ඔය අස්සෙ අපි පොඩි බයිටුත් දෙනවා, හිටි ගමන් එකපාරටම අපි සද්දෙ නවත්තනවා, මෙච්චර වෙලා සින්දු අහපු උන් එක පාරටම අපි දිහා බලනවා, දවසක් ඉස්සරහ හිටපු අංකල් කෙනෙක්, පිටිපස්ස හැරිල අහනව, ඇයි පුතාල සින්දු නැවෙත්තුවෙ, අපිට කරදරයක් නෑ කියල, දන්නෙ නෑ ඉතින් බයිටකට කිව්වද කියල ඕන්..
අර කිරි මොකක්ද එකටත් හෙන ගහනවා වගෙ අපේ "ජාතික ගීයට" කෙලවුනි, ඒක ටොප් වන් එකෙ සිට නොසිතූ ලෙස ඇද වැටුනෙ, බස් එකෙ සල්ලි හොයන්න සින්දු කියන්න ආපු කොල්ලෙක් හින්දා, දවසක් ඔය කියන පොර බස් එකට නැගල කනුවක් ලඟින් හිට ගන්නවා, මුකුත් කාතාවක් නැතිවම රුපියල් දෙකෙ කාසියක් අරගෙන අර කනුවට තාලෙට ගහගහ පට්ට සුපිරියට පටන් ගත්තා, ආයි කියන්න දෙයක් නෑ පට්ට සුපිරියි, නිකන්ම දෙකෙ කාසිය විතරක් තට්ටු කර කර බුවා අපිව හොල්මන් කරා
"එක යායට මල් පීදුන බිම් තීරේ..
පාර දිගේ කනින් කනට
කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි සිටියේ...
"
මේක කොච්චර හිට් උනාකියන්නෙ, එක දවසින් ඒක අපෙ ජාතික ගීය උනා, අන්තිමේ අර කලින් කිව්ව වගෙ එකත් හිට් ලිස්ට් එකෙන් ගැලවිලා ගියා, හැබැයි මේ පාර අපෙ එකෙක් හින්දා,
දවසක් අපිට ඉස්සරහ සීට් එකෙ හිටියේ අපෙ ක්ලාස් එන කෙල්ලෙක්, ඒකිගෙ පෝනි ටේල් කොන්ඩෙ බස් එකෙ වීදුරුවෙන් එන හුලන් පාරට විසිරිලා, හවසට ඉර බැහෙගෙන යද්දි හරහට වැටෙන අව්ව වැටිලා ඒකිගෙ කොන්ඩෙ දුඹුරු පාටට පේනව, හරියටම,
"රාස්සිගේ අව්ව වැටී
දඹ රන් වූ ඔබෙ කෙහෙ රැලි
සුලන් සමග පොර බැදුවා...
ඔබට මතක නැති උනාට, අද වාගෙ මතකයි මට.."
ඕක දැක්කෙ ලැම්බා, ලැම්බ ඕක දැකල අපිටත් පෙන්නල, ආයෙත් සින්දුව කියල, පස්සෙ සයිකො ගහන්න පටන් ගත්ත ඒකි ගෑන.. ඒත් පස්සෙ බලද්දි කෙල්ල අන්සතුයි..
අපි දවසක් පංති කට් කරල ඩොමිනියන් එකේ මතට තිත තියද්දි ටිකක් වැඩි වෙච්ච ලැම්බා, ඩොමිනියන් එක දෙවනත් වෙන්න කෑගහල ඇඬුවා,
"අනේ බන් මට අර රාස්සිව ඕනේ කියල", මතකනෙ, "රාස්සිගේ අව්ව වැටී... ",
ඩොමිනියන් එකෙ මතට තිත තිය තිය හිටපු අයියල, මල්ලිල, මාමල, අංකල්ල, වේටර්ල, කැෂියර් පවා ට්‍රයි කරා මුගෙ ඇඬිල්ල නවත්තන්න, කොහෙද.. අන්තිමේ අපේ ඒ ජාතික ගීයත් අපේ ලිස්ට් එකෙක් හැලුනා.
ලැම්බ ඔහොම කරත්, ඒ දවස්වල අපි නිදහස් කොල්ලෝ, අපි සෙට් එක (ඔක්කොම නෙවෙයි, අපි භාගයක් විතර ) හිටියෙ කෙල්ලො ඇනයක් කියලත්, බෝතලේ මාරයිනේ කියලත්...
ඔය කොහොම උනත් අපි සෙට් එක එක කෙල්ලෙක් ගැනනම් හෙන ඉම්ප්‍රෙස්, අපි කතා උනෙ අනෙ අපිටත් අපි ලවු කරන්න හිතෙන කොට ඒවගේ කෙල්ලෙක් ඕනෙ කියල, හැබයි එකිටත් කොල්ලෙක් ඉන්නවා, උඹල හිතයි කෙල්ල පට්ට ලස්සනයි කියල, පිස්සුද, එහෙනම් බ්‍රයිට් කේස් එකක්ද? ඉතින් බ්‍රයිට් කියල අපිට පාන්ද? ඇයි අපි බ්‍රයිට් නැද්ද, එහෙනම් සල්ලිද? කවුද හලෝ දන්නෙ එකිට සල්ලි තියනවද කියල, එහෙනම් ඔන්න උඹලගෙ ප්‍රශ්න සහ මගෙ පිලිතුරු.. උඹලගෙ අන්තිම ප්‍රශ්නෙ,
එහෙනම් මොන මල ඉලව්වකටද එකි වගෙ එකියක් හොයන්නෙ...
ආහ්, ඒකි කොල්ලත් එක්ක සයිවර් කඩේට ඇවිත් තෝසයක් කාල ප්ලේන්ටියක් බොනවා... කොල්ලට පට්ට ලාබයිනේ, ඒකයි..
ඔන්න අපේ ලවු... හරියයිද මන් අහන්නෙ..
තව කතා තව කොටසකින් දාන්නම්...

Subscribe to:
Posts (Atom)