මම එදා කිව්වනෙ අපෙ සජී කාරයගෙ කතාවක්, බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකො සජීගෙ සහ ජයේගෙ මෙශර්මන්ට් යුනිට්ස් කතාව. මම කිව්වෙ, මූ සිරා ඩයල් එක, ඌ ඉපදිච්ච ගමන් ඩෙසට් එකට එෆ් එම් රේඩියෝවක් ගිලලද කොහෙද. පට්ට කියවිල්ලක් තියෙන්නෙ. හැබයි ඕන එකෙක්ට අහගෙන ඉන්න පුලුවන්, ෆුල් ආතල් කතා තමයි දෙසන්නෙ.
අපි එතකොට 9 විතර, නැත්නම් 8. දවසක් මූ එනව පට්ට පරක්කු වෙලා, ඒ මදිවට ෆුල් සෑඩ් මූඩ් එකෙන්. හරියට උට ගෙදරින් උදේට කන්න දුන්නෙ නෑ වගෙ.
ඒ, මොකෝ බන්
අඩෙ අද මාර සීන් එකක් උනානෙ බන්
කියහන්කො ඉතින්, මෙතන බෙට්ට හිරවෙලා වගෙ තටමන්නෙ නැතුව.
අඩේ, අද අපි ආපු බස් එක පට්ට හයියෙන් ආවෙ, එකට සීය කෙනෙක් හප්පුනා බන්, ගන්න දෙයක් නෑ කුඩේ කුඩු.
අපිට හෙන අප්සෙට්ය, මොනා උනත් වයසක ඩයල් එකක්නෙ කියල හිතල අනෙ පව් කියල කියන්න කලින් (හොඳ වෙලාවට කිව්වෙ නැත්තෙ )
ඉතින් මොකද උනේ ඊට පස්සෙ
අහ්, ආයි මේ කුඩේ හදන්න බෑ කියල, කැඩිච්ච කුඩේ විසි කරල සීය බැන බැන ගියා බන්.
අපි මඤ්ඤං විය
තව දවසක්, මූ පට්ට කලබලෙන් ආවේය. බෑග් එක ඩෙස් එක උඩට විසිකර උගෙ එෆ් එම් කට ඇරියේය
අඩෝ, අද aaaa හන්දියෙදි එල ඇක්සිඩන්ට් එකක් (ඇක්සිඩන්ට් එකක් එල වන්නෙ කොහොමදැයි ඌම තමා දන්නෙ ). ත්‍රීවිල් එකක් ලොරියක සෙත්ත පෝච්චි වෙලා, ඩ්‍රයිවර් එතනමයි.
අපි ආයි අප්සෙට් විය. මොනා උනත් ජීවිතයක්නෙ. අපි අපරාදේ කිව්වෙමි. එතකොට මූ කිව්වෙ,
ඔව් බන්, කෑලි ගලවයි කියල බයට ඩ්‍රයිවරය එතනම ඉන්නව කියාය.
අපි නැවතත් ම්ඤ්ඤං විය.
මෙහෙමයි, ලොකු ලොකු සීන් නෑ.. අපෙ එක එක සෙට්, එක එක වෙලාවලට ගත්ත පොඩි පොඩි ෆන් තමයි තියෙන්නෙ. සමහර විට ඔයාල අහයි පිස්සුද නැත්නම් හැටිද කියල, නැත්නම් මේ මොන විකාරයක්ද කියලා අහයි. තව්සන්ඩ් ඇපොලොජීස්..... අපිටත් හරියටම sure නෑ
Wednesday, August 17, 2011
Thursday, August 11, 2011
සජීගෙ සහ ජයේගෙ මෙශර්මන්ට් යුනිට්ස්
අපි 9 පන්තියෙ ඉද්දි අල්ලපු පන්තියේ නසරානි සෙට් එක ගැන කිව්වනෙ. අපි එහෙම පිට වලි වලදි ෆිට් එකෙ හිටියට, ක්ලාස් එක ඇතුලේ සෙට් තුනක් හිටියා, සාමකාමී, සැදැහැවත් සුපෙක්ශල සෙට් එකයි, අපෙ සෙට් එකයි, අපේ එගේන්ස්ට් සෙට් එකයි. අපේ සෙට් එකේ, මම, ඩුනු, නොර්මල් කොටා, සජී ඇතුලු සෙට් එක හා අරුගෙ ජයෙ, මාල්, හඩ්ඩා ඇතුලු සෙට් එක. උන්ගෙ සමහර උන්ගෙ සයිස් එකත් වැඩියි, මම කිව්ව උස. අපි ඔක්කොම කොට්ටු හෝ ලාවට උස උන් (එතකොට උගුරු ඇටෙත් පැනල නෑ, දැන් වගෙ නෙවෙයි, හෙන මී බට්ටො ).
අපේ උන්ගෙ එකම ආයුදේ කටින් ගේම ඉල්ලන එක. අරුන් නම් වැඩිය සද්දෙ දැම්මෙ නෑ, ඔන්නම් ඇවිත් අපෙ කොලර් එකෙන් අල්ලල දෙකක් නෙලනව වගෙ දෙයක් තමයි. දවසක් සජී, ආ ඔය සජී පට්ට පොරක්, දවසක් ෆ්‍රී පීරිඩ් එකක පිස්සු කෙල කෙල ඉන්න කොට, ප්‍රෙෆෙක්ට් කෙනෙක් ඇවිල්ල බැනල බැනල අල්ල ගත්ත සජී කාරයව, ඌ සජීට හැසිරෙන හැටි කියනව, කියන ගමන් ඌ අහනව,
සජී, උඹලා මේ වයසෙදිම මෙහෙම පිස්සු කරල ලොකු උනාම මොකද කරන්නෙ
අනෙ අයියෙ මම ත්‍රීවිල් එකක් නයට අරන්, එකේ කලු පාට ගාල, ගෙවල් ලඟ හන්දියේ නවත්තල, හයර් එනකන් කන්නාඩියට අත තියාගෙන ඉන්නව.
සජී එහෙමය, උගෙ කතාවෙන් පස්සෙ අපි ඒ ප්‍රෙෆෙක්ට් ව හොයන්න පත්තරේ ඇඩ් එකක් දැම්ම.
හරි කියන්න ආවෙ වෙන සීන් එකක්නෙ.
දවසක් සජී ජයෙගෙන් ගේම ඉල්ලලා, ජයේ එතකොටත් අඩි 6 විතරය, ඌ පොඩි කාලෙ ගිරාෆ් කෙනෙක්ගෙන් කිරිබීලද කොහෙද.
ජයෙ කඩාගෙන ආව සජීගෙ මේසෙ ලඟට, උගෙ පතොරිය කකුලක් කෙලින්ම උස්සල තිබ්බ සජීගෙ මෙසේ උඩින්. ඊට පස්සෙ ඇඟිල්ල සජීට දික්කරල ඇහුවා
අඩෝ සජී, තෝ මාත් එක්ක ගේම ඉල්ලන්නෙ, තොට ශුක්‍රානු බින්දුවක්වත් යනවද (මම මේ වචනය පාඨක සංවේගය උදෙසා වෙනස් කරේය. ඌ කිව්වෙ අකුරු දෙකක වචනයකි )
අඩෝ බල්ලොනම් අන්න බල්ලෝ, සජී තමයි සජී, ඌ ආපහු ඇහුවා අරූගෙන්,
ශික් මචන් තෝ ඔච්චර ලොකු වෙලත් තාම ඕවා මනින්නෙ බින්දු වලින්ද, අපිනම් ලීටරෙ ජොග්ගු වලින්.
(අපි ජයේව හොයන්න තව ඇඩ් එකක් පත්තරේ දැම්මෙමි )
Thursday, August 4, 2011
K පන්තියේ නසරානි සෙට් එක
ඒ තරන් පට්ට පිස්සු කෙලපු කාලයක් ආයි කවදාවත් එන්නෙ නෑ. ඉස්කෝලේ කාලේ කරපුව මතක් වෙනකොට පිස්සු හැදිල හොඳවෙලා ආයි පිස්සු හැදෙනව. පට්ටයි ඈ.
අපි එතකොට නවයෙ, අපි B, අපෙ එක පැත්තක තිබ්බෙ A ක්ලාස්ස් එක. පොතෙ හැටියට අනිත් පැත්තෙ තියෙන්න ඕනේ C, ඒත් තිබ්බෙ K එක හරි L එක (K එක කියල හිතමුකෝ). මතක නෑ මොකද සීන් එක කියලා. අම්මෝ K එකේ තමයි ග්‍රේඩ් එකේ නසරානි සෙට් එකම හිටියෙ. හරියට තෝරලා දාල වගෙ.
අපේ කොටා, තමයි උන්ව නියම විදියට අයිඩෙන්ටිෆයි කරේ
අනෙමන්දා කොටා නම් කියන්නෙ,
යකෝ අපි මොන බල්ලොද, මුන්නෙ පර බල්ලෝ මචන් කියල.
ඔය කියමන ඉන්ටර්නැශනල් කීර්තියටපත් කොටාගෙ.
උන් සෙට් එක පට්ට නසරානි, උන් හැමදාම අපෙන් ගේම ඉල්ලනව. මුකුත් හේතු නෑ, අපිත් ඉතින් අතාරින්නෙ නෑ, ශේප් එකේ ඉන්නව, ඇයි මොකෝ උන් එක්ක එල්ලෙන්න අරූ කිව්ව වගෙ අපි පර බල්ලොයෑ. අපි නිකන් පොඩි කුක්කොනෙ. ඔන්න ඉතින් දවසක් ගේම දරුනුවටම ගිහින්, අපේ ඉවසීම පැන්න, සෙට් එකම ගිහින් නෙලුවා අරුන්ට හන්දි කැඩෙන්න, පිස්සුද, නයි කයිද රෝස් පාන්, අපි ලැජ්ජා නහරෙ කපල පැත්තකින් තියල ගිහින් සර්ට කිව්ව. අපෙ රාජා සර්.
සර්ලත් අරුන් එක්ක පට්ට මල, සර් ගියා දැම්ම සිංහ සද්දයක්, දාලා දෙතුන් දෙනෙකුට නෙලුව පොරි විසිවෙන්න. ඊට පස්සෙ පොඩි චැලෙන්ග් එකක් දැම්ම
තොපිට මීට පස්සෙ මගෙ ක්ලාස් එකෙ උන්ට ගහන්න ඕනෙනම්, කලින් ඇවිත් මාත් එක්ක ගහ ගනින් කියල.
අපිට දැන් ඉහටත් උඩින්, අපි දැන් මුන්ව කොචෙක් එකටත් ගන්නව, අහල තියනවානෙ, සිංහයො ලෙඩ උනාම නරි පිටිපස්සෙන් ඇවිල්ල මොකක්ද කරල යනව කියල.
වහාම අපේ බුද්දි මන්ඩලය සෙට් උනා, ෆුල් ප්ලෑන් ගැහුව මුන්ට තව ගේම දෙන්නෙ කොහොමද කියල. වතුර බෙසම් වල බැහැල යුරේකා කියල කෑගගහ හෙලුවෙන් දිව්වෙ නැතුවුනාට අපේ උන්ට සිරා අදහස් එන්නෙ, අපි සේම් කොම්ප්ලේන් එකම අපෙ කොමා සර්ටත් කිව්ව. අරලු බුලු නෙල්ලි දාල කිව්වාම කොමාටත් පට්ට මල.
කොමා සර් කිසිම හදිස්සියක් නැත, ඔහේ පතෝල ලෙවල් එකේ අපිට ඕ ලෙවල් වානිජ්‍යය කියල දෙන බුවා, රාජා සර් වගෙ රෙස්ලින් නොපෙන්නීය. කොමා මහොශද පන්ඩිතයාට ඇක්ට් කර, අපිට හර බැර ගානක් දී හොරෙන්ම අරුන්ගෙ පන්තියට එබී බලයි. උන්ගේ කරුමෙ, උන් කිසිත් නොදැන හතර පිනුම්, අට පිනුම්, බල්ටි සමග කරන්නට තියන ඔක්කොම චූ කේස් වගේ වගක් නැතුව නටයි.
සරදියෙල් පැන්න වගෙ කොමා එකපාරටම උන්ගෙ පන්තියට පනි, නෝට් කරගත් උන් ටික කුදලගෙන අපෙ ක්ලාස් එකට එක්ස්පෝර්ට් කරයි.
එහෙන් එක්ස්පෝර්ට් වී මෙහෙට ඉම්පෝර්ට් උන චන්ඩි ටික කොමාගෙ ඕඩර්ස් අනුව අපෙ ඩෙස් යටට රින්ගා පැක් වී ඉඳිති. අපෙ කකුල් අස්සෙ උන්ටික ඉන්නකොට දැනුන ජොලිය උන් අපිට දිගටම විඳින්න දුන්නෙ නෑ. කොටා කිව්වා වගේ උන් පර බල්ලෝය, උන් මුලින් අපෙ ලේස් ලෙහා, එකට ගැට ගැසීම හෝ ලෙහපු ලේස් ඩෙස් කකුලේ බැඳීම, අපේ කකුල්වල මයිල් වලින් ඇදීම වැනි සූටි වැඩ කර පස්සෙ මහා මාරන්තික වැඩකට සෙට් උනේය. පස්සෙ උන් කරපු වැඩෙ හැටියට තව ටිකක් කල් ගියානම්, අපේ පන්තියේ උන්ගෙ ප්‍රජනන හැකියාව බින්දුවට සෙට් වීම ඉර හඳ වගෙ ශුවර්ය.

Tuesday, August 2, 2011
මගෙ දෙවියනේ..
බාගෙට කොටපු ෆන් කතා සෙට් එකක් තියනව අපෙ සෙට් එකෙ උන්ගෙ, ඒක හෙට විතර දානකන් මේක පොඩි ජෝක් කතාවක්. ඔන්න මොකක් හරි ආගමකට අපහාස කරනවා කියන්න එපා, මේක නිකන් ජෝක් එකක් විතරයි.
ඔන්න පූජකතුමාල තුන්දෙනෙක්ගෙ අම්මල පොඩි චැටකට සෙට් වෙලා. දන්නවනෙ ඉතින් තමන්ගෙ ලමය තමයි හොඳ කියල ඔක්කොම කියනවාලු. දැන් මෙහෙමලු කතාව යන්නෙ..
පලවෙනි කාන්තාව : මගෙ පුතා තමයි අපෙ ආගමේ අහවල් තනතුර දරන්නෙ. එයා දේවස්තානෙට එනකොට ඔක්කොම නැගිටලා අපේ උත්තමයනන් වහන්සෙ එනව කියල කියනවා.
දෙවෙනි කාන්තාව : අපෝ.. ඒකට මගෙ පුතා, එයා දරන්නෙ අහවල් තනතුර. එයා දේවස්තානෙට එනකොට ඔක්කොම දනගහල උතුමානන් එනව කියල කියනවා
තුන්වෙනි කාන්තාව : අනේ.. මගෙ පුතානම් තාම පූජක තනතුරෙ ඉන්නෙ. ඒ උනාට එයා දේවස්තානෙට එනකොට ඔක්කොම, ඇස් ලොකුකරගෙන බොහෝම හෙමින් කියනවා මගෙ දෙවියනේ කියල.
1 & 2 කාන්තාවන් : ඒ කොහොමද එහෙම වෙන්නෙ. එයා කොහොම කෙනෙක්ද එහෙම කියන්න?
තුන්වෙනි කාන්තාව : මාත් දන්නෙ නෑ, හැබැයි ඒත් එයා අඩි හතක් උසයි, කිලෝ 320 බරයි.
ප.ලි : බට-ලයිට් කස්ටියට, නිකමට හිතන්නකො බර කිලෝ 300 කියන්නෙ කොහොම සයිස් පොරක්ද කියල

Monday, July 25, 2011
ඩොඟාගෙ මනෝකාය
ඉස්කෝලේ කාලෙ තරම් අනිත් උන්ට මඩ ගහපු ආතල් ගත්ත කාලයක් ආයිත් නෑ. ඒ දවස් වල මඩ ගහන්න වැලිඩ් රීසන් ඕනෙ නෑනේ. ඔය මොකක් හරි හුටප්පරයක් අල්ල ගත්තාම ඇති ලොවෙත් නැතිවෙන්න මඩ ගහන්න. අපෙ එකෙක් හිටිය ඩොඟා කියල. ඩොඟාගෙ මඩ නම් ලොවෙත් නෑ. මේ තියෙන්නෙ ප්‍රසිද්දියෙ කියන්න පුලුවන් එකක්.
ඔන්න ඉතින් අපි සෙට් එක AL අභාග්‍යට සෙට් උනානෙ. ඉතින් විභාගෙ දවසෙදි අපි වගෙම ඩොඟාත් ෆුල් සෙත්ත පෝච්චි. කොහෙ කියල ලියන්නද, මොකො නිකමටවත් පිසික්ස් පේපර් අහනවද ඉස්කෝලෙ තාප්පෙ මිටිම තැන, එහෙම නැත්නම් වඩා ලේසියෙන් ඉස්කෝලෙන් පනින්න පුලුවන් තැන කොතනද?
ඩොඟ ෆුල් තින්ක් පාරක් දාල බැලුවලු දැන් මොකෑ කොරන්න ඕනේ කියල. අවුස් අම්ම ගුන්ඩු කියල උගෙ අර බෙලෙක් ටිකිරි මොලෙට ආවලු එල අයිඩියා එකක්. කාටවත් නොපෙනී ගියොත් බ්‍රයිටෙක්ගෙ පේපර් එක බලන්න පුලුවන්නෙ කියල. කරන්න තියෙන්නෙ එක දෙයයි, උගෙ මනෝකාය එලියට ගත්තොත් හරි (අර ඇස්ට්‍රල් බොඩි කියල කියන්නෙ )
ඩොඟා ටක් ගාල දැහැනට සම වැදුනලු, ක්‍රමානුකූලව හිත සන්සුන් කරාලු. ටිකක් වෙලා යනකොට උට පුලුවන් වෙලා මනෝකාය එලියට ගන්න. බුවා ෆුල් හැපියෙ පොඩි යුරේකා පාරක් දාල උගෙ මනෝකායට කිව්වලු,
මචෝ, මගෙ දෙය්යා, තෝ ගිහින් නිමල්ගෙ පේපර් එක බලල ඇවිත් මට උත්තර ටික කියපන් දෙය්යො..
පල ඩොඟෝ යන්න, තො හිතුවද මාත් උඹ වගෙ චාටර් ඩයල් එකක් කියල. උඹ්ට ඕන කුජීත වැඩක් උඹම ගිහින් කර ගනින්. මම ඕන්නම් පොඩි රවුමක් දාල එන්නම් උඹ එනකන්.

Thursday, July 21, 2011
අපේ සර් ගෙ තව කතාවක්..
අපි 12 විතර ඉන්නකොට ඉස්කෝලෙන් ගියා ට්‍රිපක්. කොහොමත් කස්ටිය ඔය කාලෙට ට්‍රිප්ස් යනවනෙ. අපෙ පන්තියත් ඔහොම ට්‍රිපක් ගියා. ඔන්න ඉතින් කස්ටිය උදේ පාන්දරින්ම 8 විතර පිටත්වුනා. අපිව බාරව ගියේ අපේ ක්ලාස් එක බාර සරුයි තව සර් කෙනෙකුයි. අපෙ ක්ලාස් සර් ගැන කලිනුත් මම කිව්වානෙ, බැලුවෙ නැත්නම් බලන්නකෝ මෙතනින් ගිහින් අපි නුවර-එලිය යටත් කර ගත් හැටි.... දැන් තෙරෙනවනෙ පොරගෙ හැටි.
ඔන්න ඉතින් අපි දවල්ට කන්න කියල පොඩි ඇල්ලක් වගේ තියන පොට් එකක බස් එක නැවැත්තුවා. පන්තියෙ හොඳ ලමයි ටික හබුන් කටයි බත් දෙකටයි කියල බත් කනකොට අපෙ සෙට් එක සෙට් උනා පොඩි මතට තිතකට.
ටිකකින් (අපි දැන් වීරයොනෙ හික්ස්)
අඩෝ, සර් තනියම කනව
ඉතින්, නැතුව තෝ කියන්න අනල කවන්න කියලද
නෑ බන්, සර් හොද බුවා බන්, සර් අමුවෙන්ම බත් කන එකේ පොඩි සොට් එකක් ගිහින් දෙමුද බන්.
තොට පිස්සුද. මෙච්චර හොරෙන් බොන්නෙ අහවල් මගුලටද එහෙනම් සර්ට කියලම බොනවනෙ.
....
...
---
---
---
...
හරි හරි එහෙනම් සර්ට බියර් එකක් දෙමු. කවුද සර්ට බියර් එක ගෙනියන්නෙ.
නිමා බොන්නෙ නැනේ, උට කියමු.
තොටනෙ ගින්න, තෝම ගිහින් දීපන්
ඉතින් ඊට පස්සෙ අරු ශේප් එක බියර් එකකුත් අරන් ගියා සර් ඉන්න තැනට.
සර්.. සර්
මොකද
සර්.. මේ බියර් එකක් තියනව... සර්ට දෙන්නද
හ්ම්ම්... ඔතනින් තියනවකො එහෙනම්... අනෙ මන්දා තමුසෙලාත්
(අපේ එකා බියර් එක තියල හැරෙනකොටම )
මේ.. කුමාර... අයිසෙ සැර ජාති එහෙම නැද්ද
ති..තියනව සර්. වයිට් ඩයමන්ඩ්
එහෙනම් ගේනකො ටිකක්
(මිල්ක් ෆාදට ඩොග්ස් ජම්පින්ග්. මොනා කරන්නද අපි අරූට බැන බැන හිස් බෝතලෙකට කාලක් විතර දාල අදාල කලමනාත් එක්ක ආයි අරු අතේම යැව්වා )
සර්, මේ මේක..
ආහ්.. මේ ගල උඩින් තියල යන්න
සර් එහෙනම් බියර් එක ගන්නද
ආහ්.. ඒකත් ඔය ගල උඩින්ම තියල යනවකො....

Wednesday, June 29, 2011
හැඳි ගෑරුප්පු ෆයිට් සහ අපෙ බයිට්
මේ සීන් එක උනේ අපි ඉස්කෝලේ බෝඩිමට සෙට් උන පලවෙනි සතියෙදි, සීන් එක උනේ කමල් ට කියල හිතමුකෝ. එතකොට අපි 6 වසරෙ ඇච්චො. අපි ගිය ගමන් අපිට හොස්ටල් එකේ නීති ගැන එහෙම ෆුල් ලෙසන් එකක් එහෙම දුන්නා. ඕකෙ හැටියට අපිට අන්ද කයිප්පු සීන් එක තමා හැඳි ගෑරුප්පු වලින් දවල්ටයි රෑටයි කෑම කන සීන් එක. ඕක හෙන තදබල නීතියක් හොස්ටල් එකේ.
ඔන්න ඉතින් අපි සෙට් අනිත් උන් වගේම හැඳි ගෑරුප්පු අරන් යනවා කෑම හෝල් එකට, මුල්ම දවස්නෙ, වැඩිපුරම වෙන්නෙ පිඟානට කොටල කොටලා ලාවට බත් පොඩ්ඩක් කටේ දාගන්නව. මතක හැටියට, ගිහින් 2 දවසෙ ඉරිදා රෑ, ඔන්න අපි ගියා රෑ කෑම කන්න ඩයිනින් හෝල් එකට, අර ආයුද කට්ටලයත් අරගෙන. මොනා කරන්නද නීතියනෙ. ඔන්න අපි පිලිවෙලකට මුලින්ම හෝල් එක ඉස්සරහා පෝලිමට ඉන්නවා වයසෙ හැටියට, ඒ කියන්නෙ ඉස්සෙල්ලාම 6 උන් ඊලඟට 7 උන්......, ඊට පස්සෙ පේලි පේලි ඇතුලට යවනවා. අපිනෙ පොඩිම උන්. ඔන්න මුලින්ම ගියා ඇතුලට.
අම්මෝ... නයි කයිද රෝස් පාන්, එදා රෑ තිබ්බෙ පාන්, ඔව් ඔව් බ්‍රෙඩ්. දැන් මොකෝ කරන්නෙ. නීතිය හැටියට ආයුධ ඒ කියන්නෙ හැඳි ගෑරුප්පු අනිවාර්‍ය්, අපේ ටේබල් එකේ 8 දෙනා දැන් කතා වෙනාව මොකො කරන්නෙ කියල. බත් නම් මොනා හරි කර ගන්න පුලුවන්, ඒත් පාන්. අනිත් ටේබල් වල උන්ගෙන් අහන්නත් බෑ. උනුත් අතරමන් වෙලානෙ ඉන්නෙ. ඔන්න ටිකකින් ඔක්කොම හෝල් එකට ආවට පස්සෙ, ආගම දහම සිහි කර, ඊටපස්සෙ කන්න බෙල් එක ගැහුවා. ඔය කන බෙල් එක ගැහුවාම ආයෙ කාල ඉවර වෙන බෙල් එක ගහනකම් කතා කරන්න තහනම්. අපි අර නයා මැරිච්ච අහිකුන්ටිකය වගෙ මෙලෝ රහක් නැතුව ඉන්නකොට
කමල් : (හෙන රහසෙන්) මේ, මම දන්නව මේ වෙලාවට කරන විදිය, ශේප් එකෙ බලපන් මම කරන විදිය
හරි, ඔය තියෙන්නෙ, දැන් ඉතින් වැඩෙ ගොඩනෙ, එහෙම හිතල අපි ඌ දිහා බලාන ඉන්නව. මොනා උනත් අපිට වඩා යමක් දන්නවා ඇතිනෙ බුවා... අපේ හකු පැන්න මු කරපු විදියට..
මූ බෙදුව හොදියි සම්බෝලයි ටික පිඟානට, ගත්තා පාන් පෙත්තක්, දැම්ම අර හොද්ද උඩට, දැන් පාන් පෙත්ත සැපට පෙඟෙනවා හොද්දෙ. මූ අර ආයුධ කට්ටලයෙන් අමාරුවෙන් කෑලි කඩනව.. අපි හකු පැනගෙන බලාගෙන ඉන්නව මෙලො සිහියක් නැතුව. අනේ... එතකොට ටේබල් එකේ එකෙක් අපිට පෙන්නුවා සීනියර්ස්ලා කන දිහා....
අනේ දෙයියනේ වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා..
අනිත් උන් පාන් කන්නෙ අතින්.
ප.ලි : අපි පස්සෙ දන්නෙ, පාන්/ඉඳි ආප්ප/ පිට්ටු තියන කොට අර නීතිය නැහැලු, හරිනෙ ඉතින් ඒක, මොන හරකද ඔය ජාති ගෑරුප්පු වලින් කන්නේ

Subscribe to:
Posts (Atom)