Wednesday, November 2, 2011

අපේ මහන්සියෙන් හදපු ශේෂ කඳු යාය...

අපි පොඩි පන්තිවල ඉන්නකොට, මතක නෑ 6 හරි 7 හරි වෙන්න ඔනේ, අපි ඉස්කෝලෙන් ගියා ට්‍රිප් එකක්. මේක දවස් දෙකක ට්‍රිප් එකක්. පොඩි දවස් වල ට්‍රිප් යන කොට ඉතින් දැන් වගේ නෙවෙයිනෙ, ගෙදරින් දෙන කියක් හරි අරගෙන, බස් එකෙ සීට් එකට වෙලා පොඩියට සින්දුවක් කියාගෙන යන සීන්නෙ තිබ්බෙ. ඔය ලොකු ලොකු සීන් නෑ, දෙන කෑම එක කෑව, වටේ බල බල ගියා, සර්ල ඉඳ ගන්න කිව්වම ඉඳ ගන්නව නෑගිටින්න කිව්වම නෑගිටිනව, වැඩිම උනොත් කොහේ හරි නැවත්තුවාම අර තියන කීයෙන් හරි මොනවහරි ගන්නවා. ඒ දවස් වල ගන්නේ කන බොන දේවල නෙවේ, ඔය නිකන් තඹ වලල්ලක්, මිනී ඔලුවක් හරි තරුවක් වගෙ මොකක් හරි තියන පෙන්ඩන්ට් වගෙ මගුලක් තමයි. අනෙ මන්දා පිස්සුද හැටිද කියල. හබැයි ඉතින් ඔය යන කොහෙ හරි කන බොන දෙයක් තිබ්බොත් අතාරින්නෑ, විකුනන එකක් නෙවෙනම් හොරෙන් හරි කඩාගෙන කනව. පිස්සු හැදෙනව. එක අතකට පිස්සු හැදෙන්නෙත් නෑ, මොකො ඒ දවස්වල අපි අනුමත වෙනවායෑ, තනිකර බිව්වෙ වතුර හරි කූල් ඩ්‍රින්ක් හරිනෙ. හෆෝ එකට දැන්..

හරි හරි දැන් ට්‍රක් එකෙන් පනිනවානෙ කතාව, හරි ඔන්න උස්සල තිබ්බ ට්‍රක් එකෙන්. මෙතැන් සිට කතාව.

ඉතින් අපි ඔහොම දැහෙමින් සෙමින් ගිහින් එනකොට දවල්ට  කන්න නැවත්තුවා ඔය පොඩි ඇල පාරක් තියන පොට් එකක.  අපි ඉතින් ඔන්න කාල, වතුර බොන්න සෙට් උනේ ඔය ඇලෙන්, අවුලක් නෑ එතනම කාල බීලා අතපයත් හෝදගෙන ඔන්න අපි ආයි යනවා. ඉතින් අනේ ඔහොම දිගටම යනව...  දැන් ඉතින් ටිකකින් මහන්සියි, නිදිමතයි... අනේඅ මන්දා ටිකකින් ඇඟට මාර අමාරුයි, බලන කොට ගොඩක් උන්ට සේම් ප්‍රොබ්ලම්ස්, ඔන්න ටිකකින් අපිට තේරුනා මේ නම් එසේ මෙසේ අමාරුවක් නෙවේ, ඒ විතරක්ක්ද... අමාරුව දැනෙන්නෙ මුලු ඇගටම නෙවේ, පොඩ්ඩක් බඩ හරියෙන් කියල. දෙය්යනේ එතකොට තමයි දෙයියෝ සිහි උනේ.. බඩ නිකන් ඇඹෙරෙනවා වගෙ, පස්ස නලියනවා වගෙ, දාඩිය දාගෙන, කතා කරගන්න බැරි ලෙවල් එකට ඇවිත්, අම්මෝ අපිට බඩ අප්සට් වෙලා, බොඟ සෙට් වෙලා නිකන් වැවක වේල්ල වහල වගෙ.. තව ටිකක් හිටියොත් එහෙම සෙට් එකටම බස් එක හෝදන්න වෙනාවා. අම්මෝ දැන් සෙට් එක කෑ ගහනවා, එහෙම කියල ඩ්‍රයිවර් අය්යල කොහෙ නවත්තන්නද.. ඈ යකෝ බස් එකක් ඉන්න කොල්ලො 50 විතර එක සැරේට බොඟ සෙට් වෙලා යන්න ටොයිලට් එකක් දෙක නෙවේ ටොඉලට් කොම්ප්ලෙක්ස් එක ඕනෙනේ.

ඩ්‍රයිවර් අය්යත් විදල යනව, බුවාට බය ඇති බස් එක හොදන්න වෙයි කියල..
එක පාරටම බුවා බස් එක පට්ට බ්‍රේක් එකක් ගහල හැරෙව්ව පැත්තකට. තව පොඩ්ඩෙන් බ්‍රේක් පාරට අපිට එතනම යනව..
බුවා කැගනව, දුවන්න දුවන්න අර පිට්ටනියට...

හෑ.. මොන පිට්ටනියක්කද, කස්ට කරුවලයි, මොනෑ කරන්නද.. බැස්ස දිව්වා අපේ උන්..

ඔන්න ඉතින් පිට්ටනිය වගෙ පොට් එකේ එක එක තැන පොරවල් ඉඳගෙන වේල්ල ඇරල වැඩේ කරනව.. අම්මෝ දිව්ය ලෝකේ පන පිටින් ගියා වගෙයි..

ඔන්න ඉතින් දෙයියනේ කියල වැඩේ ඉවර උනාමයි දෙයියො ඩබල් ඩබල් සිහිවුනේ ඈ... යකෝ හදිසියට දුවගෙන අවිල්ලා වැඩේ කෙරුවට, දැන් හෝදන්නෙ කොහෙමයි.. හුටා දැ ඉතින් මොකෙයි දන් වලදන්නෙ...
අනේ ටිකකින් අපිත් එක්ක ගිය, උයන පිහන වැඩවලට ගිය මනුස්සයො සෙට් එක පටන් ගත්තා වතුර අදින්න ඒ ලඟ තිබ්බ පොකුනකින් වගෙ පොට් එකකින්.

ඔන්න දෑන් මෙහෙමයි සීන් එක වෙන්නෙ... අර සෙට් එක බකට්, ඔය පොඩි ගැලුන් වගෙ ඒවට වතුර අරන් එනවා, ඇවිත් කෑගහනව.. වතුර වතුර.. ලඟම ඉන්න එකෙක් ඒක ඉල්ලගෙන හෝදනවා.. පස්ට කරුවලයි, මෙලෝ මගුලක් පේන්නෙ නෑ. ෆස්ට් රවුඩ් එක ශේප්. සෙකන්ඩ් රවුන් එකෙදි ඉඳන් තමා ගේම, මොකද කලින් උන් දාපුව මග ඇරල පාග ගන්නෙ නැතුව අනිත් උන්ට දෙන්න ඕනෙ, එහෙම කරල හෝද ගත්තට පස්සෙ කොල්ලො ආපහු යන්න පාරවල් හොයනවා, ඇයි අනිත් උන් කොහෙ දාලද කියල පේන්නෙත් නෑ, පට්ට පෝරියල්..

ඉතින් කොහොම හරි බස් එක ලඟට ආවම තමා අපි දැක්කෙ, පිට්ටනිය මොකක්ද කියල.. අනේ පව් කියලා හිතුනා... එතන තියෙන්නෙ ඉස්කෝලයක්, ඒකෙ පිට්ටනියට තමා අපි සෙට් වෙලා තියෙන්න. අම්මෝ සඳුදා ඉස්කෝලෙ ලමයි ආවම කොහොමට හිටියිද... උන් දන්නවානම් හොයාගෙන ඇවිත් නෙලයි..
අපේ උන්නම් පස්සෙ කාලෙක ඔය ගැන කියන්නෙ ශේෂ කඳු ට්‍රිප් එක කියල.. දන්නවානෙ, සමාජ අධ්‍යනයේ තියෙන්නෙ, තැනිතලා බිමක තියන කඳු වලට කියන නම.. එක කන්දක්ද? කඳු පනහක් විතර නේ, ඔන්නම් කියන්න පුලුවන් ශේෂ කඳු යාය කියල.


ප.ලි : මේක උනේ දකුනු පලාතේ තියන ප්‍රසිද්ද දේවාලයක් ලඟදි, මතක හැටියට වතුර ගෙනාවේ ඒ දේවාලේ පල් වෙච්ච පොකුනකින්.. පල් උනත් මොකෝ හේදෙනවනම් නේද මෙයා.
අනේ ඉතින් අර ඉස්කෝලේ ලමයිට සොරි කියන්න ඕනේ, මොනා කරන්නද

4 comments:

  1. ඉස්කෝලෙ උන් දැනගත්තනං කලින් දා රෑට කාපුවත් යන්න නෙලයි! :D

    ReplyDelete
  2. දකුණු පළාතේ... දේවාලයක් ලග... අහු උනානම් බොලගෙ පස්සවල් කටින් එන්න කනව ආයේ හෝදන්න දෙයක් නෑ...

    ReplyDelete
  3. අනේ පව් අර ඉස්කෝලෙ ලමයි ටික...

    ReplyDelete
  4. දෙවුන්දරදිද බන්? අහු උනානම් කන්න වෙන්නෙ හොදි නැතුව..
    :)

    ReplyDelete