Tuesday, February 22, 2011

ලෑලි මැස්සෙ දොයි....

ඔන්න කලින් ලිපියෙ බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න, එකෙ කියපු හැටියට, බස් එක මග ඩිපෝවකින් නැවැත්තුවනෙ, ඉතින් ඔන්න නලියයි මායි ආයි බස් හෝල්ට් එකකට වෙලා ඉන්නවා ගෙදර යන්න තව බස් එකක් එනකන්. ඉතින් ඔය වෙරි මරගාතෙ ඉන්න කොට, කකුලුත් රිදෙනවනේ, ඒ මදිවට පොලොව ඇදයි, අපිව වැටෙන්න යනව. වට පිට බලනකොට පොඩි ලෑලි මැස්සක් තිබ්බ, මොනා හරි පොඩි කඩ සීන් එකක්, ඉතින් අපි දෙන්න ගිහින් ඔකෙන් වාඩි උනා. ඒත් නලිය කිව්වා පොඩි බෙටි ගඳක් එනව කියල, එත් අපි ගනන් ගත්තෙ නෑ, මොන බෙටිද, කෙලින් ඉන්න ෆුල් ට්‍රයි. .
...... අහො දුකකි ඉරකි තිතකි, අපි ඩබල ඇහෙරෙන කොට වෙලාව 4යි, ගෙදර නෙවෙයි, අර ලෑලි මැස්සෙ උඩ අපි දෙන්න දොයි. දඩ බඩ ගාල නැගිටල, දුවිලි ගසල කොහොම හරි පාන්දර බස් එකක් සෙට් කරන් ගෙදර ගියා. ඔන්න පහුවෙනිදා, මොන මගුල තිබ්බත් ක්ලාස් යන්න ඕනෙ හින්දා නැගිටල ගියා, යද්දි ෆුල් නින්දක් දාගෙන ගිය හින්දා මට බලන්න බැරිඋන ඊයෙ රෑ නින්ද ගිය තැන, ඔන්න හවස ක්ලාස් ඇරිල එනකොට මම සෙට් එකට කිව්ව වෙච්ච දේ,කියල අපි බැලුව කොහෙද අරුයි මායි නිදාගත්තේ කියලා, අනේ ඒ හෝල්ට් එක එනකොට අර ලෑලි මැස්ස උඩ දාගෙන මුදලලියෙක් බඩු විකුනනවා, බුවා හයියෙන් කෑගහනව...

මාලෝ.... මාලෝ.... තෝරා... පරා... කෙලව.....

හෆෝ, පට්ට නොන්ඩිය.. එතකොට තමයි මට මතක් උනෙ අරු කියපු බෙටි ගඳයි, උදේ මගෙ කාමරෙ ගඳක් ගැහුවෙ ඇයි කියල අපෙ අක්කා අහපු ප්‍රශ්නෙට උත්තරෙයි.    

4 comments:

  1. උදේ බල්ලෙක් එහෙම ඇවිත් දෙන්නගෙ මූණ එහෙම හේදුවේ නැද්ද

    ReplyDelete
  2. @ පිණිබිඳු...
    අපෝ, ඔහොමත් නෝන්ඩි කතා කියන්න එපා... ම්ම්ම් හැබැයි වෙන්න බැරිත් නෑ, එකපාරටම ඇහැරුනේ එහෙම සීන් එකක් හින්දද කියල කවුද දන්නෙ... හෆෝයි.

    ReplyDelete
  3. කොරපොතු එහෙම තිබ්බෙ නැද්ද ඇඳුම් වල.

    ReplyDelete
  4. @බූරු පුතා..

    හිහ් සිරාවට. නැතුව ඇති බන්, නැත්නම් රෙදි හෝදනකොට අම්ම හරි අක්ක හරි අහනවානෙ..

    ReplyDelete