Thursday, February 10, 2011

අනාතයගෙ කරාඹු දාගෙන ඉන්න චිත්‍රය

මෙන්න විදිලි දෙක:

දවසක් අපෙ තරුන සමිතියෙ රැස්වීමක් තිබ්බා පන්සලේ. ආයි කියන්න දෙයක් නෑනෙ අපෙ සුරා ගැන, මේලෝකෙ රහක් නෑ, පස්ස පැත්ත භාගයක් පෙන්න කලිසමක් ඇඳල, MC එක ලඟ හෝල්ට් එකේ දවල් 12 බිම ඉඳගෙන ඉන්න  ගටක් තියන පොරක්, මූ ආවෙ මුගෙ අලුත්ම ෆැසොන් එක පත කරාඹු දෙකක් දාගෙන. ඕක අපේ සමිතියේ අනුසාසක තුමාට ඇල්ලුවෙ නෑ, බුවා මුට බැනල එලව ගත්තා. මොන උනත් හොඳ එකා අපි සමිතිය ඉවර වෙලා එනකම්  මූ ගෙට්ටුව ගාව ඉඳල, අපි ආපු ගමන් සුද්ද සින්හලෙන් අනුසසකට දෙනව.
මූ අර කවුද කිව්ව වගෙ ක්‍රිස්මස් පොරක්, එත් ඕක ඌ ක්‍රිස්මස් කියල දන්නෙ ඉරිදා උදේට උන්ගෙ ගෙදර උන් මූව පල්ලියට ඇදන් ගියාම, නැත්තන් ඕකා එක දන්නෙත් නෑ. ඔන්න දැන් මූ බනින සුද්ද සිංහල අතරේ නිකන් අපිට මීටර් වෙන්නෙ නැති කෑලිත් මූ කියවනවා, ඉතින් අපිත් හොඳට ඇහුව,

සුරා: යකෝ #$#$# %$^#^@#$ ^^#%!$!$ %$^^
සුරා: @#@!# #$ ^%^%$ ^%*&(*(^(((
සුරා: ර අනාතයගෙ කරාඹු දාගෙන ඉන්න චිත්‍ර අඳින්න හොඳයි, මම කරාඹු දැම්මම තමයි උට අමාරු. #$ %$%^%$^%$ ^&*%*
 විකිය: ඒ මොනාද බං මූ මේ කියවන්නෙ
කුමා: අනේ මන්දා බං
මම: යකෝ, මුට පිස්සුද මන්දා, කොහෙ ඉන්න අනාතයෙක්ද

අපි: සුරා, යකො මොන අනාතයෙක් ගැනද උඹ කියන්නෙ,
සුරා: ඇයි බන් අර අනාතයෙක් ඉන්නෙ පංසලේ කරාඹු දාපු
අපි: පිස්සුද තොට....
සුරා: ඇයි බන් අර බුදු හාමුදුරුවන්ගෙ ගෙයි දොර ලඟ.
විකිය: අල්ලල දාපන් වැඩක් නෑ ඕකගෙන් අහල

මූ ඔය ගෙයි කියල කියන්නෙ ෂුවර් එකටම බුදු ගෙට, එත් අනාතයගෙ චිත්‍රෙ, පස්සෙ අපි ගිය වෙලාවක බැලුව,
අනේ ඇත්තමයි, දොර දෙපැත්තෙ චිත්‍ර දෙකක් තියනවා, වම් පැත්තෙ විසාක මහ උපාසිකාව, අනිත් පැත්තෙ මුගෙ අනාතය, "අනාත පින්ඩික මහෝපාසක".

2 comments:

  1. මගෙ බඩත් රිදෙනවා උබේ කතා සැට් එක කියවලා, එල මචං එල
    අනාත කතාව අපේ සීයත් ආච්චිට කියනවා ඇහිලා තියනවා

    ReplyDelete