Tuesday, February 8, 2011

සංකය ඉවරයි මචන්, කුජීතයි...

මේ අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ සෙට් එකේ හිටපු එකෙක්ට වෙච්ච දෙයක්, කවුරුවත් නෙවේ අපේ සංකය, මං දන්නෙ නෑ ඔය සංක කියල ලියල තියන විදිය හරිද කියල ඕන්. මේ කියන කාලෙ අපි ඉස්කෝලෙ අවසන් කාලෙ, ඔන්න අපිත් ඉතින් දවසක් තියෙන හැටියට එකතු කරල, එකතු කරල අමාරුවෙන් අරගෙන සප්පයන් උනා. කොහේ ගියත් මොකක් හරි කෙලවෙන්න ඕනේ කියල කියන නිව්ටන්ගෙ හතරවෙනි නියමය හැටියට අපිට එදත් කෙලවුනා,
සංකය පට්ට වැඩියි, දැන් මොකෑ කොරන්නෙ, ඔන්න දැන් අපි මූව නලව නලව ඉන්නවා, අනේ මූ කබර පැටවු දානව, අපි පිට අත ගානව, මූ කියනව එල එල කියලා ආයි කබර පැටියෙක් දානව, අපි ඔලුව තෙමනවා, මූ ආයි එල එල ගානවා, ආයි තව කබර පැටියෙක් දානව, යන්තම් ඔහොම කරල මූ ගොඩ ආව, දැන් මුට ගෙදර යන්න ඕනෙලු, නයි කයිද එග් සැන්විච්,

අපි: කොහෙ යන්නද, තව හිටපන් ටිකක්.
සංක: මට යන්න ඕනේ, එක්කො ගිහින් දාපන්, නැත්නම් මම යනව.
අපි එකෙක් : ටිකක් හිටපන්, මගෙ බෙන්ස් එක ආවම ගිහින් දාන්නම්, යකෝ අපි ආවෙ බස් එකෙ බන්.
සංක: එහෙමද, එහෙනම් යන් පයින්

මොනව කරන්නද, අපි සෙට් එක දැන් මුගෙ ගෙවල් පැත්තට ගියා, අපෝ වැඩි දුරක් නෑ නුගේගොඩ ඉඳන් නාරාහෙන්පිටට (අපරාදෙ සප්පායන් උන දේවල් ). ඔන්න අපි සංකයගෙ ගේ ලඟට ආවා, උගෙ ගෙදර තියෙන්න පොඩි ලේන් එකකින්, එතනින් එහාට යන්න බෑ මාට්ටු වෙනව, මූ කියනවා උට ෆිට්ලු. ඉතින් අපි කෝකටත් පරිස්සන් වෙයන් කියල මූව යැව්ව, දැන් අපි සෙට් එක ලේන් එක දෙපැත්තෙ හැංගිල ඉන්නවා, මූ යනවා, අර ටොස් එක දාපු කතාවේ ඉන්න නලිය ඉස්සරහින්න්ම ඉන්නෙ, උට විතරයි අරූව පේන්නෙ.

ටිකකින් අපිට ඇහෙනවා සංකයගෙ සද්දේ...
සංක: අම්මේ... දොර අරින්න.
සංක: අම්මේ... අම්මේ...  දොර අරින්නකෝ.
සංක: අම්මේමේමේමේ...

ටිකකින්....

අම්ම : ඈ සංකයො.. උඹට මොකද මේ වෙලා තියෙන්නේ.. @#!@#$ %@%$% $^%^ %^^$^$#

නලිය : දුවපන් දුවපන්...
නලිය කිව්ව අපි දිව්ව, එච්චරයි, හරිම සරලයි, පස්සෙ

අපි: මොකද බන් උනේ, ඇයි අපි දිව්වේ...
නලිය: අරූ ඉවරයි මචන්, කුජීතයි
අපි: කියහන්කො, මොකද බං උනේ
නලිය: යකෝ අරු අම්මට මාට්ටු, ඌ පනදාගෙන අරින්න කියල කෑගැහුවෙ උන්ගෙ දොර ෆුල් ඇරල තියෙද්දි බං.  

2 comments:

  1. ෆිට් එකේ හිටි නිසා ඌ එහෙම දකින්නැත්තේ........... :D
    මරු සීන් එක.... :D

    ReplyDelete
  2. හී හී අම්මගෙන් හොඳවැයින් හම්බ වෙන්න ඇති.

    ReplyDelete