Tuesday, February 22, 2011

ලෑලි මැස්සෙ දොයි....

ඔන්න කලින් ලිපියෙ බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න, එකෙ කියපු හැටියට, බස් එක මග ඩිපෝවකින් නැවැත්තුවනෙ, ඉතින් ඔන්න නලියයි මායි ආයි බස් හෝල්ට් එකකට වෙලා ඉන්නවා ගෙදර යන්න තව බස් එකක් එනකන්. ඉතින් ඔය වෙරි මරගාතෙ ඉන්න කොට, කකුලුත් රිදෙනවනේ, ඒ මදිවට පොලොව ඇදයි, අපිව වැටෙන්න යනව. වට පිට බලනකොට පොඩි ලෑලි මැස්සක් තිබ්බ, මොනා හරි පොඩි කඩ සීන් එකක්, ඉතින් අපි දෙන්න ගිහින් ඔකෙන් වාඩි උනා. ඒත් නලිය කිව්වා පොඩි බෙටි ගඳක් එනව කියල, එත් අපි ගනන් ගත්තෙ නෑ, මොන බෙටිද, කෙලින් ඉන්න ෆුල් ට්‍රයි. .
...... අහො දුකකි ඉරකි තිතකි, අපි ඩබල ඇහෙරෙන කොට වෙලාව 4යි, ගෙදර නෙවෙයි, අර ලෑලි මැස්සෙ උඩ අපි දෙන්න දොයි. දඩ බඩ ගාල නැගිටල, දුවිලි ගසල කොහොම හරි පාන්දර බස් එකක් සෙට් කරන් ගෙදර ගියා. ඔන්න පහුවෙනිදා, මොන මගුල තිබ්බත් ක්ලාස් යන්න ඕනෙ හින්දා නැගිටල ගියා, යද්දි ෆුල් නින්දක් දාගෙන ගිය හින්දා මට බලන්න බැරිඋන ඊයෙ රෑ නින්ද ගිය තැන, ඔන්න හවස ක්ලාස් ඇරිල එනකොට මම සෙට් එකට කිව්ව වෙච්ච දේ,කියල අපි බැලුව කොහෙද අරුයි මායි නිදාගත්තේ කියලා, අනේ ඒ හෝල්ට් එක එනකොට අර ලෑලි මැස්ස උඩ දාගෙන මුදලලියෙක් බඩු විකුනනවා, බුවා හයියෙන් කෑගහනව...

මාලෝ.... මාලෝ.... තෝරා... පරා... කෙලව.....

හෆෝ, පට්ට නොන්ඩිය.. එතකොට තමයි මට මතක් උනෙ අරු කියපු බෙටි ගඳයි, උදේ මගෙ කාමරෙ ගඳක් ගැහුවෙ ඇයි කියල අපෙ අක්කා අහපු ප්‍රශ්නෙට උත්තරෙයි.    

Monday, February 21, 2011

එයාගෙ ගාන....

මේ සීන් එකනම් තාමත් මතක් වෙද්දිත් බය හිතෙනවා, එදා අපි ගුටි කෑමකට සෙට් උනානම් තාමත් කනව. ඔන්න දවසක් මායි නලියයි, ( අර ටොස් එක දැම්ම කතාවේ ඉන්නෙ, මගෙ බුදු ෆ්‍රෙඬානෙ, අවුරුදු 5ක් අපි දෙන්න එක පන්තියෙ, එක ලඟ සෙට් උනේ) රෑ 1 ට විතර කානිවල් එකක් ඉවරවෙලා ගෙදර යන්න කියල ආව කොලඹ බොහොම ප්‍රසිද්ද හන්දියකට ආව. දෙන්න ටිකක් අනුමත වෙලයි හිටියෙ, කොච්චර ටිකක්ද කියනවනම් හිටගෙන හිටියෙත් දෙන්නට දෙන්න හේත්තුවෙලා, කොහොම හරි අපි දෙන්න ලඟ බස් එකට විතරයි සල්ලි තිබ්බෙ, ඉතින් ඔය කියන හන්දියට වෙලා අපි ඉන්නව බස් එනකන්. ටිකකින් අපි දැක්කා, පොඩි කඩයක් අයිනෙන් ඩයල් එකක් මතුවෙනවා, අනේ අර ලොකෙ පරනම රස්සාව කරන කෙනෙක්, ෆුල් හැඩ වැඩ දාල.  ඔන්න ටිකකින් නලිය මට මොනවද කියවනවා, උට අර ගෑනිට මොනව හරි කියල එන්නම්ලු බයිට් එකට. මට වෙරි හින්දෙන ගාන, මට තවුසන්ඩ් ශුවර්, මූ මෙ කියන්නෙ ඇත්තටම කියලා, මම දැන් මුට බනිනව පිස්සු කෙලින්න එපා කියල, මූ ඇහුවෙම නෑ, මූ ගියා. බැරිම තැන මම ලඟ තිබුන කනුවකට හෙත්තු උනා දුවන්න රෙඩි පිට.

නලිය : මේ, කොහොමද

ගෑනි : මට මෙච්චරයි, සපෝටර්ට මෙච්චරයි, 3විල් එකට මෙච්චරයි, රූම් එකට මෙච්චරයි, ඔක්කොම මෙච්චරයි (ගෑනි ටොටල් ෆයිනෑන්ශල් ඩීටේල්ස්ම කියෙව්වා එක හුස්මට..)

නලිය : මේ, තමුසෙ ඉන්න, පනහකට (50) විතර බැරිවෙයිද අර අර 3විල් එකෙ අපිව ගෙදර ගිහින් දාන්න, aaaaaa හන්දියට දැම්මත් ඇති.

අම්මෝ, ඒක ඇහුන විතරයි අර ගෑනි ලෝකෙ තියන කුනුහරුප ඔක්කොගෙන්ම කෑගහන්න පටන් ගත්ත මුලු හන්දියටම ඇහෙන්න, උන්ගෙ සෙට් එක ඇවිත් නෙලන්ඩ කලින් එතකොටම ආව බස් එකක්, කොහෙද කියල බැලුවෙත් නෑ අරුත් ඇදන් දිව්ව ඒකට. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ, බස් එකෙ උන් අපි දෙන්න දිහා බලන්නෙ මුක්කුද වගෙ, ඇයි අර ගෑනි අත දික් කර කර බැන්නනෙ හෝල්ට් එකේදි. මොනා කරන්නද, ගුටි වලට වැඩිය නොන්ඩි හොඳයිනෙ කියල හිතහිත ආවා.

ප.ලි. ඒ බස් එක අපෙ ගෙවල් පැත්තට ගියත්, මග ඩිපෝවකින් නවත්තනව. එතනින් බැහල වෙච්ච දේවල් වෙන ලිපියකින් දාන්නම්.

Thursday, February 10, 2011

අනාතයගෙ කරාඹු දාගෙන ඉන්න චිත්‍රය

මෙන්න විදිලි දෙක:

දවසක් අපෙ තරුන සමිතියෙ රැස්වීමක් තිබ්බා පන්සලේ. ආයි කියන්න දෙයක් නෑනෙ අපෙ සුරා ගැන, මේලෝකෙ රහක් නෑ, පස්ස පැත්ත භාගයක් පෙන්න කලිසමක් ඇඳල, MC එක ලඟ හෝල්ට් එකේ දවල් 12 බිම ඉඳගෙන ඉන්න  ගටක් තියන පොරක්, මූ ආවෙ මුගෙ අලුත්ම ෆැසොන් එක පත කරාඹු දෙකක් දාගෙන. ඕක අපේ සමිතියේ අනුසාසක තුමාට ඇල්ලුවෙ නෑ, බුවා මුට බැනල එලව ගත්තා. මොන උනත් හොඳ එකා අපි සමිතිය ඉවර වෙලා එනකම්  මූ ගෙට්ටුව ගාව ඉඳල, අපි ආපු ගමන් සුද්ද සින්හලෙන් අනුසසකට දෙනව.
මූ අර කවුද කිව්ව වගෙ ක්‍රිස්මස් පොරක්, එත් ඕක ඌ ක්‍රිස්මස් කියල දන්නෙ ඉරිදා උදේට උන්ගෙ ගෙදර උන් මූව පල්ලියට ඇදන් ගියාම, නැත්තන් ඕකා එක දන්නෙත් නෑ. ඔන්න දැන් මූ බනින සුද්ද සිංහල අතරේ නිකන් අපිට මීටර් වෙන්නෙ නැති කෑලිත් මූ කියවනවා, ඉතින් අපිත් හොඳට ඇහුව,

සුරා: යකෝ #$#$# %$^#^@#$ ^^#%!$!$ %$^^
සුරා: @#@!# #$ ^%^%$ ^%*&(*(^(((
සුරා: ර අනාතයගෙ කරාඹු දාගෙන ඉන්න චිත්‍ර අඳින්න හොඳයි, මම කරාඹු දැම්මම තමයි උට අමාරු. #$ %$%^%$^%$ ^&*%*
 විකිය: ඒ මොනාද බං මූ මේ කියවන්නෙ
කුමා: අනේ මන්දා බං
මම: යකෝ, මුට පිස්සුද මන්දා, කොහෙ ඉන්න අනාතයෙක්ද

අපි: සුරා, යකො මොන අනාතයෙක් ගැනද උඹ කියන්නෙ,
සුරා: ඇයි බන් අර අනාතයෙක් ඉන්නෙ පංසලේ කරාඹු දාපු
අපි: පිස්සුද තොට....
සුරා: ඇයි බන් අර බුදු හාමුදුරුවන්ගෙ ගෙයි දොර ලඟ.
විකිය: අල්ලල දාපන් වැඩක් නෑ ඕකගෙන් අහල

මූ ඔය ගෙයි කියල කියන්නෙ ෂුවර් එකටම බුදු ගෙට, එත් අනාතයගෙ චිත්‍රෙ, පස්සෙ අපි ගිය වෙලාවක බැලුව,
අනේ ඇත්තමයි, දොර දෙපැත්තෙ චිත්‍ර දෙකක් තියනවා, වම් පැත්තෙ විසාක මහ උපාසිකාව, අනිත් පැත්තෙ මුගෙ අනාතය, "අනාත පින්ඩික මහෝපාසක".

Wednesday, February 9, 2011

සිරා ෆයිට් ෆිල්ම් එකක්...

අද කියන්න යන්නෙ අපේ උන්ගෙ පොඩි පොඩි විදිලි කතා, අනේ ඔයාලට මෙක ආතල් නැත්තන්, කපුටු පිහට්ටක් අරගෙනෙ, කාගෙ හරි නහය අස්සට දාල කරකවන්න, ඊට පස්සෙ කිඹුහුම් යන්න එනකොට, නහයයි, කටයි හොඳට වහන්න (මතක ඇතුව උගෙ හෝ උගි, (හරි නේද ස්ත්‍රී ලින්ග පදේ) ඉස්සරහින් ඉන්න, පස්සෙන් ඉඳල කක්ක විසි උනොත් මම නෑ ). ඊට පස්සෙ උට මේ බ්ලොග් එක පෙන්නල අහන්න, බ්ලොග් එකද ආතල්, කිවිසුම නතර කරපු එකද කියල, 1000% සුවර්, බ්ලොග් එක හොඳයි කියයි.

මෙන්න විදිලි එක

දවසක් අපි විඩියෝ ෂොප් එකකට ගියා ෆිල්ම් එකක් ගේන්න, දැන් අපි තෝරනව, අපේ සුරා, මතකයිනෙ බුවා

සුරා :අඩෝ මේ සිරා ෆයිට් ෆිල්ම් එකක්, මේක ගමු

(කසුනා අනිත් පැත්තෙ රාක්කෙ ලඟ හිට්යෙ )

කසුනා: මොකක්ද බන් නම.

සුරා: ම්ම්ම්, මචන්.. වන් ධම්මෙ

කසුනා: මොකක්... ආයි කියපන්.

සුරා: වන් ධම්මෙ බං

කසුනා: කෝ ගනින් බලන්න

අනේ ඩිවිඩි කවරෙ ලොකුවට ගහල තියනව නලුවගෙ නම, "Van Damme" කියල.


මෙන්න විදිලි දෙක, හෙට බලාපොරොත්තු වෙන්න

Tuesday, February 8, 2011

සංකය ඉවරයි මචන්, කුජීතයි...

මේ අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ සෙට් එකේ හිටපු එකෙක්ට වෙච්ච දෙයක්, කවුරුවත් නෙවේ අපේ සංකය, මං දන්නෙ නෑ ඔය සංක කියල ලියල තියන විදිය හරිද කියල ඕන්. මේ කියන කාලෙ අපි ඉස්කෝලෙ අවසන් කාලෙ, ඔන්න අපිත් ඉතින් දවසක් තියෙන හැටියට එකතු කරල, එකතු කරල අමාරුවෙන් අරගෙන සප්පයන් උනා. කොහේ ගියත් මොකක් හරි කෙලවෙන්න ඕනේ කියල කියන නිව්ටන්ගෙ හතරවෙනි නියමය හැටියට අපිට එදත් කෙලවුනා,
සංකය පට්ට වැඩියි, දැන් මොකෑ කොරන්නෙ, ඔන්න දැන් අපි මූව නලව නලව ඉන්නවා, අනේ මූ කබර පැටවු දානව, අපි පිට අත ගානව, මූ කියනව එල එල කියලා ආයි කබර පැටියෙක් දානව, අපි ඔලුව තෙමනවා, මූ ආයි එල එල ගානවා, ආයි තව කබර පැටියෙක් දානව, යන්තම් ඔහොම කරල මූ ගොඩ ආව, දැන් මුට ගෙදර යන්න ඕනෙලු, නයි කයිද එග් සැන්විච්,

අපි: කොහෙ යන්නද, තව හිටපන් ටිකක්.
සංක: මට යන්න ඕනේ, එක්කො ගිහින් දාපන්, නැත්නම් මම යනව.
අපි එකෙක් : ටිකක් හිටපන්, මගෙ බෙන්ස් එක ආවම ගිහින් දාන්නම්, යකෝ අපි ආවෙ බස් එකෙ බන්.
සංක: එහෙමද, එහෙනම් යන් පයින්

මොනව කරන්නද, අපි සෙට් එක දැන් මුගෙ ගෙවල් පැත්තට ගියා, අපෝ වැඩි දුරක් නෑ නුගේගොඩ ඉඳන් නාරාහෙන්පිටට (අපරාදෙ සප්පායන් උන දේවල් ). ඔන්න අපි සංකයගෙ ගේ ලඟට ආවා, උගෙ ගෙදර තියෙන්න පොඩි ලේන් එකකින්, එතනින් එහාට යන්න බෑ මාට්ටු වෙනව, මූ කියනවා උට ෆිට්ලු. ඉතින් අපි කෝකටත් පරිස්සන් වෙයන් කියල මූව යැව්ව, දැන් අපි සෙට් එක ලේන් එක දෙපැත්තෙ හැංගිල ඉන්නවා, මූ යනවා, අර ටොස් එක දාපු කතාවේ ඉන්න නලිය ඉස්සරහින්න්ම ඉන්නෙ, උට විතරයි අරූව පේන්නෙ.

ටිකකින් අපිට ඇහෙනවා සංකයගෙ සද්දේ...
සංක: අම්මේ... දොර අරින්න.
සංක: අම්මේ... අම්මේ...  දොර අරින්නකෝ.
සංක: අම්මේමේමේමේ...

ටිකකින්....

අම්ම : ඈ සංකයො.. උඹට මොකද මේ වෙලා තියෙන්නේ.. @#!@#$ %@%$% $^%^ %^^$^$#

නලිය : දුවපන් දුවපන්...
නලිය කිව්ව අපි දිව්ව, එච්චරයි, හරිම සරලයි, පස්සෙ

අපි: මොකද බන් උනේ, ඇයි අපි දිව්වේ...
නලිය: අරූ ඉවරයි මචන්, කුජීතයි
අපි: කියහන්කො, මොකද බං උනේ
නලිය: යකෝ අරු අම්මට මාට්ටු, ඌ පනදාගෙන අරින්න කියල කෑගැහුවෙ උන්ගෙ දොර ෆුල් ඇරල තියෙද්දි බං.  

Monday, February 7, 2011

සුරා: තෝ බැන්දත්, කෙල්ලව ගෙදරනම් ගෙනියන්න එපා

මේ කියන කතාවත් අර "ගෑනු-පිරිමි නිදාගත්තම මොකෝ" කතාව කියපු අපේ සුරා කොලුව සම්බන්දයි. මේත් ගෙවල් ලඟ සෙට් එකේ ඉන්නකොට වෙච්ච සීන් එකක්. අපෙ එකෙක් හිටියා දිනේශ් කියලා, අනේ හොඳ කොලුවා, ඒ දවස්වල අපේ උන් ගොඩක් දෙන වේලෙනව, ඔය දිනෙශයටත් කෑල්ලක් හිටියේ නෑ, අපිටත් නෑ, ඒක මේ කතාවට වැඩක් නෑනෙ. කොහොමින් කොහොම හරි දිනේශය හිටි ගමන් සෙට් එකෙන් හැලෙනවා, ආයි ටික වෙලාවකින් එනවා. සතියක් දෙකක් යද්දි අපිට තේරුනා මොකක් හරි කෙලියක් තමා කියලා. ඉතින් අපිත් ඔන්න සි.අයි.ඩී එකෙන් වගෙ මුගෙන් ඇහුව සීන් එක. මේක අවුරුදු හතලිහෙදි ලොකුවෙච්ච කෙල්ලෙක් වගෙ ඇඹෙරෙනව, කියන්නෑ. පස්සෙ ටිකක් බල කරාම මූ කියපි, මේන් මේකා කෑල්ලකට ට්‍රයි කියල. අනේ සාදු, එහෙමවත් සෙට් එකේ එකෙක්ට හරියනව කියන්න අපි ඔක්කොටම හරි ගියා වගෙනේ (ඔන්න කැත විදියට හිතන්න එපා, මම කිව්වෙ එකෙක්ට සෙට් උනොත් ඌ අඩුම ගානෙ පොඩි පාටියක් වත් දෙනවනේ, මුගෙ තාත්තා ලී මෝලක් තියනව, හොඳ බර, මූ නම් එල පාටියක් දෙයි, ඒකයි ).

ඔන්න ඉතින් ඊට පස්සෙ අපි කෑල්ලගෙ විස්තර ඇහුවාම මූ කිව්ව, අම්මෝ, කෙල්ල කව්ද කියල ඇහුවට පස්සෙ තමා අපිට ඔය අම්මෝ කියල කියවුනේ. අපි දන්න ඩයල් එකක්, එහා පාරෙ ඉන්නෙ, නියම සයිස්, වැඩිම උනොත් සුලඟිල්ලක් කිලෝ දෙකක් විතර ඇති, ඕක එලවන්න බරවාහන ලයිසොන් එකෙන් බෑ, අඩුම ගානෙ නැව් හරි සබ්මැරින් හරි ලයිසොන් එකක්වත් තියෙන්න ඕනෙ. අපෙ එකා වැඩිම උනොත් ඒ කෙල්ලගෙ අතක් විතර ඇති, අනේ මන්දා හිත් ගිය තැන බාර් එකක්ලුනෙ.
දැන් සෙට් එක එක එක ප්‍රශ්න, උඹ සිරාවටද, අරකද, මේකද කියල උගෙන් අහනවා, මූත් ඇඹරි ඇඹරි උත්තර දෙනවා. එතකොට, සුරාත් කට ඇරියා. මම කිව්වනෙ සුරා ඔහේ උගෙ පාඩුවෙ ඉන්නව, බොනවනම් බොනව, නැත්නම් නිකන් බලාගෙන ඉන්නව අනිත් උන් කියන කරන දේවල්, ඇත්තටම ඕකා මේලෝකෙ සිහියකින් නෙවේ ඉන්නෙ

සුරා: මේ, මොනව උනත් තෝ බැන්දත්, කවදාවත් කෙල්ලව උඹලගෙ ගෙදරනම් ගෙනියන්න එපා, උඹලගෙ තාත්ත දෙයි වැඩේ. 

අපි ඔක්කොම අන්දුන් කුන්දුන් ඒ කතාවට, කියපු හැටියට තේරුනෙ, නිකන් දිනෙශ්ගෙ තාත්ත .... චාටර් පොරක් වගේනෙ. දිනෙශ් ටිකක් මල වගේ, ඔක්කොම තක්බීර්, යන්තන් තෝන්තු ගතිය අඩුවුන ගමන්, විකිය, අර මගෙ පේර කාල වෙඩි තියපු කතාවෙ ඉන්නෙ, ඌත් ටිකක් මල පැනල

විකි : මොකක්ද යකෝ තෝ කියන්නෙ, මලක් ගැහුවනම් කට වහගෙනෙ හිටපන්.

සුර: නෑ බන් මම කිව්වේ, මේක ඕකිව ගෙදර ගෙනිච්චොත්, මුගෙ තාත්ත, ඕක හොඳ සයිස් බුරුත කොටයක් කියල හිතල ලී මෝලට දාල ඉරයි. 

සැලකිය යුතුයි: සුරාගෙ ජීවිතෙ බේරුනේ, අපි හත් අට දෙනාම එකතු වී දිනෙශ්ව හයියෙන් අල්ලා ගත් නිසා බව නිහතමානීව ප්‍රකාශ කරමි.

Wednesday, February 2, 2011

තාම ගමේ මිනිස්සු දන්නෙ නෑ ඒ අපි කියලා.. හු හූ

මේ දවස් වල මම ටිකක් විතර ඔෆිස් එකේ වැඩ අඩුයි, එකයි මේ හෝ ගාලා කතා දෙක තුනක් දාන්නෙ. මේ කියන සීන් එක උනේ අපෙ ගෙවල් කිට්ටුව, ඒ දවස් වල අපි ඒ ලෙවල් එහෙම ඉවර වෙලා, ආතක් පාතක් නැතුව ඉන්න කාලේ, අපි ඉතින් දවල්ට සෙට් වෙනවා සෙල්ලම් කරන්න හරි, ෆිල්ම් එකක් බලන්න හරි පොඩි කයියක් දාන්න කාගෙ හරි ගෙදරකට. මේ කියන දවසෙ හිටියෙ මමයි, විකියයි, වෙන එකෙක්වත් නෑ. අපි දෙන්න සෙට් වෙලා උනා කියල මෙලෝ රහක් නෑ, මොකද දෙන්නයිනෙ,  ඕමියක් බලන්නත් 4 ඕනෙනෙ. දැන් අපි දෙන්න අර නයා මැරිච්ච අහිකුන්ටකය වගේ වාත වෙවි ඉන්න කොට,

විකිය: මේ, බස්සගෙ ගේ ඉස්සරහ සිරා පේර ගහක් තිබ්බ, දෙමුද වැඩක්.
(ඔය බස්ස කියන්නෙ මහ පිස්සු මැන්ටලයක්, ඇත්තටම උන්ගෙ ගෙදර අම්ම හැර අනිත් උන් ඔක්කොම පිස්සු, පිස්සු කිව්වෙ අර අපිට තියන ජාතියෙ පිස්සු නෙවේ, අංගොඩින් බේත් ගන්න පිස්සු  )

මම: හ්ම්ම්, මොනා කරන්නද, යමන් බලන්න
ඔන්න අපි ගියා, අම්මො ඩොඩන් ගෙඩි සයිස් නියමෙට ඉදුන පේර ගහ,

විකිය : මේ, මම තාප්පෙට නැගල කඩන්නම්, උඹ උලමා වගෙ ඉන්නෙ නැතුව බලපන් ගෙදර මොකෙක් හරි එනවද කියලා.
විකිය දෙයියෙක්, ඔත්තු බලන එක සිම්පල්නෙ, මම ඉතින් අතු අස්සෙන් උන්ගෙ ඉස්තොප්පුව දිහා බැලුවා, ම්ම්ම් මොකාද ඒ.... හුටා, බස්සගෙ තාත්ත, පොර හාන්සි පුටුවෙ ඉන්න ගමන් අපි දිහා බලාගෙන ඉන්නවා.

මම: විකියො, බැහු ගහෙන්, මහ බස්ස අපිව දැක්කා.
විකි: කෙලියා, කෝ.. කොහෙද
මම: අර හාන්සි පුටුවේ
එතකොටම මහ බස්ස අතට ගත්ත පොල්ලක්, දැන් විකිය ගහ උඩ,
මම: යකෝ.. බැහැපන්...
විකි: අඩෝ, අරූට වෙඩි තියපන්, පපුවටම තියපන්..

මම නිකන් අඥ්ඥකොරොස් වෙලා ගියා, යකො මූ මොකක්ද මේ කියන්නේ
විකිය ආයි ඇහැක් ගහල කෑගැහු, තියපිය ඕකට වෙඩි..

මට මෙලො රහක් නෑ, මම නිකමට අරූ බහිනකන් කියල, අර පොඩි උන් අත් දෙක එකට තියල ඩිෂුම් ඩිෂුම් ගාන්නෙ, ඒ වගෙ මාත් අත් දෙක ලන් කරල "ඩෝන්" කියල සද්දයක් දැම්ම, මුකුත් නෙවේ, මහ බස්සව බයිට් කරන්න. එක පාරටම මහ බස්ස පපුව අල්ලගත්තා, බුවාගෙ අතෙ තිබ්බ පොල්ල අත ඇරුනා, මූන නිකන් කජු ලෙල්ලක් වගේ උනා, ඊට පස්සේ..... අර සාහිත්ය පොත් වල තියනවා වගේ, කපා හෙලූ කෙහෙල් කඳක් වගෙ මිදුලෙ පත බෑඋනා, අපි දෙන්න ෆුල් හොන්මන්, කට ඇරගෙන තක්බීර් වෙලා විනාඩියක් විතර හිටියා..

විකිය: හු...  දුවපන්, අරු මැරුන හාර්ට් ඇටෑක් හැදිල

ගිනි දවල්, අප්‍රේල් කිට්ටුවකවත් නැතුව, අපි දිව්වා ගමහරහා, අපෙ ගෙවල් පහු කරගෙනම. හරියටම කියනවනම්, අල්ලපු ග්‍රාම සේවක වසමෙන් තමා අපි නැවතුනේ. පස්සෙ ඒ පැත්තෙ දන්න එකෙක් ව හොයාගෙන, ඌව ඇරල විස්තර බලල තමයි අපි දෙන්න ආපහු ආවේ. පස්සෙ සීන් එක මෙහෙමයි,
අපි දුවනකොට, මහ බස්සා මරහඬ දීලා, ඌට වෙඩි වැදුන, ඉස්පිරිතාලෙ ගෙනියන්න කියල, අහල පහල මිනිස්සු ඇවිල්ල එක විකාරයයිලු, අන්තිමෙ මේකා සද්දෙ නවත්තල තියෙන්නෙ බස්සගෙ අම්ම ඇවිත් දෙකක් කියල ගේ ඇතුලට ගත්තාමලු, පස්සෙ තෙරුන විදියට, මහ බස්සා (උට සිරාවට පිස්සුනෙ ) හිතන්න ඇති ඇත්තටම උට වෙඩි තිබ්බ කියලා, තාම ගමේ මිනිස්සු දන්නෙ නෑ ඒ අපි කියලා.. හු හූ