Friday, May 18, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතා (3) - නලියගෙ අක්ක ලවු එක

 මුල් කොටස පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්

ෆ්‍රී පීරියඩ් එකක්, අපේ කස්ටිය ඉතින් දහ අට සන්නිය නටන්න සෙට් උනා, නලිය වැඩි සද්දයක් නෑ, මම ඇදල ඇරිය උට හුනු කොට්ටෙන්, ම්හු, මූ ඒක ආයි මගෙ දිහාට වීසි කරල මට කතා කරා, වෙනදට මූ මාව මරන්න වගෙ පස්සෙ පන්නයි.

මේ වරෙන්කො, පොඩි සීන් එකක් තියනව, යන් එලියට

මොකො උඹට බෙට්ටක්වත් සෙට් වෙලාද? කෝකටත් ශුවර් නෑ මේ මුගෙ තවත් ගුලියක් ද කියල, මොකෝ ඔය වගෙ ගුලි ඕන තරම් කාල තියෙන්නේ.

නැ නෑ වරෙන්කො යන්න,

ක්ලාස් එකෙ රෙකොර්ඩ් මොනිටර් පට්ටම වටින්නෙ මේ වෙලාවට, මම CRB එකත් කිහිල්ලෙ ගහගෙන මූත් එක්ක කැන්ටින් පැත්තට ගියා,

මොකද සීන් එක,

මේ මට අරකිව අද හම්බ උනා,

ඉතින්, මේ මූ කියන්නෙ ටික දවසක ඉඳන් මුට වැදිච්ච කෙල්ලෙක්, මහා උපාසිකාවක්ගෙ නමෙන් තියන සහෝදරී බාලිකාවක ඉන්න කෙල්ලෙක්, මූ දවස් දෙක තුනක් බස් එකෙ දැකලා, පස්සෙ කොච්චර හෙවුවත් මෙකිව හම්බ උනේ නෑ, එක්කො ස්කූල් වෑන් එකක යන කෙල්ලෙක්ද කොහෙද..

ඉතින් තමයි, අද උන්ට ඇඩ්මිශන්  මම අහගෙන උන් සෙට් එකෙ කච කචේ,

මොන #@$#@$  ඇඩ්මිශන්?

යකෝ ඒලෙවල්

හුටා, ඈ බන් අක්ක පාරක්නෙ, එහෙම කියල මම හිතුවෙ දැන් මූ සීන් එක අත ඇරල කියල,

ඔව් බන්, අවුලක් නෑ, අවුරුද්දයිනේ.. මේ අද ඒකිව කොහොමහරි හම්බ වෙන්න ඕනේ, කතා කරන්න බැරිනම් අඩු ගානෙ ඉන්නෙ කොහෙද කියලවත් බලන්න ඕනෙ, තෝ එනවානෙද?

අහෝ, කන්න යන පෝරියල් එක මට මැවී පෙනේ, මොනා කරන්නද

අඩේ උඹ සිරාද කියන්නෙ,

ඔව් බන්, සිරාවට,

හරි හරි බන්, ලාස්ට් පීරියඩ් එකෙදි පනිමු, එතකොට උන්ගෙ ඉස්කෝලෙ ලඟට යන්න පුලුවන්නෙ ඇරෙන්න කලින්,

ගොනෝ, උන්ට අද  ඇඩ්මිශන්. කීයට යයිද කියල දන්නෙ නෑ, දැන් යමන්

කන්නයන පෝරියල් එකේ තරම හිතුවාට වඩා දාස් ගුනයක් බව මගෙ ටිකිරි මොලේට වැටහේ,

නොදකින් උරුලෑව, උදෙ කිව්වනම්, රෙජිස්ටරෙ මම හදනවනේ,

හරි හරි බන්, අවුලක් උනොත් හෙටනෙ, දැන් ඉතින් යමන්,

පොත් බෑග්

හෙට ගමු, ඕව උස්සන් යන්න බෑ... මුගෙ මගුල් විසේ, මට තමයි කෙලවෙන්නෙ පොත් නැතුව ගෙදර ගියොත්.
කොහොම හරි අපි උන්ගෙ ඉස්කෝලෙ ලඟ බස් හෝල්ට් එකට චෙකින් උනා 10 වෙද්දි, දැන් ඉතින් කාපන්කෝ ටින්කිරි....10.00... 10.30.. 11.00.. 11.30...

මේ @#$$$ @#$@#$#@$ %$@#$@%%@%

හරි හරි බන්

11.30... 12.00.. 12.30... 1.00... 1.15...

අරකි එනව...

කොයි එකද,

බ්‍රවුන් බෑග් එක එල්ලන් ඉන්නෙ, කෙල්ල නම් සිරාය, ඒත් මොකද කරන්නෙ කියා කිසිම අදහසක් නෑත..
ශික් විතරක්, මේ කෙල්ලොත් යන්නෙ රංචු පිටින්, අම්මප නීතියක් දාන්න ඕනෙ කෙල්ලො ඉස්කෝලෙ ඇරිල තනියම යන්න ඕනෙ කියලා
....

වරෙන් අපිත් නගිමු බස් එකට, ට්‍රයි එකක් දාමු අල්ල ගන්න

කොච්චර ට්‍රයි කරත්, උන් බහින තැන ඇහුනෙනෑ, කාපන්කො, අතේ තිබ්බ ඔක්කොම හූරල බස් එක යන අන්තිම හෝල්ට් එකටම ගත්ත ටිකට්, අරුං රන්චුවම කිචිකිචිය, අපි ඉතින් මල පෙරේත්යෝ වගෙ ඉන්නව පෙරේත තට්ටුව දිහා බලාගෙන,
.....

එකපාරටම, මේකි හායි බායි ගූයි කියල බැස්සනේ හෝල්ට් එකකින්, අපි දෙන්න අනිත් දොරෙන් බහින්න සෙට් වෙද්දි බස් එක අද්දලා, යනතන් සද්දයක් දාල, ටික දුරකින් බස් එක නවත්තගෙන බැස්සා. අනෙ අපි
එනකොට, අරකි තව ගෑනු කෙනෙක් එක්ක යනවා ඈත..

අම්මද දන්නෙනෑ,

අම්ම නෙවෙයි බන් අඳුරන පුංචි අම්ම උනත් දැන් ගිහින් කතා කරන්නද? උඹට ඕන්නම් ෆොලෝ පාරක් දාල ගේ බලාගමු, පස්සෙ බලමු මොකද කරන්නෙ කියල.

හ්ම්..

අපි ගේ බලා ගත්තද.. ඒකි ගැන වෙන කිසිම දෙයක් හොයාගන්න බරි උනා.. අරු දැන් නාහෙන් අඬනවා, තව පොඩ්ඩක් හොයමු කියල.. ඉතින් ඔන්න අපි දෙන්න පාරෙ මුරකාරයෝ වගෙ ගේ ඉස්සරහින් තුන්-හතර පාරක් යනකොට මම දැක්ක මරු අයිටම් එකක්, ඒකිගෙ ගෙදරට එහා ගෙදර පොස්ට් බොක්ස් එකේ ලියුමක් හිරවෙලා, ටිකක් එලියට එන්න.. ලොකු හේතුවක් නැතිඋනත්, පාරෙ කවුරුත් නැති හිඳා ඒවෙලාවෙ, මම ඒ ලියිම ඇදල ගත්තා, අඩුම ගානෙ ඇඩ්‍රස් එකවත් බලා ගන්න ඒ පාරෙ ගෙවල් වල. ඒක දෙකට තුනට නමපු වතුර බිලක්, ආව පට්ට අයිඩියා එකක්, ඒකෙ තිබ්බ ඇඩ්ඩ්‍රස් එකයි බිල් විස්තරයි ලියාගෙන බිල ආපහු දැම්මා බොක්ස් එකට..

දැන් තො මොනවද කරන්න හදන්නෙ..

තොට කෙල්ලගෙ ගෙදර විස්තරනෙ ඕනෙ, වරෙන්කො ගෙදර ගිහින් ට්‍රයි එකක් දාමු..

දැන් මගෙ ප්ලැන....

අපි දෙන්න අර නම ගම ඇඩ්‍රස්ස් එක බලාගෙන ඩිරෙක්ටොරියේ හෙව්ව උන්ට ෆෝන් එකක් තියනවාද කියා... පට්ට.. පොඩි කට්ටකින් පස්සෙ බඩු හෑවු. ඊලඟ දවසෙ අපි ඉතින් ඔන්න ගත්ත කෝල් එකක්, පිටපත් මගෙන්, කෝල් එක සූරිගෙන්, ඌ තමයි ඔය ෆෝන් ටෝක්ස් මරුවට දෙන්න පුලුවන් එකා..

A. B. C.මහත්මයාගෙ නිවසද මේ. අපි මේ කතා කරන්නෙ වෝර්ට බෝඩ් එකේ ෆිල්ඩ් මේන්ටේනන්ස් ටීම් එකෙන්.

ඔව්

ඊයෙ අපේ ඔෆිසර් කෙනෙක්  මහත්මයාගෙ ගෙදරට වොර්ට බිලක් ඉෂූ කරල තියනවා රෙකොර්ඩ්ස් වල හැටියට, මහත්මයාට පුලුවන්ද ඒ බිල අරගෙන එන්න ෆොන් එක ලඟට, අපිට පොඩි වැරදීම් වගයක් වෙලා තියනවා සමහර බිල් වල, ඒක චෙක් කරන්න
 
දන් ඔන්න කතාව... බිලෙ ගානයි අරවයි මෙවයි.. අපි ලඟ රෙකෝර්ඩ් තියනවානෙ.. ඊට පස්සෙ..

හරි බොහොම ඉස්තූතිය්, ඔයාලගෙ බිලනම් හරි, ඒත් අපිට පේන හැටියට ඔයාලගෙ දකුනු පැත්තෙ තියන ගෙදර විස්තර තමයි අවුල් වෙලා තියෙන්නෙ, ඒ ගොල්ලො ෆෝන් එක ගන්නෙ නෑ, කවුද මිස්ට.....
සූරියගේ පරම සත්‍ය වගෙ බේගල් අතැරිය ලස්සනට, බුවා හොඳට ඇඳ ගත්තා..

ආ ඔය කියන්නෙ,  DDDDDD ගෙදරනෙ, මම පනිවිඩෙ දෙන්නම්..

අහ්, සොරි එයාල නෙවේ.. කමක් නෑ අපි චෙක් කරල කියන්නම්, ඉස්තූතියි.

ඊට පස්සෙ ඒ කිව්ව වාසගම යටතේ අර ඇඩ්‍රස් තියන ෆොන් නම්බර් එක හොයා ගන්න අවුලක් උනේ නෑ..

ප.ලි. පස්සෙ කාලෙක, කෙල්ල වයස ප්‍රශ්නෙ දාල මුට බෑ කිව්ව. ඒත් අපෙ එකා සැලුනෙ නෑ, ඊටත් පස්සෙ කාලෙක වෙන කෑල්ලකට බැහැල ගොඩ ගියා.



ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන්

එයාගෙ ගාන.... නලියගෙ තව කතාවක්

12 comments:

  1. අන්න කොල්ලො පාරේ යන කොට අහනවැ ගෑණිගේ වයස කියද කියලා

    ReplyDelete
  2. maru kathawanee bn! mmmm! vayasa thamai harahata hithinne hamadeetama! :D

    ReplyDelete
    Replies
    1. පිස්සුවක් ඇතෑ!
      වයසෙ අව්ලක් නෑ, උඹේ ලව ගොඩ දපන්

      Delete
  3. බුදු අම්මෝ...මාරම ගේමක් නෙ දීල තියෙන්නෙ.අපරාදෙ සෙට් වුනේ නැත්තෙ.

    ReplyDelete
  4. CID එකෙන් වගේනෙ මෙයාල හොයල තියෙන්නෙ... හම්මේ....

    ReplyDelete
  5. wayasa pollada bn

    ReplyDelete
  6. මචන්, මම හිතන්නෙ මම උඹව දන්නවා, උඹ රෝ..... නේද? උඹල යුනිෆෝම් පිටින් බීලා හො... පොලිසියෙ සීන් එකත් මම දන්නවා.. උඹ නේද අර උඹල කෑගහනවා කියල සද්දයක් දාපු හෝටල් බුවාට ගැහුවේ, අර ඌ පස්සෙ ආයි දවසක ගේම ඉල්ලුවේ.., මම ආ.....දේ කිඹා (ක..... ). උඹට මාව මතකනම් උඹව කන්ටක්ට් කරන විදියක් දාපන්කෝ. ඒ ලෙවල් වලින් පස්සෙ උඹලගෙ සෙට් එකේ කවුරුත් සෙට් උනේ නෑබන්. උඹේ නමනම් මතක නෑ, ඒත් මේක නෙවේ කියල ශුවර්.

    ReplyDelete
  7. හි හි
    මරු ශර්ලොක් හොම්ස් පාර

    ReplyDelete
  8. ඇඩෙනවා ඕයි!!!! පට්ට ඈ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. @All : කොමෙන්ට් වලට ටැන්කු.. :), සිරාවට උට හඳහනෙ තිබ්බෙ අක්ක පාරවල් සෙට් වීම්මයි. ඔය මං කියන උගෙ පස්සෙ සීන් එකෙත් කෙල්ල එක වයසෙ ඒත් මාස ගානක් වැඩිමල්.
    සිරාවට, වයස කන්නද, දෙන්න කැමතිනම් හික්ස්


    @කිඹා : මචන් මම කොමෙන්ට් එක දැක්කෙ පස්සෙ, අඩේ එලස් මතකයි මතකයි. මගෙ බ්ලොග් ප්‍රොෆයිල් එකෙ මේල් එක තියනවා, ඒකට දාපන් මේල් එකක්.

    ReplyDelete
  10. යකෝ උඹලා හොඳ සීඅයිඩී එකට :)

    ReplyDelete