Sunday, April 8, 2012

කුරුම්බා කෝස්..

අපි ඉස්කෝලෙ බොඩිමෙ ඉන්න කාලෙ අපෙ ෆේවරිට්ම අයිටම් එකක් තම ඔය හොරෙන් කුරුම්බා කඩන එක. ඕක මම මෙහෙම ලෙසියෙන් කිව්වට පට්ට කොමාන්ඩො කෝස් එකක්. උඹලට දැනගන්නත් එක්ක ස්ටෙප් බයි ස්ටෙප් දාන්නන්කෝ අපි කාපු කට්ට.

කවදාවත් අපිට දවල්ට හිතිලා නෑ අද රෑට කුරුම්බා කඩමු කියල, ඕක හැමදාම වෙන්නෙ රෑ පාඩම් කරල එනකොට හරි ලයිට් ඕෆ් කරල නිදා ගන්න ගියාම හරි. ඔන්න එකෙක්ට හිතෙනවා අද රෑට කුරුම්බයක් බිව්වොත් හොඳයි කියල... තියන ෆිට් එක කියන්නෙ මොන අලුගුත්තේරු වැඩක් කරන්න ගියත් තව එකෙක් හරි ඇදගෙනම තමා අපේ උන් යන්නෙ,

මේ බන් කුරුම්බයක් බොමුද

බෑ බන් දැන් කීයද වෙලාව

එකවත් වෙලා නෑ යකෝ, වරෙන්කෝ යන්න,

හරි පයිලට් කෙනෙක් ඉන්නවද? ඔය පයිලට් කියන්නෙ පොල්ගස් නගින්න පුලුවන් උන්, ඔහොම උන් දෙතුන් දෙනයි හිටියේ, අනිත් පයිලට්ලා තමයි කබර පයිලට්, ඒ කියන්නෙ මේ මම වගෙ උන්, බොහොම අමාරුවෙන් අතු සීයක් විතර තියන ගස් වලට කබරයෝ වගෙ බඩගාගෙන නගින උන්. බැහැල බලද්දි පපුවෙ හම ගහේ.

කොහොම හරි පයිලට් කෙනෙකුත් සෙට් කරගෙන බෙඩ් ශීට් එකකුත් අරන් යනව ගහක් ලඟට, තනි කොමාන්ඩො කෝස් එකක්, ලයිට් නැති පැතිවලින්, බිම පාත්වෙලා හැන්ගි හැන්ගි තමයි ගහක් ලඟට යන්නේ. ඔත්තු බලන උන වටේට දාල, පයිලට් ගහට නගිනවා, දෙන්නෙක් අර බෙඩ්ශීට් එක අරන් ගහ යට ඉන්නවා, බොලා හිතන්නෙ බෙඩ්ශීට් එක නිදා ගන්න, පෙරවන්නයි, එල්ලිලා මැරෙන්න විතරයි කියලනේ, ඔන්න අපි බෙඩ්ශීට් එකෙන් ගන්න තවත් ප්‍රොයෝජනයක්, පයිලට් ගහට ගිහින් සෙට් උනාම පොඩි සිග්නල් එකක් දෙනවා, එතකොට අරුන් දෙන්න බෙඩ්ශීට් එකේ කොන් දෙකක් අල්ලගෙන ටිකක් ඈත් වෙනවා, ඔන්න ඕක උඩට තමයි පයිලට් කාරයා කඩන ගෙඩි අතාරින්නෙ. හිතපල්ලකො කට්ට කරුවලේ, අරූ උඩ ඉඳන් දාන ඒවා අල්ලනව කියන්නෙ කොහොම සීන් එකක්ද කියල. මොකද ගෙඩි බිමට වැටෙන සද්දෙ කෙලින්න්ම මාරන්තික සිග්නල් එකක්, වෝඩර්න් අහැරුනොත් ඉතින් බඩුම තමයි, සෙක්කන්ට මාට්ටු වුනත් ඉතින් ආයි බඩුම තමයි, මොකෝ උන් කරන්නෙ ගිහින් වෝර්ඩර්න්ට කියන එකනෙ.

කොහොම හරි මෙතුවක් කාලෙකට එකෙක්වත් ඔලුව පලාගන්නෙ නැතුව කුරුම්බා බෑවා. ඔය බෙඩ්ශීට් එකට වැටෙන ගෙඩි අරුන් දෙන්නා බිමදිගේ රෝල් කරනව අනිත් උන් ඉන්න දිහාට, උන් අර ගෙඩි අරගෙන තව තැනකට ගෙනියනව, පට පට ගාල මේක වෙන හින්දා, ඕන වෙලාවක අපිව මාට්ටු උනත්, වැඩිම උනොත් අපි අතෙ තියෙන්නෙ ගෙඩි එකයි. රහස දන්නවනෙ, මොකද ඔහොම අහුවෙන ඒවා නඩු භාණ්ඩ හැටියට ගන්නවානේ. ඒවා ඉතින් වොර්ඩර්න්ට තමා ඉතින්, අපි කටු කාල, මාට්ටු උනාට පස්සෙ පැය ගනන් දන ගහගෙන ඉඳල, කුරුම්ම්බ මොකටද උට දෙන්නෙ, අරවිදියට කරාම පනිශ්මට් ඉවරවෙලා උනත් ඇවිල්ල හංගපුව අරන් බොන්න පුලුවනෙ.

කොහොම හරි ඔහොම කුරුම්බා කඩා ගත්තට පස්සෙ, ඉතින් කොහෙ හරි අස්සකට ගිහින් නිවි හැනහිල්ලෙ බොනවා. දැන් ඉතින් උඹල හිතයි වැඩේ ඉවරයි කියලා, පිස්සුද, තව ඉතුරුයි, ඇයි යකෝ කුරුම්බා කෝම්බ ටික, කපපු කෑලි ටික, ඕවත් අරන් ගිහින් ඉස්කෝලෙ කොහෙහරි කුනු ගොඩක් අස්සෙ, යට කරනවා, නැත්නම් හදිසිමනම් ඉතින් ලොකු කානුවක් අස්සෙ හිර කරනවා, කොහොමත් කානු හිරවෙලා උතුරන්න සෙට් වෙනකොට ඉතින් ආයි අපිව කොහෙ කියල අල්ලන්නද...


මේ තියෙන්නෙ ඔය බෝඩිමෙ වෙච්ච තව සීන් ටිකක්

හොස්ටල් ෆන්

කට උත්තර නැතිවුන කතාවල්... 2
ෆිල්ම් හෝල් එකේ චාටර් වී...
සර්, සෝන්ග් එකක් සර්




6 comments:

  1. කුරුම්බා සීන් එකේදි වෙන්න පුළුවන් නරකම දේ තමයි කුරුම්බ අල්ලන්න යද්දි ඔලුවට වැටීම. මම එක සැරයක් නොමැරි බේරුනේ 99න්.

    ReplyDelete
  2. කුරුම්බා හොරකම් කිරීම පව් වැඩකි... කවදාවත් කරලා නැතිය... ;)

    ReplyDelete
    Replies
    1. මුං නම් කම්බ හොරු..
      උඔත් එහෙම තමා සාතන් ගොයියා...

      Delete
  3. බ්ලොග් ලියන උං 50%ක්ම හොර කුරුම්බා කාපු බීපු එවුන්! හිකිස්! කුරුම්බා කැඩීමේ (හොරෙන්) ආතලු දන්නෝ දනිති!

    ReplyDelete
  4. අපි එක සැරයක් හොරෙන් කුරුම්බා කැඩුවෙ අපේ වත්තෙමයි..අයියට මාට්ටු වෙන්ඩ හිගින් නූලෙන් බේරුනේ!

    ReplyDelete
  5. "බැහැල බලද්දි පපුවෙ හම ගහේ".....

    patta kathaawa :D, hodi onne naa

    ReplyDelete