Tuesday, December 20, 2011

සුදාගෙ කරටි කැඩෙන ටෝක්ස්

ඊයෙ වෙච්ච පොඩි සීන් එකක් හින්දා තමා මේ කතා සෙට් එක මතක් උනේ, මේකෙ කතා නායකය අපෙ ගෙවල් පැත්තෙම ඉන්න බුවෙක්, කොටින්ම දැක්කොත් බුවා නැත්ත්නම් එබුවා ජාතියෙ පොරක්. බුවා ගැන කියන්නෙ නැතුව මේ පොස්ට් එක දැම්මොත් වැඩක් නෑ. මෙහෙමයි සාරංශය, අපි ඉස්සර ගෙවල් ලඟ පොඩි පිට්ටනියක ක්‍රිකට් ගහනකොට සෙට් වෙච්ච පොරක් හිටිය, බුවා අපිට වැඩිය අවුරුදු 6-7 වැඩිමල්, හැබයි බුදු ෆිට්, ඉස්සර අපිට ඔය මතට තිත බාර් වහපු දාට පොර තමයි මොන ලෝකෙන් හරි බඩු ගෙනත් දෙන්නෙ, පස්සෙ අපේ හෙන ෆ්‍රෙඬා, ආයි අපේ ඕන වලියකට මෑන් ඉස්සරහින්ම, ඔය ඔක්කොම හරි බුවාගෙ අනිත් ලයිෆ් ස්ටයිල් එක තමා අවුල්, කොටින්ම පොර පොඩි පාතාල ලෙවල් එකක් තිබ්බෙ, මිනිස්සු කියන නමත් නිකන් පාතාල ටයිප් එකක්, අපි නිකන් කියමුකො දැනට සුදා කියල, අපි හරි උගෙ යාලුවෝ හරි ඔය නම කිව්වොත් බුවාට අවුලක් නෑ, හැබැයි වෙන එකෙක් කියල අහුවුනොත් බඩුම තමයි. පොරගෙ බොසා පත්තරවලත් නම ගිය පොරක්, බොසාගෙ නමත් කියන්නෙ ගමෙ නමත් එකතු කරල, නිකන් "කොලඹ සුනිමල්" වගෙ, බොසානම් මලා... අපි අන්තිමේ නිකමට හරි ඌත් එක්ක පාරෙ යන්න බයයි, ඇයි මූ දෙන ටොඅක් වලට පස්සෙ අහුවුනොත් අපිටත් නැව් ගුටු කන්න වෙනාව, මොකෝ අපි ඌ වගෙයෑ. දැන් තේරෙනවනෙ පොර කොහොමද කියල, එහෙනම් මෙන්න කතා සෙට් එක.

දවසක් අපි සෙට් වෙල ඉවරවෙලා එනව තව එකෙක්ගෙ වෑන් එකක, ගමෙ පාරනෙ, පොඩියි, එතකොට කඩය ලඟ ත්‍රී වීල් එකක් පාරෙ මැදට වෙන්න නවත්වල ඩැයියා බැහැල කඩීකට ගියා අපි එනකොටම, දැන් අපිට යන්න බෑ,

සුදා බැහැල ගියා කඩේ ගාවට, ත්‍රී විල් කරයා කඩේ ලඟ

සුදා : (3විල් පොරට බොහොම හොඳින්) අය්යා මෙතන හරකෙක් ඉන්නව දැක්කද

3විල් : හරකෙක්..ම්ම්ම්.. නෑ, ඇයි 

සුදා : ඒකතමයි, එහෙනම් හරි, අම්... හු... කැ.. බල්ලෙක් තමා මෙහෙම නවත්තල යන්නෙ (ඩෝන් පටෝන් ගාල කනෙ පාරවල් දෙකක් දුන්න ), ගනින් ප... වීල් එක, අපි යන්නෙ තොගෙ #$# $@#$@#%@% $%^%^%$^$%&$ $% $% &$ &


මෙ තව සීන් එකක්, මේකත් පාරෙ ඉඩ මදි වෙලා,
දවසක් මූ අපෙ තව එකෙක් එක්ක යනකොට වෙච්ච දෙයක්,
මුන් දෙන්න කුරුනෑගල ගිහින් බයික් එකක් බලන්න, ඔන්න පාර ඇතුලට යනකොට පොරක් ෆෝන් එකකින් ටෝක් කර කර බයිසිකලේක යනවලු පාර පුරා, සුදා උගෙ බයික් එක අමාරුවෙන් අරුට ඉස්සර කරල නැවැත්තුවාලු, කරල අර බයිසිකල් කාරයට අත දැම්මලු,

සුදා : මල්ලි, තාත්ත මේ ඉඩම විකුනනවනම් මම ගන්නම්

කොල්ල : ඉඩම, මොන ඉඩමද?

සුදා : මේක (පාර පෙන්නයි )

කොල්ලා : පිස්සුද, පා (එච්චරයිලු කියන්න හම්බ උනේ ඩෝ පටෝන් නැවතත් කොල්ල පාරෙ බිම )

සුදා : එහෙනම් $#@$#@$@%$% තෝ නිකන් තාත්තගෙ ඉඩමෙ වගෙ යන්නෙ, අපි යන්නෙ නැද්ද.

මේ තව සීන් එකක්, මමනම් මූත් එක්ක ගිය අන්තිම ගමනද කොහොද, අම්මෝ එදා කෑවනම් මම තාම කනව, උටනම් මොකෝ, හරි කතාව, අපි ගියා මියුසිකල් ශොව් එකක් බලන්න, එහෙදි සුදාව සෙට් වෙලා, පොර අපිත් එක්කම වගෙ නටන්න සෙට් උනා සැරෙන් සැරේ. අපි ටික ඉතින් ෆුල් ෆන් එකේ මතට තිතයි, මලේ දුමයි එක්ක ඉන්නකොට, තව සෙට් එකක් හිටියා පැත්තකට වාඩි වෙලා මතට තිත. උන් නිකන් කරා සයිස් පොරවල් ටිකක්. ටිකකින්...

අර සෙට් එකෙ බුවෙක් : (අපිට ) ඕයි, තමුසෙල නටනවද මැටි පාගනවද? පව් නොදි ඉන්නවද.
(අපි සද්දයක් නැත, නිකන් ඕවට උත්තර දෙන්න ගිහින් ටින්කිරි කන්නෙ මොකටද )

(තව ටිකකින්)
අරූ : ඕයි, නහරෙද, කිව්වම තේරෙන්නෙ නැද්ද? අයින් වෙනවකෝ ඔතනින්,


(අපි අපේ පාඩුවේ.. එකපාරටම කොහෙන්ද සුදා ආව, ඇවිත් අරුන් ලඟට ගිහින් අපිව පෙන්නලා.. )
සුදා : අය්යේ... මුන් ටික මැටි පාගන්නෙ උඩරට විදියටද නැත්නම් පහත රට විදියටද

අරූ: (ෆුල් ෆොක්ස් වී) ඈඇහ්,
සුදා : ඇයි හු.... 3$#@$$%%#$#^%^$^@^&^&^&^&&^%&&

(ඊලඟට, ඩෝන් පටෝන්...... පස්සෙ සුදාගෙ සෙට් එකද ගෙමට එන්ටර් උනා එතකොට අපි, අපි ටික  බලාගෙන හිටිය එච්චරයි )

තව කතා තියනව, පස්සෙ දාන්නම්
    

12 comments:

  1. එහෙම එකෙක් එක්ක ඉඳලා බේරිච්ච එකම ලොකු දෙයක්!

    ReplyDelete
  2. යකෝ තොපි බලන් හිටියද...

    ReplyDelete
  3. මම ඉක්කෝලෙ යන කාලෙ ඔහොම්මමයි! වලිබර-මානසිකත්වයෙන්මයි හිටියෙ, කෑල්ල නිසා දැන් සැපසේ ගෙවනවා ;)

    ReplyDelete
  4. හයියෝ සල්ලී... හික් හික්.. පස්ට සුදෙක් නේ.... :D

    ReplyDelete
  5. @විසිතුරු : අපෝ ඔව් බන්, දිගටම සෙට් උනානම් අපේ කෑලි සවලෙන් තමයි එකතු කරන්න වෙන්නෙ

    @Mahesh : බලන් ඉන්නෙ නැතුව මොනා කරන්නද? හෙහ් ඇත්තටම මොකද උනේ කියල හිතන්න කලින් අරු නෙලුවා ඇඩ්‍රස් නැති වෙන්න, ආයි අපි ගිහින් හෙල්ප් කරන්න තරම් දෙයක් ඉතුරු වුනේ නෑ

    @පික්සු මලියා : ඔව් බන්, ඉස්කෝලෙ කාලෙදි නම් වලිම තමයි, ඒත් බන්, මොකාද කියලවත් දන්නෙ නැතුව මෙහෙම ගුටි දෙන්න පුලුවන්ද?

    @සෝරෝ : සිරාවට මචන්, ඌ ගැන නම් කියල වැඩක් නෑ, හැබැයි මචන් බුදු ෆිට්, අන්න කොල්ලො බන්

    ReplyDelete
  6. මම හරි ආසාවෙන් බලන බ්ලොග් එකක්.තවත් ඇබැද්දි ලියන්න.ජය

    ReplyDelete
  7. සුදා එල කොල්ලෙක්නෙ ;)

    ReplyDelete
  8. හපොයි වැඩේ කැතයි. තමන් වෙනුවෙනේ අරූ ඉස්සරහට ගියෙ. එහෙම එකෙ බලන් හිටපු හැටිනම් අන්තිම කැතයි. මොන උනත් මිනිහ සදාරන පොර නැත්නම් අර වගෙ එවුන්ට නොගහ ඉන්නවනෙ.

    ReplyDelete
  9. යකෝ මු තනිකරම අපේ අයියකරයා වගේනේ
    උබ මාතරහෙම නෙවි නේ

    ReplyDelete
  10. මේ කතා වලින්නම් මට හිතුනේ සුදා කියන්නේ අසාධාරණයට විරුද්ධ වුනු හොද මිනිහෙක් කියලා

    ReplyDelete
  11. @අකූ : එල එල මචන්, තව තියනවා සීන්, හිමින් ලියන්නම්කො

    @සාතන්, @AmilaArt : ඔව් බන් සිරාවට ඌ එල පොරක් බන්

    @෴෴සිහින කොදෙව්ව෴෴ : පිස්සුද බන්, මම උඩින්නුත් කියල තියෙන්නෙ, ආ අපි ගිහින් එතන කරන්න දෙයක් තිබ්බෙ නෑ, සුදායි උගෙ සෙට් එකයි නෙලුව නෙලිල්ලක් නිකන් තප්පර ගානට, අරුන් ගුටි කෑව කියල දන්නෙත් සෑහෙන වෙලාවකට පස්සෙ..

    @මහිම මදුරංග : නෑ නෑ, ඒ පැත්තෙනම් නෙවේ බන්, කොහෙත් ඉන්නව සිරා පොරවල් මචන්..

    @සජීව විජේවීර : එහෙම නෙවේ බන්, හරියටම කියනවානම්, එලම ඩයල් එකක්

    ReplyDelete