Friday, December 9, 2011

සුරාගෙ තවත් වහ කෑමෙ අවස්තාවක්..

මම කලින් අනෝනිමස් බ්ලොග් කරුවෙක් අල්ල ගන්න තියරිය, කතාවෙදි කිව්වන් අපෙ සුරාට වෙච්ච සීන් එකක් කියනව කියල, ඔන්න ඒක,
කොහොමහරි අපි ඔය පල් හෑලි කියව කියව මතට තිත තියනකොට විකියගෙ ෆෝන් එකක කෝල් එකක් ආව, විකියගෙ ෆන් ටෝක් එක ලන්තරස් වෙලා ෆුල් සීරියස් උනා උගෙ ටෝක් එක, ඉස්සර අපිත් එක්ක ක්ලාස් යන කොට වල බැහපු එකෙක්ගෙන් කෝල් එක, අපෙ තව ඒ වගෙ පරන ෆිට් එකකගෙ ගෙදර මලගෙයක් වෙලාලු, උටත් එහෙන් මෙන් රොයිටර් ආවට වැඩි විස්ටර තියා අරුගෙ කොන්ටක්ට් එකක්වත් නැති හින්ද තමයි අපිට කතා කරල තියෙන්නෙ,

දැන් බන් සුමුදුවගෙ කවුද මැරිල තියෙන්නෙ..

දන්නෑ බන්, අරුටත් අද තව එකෙක් කියල තියෙන්නෙ, හැබැයි බොයන්නක් නෙවෙ වෙන්නැති බන්, එහෙම මල ගෙවල් බොරුවට කියනවද..

අඩෙ සුමුදුවගෙ ෆිට් එකක් හිටිය නේද aaaaa පැත්තෙ..

මතක නෑ බන්..

ඔහොම කතාව යනව, අපි එකෙක් ගාවවත් අරුගෙ කොන්ටෑක්ට් එකක් නෑ.. දැන් බෝතල් ඉවර වෙලා, අපි ෆුල් සාකච්චාව.. සුරා ඔය කතා වලට නෑ.. ඌ තනමල්විල පැත්තෙ.. ආයි ඉතින් හෙට උදේට තමයි ඌ හරි සිහියට එන්නෙ, අර ලොකය ගෝලාකාරයි මිනිස්සු ජම්බුලාකරයිලුනෙ, අරුත් එහෙම තමයි, ඌ මලක් එහෙම ගත්තොත් දෙය්යනේ කියල පැත්තකට වෙලා, කිසි කතාවක් නැතිව ඩුන් ඇර ඇර ඉන්නවා, අපිත් එහෙම වෙලාවට උට කතා කරන්නෙ නෑ, උට මල පනිනවා..

කොහොම හරි සුමුදුවගෙ සීන් එක හිඳා අපි ලොකු කතාවක, නිකමට විකියද කොහෙද සුරාගෙන් ඇහුව, කාලෙකට කලි සුමුදුවයි සුරායි ටෙක් කෝස් එකක් කරල තිබ්බ..

සුරා... යකො.. නැගිටහන්කො... උඹ ලඟ සුමුදුවගෙ නම්බර් එක තියනවදා.

නෑ,

දන්නෙ එකෙක්,

නෑ යකෝ..

ඉඳකින් විතර උලම, යකො හදිසියක්.. උන්ගෙ මල ගෙයක් වෙලාලු.

මුලින් මූ ගනන් ගත්තෙ නෑ, පස්සෙ ටිකකින්

විකියො, මොකද බන් කේස් එක

උඹ ලඟ සුමුදුව කොන්ටැක්ට් කරන්න විදිය දන්නවාද? ටෙක් එකෙ කවුරුවත් නැද්ද... උන්ගෙ මල ගෙයක්ලු..

හිටහන් බලන්න කියල, මූ බන්කුවෙ උඩුබැලියව නිදාගෙන ඉන්න ගමන් ෆෝන් එක අරන් හොයනවා, අපි ඔහෙ ඉන්නවා

ටිකකින් මූ කාටද කෝල් එකක් ගත්තා...
අඩෙ.. සුරා කතා කරන්නේ බන්, කොහොමද බන්, අපි නම් සෙට් වෙලා ඉන්නේ, ස්ලාන්ස් වෙලාඅ.. ගියෙ නැද්ද ටෙක් එක පැත්තේ

.....

අහ් ඇත්තද, අපිත් මේ මල ගෙයක් තම බන් හොයන්නෙ, මල වදේ බන් මුන්ගෙන්, අඩෝ සුමුදුවගෙ කවුද මැරිලලු බන්, උඹට ඌව සෙට් උනේ නැද්ද බන්..

......

ඇහ්, උහ් අප්පටහුඩු, එහෙමද, හරි මචන්, සොරි මචන්, හරි මචන්, ඕකේ මචන්.. මම ආයි කෝල් කරන්නන්කො.

අපි: ගත්තද නම්බර් එක,

මාර සීන් එකනෙ බන්, ඒ සුමුදුවා නෙ බන්

3 comments:

  1. මර පරිප්පුවක්නෙ කාලා තියෙන්නෙ...

    ReplyDelete
  2. අනේ අර සුමුදුට මොනවා හිතෙන්න ඇද්ද????

    ReplyDelete
  3. හප්පේ සඳේ ආනිසංස...සුමුදුවට මොනා හිතෙන්නැද්ද...

    ReplyDelete