Thursday, July 21, 2011

අපේ සර් ගෙ තව කතාවක්..

අපි 12 විතර ඉන්නකොට ඉස්කෝලෙන් ගියා ට්‍රිපක්. කොහොමත් කස්ටිය ඔය කාලෙට ට්‍රිප්ස් යනවනෙ. අපෙ පන්තියත් ඔහොම ට්‍රිපක් ගියා. ඔන්න ඉතින් කස්ටිය උදේ පාන්දරින්ම 8 විතර පිටත්වුනා. අපිව බාරව ගියේ අපේ ක්ලාස් එක බාර සරුයි තව සර් කෙනෙකුයි. අපෙ ක්ලාස් සර් ගැන කලිනුත් මම කිව්වානෙ, බැලුවෙ නැත්නම් බලන්නකෝ මෙතනින් ගිහින් අපි නුවර-එලිය යටත් කර ගත් හැටි.... දැන් තෙරෙනවනෙ පොරගෙ හැටි.
ඔන්න ඉතින් අපි දවල්ට කන්න කියල පොඩි ඇල්ලක් වගේ තියන පොට් එකක බස් එක නැවැත්තුවා. පන්තියෙ හොඳ ලමයි ටික හබුන් කටයි බත් දෙකටයි කියල බත් කනකොට අපෙ සෙට් එක සෙට් උනා පොඩි මතට තිතකට.

ටිකකින් (අපි දැන් වීරයොනෙ හික්ස්)

අඩෝ, සර් තනියම කනව

ඉතින්, නැතුව තෝ කියන්න අනල කවන්න කියලද

නෑ බන්, සර් හොද බුවා බන්, සර් අමුවෙන්ම බත් කන එකේ පොඩි සොට් එකක් ගිහින් දෙමුද බන්.

තොට පිස්සුද. මෙච්චර හොරෙන් බොන්නෙ අහවල් මගුලටද එහෙනම් සර්ට කියලම බොනවනෙ.
....
...
---
---
---
...
හරි හරි එහෙනම් සර්ට බියර් එකක් දෙමු. කවුද සර්ට බියර් එක ගෙනියන්නෙ.

නිමා බොන්නෙ නැනේ, උට කියමු.

තොටනෙ ගින්න, තෝම ගිහින් දීපන්

ඉතින් ඊට පස්සෙ අරු ශේප් එක බියර් එකකුත් අරන් ගියා සර් ඉන්න තැනට.

සර්.. සර්

මොකද

සර්.. මේ බියර් එකක් තියනව... සර්ට දෙන්නද

හ්ම්ම්... ඔතනින් තියනවකො එහෙනම්... අනෙ මන්දා තමුසෙලාත්
(අපේ එකා බියර් එක තියල හැරෙනකොටම )

මේ.. කුමාර... අයිසෙ සැර ජාති එහෙම නැද්ද

ති..තියනව සර්. වයිට් ඩයමන්ඩ්

එහෙනම් ගේනකො ටිකක්
(මිල්ක් ෆාදට ඩොග්ස් ජම්පින්ග්. මොනා කරන්නද අපි අරූට බැන බැන හිස් බෝතලෙකට කාලක් විතර දාල අදාල කලමනාත් එක්ක ආයි අරු අතේම යැව්වා )

සර්, මේ මේක..

ආහ්.. මේ ගල උඩින් තියල යන්න

සර් එහෙනම් බියර් එක ගන්නද

ආහ්.. ඒකත් ඔය ගල උඩින්ම තියල යනවකො....

10 comments:

  1. අපරාදෙ කලින්ම දුන්න නම් බියර් එකක් ඉතුරුයි නේද

    ReplyDelete
  2. හත්වලාමයි... අනාත සාගරේ කිව්වලු... අපිත් ඉස්කෝලෙ යනකොට නම් වයිට් ඩයමන්ඩ්ම තමයි පාවිච්චි කලේ... ;) බියර් නම් බිව්වෙම නෑ...

    ReplyDelete
  3. ඒක තමයි අපරාදෙ බියර් එක...

    ReplyDelete
  4. හැක් හැක් හැක්.... :D

    ReplyDelete
  5. @ පිණිබිඳු... & indi :
    ඔව් ඔව් සිරාවට අපරාදේ බියර් එක. ඒ දවස් තිබ්බ හාමතෙ හැටියට. මොනා කරන්නද, අපි ඉතින් පිනක් කරගන්න ගියොත් ඇඳන් ඉන්න කලිසමත් අනිත් උන් ගලෝ ගන්න වැඩමනෙ අපිට වෙන්නෙ

    @ සාතන් :
    ඔව් බන්, අපෙ ඒ දවස්වල ජාතික පානය (හික්ස්). බැරිම උනොත් ගල් යනව. ඒ සල්ලි පට්ට නැතිවුනොත්.

    ReplyDelete
  6. අම්මට සිරි පට්ට සර්ලා ! අන්න මිනිස්සු

    ඇයි බං සර්ලා කියන්නේ කන බොන මිනිස්සු නෙවේද ?

    ReplyDelete
  7. @හිස් අහස සඳරු :
    නැතුව නැතුව මචන්. ඒකනෙ අපි සැලුකුවෙ ඒ විදියට :) මචන් සිරා සර් බන්, දවසක් බිග් මැච් එකක්දි සර් හිටියා අපේ බෝයිස් ටෙන්ට් එක බාරව. සර් සැරෙන් සැරේ අත්දෙකින් මූනට පවන් ගහනව, ඊට පස්සෙ ලඟ ඉන්න කාට හරි කියනවා, හ්ම්ග් මාර රස්නයක්නෙ තියෙන්නෙ, කොච්චර වතුර බීවත් මදිනෙ කියල බෑග් එකෙන් වතුර බෝතලයක් අරන් උගුරක් බොනවා... පව් නේද බන්, ඒ උනාට හොඳට සර් දිහා බලාගෙන හිටියම තමයි අපිට තේරුනේ, බුවා එක පාරකට එක උගුරයි බොන්නෙ, බොනකොට මූන පොඩ්ඩක් ඇදවෙනවා... දැන් තේරෙනවනෙ රහස

    ReplyDelete
  8. මේ සර්රුත් එහෙනම් මම සාපෙ කරපු ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ තමා.. ඉස්කෝලේ ඇතුලේ කොල්ලෝ එක්ක බීලා මාට්ටු වුනා එක සැරයක්.. :D

    ReplyDelete
  9. @චතුවා (ළමයා) : පිස්සුද මචන්. සර් ඉස්කෝලේ ඇතුලේ පට්ට සැරයි. එවගේම පට්ට නීති, පොරත් එක්ක එහෙම සෙල්ලන් දන්න බෑ ඉස්කෝලෙ ඇතුලෙදි.

    ReplyDelete
  10. eekata ape eun bonna kalin yakage panguwa wen karanawa!

    ReplyDelete