Friday, September 23, 2011

මලයගෙ බඩගින්න...

මම මේකට කලින් දාපු කතාව හරියට ලින්ක් වෙල තිබ්බෙ නෑ. ඔන්නම් මෙන්න ඒ කතාව මෙතනින්. ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන්





මේක හෙන පොඩි කතා සීන් එකට. මගෙ ලඟම නෑදෑ වෙන මල්ලි කාරයෙක් ඉන්නව. ඌ සිරා පොර, ඕකා එක අවුරුද්දට කෙල්ලො 20 විතර යාලු වෙනව. එතකොට ඌ කෙල්ලො දාගන්න ඇවරේජ් එක මාසෙකට 1.666 විතර. හැබැයි ඌ කියන්නෙ ඒවා ඔක්කොම කුලුඳුල් ෆස්ට් ලව්. බුවා නම් කියන්නෙ තාම සිරා ලව් එකක් සෙට් උනෙ නෑ කියල.
ඕක දවසක් අපේ ගෙදර ආපු වෙලාවක ගිය පොඩි දෙබසක් මේ..

මම : මොකෝ මේ පැත්තේ

බුවා: කෙල්ලව බලන්න ආව, රෑ උනා

මම : කෙල්ල කිව්වෙ අර මෙඩිකල් එකද?

බුවා: ඇයි මම කිව්වෙ නැද්ද, මේ අලුත් එකක්, CIMA ක්ලාස් එකේ

මම : දැන් තමුසෙ ඕකවත් කරන්නෙ සිරාවටද

බුවා: නෑ බඩගින්නට

ප.ලි : ටියුබ් ලයිට් නම් සොරි... මමත් ටිකකින් තමා තේරුන් ගත්තෙ මූ කියපු කතාව...

Tuesday, September 20, 2011

ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන්

ඒ ලෙවල් දවස්ය, මම පන්තියේ රෙකොර්ඩ් මොනිටර්ය, මම කොච්චර ශෝක්ද කියනවනම්, ඒලෙවෙල් අවුරුදු දෙකේම මම රෙකොර්ඩ් මොනිටර්ය, අනිත් මොනිටර්ලා ඔක්කොම කාලෙන් කාලෙට මාරු උනේය. අපේ ඉස්කෝලෙ අමුතු සිස්ටම් එකකි, පන්තිය මොනිටර්, උගෙ දෙවෙනියා ඉදිති. ඒ මදිවට රෙකොර්ඩ් මොනිටරයෙකුත් සිටී. රෙකොර්ඩ් මොනිටරයාගෙ නිත්‍යානුකූල වැඩ වෙන්නෙ ක්ලාස් රෙකොර්ඩ් බුක් මේන්ටේන් කිරීම, කොල්ලන්ගේ පැමිනීම සර්ට කීම, කොල්ලන්ගෙ ටර්ම් ටෙස්ට්, මිඩ් ටෙස්ට්, යියර් එන්ඩ් ටෙස්ට් වැනි හැටහුටාමාරක් ටෙස්ට් වල ලකුනු හැදීම, අදාල පීරියඩ් එකේ සර් හෝ මිස් එන්න පරක්කුනම් සොයා බැලීම වැනි බාර්‍යදූර කටයිතුය.
ඊට අමතරව, අපෙ සෙට් එක විසින් පෑවරුව රාජකාරී හැටහුටාමරක් තිබිනි, ඒවායින් සමහරක් නම්, මොනිටරයාට තගක් දමා ඌව පුටුවෙ ඉන්ඳා තිබීම, නම් ලකුනු කරන වෙලාවට සර් ලඟට ගිහින්, ආපු උන් සහ එදා හවසය පනින උන් ගානට බැලන්ස් කිරීම හා ඒ වෙලාවට මොනිටරයාට තග දමා සර් ලඟට එන්න නොදීම, පීරියඩ් කට් කර පරක්කු වී එන වුන් සහ මාට්ටු උන් බේරීම, ඒ සඳහ නැවත මොනිටරයාට තග දැමීම, ඕන කේස් එකකදි, "ආහ් සර් එයා මට කියල ගියෙ පැනඩෝල් එකක් ගේන්න" යන ඩිෆෝල්ට් වාක්ක්‍ය කීම, එවෙලේට නැවතත් මොනිටරයාගෙ කට වැසීම ආදියයි. ඔහොම දැඑහෙමෙන් සෙමින් යනකොට පොඩි පොඩි සීන් වෙනව

දවසක් නලියා, මගෙ බුදු ෆිට් එක, කොහෙද රවුමක් ගහල, සෙක්ශනල් හේඩ්ට මාට්ටු,

හෙඩා මගෙන් අහනවා,

ප්‍රසා, පන්තියේ ඔක්කොම ඉන්නවද
(මට හිතුනා කවුරු හරි එකෙක් කෙලෝගෙන තමයි කියල, මට එකපාරටම මතක නෑ මොකාද පැන්නෙ කියල )

ඔක්කොම ඉන්නවා සර්, දෙන්නෙක් සික් රූම් එකට ගියා පැනඩෝල් ගෙන්න.

දෙන්නෙක්??? කියනව ගාන හරියට.

(අම්මටවුඩු ඊට වැඩියිද??)
තව දෙන්නෙක් ගියා ගියා ඔෆිස් එකට

එතකොට හතරයි, එච්චරද??

ඔව් සර්.

මෙ එනවා තමුසෙත්. බලනව අතන හිටෝල ඉන්න එකා, මිනිහා කොහෙද ගියේ
(නලියා ඉන්නවා කොරිඩෝර් එක කෙලවරෙ හිටගෙන)

ම්මම්, එයා තමයි පැනඩෝල් ගෙන්න ගියේ. (මට සුවර් මූ ගහන්නෙ ඔය බොරුවනේ )

ඇත්තද, එහෙනම් ගිහින් තමුසෙත් එතනින් හිට ගන්නවා, මම කියනකන්.

නයි කයිද රෝස් පාන්, මාර හෙනයක්නෙ. මට තේරුනා මොකක් හරි බුදු අවුලක් කියලා, මොනා කරන්නද, මම ගිහින් අරූ ලඟින් හිට ගත්තා.

මම : ඈ ගස් බල්ලො තෝ සර්ට කොහෙ ගියාද කියල කිව්වෙ

නලියා : නැ බන් මම තාප්පෙන් පැන්න, පැන්නට පස්සෙ මතක් උනේ බෑග් එක තාප්පෙන් ඉස්කෝලෙ පැත්තෙ කියල, ඉතින් බෑග් එක ගන්න මම ආයි පනිනකොට සර්ට මාට්ටු, මම කිව්ව, සර් දැන් තමයි ඉස්කෝලෙට එන්නෙ, පරක්කු උනාම ගෙට්ටුවෙ තියාගන්න හින්දා පැන්න කියල. ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ?

(මට මූව කන්න මල )

( ආ නිකන්, තෝ ඉස්සෙල්ල පනිනකොට තොගෙ වැටිච්ච බිජ්ජ අහුලන්න ගිහින්. )

Thursday, September 8, 2011

සර් ඒකෙන් ෆුල් කිට් එකක්ම මහල ඇඳගත්තාය

අමරයා පට්ටය. ඌ චේතිය රජ්ජුරුවන්ගෙ අඳුරන පුංචි අම්මගෙ නෑදෑවෙන පුතෙකි. සමහර විට ඌ කියන කතා ඇහෙනකොට, අපේ කකුල් සීතල වෙයි. ඒ පොලව පලාගෙන ගිනි ජාල ඇවිත් ඌව අපායට ඇදගෙන යනකොටට ඌ අපේ කකුලෙ එල්ලිලා අපිවත් අපායෙ යයි කියලාය.
කොට්ටෝරුව අපේ සිරා සර් කෙනෙක්, සර් බෝර්ඩ් එකෙ ලියනකොට ටොක් ටොක් ගාල සද්දයක් එයි, ඒක හින්දා කොට්ටෝරුවා කිව්වත්, සරුත් ඉඳල හිටල කෙහෙල් ගස්වල පැටලෙන හින්දා ඒ නම සිරාවට මැචින්ය.

දවසක් කොටෝරුව අපිට ආතති ගානක් දී එලියට ගියේය, එහෙම යන්නෙ සර්ට ආතති උනාමද කියලා සුවර් නැතත් සර්ගෙ පාස්ට් රෙකොර්ඩ්ස් හින්දා අපිට සර් ආයි එන්නෙ නෑ කියල ශුවර්ය, අපි ගාන පැත්තකින් තියලා අපි අපෙ ගනන් පටන් ගත්තේය, සෙට් එකක් ගාන හදයි, අනිත් උන් බල්ටි ගහයි, මායි අමරෙයි පට්ට කතාවක.
මිල්ක් ෆර්දට ඩෝග් ජම්පින්, අහෙතු කාලේන වස්සානම් කියල සර් පැන්න වස්ස වගෙ ක්ලාස් එකට.
අනිත් උන් ශේප්, අපි දෙන්න දැක්කෙ නෑ සර් එනව, කය්යෙ සැර වැඩිකමට. නෝදෝකින් අපි දෙන්න මාට්ටු, නිකමට කියන්නෙ, අර හොඳට ඉගෙනගන්න සාන්ත දාන්ත එකෙක්ව මාට්ටුවෙයන් කොහෙද.

ප්‍රසා, අමරෙ නැගිටිනව, මොකද ඔතන කිචිබිච්ය, හැදුවද ගාන?

(අමරෙ )
නෑ සර් අපි දෙන්න ඩිස්කස් කරා
(මට ඇඩ්‍රස් නැත, ආයිත් කකුල් සීතල වෙනු දැනේ)

මොන ඩිස්කස්ද මනුස්සයො මෙ ගානෙ

නැ සර්, අර ඩෙසිමල් පොඉන්ට් එක හින්ද මේ ගාන හදන්න බෑ වගෙ
(මට ඇඩ්ඩ්‍රෙස් විතරක් නෙවේ, මගෙ පිසිකල් බොඩියම නෑ වගෙ දැනේ)

හැක්, මොන ඩෙසිමල්ද?

සර් අර තියෙන්නෙ
(මූ ගානෙ අහලකින්වත් නැති බෝර්ඩ් එකෙ තියන චෝක් මර්ක් එකක් පෙන්නයි )

අහ්, ඒක මේ ගානට අදාල නෑනෙ, ඒක මේ පැත්තක තියන චෝක් මාර්ක් එකක්නෙ අයිසෙ

ඇත්තද සර්, (මූ මගෙ දිහාට හැරෙයි ), ඒකනෙ ප්‍රසා මම කිව්වෙ, ඕක නිකන් තියන මාර්ක් එකක් කියල, මම කිව්ව එක ඇහුවනම් අපි ගාන දෙපාරක් හදල. අපි ඉඳගෙන ගාන හදමු,
(සර් කිව්වෙත් නැත මූ මාවත් ඇදන් ඉඳ ගත්තා )

(සර් මුලු පන්තියටම )
අන්න එහෙම හැමෝම ප්‍රශ්නයක් ආවාම ටිකක් හිතන්න, ඒකෙ වැරද්දක් නැඇ. එතකොට සමහරවිට වැරදෙන එක අඩුවෙනවා යැයි කියමින් සර් අමරය සර්ට දුන් කපු රෙදි යාරෙන්, ෆුල් කිට් එකක්ම මහල තනියමම ඇඳගත්තාය.

Thursday, August 25, 2011

සර්, නිකන් හඳ පායනව බලන්න ආව

මේකත් අපි ගිය ට්‍රිපක්, මතක නෑ හරියටම කොයි ට්‍රිපද කියල. අපි කොහොම හරි ට්‍රිප ගිහින් නැවතුන තැනකදි තමයි මේ සීන් එක උනේ.
ඔන්න රෑ හොඳ ලමයි කස්ටිය කාල බීලා, අපි කස්ටිය බීල කාල බීලා ආයි බීල ආයෙත් බීල වැටිල ඉන්නව. ඔය අස්සෙ අපෙ සජීයි තව දෙතුන් දෙනෙක් මිස්සින්. මුන් එලියෙ හුලන් වදින්න කියල ගිහින්. අපෙ සජී ශේප් එකේ ගිහින් පොඩි ගලක් උඩ වාඩිවෙලා බට කොටයකුත් ඇදඇද ඉන්නවලු.
අපිත් එක්ක ගිය සර් කෙනෙක් එතකොට එතනින් ගිහින්.. සර් දැකල අපෙ එකාව..

සජී.. මොකද ඔතන කරන්නෙ..

සර්, නිකන් හඳ පායනව බලන්න ආව

හඳ... එතකොට ඔය දුම..

ආහ් සර් මීදුමක් වෙන්න ඇති... මෙහෙ මාර සීතලයිනෙ
(සර්ටත් හින මුගෙ අපබ්‍රන්ස අහල )

හරි හරි, ඕන මගුලක් කරගන්නවා හැබැයි ඔය ගොම ගොඩ උඩින් නැගිටල වෙන තැනකට ගිහින්. නැත්නම් තමුසෙ බස් එකම ගඳ ගස්සයි හෙට උදේට.

ප.ලි. මූ පොඩි ගලක් කියල ඉඳගෙන තියෙන්නෙ වේලෙන්න දාපු ගොම ගොඩක් උඩ.

Wednesday, August 17, 2011

අපෙ සජී කාරයගෙ කතා

මම එදා කිව්වනෙ අපෙ සජී කාරයගෙ කතාවක්, බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකො සජීගෙ සහ ජයේගෙ මෙශර්මන්ට් යුනිට්ස් කතාව. මම කිව්වෙ, මූ සිරා ඩයල් එක, ඌ ඉපදිච්ච ගමන් ඩෙසට් එකට එෆ් එම් රේඩියෝවක් ගිලලද කොහෙද. පට්ට කියවිල්ලක් තියෙන්නෙ. හැබයි ඕන එකෙක්ට අහගෙන ඉන්න පුලුවන්, ෆුල් ආතල් කතා තමයි දෙසන්නෙ.
අපි එතකොට 9 විතර, නැත්නම් 8. දවසක් මූ එනව පට්ට පරක්කු වෙලා, ඒ මදිවට ෆුල් සෑඩ් මූඩ් එකෙන්. හරියට උට ගෙදරින් උදේට කන්න දුන්නෙ නෑ වගෙ.

ඒ, මොකෝ බන්

අඩෙ අද මාර සීන් එකක් උනානෙ බන්

කියහන්කො ඉතින්, මෙතන බෙට්ට හිරවෙලා වගෙ තටමන්නෙ නැතුව.

අඩේ, අද අපි ආපු බස් එක පට්ට හයියෙන් ආවෙ, එකට සීය කෙනෙක් හප්පුනා බන්, ගන්න දෙයක් නෑ කුඩේ කුඩු.
අපිට හෙන අප්සෙට්ය, මොනා උනත් වයසක ඩයල් එකක්නෙ කියල හිතල අනෙ පව් කියල කියන්න කලින් (හොඳ වෙලාවට කිව්වෙ නැත්තෙ )

ඉතින් මොකද උනේ ඊට පස්සෙ

අහ්, ආයි මේ කුඩේ හදන්න බෑ කියල, කැඩිච්ච කුඩේ විසි කරල සීය බැන බැන ගියා බන්.
අපි මඤ්ඤං විය

තව දවසක්, මූ පට්ට කලබලෙන් ආවේය. බෑග් එක ඩෙස් එක උඩට විසිකර උගෙ එෆ් එම් කට ඇරියේය
අඩෝ, අද aaaa හන්දියෙදි එල ඇක්සිඩන්ට් එකක් (ඇක්සිඩන්ට් එකක් එල වන්නෙ කොහොමදැයි ඌම තමා දන්නෙ ). ත්‍රීවිල් එකක් ලොරියක සෙත්ත පෝච්චි වෙලා, ඩ්‍රයිවර් එතනමයි.

අපි ආයි අප්සෙට් විය. මොනා උනත් ජීවිතයක්නෙ. අපි අපරාදේ කිව්වෙමි. එතකොට මූ කිව්වෙ,

ඔව් බන්, කෑලි ගලවයි කියල බයට ඩ්‍රයිවරය එතනම ඉන්නව කියාය.
අපි නැවතත් ම්ඤ්ඤං විය.

Thursday, August 11, 2011

සජීගෙ සහ ජයේගෙ මෙශර්මන්ට් යුනිට්ස්


අපි 9 පන්තියෙ ඉද්දි අල්ලපු පන්තියේ නසරානි සෙට් එක ගැන කිව්වනෙ. අපි එහෙම පිට වලි වලදි ෆිට් එකෙ හිටියට, ක්ලාස් එක ඇතුලේ සෙට් තුනක් හිටියා, සාමකාමී, සැදැහැවත් සුපෙක්ශල සෙට් එකයි, අපෙ සෙට් එකයි, අපේ එගේන්ස්ට් සෙට් එකයි. අපේ සෙට් එකේ, මම, ඩුනු, නොර්මල් කොටා, සජී ඇතුලු සෙට් එක හා අරුගෙ ජයෙ, මාල්, හඩ්ඩා ඇතුලු සෙට් එක. උන්ගෙ සමහර උන්ගෙ සයිස් එකත් වැඩියි, මම කිව්ව උස. අපි ඔක්කොම කොට්ටු හෝ ලාවට උස උන් (එතකොට උගුරු ඇටෙත් පැනල නෑ, දැන් වගෙ නෙවෙයි, හෙන මී බට්ටො ).

අපේ උන්ගෙ එකම ආයුදේ කටින් ගේම ඉල්ලන එක. අරුන් නම් වැඩිය සද්දෙ දැම්මෙ නෑ, ඔන්නම් ඇවිත් අපෙ කොලර් එකෙන් අල්ලල දෙකක් නෙලනව වගෙ දෙයක් තමයි. දවසක් සජී, ආ ඔය සජී පට්ට පොරක්, දවසක් ෆ්‍රී පීරිඩ් එකක පිස්සු කෙල කෙල ඉන්න කොට, ප්‍රෙෆෙක්ට් කෙනෙක් ඇවිල්ල බැනල බැනල අල්ල ගත්ත සජී කාරයව, ඌ සජීට හැසිරෙන හැටි කියනව, කියන ගමන් ඌ අහනව,

සජී, උඹලා මේ වයසෙදිම මෙහෙම පිස්සු කරල ලොකු උනාම මොකද කරන්නෙ

අනෙ අයියෙ මම ත්‍රීවිල් එකක් නයට අරන්, එකේ කලු පාට ගාල, ගෙවල් ලඟ හන්දියේ නවත්තල, හයර් එනකන් කන්නාඩියට අත තියාගෙන ඉන්නව.

සජී එහෙමය, උගෙ කතාවෙන් පස්සෙ අපි ඒ ප්‍රෙෆෙක්ට් ව හොයන්න පත්තරේ ඇඩ් එකක් දැම්ම.

හරි කියන්න ආවෙ වෙන සීන් එකක්නෙ.

දවසක් සජී ජයෙගෙන් ගේම ඉල්ලලා, ජයේ එතකොටත් අඩි 6 විතරය, ඌ පොඩි කාලෙ ගිරාෆ් කෙනෙක්ගෙන් කිරිබීලද කොහෙද.
ජයෙ කඩාගෙන ආව සජීගෙ මේසෙ ලඟට, උගෙ පතොරිය කකුලක් කෙලින්ම උස්සල තිබ්බ සජීගෙ මෙසේ උඩින්. ඊට පස්සෙ ඇඟිල්ල සජීට දික්කරල ඇහුවා

අඩෝ සජී, තෝ මාත් එක්ක ගේම ඉල්ලන්නෙ, තොට ශුක්‍රානු බින්දුවක්වත් යනවද (මම මේ වචනය පාඨක සංවේගය උදෙසා වෙනස් කරේය. ඌ කිව්වෙ අකුරු දෙකක වචනයකි )

අඩෝ බල්ලොනම් අන්න බල්ලෝ, සජී තමයි සජී, ඌ ආපහු ඇහුවා අරූගෙන්,

ශික් මචන් තෝ ඔච්චර ලොකු වෙලත් තාම ඕවා මනින්නෙ බින්දු වලින්ද, අපිනම් ලීටරෙ ජොග්ගු වලින්.


(අපි ජයේව හොයන්න තව ඇඩ් එකක් පත්තරේ දැම්මෙමි )

Thursday, August 4, 2011

K පන්තියේ නසරානි සෙට් එක

ඒ තරන් පට්ට පිස්සු කෙලපු කාලයක් ආයි කවදාවත් එන්නෙ නෑ. ඉස්කෝලේ කාලේ කරපුව මතක් වෙනකොට පිස්සු හැදිල හොඳවෙලා ආයි පිස්සු හැදෙනව. පට්ටයි ඈ.
අපි එතකොට නවයෙ, අපි B, අපෙ එක පැත්තක තිබ්බෙ A ක්ලාස්ස් එක. පොතෙ හැටියට අනිත් පැත්තෙ තියෙන්න ඕනේ C, ඒත් තිබ්බෙ K එක හරි L එක (K එක කියල හිතමුකෝ). මතක නෑ මොකද සීන් එක කියලා. අම්මෝ K එකේ තමයි ග්‍රේඩ් එකේ නසරානි සෙට් එකම හිටියෙ. හරියට තෝරලා දාල වගෙ.
අපේ කොටා, තමයි උන්ව නියම විදියට අයිඩෙන්ටිෆයි කරේ  

අනෙමන්දා කොටා නම් කියන්නෙ,
යකෝ අපි මොන බල්ලොද, මුන්නෙ පර බල්ලෝ මචන් කියල.

ඔය කියමන ඉන්ටර්නැශනල් කීර්තියටපත් කොටාගෙ.

උන් සෙට් එක පට්ට නසරානි, උන් හැමදාම අපෙන් ගේම ඉල්ලනව. මුකුත් හේතු නෑ, අපිත් ඉතින් අතාරින්නෙ නෑ, ශේප් එකේ ඉන්නව, ඇයි මොකෝ උන් එක්ක එල්ලෙන්න අරූ කිව්ව වගෙ අපි පර බල්ලොයෑ. අපි නිකන් පොඩි කුක්කොනෙ. ඔන්න ඉතින් දවසක් ගේම දරුනුවටම ගිහින්, අපේ ඉවසීම පැන්න, සෙට් එකම ගිහින් නෙලුවා අරුන්ට හන්දි කැඩෙන්න, පිස්සුද, නයි කයිද රෝස් පාන්, අපි ලැජ්ජා නහරෙ කපල පැත්තකින් තියල ගිහින් සර්ට කිව්ව. අපෙ රාජා සර්.

සර්ලත් අරුන් එක්ක පට්ට මල, සර් ගියා දැම්ම සිංහ සද්දයක්, දාලා දෙතුන් දෙනෙකුට නෙලුව පොරි විසිවෙන්න. ඊට පස්සෙ පොඩි චැලෙන්ග් එකක් දැම්ම
තොපිට මීට පස්සෙ මගෙ ක්ලාස් එකෙ උන්ට ගහන්න ඕනෙනම්, කලින් ඇවිත් මාත් එක්ක ගහ ගනින් කියල.

අපිට දැන් ඉහටත් උඩින්, අපි දැන් මුන්ව කොචෙක් එකටත් ගන්නව, අහල තියනවානෙ, සිංහයො ලෙඩ උනාම නරි පිටිපස්සෙන් ඇවිල්ල මොකක්ද කරල යනව කියල.
වහාම අපේ බුද්දි මන්ඩලය සෙට් උනා, ෆුල් ප්ලෑන් ගැහුව මුන්ට තව ගේම දෙන්නෙ කොහොමද කියල. වතුර බෙසම් වල බැහැල යුරේකා කියල කෑගගහ හෙලුවෙන් දිව්වෙ නැතුවුනාට අපේ උන්ට සිරා අදහස් එන්නෙ, අපි සේම් කොම්ප්ලේන් එකම අපෙ කොමා සර්ටත් කිව්ව. අරලු බුලු නෙල්ලි දාල කිව්වාම කොමාටත් පට්ට මල.

කොමා සර් කිසිම හදිස්සියක් නැත, ඔහේ පතෝල ලෙවල් එකේ අපිට ඕ ලෙවල් වානිජ්‍යය කියල දෙන බුවා, රාජා සර් වගෙ රෙස්ලින් නොපෙන්නීය. කොමා මහොශද පන්ඩිතයාට ඇක්ට් කර, අපිට හර බැර ගානක් දී හොරෙන්ම අරුන්ගෙ පන්තියට එබී බලයි. උන්ගේ කරුමෙ, උන් කිසිත් නොදැන හතර පිනුම්, අට පිනුම්, බල්ටි සමග කරන්නට තියන ඔක්කොම චූ කේස් වගේ වගක් නැතුව නටයි.
සරදියෙල් පැන්න වගෙ කොමා එකපාරටම උන්ගෙ පන්තියට පනි, නෝට් කරගත් උන් ටික කුදලගෙන අපෙ ක්ලාස් එකට එක්ස්පෝර්ට් කරයි.
එහෙන් එක්ස්පෝර්ට් වී මෙහෙට ඉම්පෝර්ට් උන චන්ඩි ටික කොමාගෙ ඕඩර්ස් අනුව අපෙ ඩෙස් යටට රින්ගා පැක් වී ඉඳිති. අපෙ කකුල් අස්සෙ උන්ටික ඉන්නකොට දැනුන ජොලිය උන් අපිට දිගටම විඳින්න දුන්නෙ නෑ. කොටා කිව්වා වගේ උන් පර බල්ලෝය, උන් මුලින් අපෙ ලේස් ලෙහා, එකට ගැට ගැසීම හෝ ලෙහපු ලේස් ඩෙස් කකුලේ බැඳීම, අපේ කකුල්වල මයිල් වලින් ඇදීම වැනි සූටි වැඩ කර පස්සෙ මහා මාරන්තික වැඩකට සෙට් උනේය. පස්සෙ උන් කරපු වැඩෙ හැටියට තව ටිකක් කල් ගියානම්, අපේ පන්තියේ උන්ගෙ ප්‍රජනන හැකියාව බින්දුවට සෙට් වීම ඉර හඳ වගෙ ශුවර්ය.