Friday, August 31, 2012

ලැජ්ජාව මොකටද (හිනා යන්නෙ නැත )

පොඩි කතා දෙකක් විතර සෙට් උනා, ලියල දාන්න කියල හදන්නෙ, අපෝ අපෙ උන් එක්ක ඉද්දි වෙන සීන් ගැන මම කලින් කියල තියනවනේ, සීන් හැට හුටාමාරක් උනාම යන්තම් එකක් විතර මෙහෙම බ්ලොගෙ ලියා ගන්න පුලුවන් මට්ටමෙ තියනවා, අනිත්වා ලිව්වොත් ඉතින් රෙදි නැතිව පොලේ ගියා වගෙ, එහෙම නැත්නම් හිරේ. හරි හරි, කතාවට එන්නම්කෝ.

මේ කතාව කෙලින්ම අමුවෙන්ම පටන් ගන්නම්, එදා උදෙ අපි වෙඩිමට යන්න සෙට් වෙච්ච වෙලාවේ ඉඳන් වෙච්ච මගුල් කිව්වොත්, මහා වංශෙ දෙපාරක් ලියන්න පුලුවන්. හරි, අපේ බුදු ෆිටෙක්ගෙ වෙඩිමක් තිබ්බ ඇත්තටම උගෙ නෙවෙයි, උගෙ අක්කගෙ, අපි සෙට් එකටම ඉන්ව්යිට් කරා, අපිත් ඉතින් දෙයියනෙ කියල දහයට විතර සෙට් උනා,  සෙට් උනා කිව්වෙ කෙලින්ම මතට තිත, වෙඩිම තිබ්බෙ පෝරුවක් උඩද මෙසයක් උඩද කියලවත් දැක්කෙ නෑ.  

අපි කොහොම හරි එතනෙ බිබි හිටපු අංකල් කෙනෙක් එක්කත් බරපතල වාදක් එහෙම ගියා. වෙන වලි නෑ, තිත තිබ්බ, අපි ඊට පස්සෙ කෑවා, හෝල් එක ඇතුලට පලවෙනි පාරට ඇවිත් ඉඳ ගත්තා, අප්ෆා... ජොඩුව පිටත් වෙන්න වෙලාව හරි, දැන් නෑදැයෙක් අර තැන්ක්ස් කරන කතාව, දන්නවානෙ ඔය වෙලාවට ඔක්කොම ඉන්නෙ සසර කලකිරිලා මේක කීයට කතාව නවත්වයිද කිය කිය නේ. මනමාලය විතරක් නලිය නලිය ඉන්නවා උගෙ ඊලඟ රාජකාරිය මතක් වෙලාද කොහෙද, වෙන එකෙක් මීක් නෑ.

හරි, ඔය කිව්වෙ අවට පරිසර තත්වය, ඔන්න දැන් තමයි දුෂ්ඨයයි වීරයයි කතාවට එන්නෙ, දුෂ්ඨය, අර කිව්ව අංකල්, වීරයා අපෙ සුරා, අහන්න දෙයක් නෑනෙ, මම මිනිහ ගැන කියල තියනවානේ, මතක නැත්නම් පහල ලින්ක්ස් වලින් බලන්නකෝ. ඔන්න ඉතින් අපේ සුරාට අර රාම තෙල් යවනවා කියන්නෙ, අර කෑවට පස්සෙ උගුරෙන් ග් ර් ර් ගල සද්දයක් දාන්නෙ, අන්න ඒක උනා. 3-4 සැරයක් වෙනකොට,
අනිත් මිනිස්සුත් හැරිල බලන්න ගත්ත, ඇයි ඉතින් මූ ලෙසට සද්දෙ දානවනේ. ඔන්න ඔය වෙලාවෙ අර කිව්ව දුෂ්ඨ අංකල්  එන්ටර් උනා අපිට රිටර්න් එක දෙන්න.

අංකල් : ලැජ්ජ නැද්ද ලමයෝ මේ සභාව මැද්දෙ සද්දෙ ඕක යවන්න.

(ප්‍රෙක්ශයො බලාහිඳිති, අපිට කියන්න දෙයක් නැ )

එතකොටම අපි හිතුවෙත් නැ, සුරා කට ඇරියා

සුරා: මොකට ලැජ්ජ වෙන්නද අංකල්, ලැජ්ජ වෙන්න ඕනෙ ඕක කටින් නැතිව පුකෙන් ඇරියනම්නෙ, අර අංකල් කෑම පෝලිමෙදි ඇරිය වගෙ.


(මෙවර පිරිමි ප්‍රේක්ශකයින් තදින් සිනා, ගැහැනු ප්‍රෙක්ශකයින් සාරි පොටවල් වලින් කට වහගෙන ඒත් තදින් සිනා )


සුරාගේ අලුත් ටෝක්ස්

සුරාගෙ තවත් වහ කෑමෙ අවස්තාවක්..

තෝ බැන්දත්, කෙල්ලව ගෙදරනම් ගෙනියන්න එපා

ගෑනු-පිරිමි නිදාගත්තම මොකෝ 

9 comments:

  1. අඩේ.. මේක 15+, 16+, 18+ කියල දාන්න බැරිඋනා, පොඩි එකෙක් එහෙම බැලුවොත්, අනේ පුතේ ටක් ගාලා අමතක කරපන් මේක බැලුව කියල. ( හරි ඒ ඩිස්ක්ලේමරෙත් හරි )

    ReplyDelete
  2. හිනා ගියෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. එල, ටයිටල් එක අප්ඩේට් කරා "(හිනා යන්නෙ නැත )" කෑල්ල අලුතෙන් දැම්ම, අඩේ එතනෙ හිටපු උන් හිනා වෙච්ච විදියට මම හිතුවෙ මේක හිනා යයි කියල.

      Delete
  3. මට නම් ඩින්ගක් හිනා ගියා..ජය !

    ReplyDelete
  4. මට නම් හිනා ගියා. මොකද මට චුට්ට ඇත්තන් හිනා යනවනෙ..නියම කතාව

    ReplyDelete
  5. තැනට ගැලපෙන කතාවක් නෙව කියලා තියෙන්නේ.රාමතෙල් අරිනවා කිව්වට කට්ටිය දන්නේ නෑ නෙව.ඕකට කියන්නේ 'ගුඩුස්' යනවා කියලා.

    ReplyDelete
  6. හිනා කාල මැරුනා.හී හී.....බ්ලොග් එකේ හෙඩර් එකට දාල තියන වචන ටිකත් නියමයි!
    ඔබට ජයෙන් ජය! :)

    ReplyDelete
  7. හිනාවක්??? හයියෙන් ගියා හැබැයි කටින් හොඳේ... ලොල් එල කතාව මොකද දැන් ලියන්නේ නැත්තේ ලියන්න අපි බලනවා

    ReplyDelete
  8. අන්කල් එතැනින් වාෂ්ප වුනාද චුත වුණාද :D

    ReplyDelete