Saturday, April 28, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතාවක්

අපි දන්න තරමින් අපි කාගෙත් ජීවිතේ පට්ටම ආතල්, නිදහස්ම කාලෙ තමයි අපි ඉස්කෝලෙ ගිය කාලෙ, එකෙනුත් ඒ ලෙවෙල් කාලෙ තරන් ජීවිතෙ ෆන් ගත්ත කාලයක් වෙන නෑ... මට එච්චර ලස්සනට කතා ලියන්න බෑ, අනිත් පෝස්ට් දැක්කම තේරෙනවනේ, ඒත් පොඩ්ඩක් හිතුනා අපෙ ඒ කාලෙ ගැන ලියන්න, මෙලෝ රහක් නැත්නම් පහල තියන කොටුවට ටික් එකක් දාන්න මෙලෝ රහක් නෑ කියල...

"සිහිනයකි ඔබ නිහඬ මදියම් රෑ...
නිදන නෙතු යුග සනසනා...
"

ඒ දවස්වල අපේ ජාතික ගීය, පිස්සුද අපි වෙන රටක නෙවෙ හිටියෙ ඒත් අපි හිටියෙ වෙනම ලෝකෙක, ඒ මහා ටියුෂන් නගර ඉඳන් අපෙ ගෙවල් පැත්තට යන්න තිබ්බ බස් එකට අපි සෙට් වෙනවා හවසට ගෙදර යන්න, මැත්ස් කරපු අපියි, බයෝ කරපු, කොමා කරපු, ඔය හැම එකාත් එකීත් හවස පංති ඇරිලා ඒ බස් රූට් එකෙ තමයි යන්න තියෙන්නෙ අපේ පැත්තට...  හයට විතර තියන බස් එකේ පිටිපස්සෙ දිග සීට් එකට ක්ලාස් යන උන් සෙට් වෙනව, හීනියට පොඩි පොඩි කතා මැද්දෙ සින්දු පටන් ගන්නව, ඉස්සෙල්ලාම ජාතික ගීය, "සිහිනයකි ඔබ නිහඬ ....", කාලයක් පට්ට හිට් වෙලා තිබ්බෙ ඕක,
අපෙන් බස් එකෙ යන අනිත් උන්ටවත්, අනිත් උන්ගෙ අපිටවත් කිසිම කරදරයක් නෑ, කොටින්ම ගොඩක් අය යන්නෙ අපෙ සින්දු අහගෙනමයි, ලා සද්දෙන්, කවකටු පෙට්ටියක තට්ටුවක් දාන ගමන් කියන සින්දු මාර අතල් එකක් දුන්නෙ, කොන්දල කොච්චර කෑ ගැහුවත් අපෙ වල් පල් අහන්න, සින්දු අහන්න කෙල්ලො බස් එකෙ ඉස්සරහට යන්නෙ නැතුව ඉන්නව,

ඔය අස්සෙ අපි පොඩි බයිටුත් දෙනවා, හිටි ගමන් එකපාරටම අපි සද්දෙ නවත්තනවා, මෙච්චර වෙලා සින්දු අහපු උන් එක පාරටම අපි දිහා බලනවා, දවසක් ඉස්සරහ හිටපු අංකල් කෙනෙක්, පිටිපස්ස හැරිල අහනව, ඇයි පුතාල සින්දු නැවෙත්තුවෙ, අපිට කරදරයක් නෑ කියල, දන්නෙ නෑ ඉතින් බයිටකට කිව්වද කියල ඕන්..

අර කිරි මොකක්ද එකටත් හෙන ගහනවා වගෙ අපේ "ජාතික ගීයට" කෙලවුනි, ඒක ටොප් වන්  එකෙ සිට  නොසිතූ ලෙස ඇද වැටුනෙ, බස් එකෙ සල්ලි හොයන්න සින්දු කියන්න ආපු කොල්ලෙක් හින්දා, දවසක් ඔය කියන පොර බස් එකට නැගල කනුවක් ලඟින් හිට ගන්නවා, මුකුත් කාතාවක් නැතිවම රුපියල් දෙකෙ කාසියක් අරගෙන අර කනුවට තාලෙට ගහගහ පට්ට සුපිරියට පටන් ගත්තා, ආයි කියන්න දෙයක් නෑ පට්ට සුපිරියි, නිකන්ම දෙකෙ කාසිය විතරක් තට්ටු කර කර බුවා අපිව හොල්මන් කරා


"එක යායට මල් පීදුන බිම් තීරේ..
පාර දිගේ කනින් කනට
කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි සිටියේ...

"
මේක කොච්චර හිට් උනාකියන්නෙ, එක දවසින් ඒක අපෙ ජාතික ගීය උනා, අන්තිමේ අර කලින් කිව්ව වගෙ එකත් හිට් ලිස්ට් එකෙන් ගැලවිලා ගියා, හැබැයි මේ පාර අපෙ එකෙක් හින්දා,

දවසක් අපිට ඉස්සරහ සීට් එකෙ හිටියේ අපෙ ක්ලාස් එන කෙල්ලෙක්, ඒකිගෙ පෝනි ටේල් කොන්ඩෙ බස් එකෙ වීදුරුවෙන් එන හුලන් පාරට විසිරිලා, හවසට ඉර බැහෙගෙන යද්දි හරහට වැටෙන අව්ව වැටිලා ඒකිගෙ කොන්ඩෙ දුඹුරු පාටට පේනව, හරියටම,

"රාස්සිගේ අව්ව වැටී
දඹ රන් වූ ඔබෙ කෙහෙ රැලි
සුලන් සමග පොර බැදුවා...
ඔබට මතක නැති උනාට, අද වාගෙ මතකයි මට..
"

ඕක දැක්කෙ ලැම්බා, ලැම්බ ඕක දැකල අපිටත් පෙන්නල, ආයෙත් සින්දුව කියල, පස්සෙ සයිකො ගහන්න පටන් ගත්ත ඒකි ගෑන.. ඒත් පස්සෙ බලද්දි කෙල්ල අන්සතුයි..

අපි දවසක් පංති කට් කරල ඩොමිනියන් එකේ මතට තිත තියද්දි ටිකක් වැඩි වෙච්ච ලැම්බා, ඩොමිනියන් එක දෙවනත් වෙන්න කෑගහල ඇඬුවා,

"අනේ බන් මට අර රාස්සිව ඕනේ කියල", මතකනෙ, "රාස්සිගේ අව්ව වැටී... ",

ඩොමිනියන් එකෙ මතට තිත තිය තිය හිටපු අයියල, මල්ලිල, මාමල, අංකල්ල, වේටර්ල, කැෂියර් පවා ට්‍රයි කරා මුගෙ ඇඬිල්ල නවත්තන්න, කොහෙද.. අන්තිමේ අපේ ඒ ජාතික ගීයත් අපේ ලිස්ට් එකෙක් හැලුනා.

ලැම්බ ඔහොම කරත්, ඒ දවස්වල අපි නිදහස් කොල්ලෝ, අපි සෙට් එක (ඔක්කොම නෙවෙයි, අපි භාගයක් විතර ) හිටියෙ කෙල්ලො ඇනයක් කියලත්, බෝතලේ මාරයිනේ කියලත්...

ඔය කොහොම උනත් අපි සෙට් එක එක කෙල්ලෙක් ගැනනම් හෙන ඉම්ප්‍රෙස්, අපි කතා උනෙ අනෙ අපිටත් අපි ලවු කරන්න හිතෙන කොට ඒවගේ කෙල්ලෙක් ඕනෙ කියල, හැබයි එකිටත් කොල්ලෙක් ඉන්නවා, උඹල හිතයි කෙල්ල පට්ට ලස්සනයි කියල, පිස්සුද, එහෙනම් බ්‍රයිට් කේස් එකක්ද? ඉතින් බ්‍රයිට් කියල අපිට පාන්ද? ඇයි අපි බ්‍රයිට් නැද්ද, එහෙනම් සල්ලිද? කවුද හලෝ දන්නෙ එකිට සල්ලි තියනවද කියල, එහෙනම් ඔන්න උඹලගෙ ප්‍රශ්න සහ මගෙ පිලිතුරු.. උඹලගෙ අන්තිම ප්‍රශ්නෙ,

එහෙනම් මොන මල ඉලව්වකටද එකි වගෙ එකියක් හොයන්නෙ...

ආහ්, ඒකි කොල්ලත් එක්ක සයිවර් කඩේට ඇවිත් තෝසයක් කාල ප්ලේන්ටියක් බොනවා... කොල්ලට පට්ට ලාබයිනේ, ඒකයි..
ඔන්න අපේ ලවු... හරියයිද මන් අහන්නෙ..

තව කතා තව කොටසකින් දාන්නම්...

6 comments:

  1. එල කතාව, තව ලියන්න ඒ කාලේ ගැන

    ReplyDelete
  2. ආතල් කතාව.ඔයා ලියන ස්ටයිල් එකට මම මාර ආසයි.දිගටම ලියන්න අයියේ.......

    ReplyDelete
  3. දිගටම ලියන්න... තව කියවන්න හිතෙනවා...

    ReplyDelete
  4. කතා set එකම කියෙව්වා උපරිමයි. පට්ටයි :)

    ReplyDelete
  5. තෙපි ඩොම් එකෙත් සෙට් වීත්ද...

    http://duupath.blogspot.com/2012/01/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. එසේය එසේය, ඩොම් එක ඇතුලෙ සෙට් උනි ගමකට.

      අඩෙ මේ, ඔය විදියට ලියන්න බෑ, දන්න සිංහලෙන් කියන්නම්.

      ඩොමිනිය එකෙ පස්ට පොට් එක බන්, සල්ලි ටිකක් තියනවානම් වේටර්ලට කියල ඔර්ඩෙර් කරල තිත තියනවා, සල්ලි මදිනම් කැශියර්ට සල්ලිගෙවල අපිම ගෙනත් තිත තියනවා. එල වෙලාවක සෙට් වෙමු කතාවකට.

      Delete