Thursday, August 4, 2011

K පන්තියේ නසරානි සෙට් එක

ඒ තරන් පට්ට පිස්සු කෙලපු කාලයක් ආයි කවදාවත් එන්නෙ නෑ. ඉස්කෝලේ කාලේ කරපුව මතක් වෙනකොට පිස්සු හැදිල හොඳවෙලා ආයි පිස්සු හැදෙනව. පට්ටයි ඈ.
අපි එතකොට නවයෙ, අපි B, අපෙ එක පැත්තක තිබ්බෙ A ක්ලාස්ස් එක. පොතෙ හැටියට අනිත් පැත්තෙ තියෙන්න ඕනේ C, ඒත් තිබ්බෙ K එක හරි L එක (K එක කියල හිතමුකෝ). මතක නෑ මොකද සීන් එක කියලා. අම්මෝ K එකේ තමයි ග්‍රේඩ් එකේ නසරානි සෙට් එකම හිටියෙ. හරියට තෝරලා දාල වගෙ.
අපේ කොටා, තමයි උන්ව නියම විදියට අයිඩෙන්ටිෆයි කරේ  

අනෙමන්දා කොටා නම් කියන්නෙ,
යකෝ අපි මොන බල්ලොද, මුන්නෙ පර බල්ලෝ මචන් කියල.

ඔය කියමන ඉන්ටර්නැශනල් කීර්තියටපත් කොටාගෙ.

උන් සෙට් එක පට්ට නසරානි, උන් හැමදාම අපෙන් ගේම ඉල්ලනව. මුකුත් හේතු නෑ, අපිත් ඉතින් අතාරින්නෙ නෑ, ශේප් එකේ ඉන්නව, ඇයි මොකෝ උන් එක්ක එල්ලෙන්න අරූ කිව්ව වගෙ අපි පර බල්ලොයෑ. අපි නිකන් පොඩි කුක්කොනෙ. ඔන්න ඉතින් දවසක් ගේම දරුනුවටම ගිහින්, අපේ ඉවසීම පැන්න, සෙට් එකම ගිහින් නෙලුවා අරුන්ට හන්දි කැඩෙන්න, පිස්සුද, නයි කයිද රෝස් පාන්, අපි ලැජ්ජා නහරෙ කපල පැත්තකින් තියල ගිහින් සර්ට කිව්ව. අපෙ රාජා සර්.

සර්ලත් අරුන් එක්ක පට්ට මල, සර් ගියා දැම්ම සිංහ සද්දයක්, දාලා දෙතුන් දෙනෙකුට නෙලුව පොරි විසිවෙන්න. ඊට පස්සෙ පොඩි චැලෙන්ග් එකක් දැම්ම
තොපිට මීට පස්සෙ මගෙ ක්ලාස් එකෙ උන්ට ගහන්න ඕනෙනම්, කලින් ඇවිත් මාත් එක්ක ගහ ගනින් කියල.

අපිට දැන් ඉහටත් උඩින්, අපි දැන් මුන්ව කොචෙක් එකටත් ගන්නව, අහල තියනවානෙ, සිංහයො ලෙඩ උනාම නරි පිටිපස්සෙන් ඇවිල්ල මොකක්ද කරල යනව කියල.
වහාම අපේ බුද්දි මන්ඩලය සෙට් උනා, ෆුල් ප්ලෑන් ගැහුව මුන්ට තව ගේම දෙන්නෙ කොහොමද කියල. වතුර බෙසම් වල බැහැල යුරේකා කියල කෑගගහ හෙලුවෙන් දිව්වෙ නැතුවුනාට අපේ උන්ට සිරා අදහස් එන්නෙ, අපි සේම් කොම්ප්ලේන් එකම අපෙ කොමා සර්ටත් කිව්ව. අරලු බුලු නෙල්ලි දාල කිව්වාම කොමාටත් පට්ට මල.

කොමා සර් කිසිම හදිස්සියක් නැත, ඔහේ පතෝල ලෙවල් එකේ අපිට ඕ ලෙවල් වානිජ්‍යය කියල දෙන බුවා, රාජා සර් වගෙ රෙස්ලින් නොපෙන්නීය. කොමා මහොශද පන්ඩිතයාට ඇක්ට් කර, අපිට හර බැර ගානක් දී හොරෙන්ම අරුන්ගෙ පන්තියට එබී බලයි. උන්ගේ කරුමෙ, උන් කිසිත් නොදැන හතර පිනුම්, අට පිනුම්, බල්ටි සමග කරන්නට තියන ඔක්කොම චූ කේස් වගේ වගක් නැතුව නටයි.
සරදියෙල් පැන්න වගෙ කොමා එකපාරටම උන්ගෙ පන්තියට පනි, නෝට් කරගත් උන් ටික කුදලගෙන අපෙ ක්ලාස් එකට එක්ස්පෝර්ට් කරයි.
එහෙන් එක්ස්පෝර්ට් වී මෙහෙට ඉම්පෝර්ට් උන චන්ඩි ටික කොමාගෙ ඕඩර්ස් අනුව අපෙ ඩෙස් යටට රින්ගා පැක් වී ඉඳිති. අපෙ කකුල් අස්සෙ උන්ටික ඉන්නකොට දැනුන ජොලිය උන් අපිට දිගටම විඳින්න දුන්නෙ නෑ. කොටා කිව්වා වගේ උන් පර බල්ලෝය, උන් මුලින් අපෙ ලේස් ලෙහා, එකට ගැට ගැසීම හෝ ලෙහපු ලේස් ඩෙස් කකුලේ බැඳීම, අපේ කකුල්වල මයිල් වලින් ඇදීම වැනි සූටි වැඩ කර පස්සෙ මහා මාරන්තික වැඩකට සෙට් උනේය. පස්සෙ උන් කරපු වැඩෙ හැටියට තව ටිකක් කල් ගියානම්, අපේ පන්තියේ උන්ගෙ ප්‍රජනන හැකියාව බින්දුවට සෙට් වීම ඉර හඳ වගෙ ශුවර්ය.

5 comments:

  1. ඔයා රෝයල් එකේ නේද?? මම හිතන විදියට ඔයා රෝයල් ම තමා.

    ReplyDelete
  2. මරු බඩ් ටිකක්නේ ඉඳලා තියෙන්නේ...

    ReplyDelete
  3. නියම නසරානියෝ ටිකක්නෙ. බුදු අම්මෝ අන්තිමට කරල තියෙන දරුණු වැඩේ...:O

    ReplyDelete
  4. අනිවා රෝයල් තමා වෙන ඒවගෙ කොහෙද k කියල පන්ති.මොනා උනත් එල වැඩේ.කවුද ඔය කොමා ලක්ශ්මන් සර් ද?

    ReplyDelete
  5. ඇයි බොල DS එකෙත් k පන්ති තියෙනවා..




    ඕං මම නම් DS නෙවේ//!>>

    ReplyDelete