Thursday, August 25, 2011

සර්, නිකන් හඳ පායනව බලන්න ආව

මේකත් අපි ගිය ට්‍රිපක්, මතක නෑ හරියටම කොයි ට්‍රිපද කියල. අපි කොහොම හරි ට්‍රිප ගිහින් නැවතුන තැනකදි තමයි මේ සීන් එක උනේ.
ඔන්න රෑ හොඳ ලමයි කස්ටිය කාල බීලා, අපි කස්ටිය බීල කාල බීලා ආයි බීල ආයෙත් බීල වැටිල ඉන්නව. ඔය අස්සෙ අපෙ සජීයි තව දෙතුන් දෙනෙක් මිස්සින්. මුන් එලියෙ හුලන් වදින්න කියල ගිහින්. අපෙ සජී ශේප් එකේ ගිහින් පොඩි ගලක් උඩ වාඩිවෙලා බට කොටයකුත් ඇදඇද ඉන්නවලු.
අපිත් එක්ක ගිය සර් කෙනෙක් එතකොට එතනින් ගිහින්.. සර් දැකල අපෙ එකාව..

සජී.. මොකද ඔතන කරන්නෙ..

සර්, නිකන් හඳ පායනව බලන්න ආව

හඳ... එතකොට ඔය දුම..

ආහ් සර් මීදුමක් වෙන්න ඇති... මෙහෙ මාර සීතලයිනෙ
(සර්ටත් හින මුගෙ අපබ්‍රන්ස අහල )

හරි හරි, ඕන මගුලක් කරගන්නවා හැබැයි ඔය ගොම ගොඩ උඩින් නැගිටල වෙන තැනකට ගිහින්. නැත්නම් තමුසෙ බස් එකම ගඳ ගස්සයි හෙට උදේට.

ප.ලි. මූ පොඩි ගලක් කියල ඉඳගෙන තියෙන්නෙ වේලෙන්න දාපු ගොම ගොඩක් උඩ.

4 comments:

  1. ගොම වේලිලානම් තිබුනෙ ප්‍රශ්නයක් නෑ.වේලිලා නැත්නම් තමයි වැඩේ....හික්ස්...:D

    ReplyDelete
  2. ලොල්...සර්ට වහ කන්න හිතෙන්නැති!

    ReplyDelete