Wednesday, August 17, 2011

අපෙ සජී කාරයගෙ කතා

මම එදා කිව්වනෙ අපෙ සජී කාරයගෙ කතාවක්, බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකො සජීගෙ සහ ජයේගෙ මෙශර්මන්ට් යුනිට්ස් කතාව. මම කිව්වෙ, මූ සිරා ඩයල් එක, ඌ ඉපදිච්ච ගමන් ඩෙසට් එකට එෆ් එම් රේඩියෝවක් ගිලලද කොහෙද. පට්ට කියවිල්ලක් තියෙන්නෙ. හැබයි ඕන එකෙක්ට අහගෙන ඉන්න පුලුවන්, ෆුල් ආතල් කතා තමයි දෙසන්නෙ.
අපි එතකොට 9 විතර, නැත්නම් 8. දවසක් මූ එනව පට්ට පරක්කු වෙලා, ඒ මදිවට ෆුල් සෑඩ් මූඩ් එකෙන්. හරියට උට ගෙදරින් උදේට කන්න දුන්නෙ නෑ වගෙ.

ඒ, මොකෝ බන්

අඩෙ අද මාර සීන් එකක් උනානෙ බන්

කියහන්කො ඉතින්, මෙතන බෙට්ට හිරවෙලා වගෙ තටමන්නෙ නැතුව.

අඩේ, අද අපි ආපු බස් එක පට්ට හයියෙන් ආවෙ, එකට සීය කෙනෙක් හප්පුනා බන්, ගන්න දෙයක් නෑ කුඩේ කුඩු.
අපිට හෙන අප්සෙට්ය, මොනා උනත් වයසක ඩයල් එකක්නෙ කියල හිතල අනෙ පව් කියල කියන්න කලින් (හොඳ වෙලාවට කිව්වෙ නැත්තෙ )

ඉතින් මොකද උනේ ඊට පස්සෙ

අහ්, ආයි මේ කුඩේ හදන්න බෑ කියල, කැඩිච්ච කුඩේ විසි කරල සීය බැන බැන ගියා බන්.
අපි මඤ්ඤං විය

තව දවසක්, මූ පට්ට කලබලෙන් ආවේය. බෑග් එක ඩෙස් එක උඩට විසිකර උගෙ එෆ් එම් කට ඇරියේය
අඩෝ, අද aaaa හන්දියෙදි එල ඇක්සිඩන්ට් එකක් (ඇක්සිඩන්ට් එකක් එල වන්නෙ කොහොමදැයි ඌම තමා දන්නෙ ). ත්‍රීවිල් එකක් ලොරියක සෙත්ත පෝච්චි වෙලා, ඩ්‍රයිවර් එතනමයි.

අපි ආයි අප්සෙට් විය. මොනා උනත් ජීවිතයක්නෙ. අපි අපරාදේ කිව්වෙමි. එතකොට මූ කිව්වෙ,

ඔව් බන්, කෑලි ගලවයි කියල බයට ඩ්‍රයිවරය එතනම ඉන්නව කියාය.
අපි නැවතත් ම්ඤ්ඤං විය.

6 comments:

  1. හැක් හැක් හැක්... ඌගේ කට තමා කට... :D

    ReplyDelete
  2. ඒක ලක්සන කතාව...

    ReplyDelete
  3. මොනවා වුනත් අදහන්න වටින එකෙක් වගේ...:)))

    ReplyDelete