Tuesday, August 2, 2011

මගෙ දෙවියනේ..

බාගෙට කොටපු ෆන් කතා සෙට් එකක් තියනව අපෙ සෙට් එකෙ උන්ගෙ, ඒක හෙට විතර දානකන් මේක පොඩි ජෝක් කතාවක්. ඔන්න මොකක් හරි ආගමකට අපහාස කරනවා කියන්න එපා, මේක නිකන් ජෝක් එකක් විතරයි.
ඔන්න පූජකතුමාල තුන්දෙනෙක්ගෙ අම්මල පොඩි චැටකට සෙට් වෙලා. දන්නවනෙ ඉතින් තමන්ගෙ ලමය තමයි හොඳ කියල ඔක්කොම කියනවාලු. දැන් මෙහෙමලු කතාව යන්නෙ..

පලවෙනි කාන්තාව : මගෙ පුතා තමයි අපෙ ආගමේ අහවල් තනතුර දරන්නෙ. එයා දේවස්තානෙට එනකොට ඔක්කොම නැගිටලා අපේ උත්තමයනන් වහන්සෙ එනව කියල කියනවා.

දෙවෙනි කාන්තාව : අපෝ.. ඒකට මගෙ පුතා, එයා දරන්නෙ අහවල් තනතුර. එයා දේවස්තානෙට එනකොට ඔක්කොම දනගහල උතුමානන් එනව කියල කියනවා

තුන්වෙනි කාන්තාව : අනේ.. මගෙ පුතානම් තාම පූජක තනතුරෙ ඉන්නෙ. ඒ උනාට එයා දේවස්තානෙට එනකොට ඔක්කොම, ඇස් ලොකුකරගෙන බොහෝම හෙමින් කියනවා මගෙ දෙවියනේ කියල.

1 & 2 කාන්තාවන් : ඒ කොහොමද එහෙම වෙන්නෙ. එයා කොහොම කෙනෙක්ද එහෙම කියන්න?

තුන්වෙනි කාන්තාව : මාත් දන්නෙ නෑ, හැබැයි ඒත් එයා අඩි හතක් උසයි, කිලෝ 320 බරයි.






ප.ලි : බට-ලයිට් කස්ටියට, නිකමට හිතන්නකො බර කිලෝ 300 කියන්නෙ කොහොම සයිස් පොරක්ද කියල

2 comments:

  1. අපොයි...සයිස් එකටද මගෙ දෙයියනෙ කියන්නෙ...හික්ස්

    ReplyDelete
  2. සෙල්ලං පුත්‍රයෙක් නෙවේ

    ReplyDelete