Monday, July 25, 2011

ඩොඟාගෙ මනෝකාය

ඉස්කෝලේ කාලෙ තරම් අනිත් උන්ට මඩ ගහපු ආතල් ගත්ත කාලයක් ආයිත් නෑ. ඒ දවස් වල මඩ ගහන්න වැලිඩ් රීසන් ඕනෙ නෑනේ. ඔය මොකක් හරි හුටප්පරයක් අල්ල ගත්තාම ඇති ලොවෙත් නැතිවෙන්න මඩ ගහන්න. අපෙ එකෙක් හිටිය ඩොඟා කියල. ඩොඟාගෙ මඩ නම් ලොවෙත් නෑ. මේ තියෙන්නෙ ප්‍රසිද්දියෙ කියන්න පුලුවන් එකක්.
ඔන්න ඉතින් අපි සෙට් එක AL අභාග්‍යට සෙට් උනානෙ. ඉතින් විභාගෙ දවසෙදි අපි වගෙම ඩොඟාත් ෆුල් සෙත්ත පෝච්චි. කොහෙ කියල ලියන්නද, මොකො නිකමටවත් පිසික්ස් පේපර් අහනවද ඉස්කෝලෙ තාප්පෙ මිටිම තැන, එහෙම නැත්නම් වඩා ලේසියෙන් ඉස්කෝලෙන් පනින්න පුලුවන් තැන කොතනද?
ඩොඟ ෆුල් තින්ක් පාරක් දාල බැලුවලු දැන් මොකෑ කොරන්න ඕනේ කියල. අවුස් අම්ම ගුන්ඩු කියල උගෙ අර බෙලෙක් ටිකිරි මොලෙට ආවලු එල අයිඩියා එකක්. කාටවත් නොපෙනී ගියොත් බ්‍රයිටෙක්ගෙ පේපර් එක බලන්න පුලුවන්නෙ කියල. කරන්න තියෙන්නෙ එක දෙයයි, උගෙ මනෝකාය එලියට ගත්තොත් හරි (අර ඇස්ට්‍රල් බොඩි කියල කියන්නෙ )

ඩොඟා ටක් ගාල දැහැනට සම වැදුනලු, ක්‍රමානුකූලව හිත සන්සුන් කරාලු. ටිකක් වෙලා යනකොට උට පුලුවන් වෙලා මනෝකාය එලියට ගන්න. බුවා ෆුල් හැපියෙ පොඩි යුරේකා පාරක් දාල උගෙ මනෝකායට කිව්වලු,

මචෝ, මගෙ දෙය්යා, තෝ ගිහින් නිමල්ගෙ පේපර් එක බලල ඇවිත් මට උත්තර ටික කියපන් දෙය්යො..

පල ඩොඟෝ යන්න, තො හිතුවද මාත් උඹ වගෙ චාටර් ඩයල් එකක් කියල. උඹ්ට ඕන කුජීත වැඩක් උඹම ගිහින් කර ගනින්. මම ඕන්නම් පොඩි රවුමක් දාල එන්නම් උඹ එනකන්.

6 comments:

  1. ඕක සහතික ඇත්ත .... හිතන්න "මම ම්නිහෙක්ව මැරුවා " කියලා ඉතින් මට එදා ඉදලම නින්ද නැ ,කන්න බැ ,අර ම්නිමැරුමට වරදකාරයා මම කියලා සිත කියනවා ඔන්න ඔය වාගේ දෙයක් පොඩ්ඩක්.... හිතලා.. බලන්න.......

    ReplyDelete
  2. හික්ස්.. මාර ‍‍නෝන්ඩිය.. :D :D

    ReplyDelete
  3. ඔය වෙලාවට තමා ඉතිං මනෝකාය එක්කත් මල පනින්නේ

    ReplyDelete
  4. මනෝකායත් එක්ක මල පැනලා එලවලා දැම්ම නම් කොල්ල ගොඩ...හික්ස්...එතකොට තමා නියම ආතල් එක

    ReplyDelete
  5. එච්චර පවර් එකක් කොහෙන්ද මනේ කායට... ඌ කටගහගෙන ආපු වෙලේ ඇස්ට්‍රල් ලින්ක් එක කපලා දාන්න තිබ්බේ ඕනේ මගුලක් කරගන් කියලා...

    ReplyDelete
  6. දිල්තෝ පාගල්.........එල එල

    ReplyDelete