Wednesday, June 29, 2011

හැඳි ගෑරුප්පු ෆයිට් සහ අපෙ බයිට්

මේ සීන් එක උනේ අපි ඉස්කෝලේ බෝඩිමට සෙට් උන පලවෙනි සතියෙදි, සීන් එක උනේ කමල් ට කියල හිතමුකෝ. එතකොට අපි 6 වසරෙ ඇච්චො. අපි ගිය ගමන් අපිට හොස්ටල් එකේ නීති ගැන එහෙම ෆුල් ලෙසන් එකක් එහෙම දුන්නා. ඕකෙ හැටියට අපිට අන්ද කයිප්පු සීන් එක තමා හැඳි ගෑරුප්පු වලින් දවල්ටයි රෑටයි කෑම කන සීන් එක. ඕක හෙන තදබල නීතියක් හොස්ටල් එකේ.
ඔන්න ඉතින් අපි සෙට් අනිත් උන් වගේම හැඳි ගෑරුප්පු අරන් යනවා කෑම හෝල් එකට, මුල්ම දවස්නෙ, වැඩිපුරම වෙන්නෙ පිඟානට කොටල කොටලා ලාවට බත් පොඩ්ඩක් කටේ දාගන්නව. මතක හැටියට, ගිහින් 2 දවසෙ ඉරිදා රෑ, ඔන්න අපි ගියා රෑ කෑම කන්න ඩයිනින් හෝල් එකට, අර ආයුද කට්ටලයත් අරගෙන. මොනා කරන්නද නීතියනෙ. ඔන්න අපි පිලිවෙලකට මුලින්ම හෝල් එක ඉස්සරහා පෝලිමට ඉන්නවා වයසෙ හැටියට, ඒ කියන්නෙ ඉස්සෙල්ලාම 6 උන් ඊලඟට 7 උන්......, ඊට පස්සෙ පේලි පේලි ඇතුලට යවනවා. අපිනෙ පොඩිම උන්. ඔන්න මුලින්ම ගියා ඇතුලට.
අම්මෝ... නයි කයිද රෝස් පාන්, එදා රෑ තිබ්බෙ පාන්, ඔව් ඔව් බ්‍රෙඩ්. දැන් මොකෝ කරන්නෙ. නීතිය හැටියට ආයුධ ඒ කියන්නෙ හැඳි ගෑරුප්පු අනිවාර්‍ය්, අපේ ටේබල් එකේ 8 දෙනා දැන් කතා වෙනාව මොකො කරන්නෙ කියල. බත් නම් මොනා හරි කර ගන්න පුලුවන්, ඒත් පාන්. අනිත් ටේබල් වල උන්ගෙන් අහන්නත් බෑ. උනුත් අතරමන් වෙලානෙ ඉන්නෙ. ඔන්න ටිකකින් ඔක්කොම හෝල් එකට ආවට පස්සෙ, ආගම දහම සිහි කර, ඊටපස්සෙ කන්න බෙල් එක ගැහුවා. ඔය කන බෙල් එක ගැහුවාම ආයෙ කාල ඉවර වෙන බෙල් එක ගහනකම් කතා කරන්න තහනම්. අපි අර නයා මැරිච්ච අහිකුන්ටිකය වගෙ මෙලෝ රහක් නැතුව ඉන්නකොට

කමල් : (හෙන රහසෙන්) මේ, මම දන්නව මේ වෙලාවට කරන විදිය, ශේප් එකෙ බලපන් මම කරන විදිය

හරි, ඔය තියෙන්නෙ, දැන් ඉතින් වැඩෙ ගොඩනෙ, එහෙම හිතල අපි ඌ දිහා බලාන ඉන්නව. මොනා උනත් අපිට වඩා යමක් දන්නවා ඇතිනෙ බුවා... අපේ හකු පැන්න මු කරපු විදියට..

මූ බෙදුව හොදියි සම්බෝලයි ටික පිඟානට, ගත්තා පාන් පෙත්තක්, දැම්ම අර හොද්ද උඩට, දැන් පාන් පෙත්ත සැපට පෙඟෙනවා හොද්දෙ. මූ අර ආයුධ කට්ටලයෙන් අමාරුවෙන් කෑලි කඩනව.. අපි හකු පැනගෙන බලාගෙන ඉන්නව මෙලො සිහියක් නැතුව. අනේ... එතකොට ටේබල් එකේ එකෙක් අපිට පෙන්නුවා සීනියර්ස්ලා කන දිහා....

අනේ දෙයියනේ වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා..
අනිත් උන් පාන් කන්නෙ අතින්.


ප.ලි : අපි පස්සෙ දන්නෙ, පාන්/ඉඳි ආප්ප/ පිට්ටු තියන කොට අර නීතිය නැහැලු, හරිනෙ ඉතින් ඒක, මොන හරකද ඔය ජාති ගෑරුප්පු වලින් කන්නේ

5 comments:

  1. මරු මරු
    පුන්නක්කු කන්නේ කොමද? :P

    ReplyDelete
  2. හයියෝ... ගෑරුප්පුවකින් ඇනගෙන මැරෙන්න හිතෙන්න ඇති.

    ReplyDelete
  3. සුද්දා අපිට කන්න කියපු ව්දිහ තමයි
    රේස්ලින්.lk team

    ReplyDelete
  4. එල එල අපිත් ඕකෙ හිටියනේ.හැබැයි අපිටනම් ඔහොම උනේ නෑ කියලා කියමුකෝ.;P

    ReplyDelete