Wednesday, June 22, 2011

ශාන්තයගෙ තවත් කෑමක්..

ශාන්තය ගෑන නම් තව කතා දුසිම් ගනන්. ඔන්න ඔහෙ තව එකක් කියල දාන්න හදන්නෙ. උඹල සෙට් එක දන්නවනෙ අපෙ ශාන්තය, දන්නෙ නැත්නම් මෙන්න ඝින් බලන්නකො ඌ ගැන කතා, ශාන්තයගෙ තවත් සෝචනීය අවසානයක් මේ තව එකක්, පොලෝසියෙ රැයක් හා තවත් බෝනස් ආතල් කතා.
ඔන්න අද කතාව, දවසක් මායි, ශාන්තයයි, චමියයි, තෝසෙ කඩේකට සෙට් වෙලා අඹරනව හතර වටේට, හරියට හෙට තෝසෙ තහනම් කරයි වගෙ හිතල. ශාන්තය මෙලෝ සිහියක් නෑ, අඹරනව, අපි ඉන්නවද කියලත් උට මතක නෑ. ඇත්තම කියනවනම්, ඌ හරියට සූ එකේ කූඩුවක ඉන්න රිලවෙක් වගේ, ඕන වෙලවක, දැඟලිල්ල, එහෙට පනිනවා, ආයි මොකක් හරි කරනවා, කහඹිලිය ගෑඋනා වගෙ. ඉතින් ඔහොම එකෙක් කනකොට හිතා ගනිල්ලකො කොහොමට ඇද්ද කියල.

ඔන්න ඉතින් අපි කනකොට, එක පාරටම වේටර් කොලුවා ඇවිත් ශාන්තයට අර හෝටල් වල අත පිහින්න දෙන පත්තර කෑල්ලක් දුන්න. ශාන්තයත් ඩිම්, අපිත් ෆුල් ඩිම්. ඇයි දෙයියනෙ, තාම කාල ඉවර වෙන්න හිතලවත් නෑ, ශාන්තයත් වැඩිම උනොත් තෝසෙ 5 විතර කාල ඇති ඒවෙනකොට, අපි ඔන්නම් 2ක් විතර. සාමාන්‍ය්යෙන් ඔය කොල දෙන්නෙ කාල ඉවර වෙලා අත හෝදන් ආවාමනෙ. අපි ෆුල් අවුලෙන් වෙටර් කොලුව දිහා බැලුවා, ශාන්තයත් ෆුල් අඤ්ඤ්කොරොස් වෙලා වේටරය දිහා බැලුව...

වේටර් කොලුව : අනේ මල්ලි, ඔය කට වටේ පිහදාගන්නකො, තව මිනිස්සු කන්න එනව මෙහෙට.

6 comments:

  1. attta seen ekakda

    ReplyDelete
  2. හපෝ.... පව් වැඩේ.. තවත් සෝචනීය අවසානයක්.

    ReplyDelete
  3. මල්ලි පව් මල්ලි

    ReplyDelete
  4. හික්ස්..වස ලැජ්ජාවයි

    ReplyDelete
  5. හරිනේ, ඔය තියෙන්නේ.. නෝන්ඩි වෙලා..>!>>!

    ReplyDelete
  6. oya kiyana tharamatama oka nondi une na neda?

    ReplyDelete